The Leader News
BREAKING
Top Ad
Opinion

'පොහොට්ටු ලාංඡනය' සම්බන්ධ අර්බුදය: දයාසිරි හරිද? වැරදිද?

T

The Leader Desk

September 15, 2019 • 9:15 AM

'පොහොට්ටු ලාංඡනය' සම්බන්ධ අර්බුදය: දයාසිරි හරිද? වැරදිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව සන්ධානයක් වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රීලනිප හා පොජපෙ අතර සාකච්ඡා තවමත් පැවැත්වේ.
  • දැන් සාකච්ඡා හිරවී ඇත්තේ පොහොට්ටුව ලකුණ සම්බන්ධ කාරණය මත බව දෙපාර්ශවයම අවදාරණය කරයි.
  • ලකුණ පමණක් නොව තවත් කරුණු ගනනාවක් තිබිය යුතු බව මෙම ලියුම්කරුගේ අදහසයි.ඒවා පිටතට කීවද නොකීවද අනන්‍යතාවයන් සම්බන්ධ ප්‍රශ්න බව පැහැදිලිය.
  • කෙසේ වෙතත් පොහොට්ටුව ලකුණ කිසිසේත් වෙනස් නොකරන බව පොදුජන පෙරමුණ දැනුම් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් මෙම සාකච්ඡා සම්බන්ධව ජනතාව තුළ දැන් එතරම් සුභවාදී බලාපොරොත්තුවක් නැත. දැන් සාකච්ඡා හිරවී ඇත්තේ පොහොට්ටුව ලකුණ සම්බන්ධ කාරණය මත බව දෙපාර්ශවයම අවදාරණය කරයි.

ලකුණ පමණක් නොව තවත් කරුණු ගනනාවක් තිබිය යුතු බව මෙම ලියුම්කරුගේ අදහසයි.ඒවා පිටතට කීවද නොකීවද අනන්‍යතාවයන් සම්බන්ධ ප්‍රශ්න බව පැහැදිලිය. කෙසේ වෙතත් පොහොට්ටුව ලකුණ කිසිසේත් වෙනස් නොකරන බව පොදුජන පෙරමුණ දැනුම් දී ඇත. ලකුණක ප්‍රශ්නයක් නිසා සන්ධාන එකගතාව බිද දැමීමේ කුමණ්ත්‍රණයක් ගැන ඔවුන් නිතර ශ්‍රීලනිපයට චෝදනා කරති. එහි ප්‍රධාන විත්තිකරුවා වී ඇත්තේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාය. 


sep 15 Text 5ඇත්තටම දයාසිරි හරිද? වැරදිද?

සාමාන්‍යයෙන් පාර්ශව දෙකක් හෝ කීපයක් අතර සන්ධානයක් ගොඩනැගීමේදි එම පාර්ශව වල අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම පළමු අවම සදාචාරයයි. ඒ වෙනුවෙන් සෑම කණ්ඩාමක්ම බැදී සිටී. තනි අධිකාරියක බලයක් පිලිගැනීමට කිසිවකු සන්ධානයක් තුළ කැමති නොවේ. එවන් අවස්ථාවන්හිදී කාටත් පිළිගත හැකි පොදු එකගතාවන්නට ඒම සාමාන්‍ය සම්ප්‍රදායයි.

නමුත් පොදුජන පෙරමුණේ අධිතක්සේරුව හා දේපාලන උඩගුකම හමුවේ වෙනත් කිසිදු අනන්‍යතාවයකට ගරු කිරීමට සූදානම් නැත. ඒවා නොසලකා හරී. මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග සන්ධාන ගත වීමේදී ඔවුන් අනුගමනය කළේද එම ප්‍රතිපත්තියමය.

එදා ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් ගොඩනැගීමට යෝජනාවු සන්ධානය ගැන දැන් කතාවක් හෝ නැත. රාජපක්ෂවරුන්ගේ බලය හමුවේ දණ ගැසූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සිය අනන්‍යතාවය පාවා දුන්නේය. දිනේෂ්, වාසු, විමල් හා ගම්මන්පිල තම අනන්‍යතාවය රාජපක්ෂවරුන්ට සිල්ලරටම විකුණා දැමුවේය.

දෑන් පොදුජන පෙරමුණ ශ්‍රී ලනිපය සමගද කරන්න හදන්නේ එම සෙල්ලමමය. ඊට බාධාව දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප නායකත්වයයි. දැන් ඔවුන් ඊට පහර දීම පටන් ගෙන ඇත. වැඩියෙන්ම පහර දෙන්නේ රාජපක්ෂ කදවුරට යටත් වූවන්ය.

රාජපක්ෂවරුන් මේ රටට කළ හොද මෙන්ම නරකද අපි දනී. පොදුජන පෙරමුණ යනු රාජපක්ෂවරුන්ගේ අනන්‍යතාව හැර වෙන කිසිවක් නොවේ. ඊට යට වුවහොත් ඔවුන් යටත් වූවන් බිම දමා පෑගීම සිදු කිරීම සාමාන්‍ය  දෙයකි. ජාතික නිදහස් පෙරමුණට හා එහි නායකත්වයට උරුම වී ඇත්තේ එම යටත් වීමේ ප්‍රති විපාකයන්ය.

ඒ නිසා රාජපක්ෂවරුන්ගේ අනන්‍යතාවය හමුවේ ශ්‍රීලනිප අනන්‍යතාව පාවා නොදීමට දයාසිරි ජයසේකර ප්‍රමුඛ කණ්ඩායම ගෙන ඇති උත්සාහය ශ්‍රී ලනිප සාමාජිකයාගේ ගෞරවයට පාත්‍ර විය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ පැතුම වන්නේ පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතවීම මිස ශ්‍රීලනිපය පොජපෙ  යටත් වීම නොවේ.

එනිසා දෙපාර්ශවයේම අනන්‍යතාවන් රැක ගනිමින් සන්ධාන ගත වීමට තවමත් සුළු හෝ ඉඩක් පවතින බව අවධාරණය කළ යුතුය.

(සමාජ මාධ්‍ය ජාල සටහනකින් උපුටා ගන්නා ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...