The Leader News
BREAKING
Top Ad
Opinion

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)

T

The Leader Desk

November 28, 2021 • 3:14 PM

 ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගෙයි, කැනඩාවේ මුදල් ඇමතිවරියගෙයි අධ්‍යාපන සුදුසුකම් සන්සන්දනය කරලා මේ දවස්වල post එකක් share වෙනවා.
  • පළාතක වැඩි අධ්‍යාපනයක් නැති ජනකොටසක් ඉන්නවා නම්, තමන් අතරින් තමන්ගේ නියෝජිතයා තෝරාගන්න ඒ ජනතාවටත් අයිතියක් තියෙන්න ඕනේ.
  •   මුදල් ඇමති බැසිල් ගැන මේ නගන තර්කයේ විදියට ලංකාවේ පුරවැසියන්ගෙන් 100% ක්ම උගතුන්, බුද්ධිමතුන් වෙන්න ඕනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ post එකේ තියන අධ්‍යාපන සුදුසුකම් ඇත්තද, නැද්ද කියල මම දන්නේ නැහැ.

ඒත් ආණ්ඩුව ගැන, රාජපක්ෂ සහෝදර පාලනය ගැන කොයිතරම් විවේචන තිබුණත්, මේ post එක නම් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණ පදනමට එහෙම පිටින්ම විරුද්ධයි.

ඒ කියන්නේ ලංකාවේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණත්, කිසිම ප්‍රජාතන්ත්‍රවාදියෙකුට මේකට නම් එකඟවෙන්න බැහැ.

261057732 821507288630984 6784843397927340308 n

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් අට පාස් නැති අය, නූගත් අය, උපාධියක් වත් නැති මිනිස්සු වගේ කතා අපේ රටේ නිතරම කියවෙන දේවල්.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාත් ලඟදි ඒ වගේ දෙයක් කියල තිබුණ.

ඒත් ජනතා නියෝජිතයෙක් වෙන්න උගතෙක්, බුද්ධිමතෙක් වෙන්නම ඕනෙද?

උගතෙක්, බුද්ධිමතෙක් ජනතා නියෝජිතයෙක් වුණා කියල එයාලගෙන් රටට සේවයක් වෙනවද?

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන system එකක් නෙවෙයි.

පාර්ලිමේන්තු යන්නේ, පළාත් සභාවට යන්නේ, ප්‍රාදේශීය සභාවට යන්නේ, නගර සභාවට යන්නේ පවතින සමාජයේ නියෝජිතයෝ.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සමාජය විසින්, පුරවැසියන් විසින් තමන්ගේ නියෝජිතයෙක් අදාළ ආයතනයට තෝරල යවන එක.

ඒ නියෝජිතයන් අතරේ බුද්ධිමතුන්, වෘත්තිකයින්, නූගතුන්, කම්කරුවන්, ව්‍යාපාරිකයින්, වංචනිකයින් ... මෙකී නොකී හැමදෙනාම ඉන්නවා.

පළාතක වැඩි අධ්‍යාපනයක් නැති ජනකොටසක් ඉන්නවා නම්, තමන් අතරින් තමන්ගේ නියෝජිතයා තෝරාගන්න ඒ ජනතාවටත් අයිතියක් තියෙන්න ඕනේ.
එහෙම පත්කරගන්න මන්ත්‍රීවරයා/ මන්ත්‍රීවරිය උගතෙක් නොවුණත් ඇමති පදවියක් ලබන්න ඔහුට/ඇයට අනිත් ඕනම මන්ත්‍රීවරයෙකුට තියෙන අයිතිය තියෙන්න ඕනේ.

ඒක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තයක්.

අනික දක්ෂ කෙනෙකුට ඇමති පදවියක වැඩකරන්න අවශ්‍ය උගත්, බුද්ධිමත් වීම නෙමෙයි; සැබෑ බුද්ධිමතුන්ගෙන් උපදෙස් අරගෙන තමන්ගේ අමාත්‍යාංශයේ නිලධාරීන් හරියට මෙහෙයවන්න හැකිවීම.  

මුදල් ඇමති බැසිල් ගැන මේ නගන තර්කයේ විදියට ලංකාවේ පුරවැසියන්ගෙන් 100% ක්ම උගතුන්, බුද්ධිමතුන් වෙන්න ඕනේ. ඒත් ඇත්ත කතාව ඒකද?

අනිත් පැත්තෙන් උගතුන්, බුද්ධිමතුන්, ආචාර්ය, මහාචාර්යවරුන් පාර්ලිමේන්තු ගිහිල්ල තියෙනවනේ. එයාල දැන් ලංකාව සුඛිත, මුදිත කරලද?
එක උදාහරණයක් කියන්නම්.

විශ්වවිද්‍යාලයේ උගන්වන කාලේ තමන්ගේ විෂයය ගැන ඉංග්‍රීසියෙන් ඉහළ පෙළේ ග්‍රන්ථ ගණනාවක් ලියල, ලෝකය පුරා රටවල ගරු සම්මානයට පාත්‍රවුණ මහාචාර්යවරයෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවා.

අත්තෙන් අත්තට පනින්න දක්ෂවීම ඇරුනම, හැරෙන හැරෙන පැත්තට දිව නැමීම ඇරුනම ඒ මහාචාර්යතුමා පාර්ලිමේන්තු ගිහින් කරපු එක වැදගත් සේවයක් පෙන්නලා දෙන්න පුලුවන්ද?

නීතිවේදීන් ගනිමු.

ලංකාවේ පාර්ලිමේන්තුවෙ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු, ජනාධිපති නීතිඥවරු කීදෙනෙක් ඉන්නවද?

ඒත් මේ මහා නීති විශාරදයෝ එකතුවෙලා එදා, මෙදා තුර හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් රටට වෙලා තියෙන්නේ සෙතක්ද, හානියක්ද?  

අර මොකක්ද මගේ වියත්තු ගැන මම මොනවත් නොකිය ඉන්නම්.  

සංවාදයට විවෘතයි.
‍


# මේ වගේ අදහස් තවත් කියවන්න මේ පිටුවටත් https://www.facebook.com/SarojPathirana/ ලයික් එකක් දාල යන්න;

# වෙලාවක් ලැබුණොත් YouTube එකටත් ඇවිත් යන්න -https://www.youtube.com/channel/UCAENKyyvteyNElIWj2hU8ig



Saroj Pathiranaසරෝජ් පතිරණ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
නොවැම්බර් 28, 2021

(Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 


 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න‍‍


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...