The Leader News
BREAKING
Top Ad
Opinion

ස්වර්ණමාලි මහා සෑයට නම දුන්නු මහා ස්ත්‍රිය ? දුටුගැමුණු රජුගේ සැඟවුන රහස !

T

The Leader Desk

November 21, 2021 • 6:08 AM

ස්වර්ණමාලි මහා සෑයට නම දුන්නු මහා ස්ත්‍රිය ? දුටුගැමුණු රජුගේ සැඟවුන රහස !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුටුගැමුණු මහ රජුන් අනුරාධපුර මහා සෑය ස්වර්ණමාලි ලෙස නම් කිරීම පර්යේෂණය කිරීමට අවශ්‍ය ම කාරණයක් බව බෞද්ධ දර්ශනය හා ශාසන
  • ඔහු එබව සඳහන් කර සිටියේ,  NEXTV නාලිකාව සමග පැවති විශේෂ සාකච්ජාවක දී ය.
  • මේ අවුරුදු 2186 පහුවෙලා දැන් අවුරුදු 2200 කට කිට්ටුයි දැන් මේ සිදුවීමට..
  • ඔහු කොත්මළේ ගම ගෙදර නවතින්න තීරණය කරන්නේ සහ රජ කුමාරයෙක් ඒ ගම ගෙදර අත් වැඩ කරන කෙනා බවට පත්වෙලා බෑණ වීම දක්වා යන්නේ ඔහුගේ රොමාන්තික ආදරය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිහාසය පිලිබඳ ප්‍රවීන විශ්ලේෂකයකු වන සුජිත් අක්කරවත්ත පවසයි.

''දුටුගැමුණු රජතුමාම තමන්ගේ ප්‍රශ්ණයේ හේතුව නිධන් කරලා ගියේ එහෙමයි. මේ ස්වර්ණමාලි හොයාගෙන ගියොත්, රුවන්වැලි මහා සෑය වඳිනවා වගේම, මේ මහා සැයට නම දුන්නු මහා ස්ත්‍රියට කන් දුන්නොත් ඔබට මේ මරණ පරීක්ෂණ වාර්තාව හොයාගන්න පුළුවන්. '' යයි ඔහු කියා සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ,  NEXTV නාලිකාව සමග පැවති විශේෂ සාකච්ජාවක දී ය. එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේ කරුණු පැහැදිලි කරයි.

 

''දවස් ගණනාවක් කිරි ඔරුවේ ඉඳලා එයා අවසානයේ ලංකාවේ අපිට දීල ගියා රහසක්. මේ අවුරුදු 2186 පහුවෙලා දැන් අවුරුදු 2200 කට කිට්ටුයි දැන් මේ සිදුවීමට.. දුටුගැමුණු කුමාරයා තම මුවින් තම මල්ලිට කියලා ගියා රහසක්.  ඔයා මේක අවසන් කරාට කමක් නැහැ ඔයා මේකේ නම විදිහට ස්වර්ණමාලිගේ නම දාන්න කියලා.''

 

කවුද මේ ස්වර්ණමාලි ?


බුදුරාජණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ මහ ස්ත්‍රීන් ගොඩක් ඉන්නවා. ප්‍රජාපතී, මහාමායා, විශාඛා, කෝසළ ,මල්ලිකා...

ඒ වගේම දුටුගැමුණුගේ ජීවිතේට සම්බන්ධ මහ ස්ත්‍රීන් ඉන්නව. අම්මා විහාර මහා දේවි, බිරිඳ රන් මැණිකා.



මේ කාගේවත් නමක් නැතුව අපි නොදන්න කිසිම සහ සම්බන්ධයක් නැති ස්ත්‍රියකගේ නමක්, අග්‍ර බුදුපුරුෂයාගේ ලොව බිහිවූ දැවැන්ත ස්ථූපයට යෙදෙන්නට හේතුව මොකක්ද? ස්වර්ණමාලි කියන නම ස්ථාපනය නොකරනේ මේක මහා සෑය කියලා පටන් ගන්නේ. නම් තැබීමක් තිබුණේ මහා සෑය කියලා. මරණ මංචකයේදී අවසන් සුසුම් පොද හෙළන වෙලාවේ දුටුගැමුණු මල්ලිගෙන් ඉල්ලන්නේ සාලිය බලාගන්න කියලා නෙවෙයි. ලක් රාජ්‍යයේ අනුපිළිවෙළ නෙවෙයි. මහා සෑයේ නම ස්වර්ණමාලි කියලා තියන්න කියලා .

 dg 1 1024x768

 

'' දුටුගැමුණු රජතුමාම තමන්ගේ ප්‍රශ්ණයේ හේතුව නිධන් කරලා ගියේ එහෙමයි. මේ ස්වර්ණමාලි හොයාගෙන ගියොත්, රුවන්වැලි මහා සෑය වඳිනවා වගේම, මේ මහා සැයට නම දුන්නු මහා ස්ත්‍රියට කන් දුන්නොත් ඔබට මේ මරණ පරීක්ෂණ වාර්තාව හොයාගන්න පුළුවන්. ''

 

දුටුගැමුණුගේ රෝමාන්තික ප්‍රේමය


දුටුගැමුණුගේ රෝමාන්තික ප්‍රේමය කියන එකම තමයි ඔහුව මෙතරම් සාර්ථක කරේ. ඔහු කොත්මළේ ගම ගෙදර නවතින්න තීරණය කරන්නේ සහ රජ කුමාරයෙක් ඒ ගම ගෙදර අත් වැඩ කරන කෙනා බවට පත්වෙලා බෑණ වීම දක්වා යන්නේ ඔහුගේ රොමාන්තික ආදරය. ඔහුට දිගටම පිපාසාවක් තිබුණා. ඔහුගේ ඇතුළේ තිබුණා ඔහු හෙව්වා ස්ත්‍රියක්. මම හිතන්නේ දුටුගැමුණු රජුට කිසිකලෙක ඒ ස්ත්‍රිය හම්බවුණේ නැහැ. ඒකයි මහා සෑයට ස්ත්‍රී නමක් දුන්නේ කියලා.

ඒ සෘංගාත්මක ආලාදරේ නිරාමිස ප්‍රකාශනය තමයි මහා සෑය කියන්නේ. ඒකයි ඒකට ස්ත්‍රී නමක් දුන්නේ.

මම ඇත්තටම මනෝ විද්‍යාත්මකව දිගටම දුටුගැමුණු ගැන හිතනවා මොකක්ද මේ හිස්තැන දුටුගැමුණුගේ ජීවිතේ තිබුණ කියලා. ඒ රන්පත් මැණික නැතිවීමෙන් ආව එකක් ද ඊට පෙර තිබිච්ච එකක් ද කියලා.

ඊලඟට දුටුගැමුණු කුමාරයාට කුමාර වියේදීම කොත්මළේ මේ ගැහැණු ළමයි දෙන්නම ආදරේ කරනවනේ.

ඊට වැඩිය වැදගත් කතාවක් තියෙනවා මේ කිරින්ද පැත්තේ. මොකද දුටුගැමුණුගේ අම්මා ගොඩබැස්සේ කිරින්ඳටනේ. ඒ කිරින්ඳ පැත්තේ මිනිස්සුන්ගේ තියෙනවා ජනප්‍රවාදයක් ඒක සත්‍ය නම්. මම කියන්නේ එක සත්‍යයි. ඒක සත්‍ය නැහැ කියලා හිතනවා නම් සත්‍ය හොයාගන්න පාදක වෙන කතාවක් මේක.

ඒ කතාවේ තියෙනවා දුටුගැමුණු කුමාරයාගේ තාත්තට හිටියා අනියම් දුවෙක්. කිරින්ඳේ ඔරු පදින කෙනාගේ දියණියට ජාතක වෙච්ච් කෙනෙක් හිටියා කියලා කියනවා. ඒවා ඒ චරිතවලට හානියක් වන දේවල් නෙවෙයි සාමාන්‍ය මනුෂ්‍ය දේවල්. ජීවිතවලට ඒවා හරිම අලංකාරයි. හරිම සුන්දරයි, එහෙම හිටියා නම්.

එතකොට මේ ළමයා දුටුගැමුණුගේ ඔලුවේ හැමදාම හිටියයි කියලා කියනවා. ඒ කියන්නේ අයියයි මල්ලියි ඉන්න තැන නංගි කෙනෙක් කියන එක හරිම කාරණයක්නේ. ඒක අපි දන්නවා පිරිමි විදිහට නංගිලා කියන එක කොහොමද බලපාන්නේ කියලා. එහෙම කතාවක් තියෙනවා මේ හිතේ ඇඳුන රූපයද දන්නේ නැහැ එයා දිගටම හෙව්වේ.

එතකොට කොහොම හරි එයාගේ ජීවිතේ මාගමින් වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ ගැන කතාවක් නැහැ ඒක අවුරුදු දහස් ගාණක් මිනිසුන් ඉදිරියට ගෙන එන්නේ මොනයම්ම හේතුවක් නිසා වෙන්න පුළුවන්. මොකද ඒ ධීවරයාගේ කතාව ඉතාම බරපතල කතාවක් මොකද රජ්ජුරුවන්ට දරුවන් නැතුව විශාල කාලයකට පස්සේනේ දුටුගැමුණු හම්බ වෙන්නේ.

ඉතින් මෙයා අක්කා කියලා එක තැනක කියනවා. මේ අක්කා තමයි දුටුගැමුණු බලා ගන්න රජ ගෙදරට ආවයි කියන්නේ. ඉතින් ඒ නිසා රජ්ජුරුවන්ට බයක් තිබ්බලු මේ බැඳීම ඇති වෙලා, ප්‍රශ්නයක් වෙයි කියලා එයා එන එක නතර කළා කියනවා මාගම් රජගෙදරට. ඊට පස්සේ දුටුගැමුණු කුමාරයාට ඇය නැතුව විශාල කාන්සියක් ආවයි කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ කතා දිගටම මිනිස්සු අරන් එන්න පුළුවන් ජීවිත කාලෙම. අපි දන්නේ නැහැනේ ඒ සහෝදරිය හම්බවුණේ නැද්ද දන්නේ නැහැනේ දුටුගැමුණුට කවදාවත්.

නැත්නම් ඒක සහෝදරියකට තිබුණු ආදරයක්ද දන්නේ නැහැනේ. දැන් ජීවහත්තට ඇති වුණේ තමන්ගේ නංගි ගැන. සිංහබාහුට සිංහසීවලී ගැන ඇති වුණේ, අන්න එහෙම එකක්ද දන්නෙත් නැහැ.

කොහොම හරි ඉතා ලයාන්විත ලයමානීත ප්‍රේමණීය මිනිසෙක් මේ ජීවිතය ඇතුලේ දිගටම හමුවෙනවා. කොත්මළේ ගෙදරදීත් අපිට හමුවෙන්නේ ඒ මනුෂ්‍යයා.

ඊට පස්සේ රජපදවිය ලැබුණට පස්සේ ඔහු ජීවිතේ බලන්නේ, මේ මහා අරගලයක් කරලා රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ ඒ කිරුළ, තාත්තා කෙනෙක් කැමති, ඒ යුගයේ වෙන්න ඕන ක්‍රමෙත් ඒකනේ. අද යුගයේ නෙවෙයි ඒ යුගයේ තමන්ගේ රාජ්‍ය පුතුට ලබා දීමනේ. ඔහු රාජ්‍ය තමන්ගේ ජීවිත කාලෙම ප්‍රතික්ෂේප කරනවනේ ස්ත්‍රියක් නිසා.

 

ඉතින් ස්ත්‍රිය කියන කෝමළ කාරණය දුටුගැමුණුගේ ජීවිතයට ඉතාම සහබද්දයි. රුවන්වැලිසෑය හදන්න ගියහමත් ස්ත්‍රියක් හම්බෙන්නේ. ස්ත්‍රිය ඔහුගේ ජීවිතයට හරිම සම්බන්ධයි. ඊගාවට ඔහු යුද්ධය දිනලා නාගදීපයේ ඇති කරනවා ඔහුගේ විවේකස්ථානය. රජකෙනෙකු ජීවිතේ අනන්ත අප්‍රමාණ ප්‍රශ්ණවලින් මිරිකුණාම  නිස්කලංකව ඉන්න ජීවිතේ තැනක් හදාගන්න ඕනනේ. ඒ නිස්කලංකව ඉන්නකොට ඔහුට හම්බවෙන්නේ නාග කන්‍යාවියක්.

 naga1 513x720

ඇයට ඔහු හිතෙන් ආදරය කරනකොට ඔහු දකිනවා දවසක ඔහුගේ උයන්පල්ලා ඇයත් සමග රාගසුව විඳින හැටි. ඒ වෙලාවේ දුටුගැමුණු කුමාරයාට ඇති වෙන ප්‍රශ්නය අපේ ඉතිහාසයේ තියෙනවා. ඉතින් දිගටම හම්බවෙනවා.

එතකොට දුටුගැමුණු මුළු හදින්ම දුක්විඳලා ඔහු හොයපු ඔහුට ඕනම ස්ත්‍රිය ඔහුට ලැබුණේ නැහැ. ඔහු ඒ වේදනාව හිත ඇතුලෙම තියාගෙන හිටපු, රෝමාන්තික ආදරය ප්‍රකාශ කරන්න බැහැ දැන් මේ සිංහල සම්බුද්ධ රාජ්‍යයේ මහා නිරිඳු වුණාට පස්සේ. ඒ නිරිඳු අගබිසව තනතුර හිස්තැනක් විදිහට තිබ්බේ ඒකයි. ඒක රාජ ලේඛණවල නැත්තේ එතන හිස්තැනක් තියෙන නිසා. එතනට එන්න ඕන ස්ත්‍රිය ඔහු මුළු ජීවිත කාලෙම හෙව්වා. මියයනකන්ම හෙව්වා. මගදි රන්මැණිකා අහිමි වුණා නම් ඒකට හේතුව මොකක්ද? කියන ප්‍රශ්නය තියෙනවා.

මිනිස්සු ගේන කතාව හරි ඇති. ඇය රජ ස්ත්‍රියක් නොවන නිසා ඇයව යැව්වා කියලා. කවුද ගෙනාපු රජ ස්ත්‍රිය. ඒක නැහැ. හැම රජකෙනෙකුගේම බිසව හම්බවෙනවනේ අපිට චරිතයක් විදිහට. රාජ්‍ය උත්සවලට පෙනී හිටින්න ඕන. ඇයත් එක්ක ආල බැඳීමක් නැති වුණත් නිල ලේඛණවලට එනවනේ. දුටුගැමුණු රජ්ජුරුවෝ අග බිසවගේ හිස්තැන තිබ්බා ඇය එනකන්.

 

''මේක පර්යේෂණය කරන්න ඕන වටිනා දෙයක් .. මේ රටේ ආලවතුන්ගෙන්, රාගවතුන්ගෙන්, ප්‍රේමවතුන්ගෙන්, විරහගාමීන්ගෙන් මම ඉල්ලනවා මේක ගැන හොයන්න. මට හිතෙන දේ තමයි දුටුගැමුණු කියන්නේ විරහව තිබුණ කෙනෙක්. විරහවේ අනුවේදනය ඔහුගේ මුළු ජීවිතේම තිබුණ කෙනෙක්. ඔහු බලාපොරොත්තු වුණ රෝමාන්තික ආදරය ඔහුට ලැබුණේ නැහැ.''

 





කියවන්න

නාග ශාපය - සුජිත් අක්කරවත්ත





THE  LEADER  TV


පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 


සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ?
 


නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති... !!

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...