The Leader News
BREAKING
Top Ad
Opinion

සුළු ජාතීන්ට රිද්දන්න එපා !- තාප්ප වල චිත්‍ර අදින තරුණ තරුණියන්ට ආදරයෙන්.....

T

The Leader Desk

December 9, 2019 • 9:45 AM

සුළු ජාතීන්ට රිද්දන්න එපා !- තාප්ප වල චිත්‍ර අදින තරුණ තරුණියන්ට ආදරයෙන්.....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව පුරා තරුණ තරුණියන් එක් වී නගර අලංකරණය සඳහා නාගරිකව ඇති තාප්ප පිරිසිදු කොට ඒවායේ සිතුවම් ඇදීමට කටයුතු කරනු දකිය හැක.
  • අපට ඉතාම අලුත් අත්දැකීමක් වුවද මෙය ඇතැම්රටවල සාමාන්‍යයෙන් සිදුවන්නක්.
  • නාගරික ප්‍රදේශ වල තාප්ප පුරා අලවා ඇති පෝස්ටර් ගලවා එකී තාප්ප පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තරුණ තරුණියන් විසින් සිදු කරනු ලබයි.
  • මුලින් ඉතා අලංකාර සිතුවම් වලින් සැරසුනද පසුව මෙය රැල්ලට සිදු කරන දෙයක් මෙන්ම යම් අධිපති දේශපාලන මතවාදයක් නියෝජනය කරන්නක් බවට පත් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ක්‍රියාව ආරම්භ වූයේ මීට වසරකට පමණ පෙර වුවද මෙම කටයුත්ත සඳහා විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණේ දැන්ය. හරියටම කිවහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙක් පත්වී ඔහුගේ රුචිය අනුව නව ආණ්ඩුවක් පත් වූ පසුවය.

අපට ඉතාම අලුත් අත්දැකීමක් වුවද මෙය ඇතැම්රටවල සාමාන්‍යයෙන් සිදුවන්නක්. නාගරික ප්‍රදේශ වල තාප්ප පුරා අලවා ඇති පෝස්ටර් ගලවා එකී තාප්ප පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තරුණ තරුණියන් විසින් සිදු කරනු ලබයි.

මුලින් ඉතා අලංකාර සිතුවම් වලින් සැරසුනද පසුව මෙය රැල්ලට සිදු කරන දෙයක් මෙන්ම යම් අධිපති දේශපාලන මතවාදයක් නියෝජනය කරන්නක් බවට පත් වී ඇත. යම් දේශපාලන මතවාදයන් නියෝජනය කරනා විද්‍යුත් මාධ්‍ය නාලිකාද මේ සිතුවම් ඇඳීම උත්කර්ශයට නංවන බවක් පෙනේ. ඒ කුමකටදැයි අපටනම් හොඳින්ම දැනේ.

 

අධිපති දේශපාලන මතවාදයක් : භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සීමා වීමක් ...

මෙම සිතුවම් ඇදීම හරහා සමාජයේ පෝස්ටර් විරෝධයක් ඇති කිරීමට උත්සහ කරනු දකිය හැක. එමෙන්ම පෝස්ටර් ගැසීමට ඇති අවකාශය හකුලා දැමීමක් මේ සිතුවම් ඇදීමෙන් සිදු වන බව පැහැදිලිව පෙනේ.  

පෝස්ටරය ලංකාවේ ඇතැම් කරුණු පිළිබඳ ජනාව දැනුම්වත් කිරීමේ ප්‍රධාන මෙවලමක්ය. විශේෂයෙන් ඉතා ඉහළ ධනස්කන්ධයකට හා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් උදව් නොලබන දේශපාලන ව්‍යාපාර ඔවුනගේ ප්‍රචාරණයටත් එමෙන්ම ආණ්ඩුවේ ඇතැම් තීරණ වලට විරෝධය දැක්වීමටත් යොදා ගත්තේ පෝසටරයයි.

විද්‍යුත් නාලිකා මගින් දැන්වීම් ප්‍රචාරය කිරීමට ඉතා ඉහළ වටපිටාවක මුදල් බලය අඩු දේශපාලන ව්‍යාපාර වලට පෝස්ටරය ඉතා වටිනා අවියක් විය. සියලු තාප්ප පුරා පෝසටර් ගැසීමට ඉඩ දිය යුතුය යන්න මෙයින් අදහස් නොකරයි. මේ කතා කරන්නේ පෝසටර් ගැසීමට යම් වෙන් කල ස්ථන ලබා නොදුනහොත් සිදුවන භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සීමා වීමය.

 

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ව්‍යාපාරයේ මතවාදය:

මීළගට මෙම සිතුවම් මගින් යුද්ධය හා එහි ජයග්‍රහණය ඉස්මතු කිරීමටත්, පැරණි රාජවංශය ඉස්මතු කිරීමටත් උත්සහ කරනු පෙනේ. මේ යම් දේශපාලන ව්‍යාපෘතියක කොටස්ය. පැහැදිලිවම කිවහොත් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියා කල සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ව්‍යාපාරයේ මතවාදයයි.

ජාතික ඒකාබද්ධතාවය වෙනුවට ජනවර්ග බෙදුම් රේඛා වලින් බෙදන මතවාදයයි. සුළු ජාතීන් රිද්දන මතවාදයයි.

අද ලංකාවට අවශ්‍ය වන්නේ ජාතික සමගිය උත්කර්ශයට නංවන සිතුවම්ය. සියලු තරුණයන් ජාති හේදයකින් තොරව නැගී සිටිය යුතු බවට පෙන්වන සිතුවම්ය. අවශ්‍ය වන්නේ යුද්ධය උත්කර්ශයට නැංවීම නොව යුද්ධයේ පීඩාව පෙන්වන යුද්ධයේ වින්දිතයන්ගේ අසීමිත වේදනාව පෙන්වන, දරුවන් එන තෙක් මග බලා සිටින යුද්ධය නිසා දරුවන් අහිමි වූ අම්මලාගේවේදනාව පෙන්වන සිතුවම්ය. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින මිනිසුන්ගේ සිතුවම්ය. අඳුරු යුගයක අතුරුදහන් වූ, මිය ගිය හා දරුණු වදභන්දනයන්ට ලක් වූ මිනිසුන්ගේ සිතුවම්ය.

 

තරුණයන්ගේ සුවිශේෂී ප්‍රශ්න සිතුවමට නැගීම...

මෙපමණක් නොව තරුණයන්ගේ සුවිශේෂී ඉල්ලීම් සිතුවමට නැගීමත් වැදගත්ය. තරුණයන්ගේ සුවිශේෂී ප්‍රශ්න සිතුවමට නැගීමත් වැදගත්ය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් දේශපාලන ව්‍යාපෘතියකට මෙම සිතුවම් අඳින තරුණයන් හසු වෙමින් තිබෙනු පෙනේ. තරුණයන් වහා එය තේරුම් ගත යුතුය. ඔබලාට ලැබෙන ඔය ධනේශ්වර මාධ්‍ය ආයතන වල සහයෝගය ඔබලාට ආදරයෙන් සිදු කරන්නක් නොව ඔවුන්ට අවශ්‍ය පාලකයාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කරන්නකි.

තරුණයන් යම් අධීනත්වයක් මේ සමගම සකසා ගත යුතුය. රට පුරාම දෙමළ සිංහල මුස්ලිම් තරුණයන් කිසිදු දේශපාලන ව්‍යාපෘතියක අතකොළුව් නොවී එක් විය යුතුය. එක් වී එකා මෙන් නැගී සිටිය යුතුය.

(නීතිඥ දුලාන් දසනායක- උපුටා ගැනීම aithiya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...