The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

August 31, 2019 • 6:42 AM

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? - ගාමිණී වියන්ගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප්‍රශ්නයකම නිර්මාතෘ වන්නේ ෙජ්. ආර්. ජයවර්ධන ය යන්න ඒ අයගේ හැඟීමයි.
  • එහෙත් වෙන්දේසිය විසින්ම ඇති කරන කොන්දේසි මගින් එයද විවිධ අර්බුදවලට පත්කරනු ලැබේ.
  • අප කවුරුත් සිතන ආකාරය සකස්ව ඇත්තේ භෞතික පරිසරයක, දෙන ලද තත්වයන්ට යටත්ව ය.
  • පන්සලේ විහාරගෙය ඇතුළේ ඇඳ තිඛෙන ශක්‍රයාගේ රුවත්, ලස්සන මිනිස් රුවකි.  කතරගම දෙවියන් එසේ නොවන බව දැන් ඔබ පෙන්වා දිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය, ප්‍රශ්නය වටහා ගැනීම සඳහා මතුපිටින් පෙනෙන ඉතා පහසු ඉලක්කයක් සහ පුද්ගලයෙකු වශයෙන් ගත හැකි වෙතත්, එයම වර්තමාන අර්බුදය ව්‍යාකූල කර ගැනීමටත්, සොයා ගැනීමට ඇති පිළිතුර දුෂ්කර කර ගැනීමටත් හේතුකාරක වන බවක් බොහෝ විට පෙනෙන්ට තිබේ. 

හැම කුණු ගොඩක්ම බේරේ වැවට යැයි කියන්නා සේ 1977 සහ ෙජ්. ආර්. ජයවර්ධනගේ ඇෙඟ්ම අප එල්ලූනොත්, තවත් දශක ගණනාවක් තිස්සේ ඒ හොල්මන් දෙකේ වින්දිතයන් බවට අප පත්වෙනු නිසැකයි. 

සියලූ සමාජ ප්‍රශ්නවල මූලය ධනවාදය යැයි සරලව ගැනීමට සහ සියලූ ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ සමාජවාදය තුළ යැයි ගැනීමට එය සමාන ය. 

මිනිස් සමාජය කිසි දවසක සමාජවාදී සමූහ ගොවිපොළක් කිරීමටවත්, ධනවාදී වෙළඳපොළක වෙන්දේසියක් කිරීමටවත් නිත්‍ය අවකාශයක් නැත. සමූහ ගොවිපොළ බලහත්කාරයෙන් ඇති කළ හැකිය. එහෙත් එය තාවකාලික ය. ධනවාදී වෙන්දේසිය, ඊට වඩා සූක්ෂම ය. සාර්ථක ය. එහෙත් වෙන්දේසිය විසින්ම ඇති කරන කොන්දේසි මගින් එයද විවිධ අර්බුදවලට පත්කරනු ලැබේ.Gamini 31 text1

අප කවුරුත් සිතන ආකාරය සකස්ව ඇත්තේ භෞතික පරිසරයක, දෙන ලද තත්වයන්ට යටත්ව ය. උදාහරණයක් වශයෙන්, අප දෙවියන් යැයි හඳුනාගන්නා රූපකය, භෞතික වශයෙන් හැම අතකින්ම මනුෂ්‍යයාට සමාන ය. පන්සලේ විහාරගෙය ඇතුළේ ඇඳ තිඛෙන ශක්‍රයාගේ රුවත්, ලස්සන මිනිස් රුවකි. 

කතරගම දෙවියන් එසේ නොවන බව දැන් ඔබ පෙන්වා දිය හැකිය. ඒ රූපකය භාවිතයට පැමිණීමේ සමාජ හේතු පැහැදිලි කිරීමක් සඳහා මෙය අවස්ථාව නොවෙතත්, ඔහුගේ අඟපසග සියල්ල, පවතින ලෝකයේ ඒවා මිස ඉන් පිටස්තර කිසිවක් නොවන බව පෙන්වා දිය හැකිය. 

සමාජවාදයේ 'උත්තරීතර' මිනිසාවත්, ධනවාදයේ 'අධමයාවත්' අප රූපගත කරගෙන සිටින්නේ, ඉහත කී අපේම භෞතික සීමාවන්ට යටත්වයි. එය, අපේ චින්තනය පහසු කරවන බව සැබෑව. මේ නිසා, 'සා දුකින් පෙළෙනවුන් දැන් ඉතිං නැගිට්යව්' කියා හෝ 'නිර්දන පංති ආඥාදායකත්වයෙන් තොර අනාගතයක් මිනිසාට නැතැ' යි කියා හෝ කීම ආශ්වාදනීයයි. ආකර්ශනීයයි.


අනිත් අතට, ධනවාදියාගේ පැත්තෙන් ගත් විට, මිනිසාගේ වරණයේ (තෝරා ගැනීමේ) පරාසය නිර්බාදීව පුළුල් කරන තරමට, ඒ සඳහා අවස්ථා වඩ වඩාත් වෙළෙඳපොල තුළ සම්පාදනය කර දෙන තරමට, 'නිදහස්' සහ 'නිවහල්' මිනිසා බිහි වනු ඇතැයි කියනු ඇත. මේ යාන්ත්‍රික චින්තන ද්වය, ප්‍රශ්නය විසඳා ගැනීමට තබා ප්‍රශ්නය තේරුම් ගැනීමටවත් වැඩිමනත් සහායක් නොවනු ඇත.

Gamini text 31 2ඒ සීමාවන් හිතේ තබාගෙන 1977 ගැන සහ ෙජ්. ආර්. ජයවර්ධන ගැන අප සිතා බැලූවොත්, මෙවැනි අදහසක් ඇති කරගත හැකිය. ආර්ථීකය විවෘත කොට, ධනවාදී මිනිසා බිහි කිරීමට ඔහුට අවශ්‍ය විය. එය කළ හැකිව තිබුණේ දේශපාලනික ශෛල්‍යකර්මයක් මාර්ගයෙන් යැයි තමා විශ්වාස කරන බව ඔහු රටට කීවේය. 

විධායක ජනාධිපති ක්‍රමයක් ඔහු ලංකාවට හඳුන්වා දුන්නේ එබැවිනි. ඊට වසර කිහිපයකට පසුව මේ කියන විවෘත ආර්ථීකයම ඉන්දියාවත් වැලඳගත්තේය. එහෙත්, විධායක ජනාධිපති ශෛල්‍යකර්මයක් ඒ සඳහා අවශ්‍ය යැයි ඔවුන් සිතුවේ නැත.
 
එසේ නම්, මේ ක්‍රමය ෙජ්. ආර්. ජයවර්ධනට අවශ්‍ය කෙළේ වෙනත් කාරණයක් සඳහා බව පැහැදිලි ය. ෙජ්. ආර්. ජයවර්ධන මුදල් ඇමති වශයෙන් සිටියදී හටගත් 1953 හර්තාලයේ පටන් ෙජ්. ආර්. චින්තනය සැකසී තිබුණේ අධිකාරීවාදී පාලකයෙකු රජ කැරැවිය හැකි ක්‍රමයක් තුළ ඇතැයි ඔහු විශ්වාස කළ සාර්ථකත්වයක් සහ කාර්යක්ෂමතාවක් කෙරෙහි ය. 

ඒ බව වරෙක ඔහු කෙලින්මත් කීවේය. තමාට අවශ්‍ය කරන්නේ, පාර්ලිමේන්තුවට යටත් නැති පාලකයෙකුගේ තන්ත්‍රයක් බව එහිදී ඔහු කීවේය. 

මෙය භයානක තත්වයක් බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මේ රටේ සියලූ ප්‍රධාන සහ අප්‍රධාන පක්ෂ, විශේෂයෙන් මාක්ස්වාදී පක්ෂ, 1978 දීම වටහාගත්තේය. ඒ ගැන අනතුරු ඇෙඟව්වේය. එහෙත් ඒ පක්ෂ සියල්ලේ ඊළඟ පරම්පරාව, එක්කෝ ෙජ්. ආර්. ජයවර්ධනගේ ඒ විධායක ජනාධිපති ක්‍රමයේ පසුකාලීන සෘජු අනුගාමිකයෝ (මහින්ද) වූහ. නැත්නම්, වක්‍ර අනුගාමිකයෝ (ඩිව්, තිස්ස, වාසු) වූහ.

ෙජ්. ආර්. ජයවර්ධනටත්, මේ ඊළඟ පරම්පරාවටත් විධායක ජනාධිපති ක්‍රමය ආශක්ත වීමට අමතර තල්ලූවක් තවත් කාරණයක් නිසා සැපයුණි. ඒ ඛෙදුම්වාදී යුද්ධයයි. එම යුද්ධය අවසන් කරගත්තේ විධායක ජනාධිපති Gamin text 3 31ක්‍රමය නිසා යැයි කීම පට්ටපල් බොරුවක් සහ සහසුද්දෙන්ම අතාර්කික කතාවක් වූවත්, යුද්ධය විසින් සිංහල දකුණේ අලූත් ජනවිඥානයක් ඇති කළ බව සැබවි. එය 'සිංහල රාජකීය' විඥානයකි. 

දෙමළ උතුරෙන් එල්ල වුණු 'පරසතුරු' තර්ජනය ඉදිරියේ දකුණේ 'සිංහල රාජකීයත්වය' කරටියටම නැග්ගේය. රාජපක්ෂ කඳවුරෙන්, ඒ අනුව, රජ පවුලක් නිර්මාණය කෙරී ඇත. ඊට පිටස්තරව, මීට පෙර කිසි දවසක නොවූ විරූ පරිද්දෙන්, තනි පුද්ගලයන් (මා මොවුන්ව හඳුන්වන්නේ 'නයි නටවන්නන්' වශයෙනි) ජාතියේ ගැලවුම්කාර භූමිකාව කෙරෙහි තමන් වෙත විශ්වාසය තබන්නැයි ඉල්ලා සිටිති.

 (මහින්ද, චමල්, බැසිල්, ගෝඨාභය සහ නාමල් ඇතුළු) රාජපක්ෂලාගේ පවුල විශාල වීම නිසා ඔවුන්ට ඈෙඳන 'රාජකීය පවුල්' අපනාමය, අර කියන තනි පුද්ගලයන්ට ඇලවෙන්නේ නැත. හේතුව, ඔවුන් තුළ පවුල්වාදයක් නැති නිසා නොව, පවුලක් දක්වා ව්‍යාප්ත කිරීමට තරම් වන 'රාජකීයත්වයක' අහලටවත් තවම ඔවුන් පැමිණ නැති නිසාවෙනි. 

එහෙත්, ප්‍රජාතන්ත්‍රීය පද්ධති වෙනුවට පුද්ගලයා කෙරෙහි රාජපක්ෂලා තුළ ඇති විශ්වාසය මේ සෑම පුද්ගලයෙකු තුළම නොමදව පවතී. ඊටත් වඩා, රාජපක්ෂලා පසුපස ඇති ජනමූල පක්ෂයක තිරිංගය ඔවුන් පසුපස නැති නිසා, පුද්ගලවාදය කෙරෙහි ඔවුන්ගේ නැමියාව රාජපක්ෂලාටත් වඩා භයානක එකක් වීමටත් හැම ඉඩකඩක්ම තිබේ.

Gamini text 4 31මේ පුද්ගලවාදය එන්නේ කොතැනින්ද? 1953 හර්තාලයෙන් බැටකෑ දා පටන් පුද්ගල ආඥාදායකත්වයක් කෙරෙහි ෙජ්.ආර්. තුළ තිබූ මූලාශ්‍රයෙන්මයි. ඒ ෙජ්. ආර්. ගේ වර්තමාන 'අවතාරය' වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ පවුලේ ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු මිස එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකු නොවීම, ඇත්තෙන්ම ඓතිහාසික සරදමකි.

 මෙය, ගෝඨාභය රාජපක්ෂ තවත් ෙජ්. ආර්. ජයවර්ධන කෙනෙකු වෙනු ඇතැයි කීමක් නොවේ. එසේ කීවොත් එය අධම අවතක්සේරුවකි. ගෝඨාභය රාජපක්ෂ යනු, යම් හෙයකින් බලයට පත්වුවහොත්, ෙජ්. ආර්. ව අතදරුවෙකු බවට පත්කරවන ඒකාධිපතියෙකු වෙනවා නොඅනුමානයි. 
 
'පුද්ගලයා පිළිබඳ විශ්වාසය තැබීම' සමග විධායක ජනාධිපති ක්‍රමයක් සමපාත වන්නේ කෙසේද? ඉහත කී, වාර්ගික සහ සමාජයීය ('පරසතුරු' තර්ජනයට එරෙහිව 'සිංහල රාජකීයත්වය' සමාජගත වීමේ) කාරණාවට අමතරව ගත් විට, උත්තරය ඉතා සරල ය. තනි පුද්ගලයෙකු රජෙකු කිරීමේ එකම ආයතනික ක්‍රමවේදය එය වන බැවිනි. 

පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ තනි පුද්ගලයෙකු රජෙකු කිරීම (බැරි නැතත්) දුෂ්කර ය. හේතුව, ඒ පුද්ගලයාගේ (විධායක අගමැති?) පැවැත්ම යම් තාක් දුරකට හෝ සාමූහිකයක් (පාර්ලිමේන්තුව) සමග බැඳී පවතින බැවිනි. 

එහෙත්, වෙනම තනි ඡන්දයකින් පත්කරගන්නා සහ සාමූහිකත්වයකට වගනොකියන පුද්ගලයා ඊට සපුරා වෙනස් ය. 

වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළා සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා ඔහුට උල්ලංඝණය කළ හැකිය. එය එදා වැළකුණේ, කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ අප්‍රතිහත නැගිටීම සහ අධිකරණයේ අදීනත්වය නිසාම පමණි. (ඉතිරිය ඉදිරියට)

(ගාමිණී වියන්ගොඩ) 
gviyangoda@hotmail.fr

Gamini 2019.08.31

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? - ගාමිණී වියන්ගොඩ | The Leader