The Leader News
BREAKING
Top Ad
Opinion

'දිවයින'ට ගමන් සගයෙක් : 'අරුණ' ගිණි තැබීම හරි ගියේ නැත - ලසන්ත රුහුණගේ

T

The Leader Desk

August 30, 2019 • 8:58 AM

'දිවයින'ට ගමන් සගයෙක් : 'අරුණ' ගිණි තැබීම හරි ගියේ නැත - ලසන්ත රුහුණගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ඉරු දින 'සති අග අරුණ' පුවත්පත සිය මුල් පුවත ලෙස වාර්තා කර ඇත්තේ හදිසි නීතිය ඉවත්වීමත් සමඟ තවුහිද් ජමාත් සංවිධානයේ තහනම ඉවත් වන බවත්, රඳවා සිටින ත්‍රස්ථයන් 200 කට නිදහස ලැබෙන බවත්ය.
  • එහෙත් මේ මුල් පුවතේ අරුණේ ගිණි තැබීම නම් සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.
  • පොලිසිය මේ මුල් පුවතේ ඇති කරුණු වහාම ප්‍රතික්ෂේප කළේය.
  • 'අරුණ' මේ පුවතට පදනම සකසාගෙන තිබුණේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ තවදුරටත් හදිසි දීර්ඝ නොකරන බවට කළ ප්‍රකාශයය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මුල් පුවත වූ කලී රට ඇවිලීමේ මේ ආකාරයේ පුවත් පළකරන 'දිවයින' මගම යෑමකි. දැන් දිවයින පුවත්පතටත් තමන්ට ගමන් සගයෙකු සිටිනවා යැයි සැනසුම් සුසුම් හෙලීමට හැකිය.

එහෙත් මේ මුල් පුවතේ අරුණේ ගිණි තැබීම නම් සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. පොලිසිය මේ මුල් පුවතේ ඇති කරුණු වහාම ප්‍රතික්ෂේප කළේය. වෙනත් මාධ්‍යද ඒ පසුපස ගියේ නැත.

'අරුණ' මේ පුවතට පදනම සකසාගෙන තිබුණේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ තවදුරටත් හදිසි දීර්ඝ නොකරන බවට කළ ප්‍රකාශයය. එසේ හදිසි නීතිය දීර්ඝ නොකළද ත්‍රිවිධ හමුදාවට සිවිල් රාජකාරීවලට පිවිසීමේ හැකියාව ලබාදෙන මහජන ආරක්ෂක පනතේ නියෝග ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබේ.text 018 

රට ගිණි තැබීමට උත්සාහ කළ මේ ප්‍රවෘත්තිය කරුණුමය වශයෙන් වැරදිය. හදිසි නීතිය ඉවත් කිරීමත් සමග තවුහිද් ජමාත් සංවිධානයේ තහනම ඉවත්වීමත්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් නිදහස් වීමත් සිදුවනවා නම්, එය ඊට පෙර එල්ටීටීඊ සංවිධාන තහනම හා එල්ටීටීඊ සැකකරුවන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ද සිදුවිය යුතුය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු හදිසි නීතිය ක්‍රියාත්මක කළ ද ඊට පෙර මේ රටේ හදිසි නීති තත්වයක් තිබුණේ නැත. ඒ අනුව එම කාලයේදී එල්ටීටීඊ සංවිධානයේ තහනම ඉවත්විය යුතුව තිබුණි. නඩු නැතිව දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වී සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් වීමට තිබුණි.

ලේඛකයන් මොනවා ලියා දුන්නත් රට ගිණි තැබිය හැකි මෙවැනි සංවේදී ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කර්තෘවරුන් මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එසේ සැලකිල්ලක් නොදැක්වීම යනු මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීම දැන දැනම වුවමනාවෙන්ම යම් දේශපාලනික හෝ වෙනත් අරමුණක් ඉටු කර ගැනීම සඳහා පළ කරන බවය.

ජනමාධ්‍ය පළමුවෙන්ම සත්‍යයට ගරු කළ යුතුය. අසත්‍ය ප්‍රචාරය නොකළ යුතුය. තමාට ලැබෙන තොරතුරුවල නිර්වද්‍යතාවය පරීක්ෂා කළ යුතුය. එතැනින්ද නැවතිය යුතු නැත. පළ කරන්නට නියමිත ප්‍රවෘත්තිය සංවේදී එකක් නම් එමගින් සමාජයට ඇතිවිය හැකි බලපෑම ගැනද කල්පනා කළ යුතුය. ඉන් යම් ජනකොටසක් ප්‍රකෝපවේද එම ප්‍රකෝපවීම මගින් තවත් ජනකොටසකට හානියක් වේද යන්න කල්පනා කළ යුතුය.

ජනමාධ්‍යයේ මේ මූලික ආචාර ධර්ම ගැනවත් යම් අවබෝධයක් හෝ නැත්නම් එම අවබෝධය ඔවුන් ලබාගත යුතුය. එවැනි උවමනාවක් ඔවුන්ට නැත්නම් දැනුවත් පුරවැසියා ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතුය.

(අනිද්දා -ලසන්ත රුහුණගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'දිවයින'ට ගමන් සගයෙක් : 'අරුණ' ගිණි තැබීම හරි ගියේ නැත - ලසන්ත රුහුණගේ | The Leader