The Leader News
BREAKING
Top Ad
Opinion

හිස් බවෙන් ගැබ්බර වූ ලෝකය...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

November 24, 2021 • 2:17 PM

 හිස් බවෙන් ගැබ්බර වූ ලෝකය...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උසට උසේ අහස සිඹින වෙහෙර විහාර දැක්කම මට හිතෙන දේ තමයි ඒ හැම දෙයක් ම බුද්දාගම ඇතුලේ ඇත්තටම ගවේෂණය වෙන අති මහත් හිස් කම සඟවන්න කරන ව්‍යාජ උත්සාහයන් කියන එක.
  • අපේ පැවැත්ම වසාගෙන කොතරම් හිස් බවක් දෝංකාර දෙනවද?
  • ලොකු වෙහෙරක්, ලොකු පන්සලක්, ලොකු කෝවිලක්, ලොකු පල්ලියක්, ලොකු පුටුවක්, ලොකු වාහනයක් යන කිසිවකට වහන්න බැහැ ආත්මයේ පොඩි බව.
  • අපි අපිටවත් අයිති නැති බව.
අකුරු ප්‍රමාණය (Font Size):



වෙහෙර දැක්කම මොනවා හරි භක්තියක් හිතට එනවා වෙන්න පුළුවන්. නමුත් ආපසු හැරිලා බලන්න. අපේ පැවැත්ම වසාගෙන කොතරම් හිස් බවක් දෝංකාර දෙනවද?

ලොකු වෙහෙරක්, ලොකු පන්සලක්, ලොකු කෝවිලක්, ලොකු පල්ලියක්, ලොකු පුටුවක්, ලොකු වාහනයක් යන කිසිවකට වහන්න බැහැ ආත්මයේ පොඩි බව. හිස් බව. අසරණ බව. අපි අපිටවත් අයිති නැති බව.

මම කියන්නේ ඒ හිස් බවට අපි බයයි කියන එක. කොතරම් ශක්තිවන්ත රජෙක් උනත් දුටුගැමුණු ට පවා ඇත්තටම 'අසම්පුර්ණ රුවන්වැලි සෑය' සම්පුර්ණ වූ දෙයක් ලෙස බලන්න උවමනා උනා. ලෝකයේ සහ පැවැත්මේ අසම්පුර්ණ බව ගැන අවබෝදයක් තියනවා නම් දේවල් සම්පුර්ණ වෙන එක ගැන එච්චර වද වෙන්න ඕනි නැහැ.

259362266 10223947245123508 784326300818339125 n

@David Behar Photography


දේවල් දැන් ඉවරයි ඒ නිසා සමරන්න ඕනි කියල හිතුවට ඇත්තටම ඒ දේවල් ඉවර වෙලත් නැහැ. යමක් සද්ද නැහැ කියන්නේ ඒවා ඉවරයි කියන එකම නෙවෙයි.


'ආත්මයේ පතුළ
වසාගත් ඒ හිස් බව වෙත
සතුට හෝ
දුක්බර බව
යන කිසිවකට
ලංවිය නොහැක...'



බාහිර ලෝකයේ හිස් බව තමන්ගේ ආත්මයේ හිස් බව එක්ක සමපාත වෙන එක අධ්‍යාත්මික විදියට ග්‍රහණය කර ගන්න ජපන් ශුන්‍යතා දාර්ශනිකයෙක් වෙන නිශිදා කිතරෝ සමත් වෙනවා. ඒ බෞද්ධ අර්ථයෙන්.

හැබැයි හිස් බව කියන්නේ අත්දැකීමක් ලෙස ග්‍රහණය වෙන්න ඕනි. ස්වයං අත්දැකීමක්. අවබෝදයක්. හෛඩගර් කියන්නේ නිදහස පටන් ගන්නේ හිස්බවෙන් කියල.

ඒ කියන්නේ සාංදෘෂ්ටික දර්ශනයේ ආරම්භය සනිටුහන් වෙන්නේ සාංකාව (angst) නිසා නම් ඒ සාංකා තත්වය පටන් ගන්නේ පැවැත්මේ හිස් බව එක්ක. ඒ හිස් බව එක්ක තමයි බය (fear) කියන එක එන්නෙත්.

අපි බය වෙන්නේ මොකටද කියන එක අපිට තේරෙන්නේ නැහැ. මේ බය නිසා අපි ලෝකය සහ පැවැත්ම ගැන පාරභෞතික ගොඩ නංවනවා. ඒ පාරභෞතික විසින් අපේ පැවැත්ම (existence) සහ පරම හිස්බව (absolute nothingness) අතර පරතරය සමනය කරන්න හදනවා.

හැබැයි පාරභෞතික වල හිදැස් අස්සෙන් ආයෙත් අපිට හිස් බව පේන්න ගන්නවා. ගොඩක් වෙලාවට ඒ පාරභෞතික හිස්. පාරභෞතික විසින් හදන අර්ථයන් හිස්. ඒ අර්ථ ඇතුළෙන් පේන හිදැස් වල අවකාශයත් හිස්. ඒ හිදැස් ඇතුළෙන් නිරාවරණ වෙන්නේ අපිට තැනක් නැති බව (no-place).
ඒත් ඒ ලෝකයේ ඇවිදගෙන යන්න බය වෙන්න එපා.

'හිස් බවට සමාන කරන්න පුළුවන් වෙන කිසිවක් නැහැ. මේ තියන්නේ හිස් බවෙන් ගැබ්බර වූ ලෝකයක්' (මාටින් හෛඩගර්).

Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...

 

 


 

THE  LEADER  TV


විමල්ට ගම්මන්පිලට එරෙහි කුමන්ත්‍රණයක්! | Gossip
 
 
 
ඇගෙන් වැඩ මොළේ වැඩ නෑ! | මොණරවිලගේ ලියමන
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...