The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිවරණයට හූවක දුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මකියාවෙල්ලි

T

The Leader Desk

October 15, 2019 • 3:49 PM

ජනාධිපතිවරණයට හූවක දුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මකියාවෙල්ලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටු පක්ෂය යනු දේශපාලන ප්‍රතිපත්ති මත හෝ දර්ශනයක් මත ගොඩනැඟුණු දේශපාලන ව්‍යාපාරයක් නොවේ.
  • ඒ වටා ජනතාව ඒකරාශී කිරීමට ගොඩනගන ලද මතවාදය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී පක්ෂයත් රටත් ජාතියත් පාවා දෙන බවයි.
  • එයට අවශ්‍ය කතිකාව ගොඩනැගීමට විමල් වීරවංශ සමත් විය.  දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවට බොරු බියක් හා වෛරයක් අනවශ්‍ය ලෙස ඇතිකිරීමට විමල්ගේ හා ඩලස්ගේ තිරපිටපතට හැකි විය.
  • වසර 5ක් තුළ එම තත්ත්වය ක්‍රමානුකූලව වර්ධනය විය.  පොහොට්ටු පක්ෂයට අවශ්‍ය යාන්ත්‍රණය ඇති කිරීමට බැසිල් උපායශීලී විය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය කුමක්දෝ සුළඟක් මඟින් ගසාගෙන ගොස් ගොඩනැහුණු එකතුවක් පමණයි. ඒ වටා ජනතාව ඒකරාශී කිරීමට ගොඩනගන ලද මතවාදය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී පක්ෂයත් රටත් ජාතියත් පාවා දෙන බවයි. එයට අවශ්‍ය කතිකාව ගොඩනැගීමට විමල් වීරවංශ සමත් විය. 

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවට බොරු බියක් හා වෛරයක් අනවශ්‍ය ලෙස ඇතිකිරීමට විමල්ගේ හා ඩලස්ගේ තිරපිටපතට හැකි විය. එහි ප්‍රතිපලය වූයේ ග්‍රාමීය ජනතාව දකින දකින තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් හෙළා දැකීමට හා හූ කීමට පෙළඹීමයි. වසර 5ක් තුළ එම තත්ත්වය ක්‍රමානුකූලව වර්ධනය විය. 

පොහොට්ටු පක්ෂයට අවශ්‍ය යාන්ත්‍රණය ඇති කිරීමට බැසිල් උපායශීලී විය. එහිදී බැසිල් විසින් තෝරා ගනු ලැබුවේ අද වේදිකා ඉදිරියේදී හූ කියන ජනතාවට ළඟින් සම්බන්ධ වී ඇති පළාත් පාලන හා පළාත් සභා නියෝජිතයන්ය. 

බැසිල් විසින් ඔවුන්ට පළාත් පාලන ආයතන වලට ප්‍රධාන තනතුරු හා අනාගතයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු බවට පත් වීමේ බලාපොරොත්තු ඇති කරන ලදී. එම සියලුම උපාය වූයේ බිම් මට්ටමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර පොහොට්ටු පක්ෂයේ බලය වර්ධනය කිරීමටය. 

ජනාධිපතිවරණයක හූවක දුරක් තිබියදී පෙහොට්ටු නායකයන් තේරුම් ගත් කරුණ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ඡන්ද ප්‍රතිශතය නොමැතිව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි. එය ඇල්පිටිය මැතිවරණයෙන් මනාවට තහවුරු වී ඇත. 
test 20ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටු පක්ෂයත් කොළඹදී සන්ධාන ගත වුවද එය බිම්මට්ටමේදී තවම තහවුරු වී නොමැත. ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට ලැබෙන "හූ" ප්‍රතිචාරයෙන් එය තහවුරු වේ. 

හූ කියන ජනතාව දැන් පහසුවෙන් ආපසු හැරවිය නොහැක. විමල් ලා එම ජනතාවට පසුගිය වසර 5 තුළ හූ කියන්න පුරුදු කර ඇත. ශ්‍රී ලංකා කාරයන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඇත. 

මෙයට අමතරව සංවිධානාත්මකව හූ කීම ක්‍රියාත්මක වන තැන් ද ඇත. එයට හේතුව පසුගිය කාලයේ දී බැසිල් විසින් ගොඩනගන ලද අනාගත ප්‍රාදේශීය නායකයන් පෙළයි. අප්පච්චිගේ ගාලු පුතා,අප්පච්චිගේ කළුගන්තොට පොඩි පුතා වැනි චූටි පුතාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයට කැමති නැත. 

ඒ සන්ධානය අනුව සියයට 30ක් අවස්ථා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨයන්ගේ නැවත පැමිණීම ඔවුන්ගේ අනාගත නායකත්වයට තර්ජනයකි. ඔවුන්ට ඇති ජාතියාලයක් නැත. ගෝඨාට මොනව වුනත් ශ්‍රී ලංකා කාරයන් එළවා සිය සිහිනය තහවුරු කර ගැනීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි. 

මෙසේ මැතිවරණ වේදිකාවල නිග්‍රහයට ලක් වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් යටිහිතින් සිතන්නේ කුමක්ද? " මුන් දිනන්න ඉස්සෙල්ලා මෙහෙම නම් දින්නට පසු අපිට මොනවා කරයිද?" ඒ අනුව ඔවුන් ගෝඨාභයට ඡන්දය දීමට අකමැති වනු ඇත. 

කෙසේ වෙතත් බැසිල්, විමල් හා ඩලස්ට වත් මේ තත්ත්වය නැවත පහසුවෙන් හැරවිය නොහැක. ඔවුන්ම තමයි හූ කියන්න පුරුදු කරෙත්. ඔවුන්ම තමයි අනාගත නායකත්ව බලාපොරොත්තු දී ප්‍රාදේශීය නායකයන්ගෙන් වැඩ ගත්තේ. තත්ත්වය පාරාවළල්ලක් වී ඇත. හූ වේ  අවසාන ප්‍රතිඵලය කුමක් වේවිද?. 

ජනාධිපතිවරයා මේ තත්වයන් හමුවේ අවසාන මොහොතේදී කුමන හෝ තීන්දුවක් ගතහොත්  ගෝඨාභයගේ ඉරණම කුමක් වේවිද?

-මකියාවෙල්ලි-

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපතිවරණයට හූවක දුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මකියාවෙල්ලි | The Leader