30/1 යෝජනාවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිලිබඳව අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන සිය විරුද්ධත්වය පළ කරනු ඇතැයි දැන ගන්නට තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පෙරේදා (17) පැවති විශේෂ රැස්වීමකදී බව ද වාර්තා වේ.
මේ බව සනාත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 දරණ යෝජනාවන්ගෙන් ඉවත් වීමට රජය කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පෙරේදා මාධ්‍යවේදීන් අමතමින් පවසා තිබේ.
ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව භාවිතා කළ ආයුධයක් බවත්, යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බවත් ජයසේකර පවසා ඇත.
මෙම යෝජනාවන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව සමදායකත්වය සපයන ලද අවස්ථාවේහි දී එම ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ජයසේකර ඊට සහය දුන්නේ ය.
ජිනීවා යෝජනාවන්ට සම දායකත්වය සැපයීමට මූලිකත්වය ගත්තේ එවකට විදේශ ඇමැති මංගල සමරවීරය
මෙළෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත්වීම ආන්තික අදහස් දරණ දෙමළ මෙන්ම සිංහල පිරිස්හි සතුටට හේතු වී තිබේ.
දෙමළ ආන්තික ජාතිකවාදී කන්ඩායම් දිගටම කියා සිට ඇත්තේ මෙම යෝජනාව වැඩකට නැති එකක් බවත් එය දෙමළ “ජන සංහාරය” වසං කිරීම සපයන ලද කඩතුරාවක් බවත් ය. දෙස් විදෙස් එම පිරිස් දිගින් දිගටම ඉල්ලා සිට ඇත්තේ යුද්ධයේ අවසන් සමයෙහි දී ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයාට එරෙහිව කරන ලදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික යුද අධිකරණයට වාර්තා කළ යුතු බවයි.
එමෙන්ම ආන්තික ජාතිකවාදී අදහස් දරණ සිංහල පිරිස් කියා සිටින්නේ මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ සෛරීයත්වයට කරන ලද බාධාවක් බවත් යුද සමයෙහි කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවත් ය. මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාන්ඩුව ඉවත් වියයුතු බවට දෙස් විදෙස් එවැනි පිරිස් දිගටම උද්ඝෝෂණය කළහ.
හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට එරෙහිව පවරා ඇති තහනම සහ ජිනීවා යෝජනාවෙන් ඉවත් වීම එළඹෙන මහ මැතිවරණයෙහි දී රාජපක්ෂවරුන්ට මහත් වාසියක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
නිල වශයෙන් ඉවත් විය නොහැකි හේතුව :
තව සතියකින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට හුදෙක් ප්‍රකාශයක් කිරීම මගින් 30/1 සහ 40/1 යෝජනාවන්ගෙන් නිල වශයෙන් ඉවත් විය නොහැකි ය.
එය කළ හැකි වන්නේ ඒ සදහා යෝජනාවක් මෙවර කවුන්සිලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි නම් පමණි. මේ අවස්ථාවෙහි ඒය ඉතා දුෂ්කර කාරියක් වීමට ඉඩ ඇති බව ජිනීවාහි තතුදත් ආරංචි මාර්ග පවසති.
40/1 යෝජනාව විසින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයගේ කාර්යාලයට පවරණ ලද වගකීම් අනුව එලඹෙන 43 වන සැසිවාරයට ශ්‍රී ලංකාව එම යෝජනාව ඉටු කිරීම සම්බන්ධ ප්‍රගතිය ගැන අන්තර් වාර්තාවක් ද 2021 මාර්තු මාසයේ ද පැවැත්වෙන 46වන සැසි වාරයට පරිපුර්ණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු ය. එම වගකීම ඉවත් කළ හැක්කේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් මගින් පමණි.
ජිනීවාහී ශ්‍රි ලංකා තානාපති ධුරය තවමත් හිස්:
ජිනීවාහි තානාපති ලෙස නම් කර ඇති සී.ඒ. චන්ද්‍රප්‍රේම
අද වනවිට ජිනීවාහී ශ්‍රි ලංකා තානාපති ධුරය හිස්ව පවතින අතර කලින් සිටි තානාපතිවර අසීස් නොරේවේ තානාපති වශයෙන් පත් කරන ලද නමුත් පසුව ඔහු කොළඹට කැදවන ලදී. ජිනීවාහි තානාපති වශයෙන් නම් කර ඇති සී.ඒ. චන්ද්‍රප්‍රේම තවම ජිනීවා කරා පැමිණ නැත.
ශ්‍රී ලංකාව 30/1 සහ 40/1 යෝජනාවෙන් ඉවත්වුව හොත් යුරෝපා සංගමය විසින් ලබා දී ඇති ජී.ඒසි.පී. සහනය අත් හිටුවීමට ඉඩ ඇත්දැයි දැන්ම කිව නොහැකි බව යුරෝපා සංගමයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව මෙම තීරණය ක්‍රියාත්මක කළ හොත් එය දාම ප්‍රතික්‍රියාවකට මඟපාදනු ඇති බව ජිනීවා මානව හිමිකම් සංවිධාන ප්‍රධානියකු පැවසී ය.
(srilankabrief.org)
ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ඉවත් විය හැකිද? ඒ කෙසේ ද? විපාක මොනවාද? - සුනන්ද දේශප්‍රිය ජිනීවාහි සිට
T
The Leader Desk
February 19, 2020 • 10:22 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා හමුදාපති ෂවේන්ද්‍ර සිල්වාට ඒරෙහිව එක්සත් ජනපදය විසින් පනවා තිබූ තහනමට ප්‍රතිචාරයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ද සමදායකතවයෙන් සම්මත කරන ලද
- මේ පිලිබඳව අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන සිය විරුද්ධත්වය පළ කරනු ඇතැයි දැන ගන්නට තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පෙරේදා (17) පැවති විශේෂ රැස්වීමකදී බව ද වාර්තා වේ.
- මේ බව සනාත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 දරණ යෝජනාවන්ගෙන් ඉවත් වීමට රජය කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පෙරේදා මාධ්‍යවේදීන් අමතමින් පවසා තිබේ.
- ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව භාවිතා කළ ආයුධයක් බවත්, යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බවත් ජයසේකර පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


