The Leader News
BREAKING
Top Ad
Opinion

ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව

T

The Leader Desk

December 16, 2019 • 7:48 AM

ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ
  • එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ කොටසකට සිදුවී ඇති අසාධාරණය නැති කිරීමට වැඩ කරන ගැලවුම්කරුවන් කොටසක් බව පෙන්වමින් ඉතා මානුසික මුහුණුවරකින්ය.
  • එසේ ගැලවුම්කරුවන් අවශ්‍යයි සමාජයක මනස සැකසෙන්නේ රටක් තුල, සමාජයක් තුල, විවිධ ආකාරයෙන් මතු කළ අනාරක්ෂිත බවක්, සමස්ත සමාජය තුළ බිය රජ කරවීමක්, ආදී කාරණාවන් ස්ථාපිත කරනු ලැබීම හේතුවෙනි.
  • බොහෝ විට එය ඉතා කෙටි කාලයකින් ඇති කළ එකක් නොව දීර්ඝ කාලීනව සැලසුම් සහගතව දියත් කළ වැඩපිළිවෙළකි.  # ෆැසිස්ට් රාජ්‍යක් මතුවීමට ප්‍රථමයෙන් රටෙහි සමාජ දේශපාලන අර්බුදයක් පැවතීම # රටතුල අනාරක්ෂිත බව සමාජගත ව පැවතීම.
අකුරු ප්‍රමාණය (Font Size):

නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ කොටසකට සිදුවී ඇති අසාධාරණය නැති කිරීමට වැඩ කරන ගැලවුම්කරුවන් කොටසක් බව පෙන්වමින් ඉතා මානුසික මුහුණුවරකින්ය.

Text 009එසේ ගැලවුම්කරුවන් අවශ්‍යයි සමාජයක මනස සැකසෙන්නේ රටක් තුල, සමාජයක් තුල, විවිධ ආකාරයෙන් මතු කළ අනාරක්ෂිත බවක්, සමස්ත සමාජය තුළ බිය රජ කරවීමක්, ආදී කාරණාවන් ස්ථාපිත කරනු ලැබීම හේතුවෙනි.

ෆැසිස්ට් රාජ්‍යයක් හදිසියේ ඉබේ මතු නොවේ. ෆැසිස්ට්වාදී බලවේගයන් බලයට ඒමට ප්‍රථම ඔවුන් ඒ සඳහා අවශ්‍ය වන සමාජ මානසික මට්ටම සකසනු ලබයි. බොහෝ විට එය ඉතා කෙටි කාලයකින් ඇති කළ එකක් නොව දීර්ඝ කාලීනව සැලසුම් සහගතව දියත් කළ වැඩපිළිවෙළකි. 

# ෆැසිස්ට් රාජ්‍යක් මතුවීමට ප්‍රථමයෙන් රටෙහි සමාජ දේශපාලන අර්බුදයක් පැවතීම

# රටතුල අනාරක්ෂිත බව සමාජගත ව පැවතීම.

# පවතින රජය අඳුරේ අතපත ගාන තත්ත්වය මිනිස්සුන්ට එපා වී තිබීම.

# තමන්ට ආරක්ෂාව දියහැකි ශක්තිමත් රාජ්‍යක උවමනාව පොදු සමාජ මනස බවට පත්වීම.

# දිගු කාලයක් යුද්ධ පැවතීම තුළින් සමාජයක යුද්ධයේ තුවාල වල වේදනාව තවදුරටත් දැනෙමින් පැවතීම.

# යම්කිසි ජන වර්ගයක් හෝ ආගමක් මුල්කරගත් ජාතිවාදී දර්ශනය සමාජ ගතව පැවතීම

# ජාතිකවාදය පටු ආකාරයෙන් යම්කිසි ජන කණ්ඩායමක මනස අභිබවා පැතිර යෑම. ආදී විවිධ හේතුන් සමාජ මනසක නිදන්ගත වූ තත්ත්වයක් ඇති වූ විට සමාජ මානසික මට්ටම ෆැසිස්ට් රාජ්‍යක් ඉල්ලන තත්ත්වයකට සැකසෙනු ඇත.

බොහෝවිට ෆැසිස්ට් රාජ්‍යයන් ගැන සිතීමේදී බොහෝ බුද්ධිමතුන් මෙන්ම වමේ ක්‍රියාදරයන් පවා සිතනුයේ ඉතා කෲර හිට්ලර් වැනි දේශපාලනයක් එකවර මතු වනු ඇති බවයි. නමුත් ෆැසිස්ට්වාදය රටින් රටට කාලයෙන් කාලයට වෙනත් වෙනත් ආකාරයකින් මතු වනවා මිස එය සෑම තැනකම එකම ආකාරයක් නොගනී.

එය එකම ආකාරයක් ගනු ලබන්නේ මුලික හරයෙන් පමණි. තැනකදී එය ප්‍රාග්ධනය මුල් කරගත් ධනේශ්වර ආධිපත්‍යවාදී එකක් වන අතර තවත් තැනක එය වැඩවසම් බව මුල් කරගත් ඒ වගේම නවලිබරල් ආකාරයන් මුසුකරගත් එකක් විය හැක.

 

පැසිස්ට් නායකයින් සුරුවම් බවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුම් :

Hitlerෆැසිස්ට් රාජ්‍යයක් ස්ථාපිත වීමේදී එය ආරම්භයේ බොහෝ ජනප්‍රිය එකක් වීම මෙතෙක් පැවැති සෑම පාහේ ම ෆැසිස්ට් රජ්‍යයකම විශේෂ ලක්ෂණයයි. එදා හිට්ලර් බලයට එන්නේ අබලන්ව, අනාරක්ෂිතව, අර්බුදයක ගිලී තිබූ ජර්මනිය ගොඩනැගීමට අවශ්‍ය ගැලවුම් කරුවාගේ රූපය පෙන්වමිනි. ඒවාගේම නාට්සි විසින් මුලින්ම ඇති කරන විවිධ සහන වැඩසටහන්හි ප්‍රතිලාබ ලැබීමෙන් කුල්මත්වන මධ්‍යම පන්තිය සහ පහළ මධ්‍යම පංතිය නාට්සි පක්ෂය වටා රොද බඳිමින් නාට්සීන්ට ආවඩති.

ඒ ක්‍රියාදාමය කොතරම් ජනප්‍රිය වූවාද යත් නාට්සි නායකයා වූ හිට්ලර් පූජනීය තත්ත්වයක පවත්වා ගැනීම සමාජ මනස තුළ පැළපදියම් වෙයි. ෆැසිස්ට්වාදීන් බලයට ඒමේ දී ඔවුන් පාර්ලිමේන්තු ඡන්දය තුළින් බලයට ආවාද එසේ නැතිනම් හමුදා කුමන්ත්‍රණයකින් හෝ වෙනත් බලහත්කාරයකින් බලයට ආවා ද යන්න එතරම් වැදගත් නොවේ.

ෆැසිස්ට්වාදීන් බලයට ආ සෑම මොහොතකම ඔවුන් විශාල අනුගාමිකයින් ප්‍රමාණයක් ඔවුන් වටා රොක් කරගනු ලබයි. ඒ සඳහා ඔවුන් විශාල ප්‍රචාරක වැඩසටහන් මෙහෙයවනු ලබයි. මාධ්‍ය සම්පූණයෙන් මෙහෙයවන ඔවුන් ඔවුන්ගේ නායකයින් බොහෝවිට සුරුවම් බවට පත්කර ගනු ලබයි.

ඉන්පසුව එම සුරුවම් විසින් කරන ඕනෑම කාර්යයක් “ජඩවැඩක්” සාධාරණීකරණය කිරීමේ සමාජ මානසික මට්ටමක් සමාජය තුළ පැලපදියම් වේ. මේ තත්ත්වය සමාජයට අනුගත වූවායින් පසු එය ප්‍රශ්න කිරීම අපරාධයකි. එය ප්‍රශ්න කරන්නාට දඬුවම් ලැබිය යුතුය. එසේ ප්‍රශ්න කරන්නා ජාති ද්‍රෝහියෙක් හෝ දේශද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසන අතර සමාජය ඔවුන් පිළිකුල් කරන තත්වයක් ඇති වේ.

Text 0010සෑම බලවේගයක්ම සෑමවිටම, දිගින් දිගටම කරන ප්‍රචාරණ මාධ්‍ය තුලින් දේශප්‍රේමය, ජාතිකවාදය හෝ ආගම්වාදය වැනි කාරණයක් සමාජ මනසට ඇතුළු කරමින් රට, ජාතිය විදේශීය සතුරාගෙන් බේරාගැනීමේ වැඩසටහනක ඔවුන් සමග ජනයා අත්වැල් බැඳගත යුතු බව යි.

බොහෝවිට ෆැසිස්ට්වාදීන් බලයට ආ විට වමේ කොටස් පවා, ඒ වාගේම රටේ බුද්ධිමතුන් කොටසක් මෙම බලවේග හරියාකාරයෙන් විග්‍රහ නොකර ගැනීම තුල ආරම්භයේ දී වක්‍රාකාරයෙන් ඔවුනට සහයෝගය දී‌මේ තත්ත්වයක් උදා වෙති.

පිලිපීනයේ ජනාදිපති ඩුටර්ටේ බලයට එන විට පිලිපීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැනි බලවේග ඔහුට නිලනොවන සහයෝගයක් දැක්වීය. නමුත් ඩුටර්ටේ ගේ ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යාමේදී ඔවුන් සමග ගැටෙන තත්ත්වයක් ඇති වූවා වුවත් ආරම්භයේදී වමේ සහ බුද්ධිමතුන්ගේ නොමඳ සහය ඔහුට ලැබුනි. ඔහු විශාල ජනසහයක් අදටත් හිමිකරගෙන සිටී.

ගෝඨාභයගේ ජයග්‍රහණය !

Wall Art 

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ඔවුන්ගේ අනුගාමිකයින් සමග අද වන විට නැවතත් ලංකා බලය හිමි කරගෙන තිබේ. ඒ තත්ත්වයට ගමන් කිරීමට හේතු වූයේ යහපාලනය වෙනුවෙන් තෝරා ගත් රජය සම්පූර්ණයෙන් තමන් කළ යුතු දේ වෙනුවට ඔවුන්ගේ බලකෑදරකමින් ඇතිවිය හැකි තත්ත්වය තේරුම් නොගෙන උන් උන් රණ්ඩු කරමින් ඒ මදිවාට රාජපක්ෂලා සමග ඩීල් වලට යමින් කල හරඹ නිසා මිනිසුන් තුළ ඇති වූ කලකිරීම හේතුවෙනි.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල අද නියෝජනය කරන්නේ වැඩවසම් ආකෘතියකින් හෙබි නව ලිබරල් ආධිපත්‍යක් බව මගේ වැටහීමයි. වැඩවසම් ආකෘතියකට නව ලිබරල් එසේ නැත්නම් නව ගතානුගතිකබව එක්වූ විට එතන මතු විය හැක්කේ ඉතා අධිකාරිවාදී ඒවාගේම පසුගාමී මනසක් සහිත ආධිපත්‍යයකි. එය මගේ වැටහීම අනුව ෆැසිස්ට් රාජ්‍යයක ආරම්භයයි.

ඒ සඳහා ඔවුන් අද බොහෝ ජනප්‍රිය වැඩ කරමින් මධ්‍යම පංතියේ සහ පහළ මධ්‍යම පංතියේ ජනාදරය දිනා ගනිමින් පවතී. ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට ඒ ආධිපත්‍යය සඳහා අවතීර්ණවීමට අවශ්‍ය වෙන ප්‍රචාරණ මට්ටමද ඔවුන්ගේ අනුගාමිකයින් ගේ ප්‍රචාරණ මාධ්‍ය තුළින් දිනපතා කරගෙන යමින් පවතී.

බිත්ති වල රූප තුලින් පසුගාමී වැඩවසම් ලෝකයකට සහ හමුදා ආධිපත්‍යයකට මෙන්ම හමුදාවන් පූජනීය මට්ටමකට ගෙන එන මානසික මට්ටමකට පිළි රූ මවයි. ගෝඨාභය රාජපක්ෂගේ අර්ධ හමුදාමය ආධිපත්‍යක් සහිත රාජ්‍ය මේ වන විට ඔවුන්ගේ හිතුවක්කාරී ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙයට ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා පෙනී සිටි බොහෝ දෙනෙකුට හෙට දින මෙම බලවේගයන් විසින් දඬුවම් දෙනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනිසිටි, පැරණි රාජපක්ෂ රජයේ දුෂණ, මිනීමැරුම් සහ අතුරුදහන් කිරීම් ප්‍රශ්න කළ බොහෝ දෙනෙකුට එක්කෝ හිරගෙවල් එසේ නැත්නම් බොහෝ තාඩන පීඩන වලට ඉදිරි දිනවල මුහුණ දීමට සිදු වන බව නොඅනුමානය.

නමුත් එහිදී සෑම ෆැසිස්ට් රාජ්‍යකම සිදුවන ආකාරයට පැතුරුණු හුදීජනතාව අත්පොළසන් දී ඔවුනට සහාය දෙනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මිනිස් අයිතීන්, සුළු ජනවර්ග අයිතීන් ආදිය ගැන කතා කළවුන් ජාතිද්‍රෝහීන් සහ විදේශීය කුමන්ත්‍රණ කරුවන් ආදී හංවඩු ගැසීම්වලට ලක්වී සමාජයේ ප්‍රශ්න වලට මුහුන දෙන පිරිසක් බවට පත්වනු නොඅනුමානය.

තාමත් ඔවුන් ඔවුන්ගේ සැබෑ මුහුණු නොපෙන්නුවා වුවත් ඔවුනගේ අද ක්‍රියා හරියාකාර ලෙස දේශපාලන විග්‍රහයක යෙදෙන කෙනෙකුට මෙහි පෙරනිමිති අද පවතින තත්වය තුල දැකිය හැක.

 

මාරාන්තික විහිලුවක් : සොඳුරු ආඥාදායකයෙක් ....

අපේ වමේ සමහර කොටස් මැතිවරණයට ප්‍රථම “උනුත් එකයි මුනුත් එකයි” කියා කියනු අපට බොහෝවිට ඇසුනි. මෙසේ කථා කළ අයට මට කීමට ඇත්තේ ඔවුන් දේශපාලන අයන්න ආයන්න වත් හරියට කියවා නැති බවයි. අද වන විට ඔවුනට වටහා ගන්නට සිදුවන්නේ ෆැසිස්ට්වාදය අසංවිධානාත්මක ධනපති ලිබරල් එකතුවක් සමග සමාන තත්ත්වයේ ලා හඳුනාගැනීම මාරාන්තික විහිලුවක් වියහැකි බවයි.

ඒ වාගේම තවත් බුද්ධිමතුන් කොටසක් රට තුළ අද ඇතිවී තිබෙන තත්ත්වය විග්‍රහ කරගන්නා ආකාරය අනුව ඔවුන් සිතන්නේ සොඳුරු ආඥාදායකයකු ලැබී තිබෙන බවකි. ආඥාදායකත්වය විවේචනය කරන ඔවුන් ගෝඨාභය රාජපක්ෂට රට කර යුතු ආකාරය ගැන උපදෙස් මාලාවන් දෙන ලිපි ලියමින් සිටි.

ඇත්තෙන්ම එහෙම බුද්ධිමතුන්ගේ මත පිළිගන්නා තැනක ෆැසිස්ට් නායකයකු වන ගෝඨාභය නොසිටි. ඔහු තමා කරන්නේ කුමක්ද යන්න, ඔහුගේ වැඩ පිළිවෙළ කුමක්ද යන්න, ඒ වාගේම ඔහු අනුගමනය කළ යුත්තේ කාගේ වදන් ද යන්න හොඳින් දනී. ඒ අනුව ඔහුගේ ඒ වැඩපිළිවෙළට අනුව ඉදිරියේදී සියල්ල සිදුවනු ඇත. අපට සිදුව ඇත්තේ ඉදිරියේදී මිනිස් අයිතීන් පාගාදමන රාජ්‍යකට දීර්ඝකාලීනව මුහුණදීමට සූදානම් වීමටය. එම රාජ්‍යය තුළ ඒ සඳහා කොතෙක් ඉඩ ඇත්ද යන්න අද අපට කිව නොහැක. ඒ ෆැසිස්ට් රාජ්‍යයන් සියල්ල එක හා සමාන නොවන හෙයිනි.

රටින් රටට, තැනින් තැනට ෆැසිස්ට් රාජ්‍යන්ගේ ස්වරූපය, ඒවායේ මර්ධන‌යේ ස්වරූපය වෙනස් වන බව අප මතක තබාගත යුතුය. අපිට එවැනි තත්ත්වයකට මුහුණ දීමට අපේ මනස සූදානම් කරගෙන ශක්තිමත්ව එකට වැඩ කිරීමේ වැඩපිළිවෙලකට ඒම ඉතා වැදගත්ය.

සියලුම වාමාංශිකයින්ට, බුද්ධිමතුන්ට, සිවිල් සමාජ ක්‍රියාධරයන්ට, ඒ වාගේම ලිබරල් මත දරන ෆැසිස්ට් විරෝධීන්ට එකට එක්වී වැඩ කිරීමට මේ තියෙන තත්වය තුල නොහැකිවන්නේ නම් ඔවුන් තනි තනිව විනාශවීමේ ඉරණමකට මුහුණපානු නොඅනුමානය.

 

හෙමින් සැරේ අඬු විදහා....

Text 0011දැනටමත් සහෝදර මාධ්‍යවේදියකුට පහරදෙන දකින අනෙකුත් මාධ්‍යවේදීන් තම පෑන හකුලා ගන්නේ මොළයට ඉබි යතුරු දමා ගනිමිනි. ඒ අතර ඔහුගේ හමුදාමය වියත් මගහි සහචරයන් මාධ්‍ය ඉදිරියේ පොදුවේ පුද්ගලයින්ට අපහාස කරන ඔවුන් ජාතියේ සතුරන් යයි හඳුන්වන මත දියත් කරමින් පවතී.

මේවා ඉතා සෙමින් යහමින් කෙරෙන අතර පහර කන පුද්ගලයා එතුල ගිලී යන්නේ කිසිවෙකුට සමාජය තුළ ඒ පිළිබඳ හඬක් මතුකල නොහැකි ලෙසිනි. ඇත්නම් මෙම සිදුවීම් සිදුවන්නේ ඟඟක්ගලා යද්දී දිය සුළියකට හසු වූ එකකු එහි පහළට ඇදී යන සේ කිසිවෙකුට හඳුනා ගැනීමටවත් නොහැකි වන අයුරින්ය.

මාර්ගයේ කුණු ඉවත් වන්නේ තාප්පවල ඇලවූ පෝස්ටර් වගේම මාවතේ සිටි බල්ලාගේ සිට සිඟන්නා දක්වා කුණු කූඩයට වැටෙමිනි. ඒ අතරම පෝස්ටර් ගැලවුණු තාප්ප ලස්සන කථාන්තර වලින් පිංතූර ගතවී අතීතයේ ශ්‍රී විභූතිය, හමුදා සෙබළුන්ගේ පෙරගමන්, අලි ඇතුන් සේසත් පෙරටුකොටගත් පෙරහැරවල්, පුරාණ සිංහල වීරයින්ගේ රූප මෙම තාප්ප වල අලංකාර ලෙස රූපගත වන්නේ සිංහල මනස නිලංකාර කරමිනි.

ෆැසිස්ට්වාදය තුල ගැහැනිය අයත් ගෘහයට සහ දරුවන් වැදීමටය. අද දේශපාලන අධිකාරය සකස් වී ඇත්තේ ලංකාව ගැහැණු නැති රටක් ලෙසිනි.

ෆැසිස්ට්වාදී රටක නීතිය යනු එම බල අධිකාරය බව වටහාගැනීමට සමහරුනට කලක් ගතවනු ඇත. ඒ ඔවුන් ෆැසිස්ට්වාදය නාසිවාදය තුලින් පමණක් හඳුනාගෙන තිබීම හේතුවෙනි.

  (vikalpa.org - රංජිත් හේනායකආරච්චි )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...