The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභය රාජපක්ෂට වෙනස් විය හැකිද? - සුනන්ද දේශප්‍රියගේ විග්‍රහයක්

T

The Leader Desk

October 24, 2019 • 7:18 AM

ගෝඨාභය රාජපක්ෂට වෙනස් විය හැකිද? - සුනන්ද දේශප්‍රියගේ විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනස් පුද්ගලයකු වනු ඇතැයි කීවේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය.
  • ගෝඨාභය රාජපක්ෂ කාලයෙහි සුදු වෑන් මගින් බලහත්කාර අතුරුදහන්වීම් සිදු වූ බව කීවේ අන් කවරකුවක් නොව රාජපක්ෂ දේශපාලන වහලකු වන වාසුදේව නානායක්කාර ය.
  •   ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම කුමක් වනු ඇතිදැයි දේශපාලන විචාරකයකු වන අහීලන් කදිරගාමර් මෙසේ දැක් වූයේ ය:   රාජ්‍ය බලය සමඟ එකතු වූ එවැනි සමාජ පදනමකට රාජ්‍යයේ සහ සමාජයේ ස්වභාවය දරුණු ලෙස වෙනස් කළ හැක.
  • ඔහු එම මතවාදය ඉදිරිපත් කළේ න්‍යායික සාකච්ජාවක් ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු දුෂණය කම්මුතු කරන්නකු වනු ඇතැයි කීවේ ද එම බැසිල් රාජපක්ෂම ය. කම්මුතු කරන්නකු යන වචනයම භයානක එකකි.

ගෝඨාභය රාජපක්ෂ කාලයෙහි සුදු වෑන් මගින් බලහත්කාර අතුරුදහන්වීම් සිදු වූ බව කීවේ අන් කවරකුවක් නොව රාජපක්ෂ දේශපාලන වහලකු වන වාසුදේව නානායක්කාර ය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුවහොත් තමාට ද ප්‍රගීත් එක්නැළිගොඩට අත් වූ ඉරණමම අත්විය හැකි යැයි කීවේ තවමත් මහින්ද රාජපක්ෂවාදියකු වන කුමාර වෙල්ගම ය. test 41 

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම කුමක් වනු ඇතිදැයි දේශපාලන විචාරකයකු වන අහීලන් කදිරගාමර් මෙසේ දැක් වූයේ ය:

  aheeln 600

රාජ්‍ය බලය සමඟ එකතු වූ එවැනි සමාජ පදනමකට රාජ්‍යයේ සහ සමාජයේ ස්වභාවය දරුණු ලෙස වෙනස් කළ හැක. එනයින් ඔවුන් සිය දේශපාලන සහ සංවර්ධන සැළැස්මට විරුද්ධවන සියලූ දෙනා මැඩලමින් අති විශාල බලයක් ගොනු කර ගැනීමට කටයුතු කරන්නට ඉඩ තිබේ. එය විසින් අතීතයේදීට වඩා දරුණු තත්වයන් ඇති කරනවා ඇත.’

 

 තවත් දේශපාලන විචාරකයකු වන ජයදේව උයන්ගොඩ මෙසේ කියයි:

jayadewaපසුගිය කාලය පුරා ලංකාදීප පුවත්පතට දුන් සාකච්ජා මාලාවක් මගින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ ද පුද්ගලික නිදහස් වෙනුවට ආර්ථික සංවර්ධනයට මුල් තැන දිය යුතු බවය. ඔහු එම මතවාදය ඉදිරිපත් කළේ න්‍යායික සාකච්ජාවක් ලෙස ය.

test42ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියදී පෙන්වන ලද්දේ ඔහු ඉක්මනින් කේන්ති යන, තමා සෑමවිටම නිවැරදිය යන මතයේ සිටින සහ තමා විවේචනය කරන්නන් කැඳවා තර්ජනය කිරීමට පුරුදුව සිටි පුද්ගලයකු බවයි.

සන්ඩේ ලීඩර් සංස්කාරකවරයා වූ ලසන්ත කව්දැයි සහ ඔහු මොන පත්තරකාරයෙක්දැයි ප්‍රසිද්ධයේ ඇසූ ඔහු, පසුව නිදොස් කොට පැහරගෙන නිදහස් කරන ලද සුඩරොලි සංස්කාරක විද්‍යාධරන් ‘කොටියකු’ යැයි තිර කොට කීවේ ය. එම ප්‍රකාශ ඔහු විසින් කරන ලද්දේ දරුණු පළිගන්නා කේන්තිගත් මුහුණක් ද ඇතිවය.

එම මුහුණ තවමත් බිය ජනිත කරන එකකි. තමාට ගරුකරන මිනිසුන් විසින් ඝාතනය කරනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විසින් තර්ජනය කරන ලද මාධ්‍යවේදී පොද්දල පසුව පැහැරගෙන ගොස් පාදයක් කඩා මිය යනු පිනිස කානුවක අතහැර දමන ලදී.

වීඩියෝ

එම හැසීරීම් වැරදි බව පිළිගැනීමට සහ වෙනස් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සූදානම් ද?

තමා නීතියේ පාලනයට ගරු කරන ජනාධිපතිවරයකු වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ අපට කියයි. එසේ නමුත් ආරක්ෂක ලේකම් වශයෙන් සිටිය ඔහු පසුව මිනීමරුවකු බවට අධිකරණය විසින් තීරණය කරන ලද දුමින්ද සිල්වාගේ දේශපාලන රැස්වීම් අමතන ලද්දේ කිසිදු නීතියක් නොසළකා ය. ඒ 2011 ඔක්තෝබර් මාසයේ පැවැති පලාත් පාලන මැතිවරණයේ දී ය.. රාජ්‍ය සේවකයකු වන ගොඨාභය රාජපක්ෂට දේශපලනය කිරීමට අයිතියක් තිබුණේ නැත.

බලය ඇති විට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇත්තේ නීතියට අනුව නොවේ.

දැන් විභාග වෙමින් පවත්නා නඩු හබවලට උත්තර බදිමින් ගෝඨාභය රාජපක්ෂ දිව්රුම් පෙත්සම් මගින්, 2005 ජනාධිපතිවරණයට පෙර තමා මෙරට පැමිණියේ සිය වැඩිමහල් සහෝදරයා වූ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය වීමට බව කියා සිට තිබේ.

එවකට හුදෙක් ඇමෙරිකානු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණියේ විදේශිකයකු ලෙස සංචාරක වීසා බලපත්‍රයක් ලබා ගනිමිනි. විදෙස් සංචාරකයිනට මෙරට කවර හෝ මැතිවරණ ව්‍යාපාරයකට සහය වීමට අයිතියක් නැත. එසේ නමුත් ස්ව කැමැත්තෙන් දුන් දිව්රුම් පෙත්සම් මගින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටින්නේ තමා සංචාරකයකු ලෙස මෙරටට පැමිණ ජනාධිපතිවරණ ව්‍යාපාරයකට සහය වූ බවයි.

සංචාරක වීසා මගින් පැමිණ ලෙස මෙරට දේශපාලනයක් නොව ජනමාධ්‍යවේදී පාඨමාලාවක් කරමින් සිටි අන්තර් ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ආසියා පැසිෆික් කලාප කාර්යාලයේ ප්‍රධානීන් දෙදෙනෙකු හෝටල් අඩස්සියේ තියා පසුව පිටුවහල් කරන ලද්දේ ද එම ගෝඨාභය රාජපක්ෂ යටතේම ය. එමෙන්ම කැනේඩියානු පාර්ලිමේන්තු පිරිසක් ද ආපසු හරවා යවන ලද්දේ එම නීතිය උඩ ය.

නීතිය තමන්ට උවමනා පරිදි අවභාවිත කළ බවට නිදසුනක් !

ගෝඨාභය රාජපක්ෂ නීතිය තමන්ට උවමනා පරිදි අවභාවිත කළ බවට 2005 මැතිවරණ ව්‍යාපාරය හොඳම නිදසුනකි. මේ වනාහී අධිකරණය විසින් තීරණය කළ යුතු කාරණා නොවේ. සාමාන්‍ය බුද්ධියට වැටහෙන අවභාවිතයින් ය. එවැනි කාරණා පසෙකින් තැබූව ද මේ තාක් දුරට නම් ගෝඨාභය රාජපක්ෂ නීතියට අනුකූලව කටයුතු කළ පුද්ගලයකු නොවේ. විදේශිකයකු ලෙස සිටිමින්ම ඔහු සිය නම මැදමූලන රාජපක්ෂ පවුලේ ජන්ද නාම ලේඛනයට ද ඇතුළත් කර තිබුණි.

අපට තවත් මෑත නිදසුනක් ගත හැක. එනම් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සන්ඩේ ලීඩර් සංස්කාරක වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමෙරිකාවෙහි පනවා ඇති නඩුවයි.

මෙම නඩුවට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උත්තර බැඳ ඇත්තේ මෙරට හිටපු අගවිනිසුරුවරයකු වන අසෝක සිල්වා ය. ශේෂඨාධිකරණ පත්වීමක් ලබන කවර හෝ නීතිවේදියකුට සිය ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසු නීති වෘත්තියේ යෙදීමට ඉඩක් නැත. එය නීතියකටත් වඩා අධිකරණ ස්වාධීනත්වයට ගරු කිරීමේ සම්ප්‍රදායයකි. එම නීති රීති නොසළකා මේ ජනාධිපතිවරණ සමයෙහි ම ගෝඨාභය රාජපක්ෂ අගවිනිසුරුවරයකු මුදලට ගැනීමෙන් පෙන්වා ඇත්තේ අධිකරණ ස්වාධීනත්වයට ගරු කිරීමක්ද? එය නොසළකා හැරීමක් ද?

test43මෙම ලැයිස්තුව තවත් දිගට ලිවීමට පුලුවන. ඒ කෙසේ වෙතත් අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ බලය නැති කළ පවා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් මිලට ගන්නා දේශපාලකයකු බලයට පැමිණිය හොත් කෙළෙස කටයුතු කරනු ඇත්ද යන්නයි.

 සෑම ආසනයකටම විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගේ පෞද්ගලික බලකායක් !

 තවද ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව පිනිස සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම හිටපු සොල්දාදුවන් 40 බැගින් එක් කර බලකායක් ගොඩ නගනු ඇති බවට ද වාර්තා පළ වී තිබේ. ඔහු බලයට පත් වුවහොත් ආරක්ෂක ලේකම්වරයා වනු ඇත්තේ ඔහුගේ ‘වියත් මඟ’ නම් සංවිධානයේ මූලිකයකු වන වර්ගවාදී හිටපු ජෙනරල්වරයකු යැයි ද කියනු ලැබේ.

මේතාක් දුරට නම් තමාට වෙනස් වී ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු විය හැකි යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා නැත. එවැනි වෙනසකට තමා සුදානම් බවට ඔහුට පෙන්විය හැකි හොඳම ලක්ෂණය වන්නේ ඇත්ත පිළිගැනීමයි.

මේ සියල්ලටමත් වඩා තමා වෙනසකට සූදානම් බවට ගෝඨාභය රාජපක්ෂ තවමත් කිසිදු ප්‍රකාශයක් කර ද නැත. ඔහු වෙනුවෙන් කතා කරන්නේ බැසිල් සහ වාසුදේව වැනි අයයි. වාසුදේව කියන සුදු වෑන් පැහැර ගැනීම් සිදු වූ බව පිළිගැනීමට ගෝඨාභය සූදානම් ද? වෙල්ගම කියන භීෂනය පැවැති බව පිළිගැනීමට ගෝඨාභය සූදානම් ද? අඩුම වශයෙන් සිය දේශපාලන පැවැත්මෙහි වෙනසක්, ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් අවශ්‍ය බව පිළිගැනීමට ගෝඨාභය සූදානම් ද?

කවර ජනාධිපතිධූර අපේක්ෂකයකු හෝ අපේක්ෂිකාවක වුව සිය අවංක බව, පාරදෟශ්‍ය බව, නීතිතරුක බව පිළිබද ජනමාධ්‍ය පරීක්ෂනයට ඉඩ සැළසිය යුතු ය. ඔවුන් මුහුණ දිය යුතු අම්ල පරීක්ෂනය එයයි. දේශපාලනඥයින්ගෙන්, විශේෂයෙන්ම මැතිවරණයකට ඉදිරිපත්වන අයවලුන්ගෙන් හැකි සෑම අවස්ථාවකදීම ප්‍රශ්ණ කිරීමට මාධ්‍යට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂනයකි. ගෝඨාභය රාජපක්ෂ එම අවස්ථාව මාධ්‍යට මේතාක් ලබා දී නැත. ඔහුගෙන් ප්‍රශ්ණ ඇසීම පෙනෙන විදිහට තහනම් ය. ඉන් පෙන්නුම් කරන්නේ ද වෙනසකට ඇති සූදානම නොවේ.

මෙම මූලික ප්‍රශ්ණය ගෝඨාභය රාජපක්ෂට පමණක් නොව අනෙක් අපේක්ෂකයින්ටත් අදාළ බව සදහන් කළ යුතුය.

sunanda 100px(සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya - උපුටා ගැනීම vikalpa.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝඨාභය රාජපක්ෂට වෙනස් විය හැකිද? - සුනන්ද දේශප්‍රියගේ විග්‍රහයක් | The Leader