The Leader News
BREAKING
Top Ad
Opinion

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”

T

The Leader Desk

January 10, 2020 • 8:14 AM

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”
  • නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.
  • බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.
  •   බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහල බුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි.

නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.

“If You Meet the Buddha on the Road, Kill Him.”

ඇලීමේ ආනිසංස දේශනා කල බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ තම එදිනෙදා ජීවිතයේ ලෞකික සැපසම්පත් වලට අමතරව ‘බුද්ධ’ යන සංකල්පය සමඟද තදින්ම ඇලී සිටිති. බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.

 Text 10 2බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහල බුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.

බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.

වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති.

තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව බුදුරදුන් ඉගැන්වූවා යයි මා අසා තිබේ. තමන් වහන්සේ දෙසූ ධර්මය සසරින් එතරවීම පිණිස පහුරක් මෙන් යොදා ගැනීම මිස, කර තබා ගෙන යෑම නො කළ යුතු බව බුදුරදුන්ගේ ඉගැන්වීම බව සඳහන්ය.

“ධර්මය කියන්නේ පහුරක් පමණය. ගඟින් එගොඩ ගිය පසු පහුර බිම තැබිය යුතුය”

නමුත් තමා බුදුන් සරණ ගිය උන්ය කියා ගන්නා බෞද්ධ අනුගාමිකයන් අද කරන්නේ මීට හාත්පස වෙනස් දෙයකි.

ඔවුහු ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.

පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා Text 10 3ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය.

ගෞතම බුදුන් නම් විශිෂ්ඨ දර්ශනවාදියාගේ ඉගැන්වීම් ආගමික රාමුවකට කොටු කිරීමේ ප්‍රතිපලය මෙයයි.

ඉන් සිදු වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම්වල හරය සහ ගැඹුර ග්‍රහනය කර ගැනීමට තියෙන හැකියාව මොට වී ඔහුගේ ඉගැන්වීම්වල සැබෑ අරුත මඟ හැරීයාමය.

අවසානයේ සිදුව ඇත්තේ ගෞතම බුදුන් නම් ඒ විශිෂ්ඨ දර්ශනවාදියාව මල්මාලා වලින් සරසා හඳුන්කූරු සුවඳ දුම් පිරි කාමරයක සිර කොට, පුද පූජා පැවැත්වීමට තිබෙන තවත් ආගමික සංකේතයක් බවට පත් වී තිබීමය. 

වර්තමාන ලෝකයට බුදුදහම මඟින් උකහා ගත යුතු යමක් වේද එය තේරුම් ගත හැක්කේ ආගමික ඇදහිල්ලෙන් නැඟෙන අන්ධ භක්තියෙන් නොව ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය විමර්ෂණාත්මක බුද්ධියෙන් විමසීමෙන්ය.

සුවඳ දුම් පිරි බුදුකුටියකට සිරකරනු ලැබුව වැඳුම් පිදුම් කිරීමට ඇති ආගමික සංකේතයක් බවට පත් වී සිටින ගෞතම බුදුන්ව ඉන් නිදහස් කොට ඔහුගේ මුවින් නික්මුන ඉගැන්වීම් ඔස්සේ අප බුද්ධිය මෙහෙයවීම වැදගත් වන්නේ එබැවිනි.

- බණ්ඩගෙ පැරණි සටහනකි

(Tharanga Laknath ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” | The Leader