The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාබයට සිහි කැඳවීමක් : ඔවුන් සිර­ග­තව සිටින්නේ ඔබ නිදොස් කළ අධි­ක­ර­ණ­යමයි !

T

The Leader Desk

October 12, 2019 • 11:57 AM

ගෝඨාබයට සිහි කැඳවීමක් : ඔවුන් සිර­ග­තව සිටින්නේ ඔබ නිදොස් කළ අධි­ක­ර­ණ­යමයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­කයා වන ගෝඨා­බය රාජ­පක්ෂ, තම මංගල රැලි­යේදී පව­සන්නේ තමා ජනා­ධි­පති ලෙස තේරී පත් වුව හොත් සිර­ගත කරන ලද සියලු හමුදා භට­යන් එදි­නම නිද­හස් කරන බවයි.
  • පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත සෙබ­ළුන් 42 අතර දැනට 7 දෙනෙකු තව­මත් සිර­භා­රයේ සිටින අතර, අන් සියලු දෙනා ඇප මත නිද­හස් කොට ඇත.
  • දැනට සැක පිට අධි­ක­ර­ණය ඉදි­රි­පත් කර ඇත්තේ මාධ්‍ය­වේ­දීන් ඝාත­නය කිරීම, මාධ්‍ය­වේ­දීන්ට ප්‍රහාර එල්ල කිරීම, මාධ්‍ය­වේ­දීන් පැහැර ගෙන යෑම සහ කප්පම් සඳහා තරු­ණ­යන් පැහැර ගැනීමේ චෝද­නා­ව­ලට සම්බන්ධ සෙබ­ළුන් අත­ළො­ස්සක් පමණි.
  • මෙවැනි අප­රා­ධ­ව­ලට සම්බන්ධ වීම සොල්දා­දු­වගේ නිල රාජ­කා­රීන් නොවන අතර, ඒවා සැබ­වින්ම දේශ­පා­ලන වුව­මනා හෝ අණ දීම් මත සිදු වූ අප­රාධ බව මැන­වින් පැහැ­දිලි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ හමුදා භට­යන් "අභූත" චෝදනා මත සිර­ගත කර ඇතැයි පොහො­ට්ටුවේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යාගේ තර්ක­යයි.

රැඳ­වුම් භාරයේ සිටින මේ හමුදා භට­යන් ගැන ගෝඨා­බය රාජ­පක්ෂ නොකී දේ මෙලෙ­සය.

පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත සෙබ­ළුන් 42 අතර දැනට 7 දෙනෙකු තව­මත් සිර­භා­රයේ සිටින අතර, අන් සියලු දෙනා ඇප මත නිද­හස් කොට ඇත. තවද ඒ අතර තම රාජ­කා­රී­වල නිරත වීමේදී සිදු වූ වැරදි සම්බ­න්ධ­යෙන් අත්අඩංගු­වට ගත් එක් නිල­ධා­රි­යකු වත් නොසි­ටියි.

දැනට සැක පිට අධි­ක­ර­ණය ඉදි­රි­පත් කර ඇත්තේ මාධ්‍ය­වේ­දීන් ඝාත­නය කිරීම, මාධ්‍ය­වේ­දීන්ට ප්‍රහාර එල්ල කිරීම, මාධ්‍ය­වේ­දීන් පැහැර ගෙන යෑම සහ කප්පම් සඳහා තරු­ණ­යන් පැහැර ගැනීමේ චෝද­නා­ව­ලට සම්බන්ධ සෙබ­ළුන් අත­ළො­ස්සක් පමණි. මෙවැනි අප­රා­ධ­ව­ලට සම්බන්ධ වීම සොල්දා­දු­වගේ නිල රාජ­කා­රීන් නොවන අතර, ඒවා සැබ­වින්ම දේශ­පා­ලන වුව­මනා හෝ අණ දීම් මත සිදු වූ අප­රාධ බව මැන­වින් පැහැ­දිලි වේ.

පොරො­න්දුව නැව­තත් විමසා බලමු:

එහෙත් මේ කරු­ණුද මොහො­තක් පසෙක තබා, අනු­රා­ධ­පු­ර­යේදී ගෝඨා­බය රාජ­පක්ෂ දුන් පොරො­න්දුව නැව­තත් විමසා බලමු.

පොහො­ට්ටුවේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා ප්‍රතිඥා දුන්නේ, තමා නොවැ­ම්බර් 17 දින අත්අ­ඩං­ගුවේ සිටින සෑම හමුදා භට­ය­කුම "නිදොස් කොට නිද­හස්" කරනු ඇති බවයි.

ජනා­ධි­පති බල­තල යටතේ ජනා­ධි­පති සමා­වක් දිය හැක්කේ අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­යක් මඟින් වර­ද­කරු වී දණ්ඩ­න­යක් ලැබූ පසු­වය. එසේ නැතිව පව­ත්වා­ගෙන යනු ලබන විම­ර්ශ­න­යක සැක­ක­රු­වන්, අධි­ක­ර­ණ­යක් විසින් රැඳ­වුම් භාරේ තබා ඇති විට­කදී, ඔවුන් නිද­හස් කිරී­මට කිසිදු බල­යක් ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට නැත.

ගෝඨා­බය රාජ­පක්ෂ පව­සන ආකා­ර­යට නොවැ­ම්බර් 17 දින අලු­යම මේ සෙබ­ළුන් නිද­හස් කරන්නේ නම්, එසේ කිරී­මට ලංකාවේ වත්මන් නීති­මය රාමුව තුළ කිසිදු අව­කා­ශ­යක් නැති අතර, එසේ කළ හොත් එය විධා­ය­කය විසින් අධි­ක­රණ පද්ධ­ති­යට සහ නීතිය බලා­ත්මක කිරී­මට බැඳී සිටින ආය­තන එල්ල කරන ඍජු බල­පෑ­මකි.

නීතියේ ආධි­ප­ත්‍යය යනු කිසි­වකු නීති­යට ඉහ­ළින් නොසි­ටී­මයි.


නීතිය ඉදි­රියේ සැම දෙන සමා­නයි

රැඳ­වුම් භාරයේ සිටින හමුදා නිල­ධා­රීහු අධි­ක­රණ නියෝග මත රඳ­වා­ගෙන සිටිනු ලබ­න්නෝය. ඒ ගෝඨා­බය තරග කිරීම වළ­ක්වන ලෙස ඉල්ලා පෙත්ස­මක් නිෂ්ප්‍රභ කළ ස්වාධීන අධි­ක­ර­ණය වැනි ස්වාධීන අධි­ක­රණ විසින් කරන ලද නියෝග මතය.

හමුදා නිල­ධා­රීන් ඇතුළු කිසි­යම් පුද්ග­ල­යකු පැහැ­ර­ගැ­නීම හෝ මිනී­මැ­රීම වැනි අප­රාධ සිදු කරන්නේ නම් ඔවුන්ට විරු­ද්ධව නීති­යට අනුව කට­යුතු කළ යුතුය. මේවා සාමාන්‍ය පුර­වැ­සි­යන්ට එරෙහි අප­රාධ ය.

ගෝඨා­බයගේ වින­ය­ග­රුක සමා­ජයේ, මේ පුද්ග­ලයෝ විශේෂ ස්ථාන­යක් භුක්ති විඳී­මට යන්නෝද? වින­ය­ග­රුක සමා­ජ­යක විශේෂ පුද්ග­ල­යන්ට සාප­රාධී වැරදි කළ හැකිද?

2005 සිට සන්නද්ධ හමු­දා­වල ගෞර­වය සහ­තික කළ බව ගෝඨා­බය පව­සයි.test 08

කෙසේ වෙතත්, 2015දී පැමිණි රජ­යට (නීතිය ඉදි­රියේ සියලු දෙනා එක හා සමාන බව පෙන්වී­මෙන් සහ සාප­රාධී වැරදි සිදු කිරීම සඳහා ඔවුන්ගේ නිල ඇඳුම ආව­ර­ණ­යක් ලෙස භාවිතා කළ අයට නීති­යට අනුව කට­යුතු කරනු ඇති බව පෙන්වී­මෙන්) සම­ස්ත­යක් ලෙස ඒ සන්නද්ධ හමු­දා­වල ගෞර­වය නැවත ස්ථාපිත කිරී­මට හැකි විය.

අපේ ත්‍රිවිධ හමු­දා­වට එක්සත් ජාතීන්ගේ සාම ආරක්ෂා කිරීමෙ හමු­දාව සඳහා ආරා­ධනා කරන ලදි. ඔවුන්ට මේ සඳහා හොඳ වේත­න­යක් ලැබේ.

2015ට පෙර ත්‍රිවිධ හමු­දාවේ ගෞර­ව­නීය සාමා­ජි­ක­යන් ලෙස පාර­වල් අතුගා දැමී­මට හා එළ­වුළු අලෙවි කිරී­මට එව­කට ආර­ක්ෂක ලේකම් ගෝඨාබය රාජ­පක්ෂ නියෝග කළ­බව කිසි­වි­ටෙ­කත් අම­තක නොකළ යුතුය. ඔවුන්ගේ ගෞර­වය විනාශ කිරී­මට ක්‍රියා කළේ ඔහුය.

සොල්දා­දු­වන්ට දේශ­පා­ල­නි­කව හිරි­හැර කොට සිර­ගත කළේ කවු­රුද?

මහින්ද රාජ­ප­ක්ෂට එරෙ­හිව තරග කළ පම­ණින් රාජ­පක්ෂ සමයේ යුද්ධය නිමා කළ යුද හමු­දා­පති සරත් ෆොන්සේකා සිර­ගත කළ ආකා­රය, හිටපු හමු­දා­පති මහේෂ් සේනා­නා­යක ජන­පති සට­නට පිවි­සී­මත් සමග මැන­වින් සිහි­පත් වේ.

සරත් ෆොන්සේකා පම­ණක් නොව, මැති­ව­රණ ව්‍යාපා­ර­යේදී සරත් ෆොන්සේ­කාට උදවු කළ සියලු හිටපු සොල්දා­දුවෝ අත්අ­ඩං­ගු­වට ගෙන දේශ­පා­ල­නි­කව හිරි­හැර කරනු ලැබූහ.

මහ­ජන ඡන්ද­ය­කින් තෝරා පත් වීමට අපේක්ෂා කරන ගෝඨා­බය රාජ­පක්ෂ තම ඡන්ද ව්‍යාපා­ර­යට මුල පුරන්නේ නීතිය තමාට නතු කර­ගැ­නී­මට ප්‍රති­ඥා­වක් දෙමිනි.

ජන­තා­වගේ ඡන්ද­යෙන් රටේ උසස්ම නිල­යට පත් වී, බල­යට පැමි­ණී­මට අපේක්ෂා කරන ගෝඨා­බය, තම මංගල රැලියේදී මෙවැනි අනී­තික පොරො­න්දු­වක් දීමෙන් රටේ නීති­ග­රුක පුර­වැ­සි­යන් කම්පා කිරී­මට සමත් වී ඇති අතර, ඒ ප්‍රකා­ශය රටේ අනා­ග­තය අඳුරු ආගා­ධ­ය­කට ඇද­ගෙන යන බවට පැහැ­දිලි, භයා­නක අන­තුරු ඇඟ­වී­මකි.

(සිළුමිණ - විහඟ වීරසේකර)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝඨාබයට සිහි කැඳවීමක් : ඔවුන් සිර­ග­තව සිටින්නේ ඔබ නිදොස් කළ අධි­ක­ර­ණ­යමයි ! | The Leader