The Leader News
BREAKING
Top Ad
Opinion

අන්තර් වාර්ගික සන්නිවේදන මොඩලයක අවශ්‍යතාව - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 4, 2021 • 4:52 PM

අන්තර් වාර්ගික සන්නිවේදන මොඩලයක අවශ්‍යතාව - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පකිස්ථානයේ රැකියාවක් කළ ප්‍රියන්ත කුමාර ට සිදුවූ, මිනිසෙකුට ජීවිතයේ විගාමික රටකදී සිදුවිය හැකි ඉතාම අවාසනාවන්ත සිද්ධියක් සිදුවීම සහ එවන් සිද්ධියක් වලක්වා ගැනීමට නොහැකිවීම ගැන මම අතිශයින් පශ්චාත්තාප වෙනවා.
  • හේතු ගණනාවක් තියෙන්න පුළුවන් මේ ප්‍රශ්නයේ මූලය කොතැනද කියන එක පිළිතුරු හොයන්න ටිකක් අමාරු එකක් වුනත් මගේ වපසරිය ඇතුළේ සහ බුකියේ හුවමාරු වෙන තොරතුරු ඇතුලේ මට හැඟුණේ මේ වගේ දෙයක්.
  • මේවා වලක්වා ගැනීම පිණිස ඉතාම ගැඹුරු ලෙස බලපාන්නේ නූතන අධ්‍යාපනයේම සංවර්ධනයන් මිසක් නොඉවසිලිමත් ගෝෂාකාරී ආගම නම් නොවෙයි.
  • ඒ කියන්නේ නූතනත්වය තුළ මිනිසා (අනෙකා) 'රැඩිකල් ලෙස වෙනස් කිරීම' වෙනුවට මෙහිදී කරන්නේ අනෙකා ගේ වෙනසට ගරු කරන්න සහ ඒ වෙනස එක්ක ජීවත් වෙන්න (පවතින්න -survival) කියල දෙන එක සහ ඒ සඳහා උනන්දු කරන එක.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ වගේම ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ උපාධිදාරියෙක් වීම (මේක විශ්ව විද්‍යාලය සහ විෂය මොකක්ද කියන එක ගැන ප්‍රශ්නයක් නොවුණත්) ඒ පසුතැවීම තවත් තීව්‍ර කරනවා.

හේතු ගණනාවක් තියෙන්න පුළුවන් මේ ප්‍රශ්නයේ මූලය කොතැනද කියන එක පිළිතුරු හොයන්න ටිකක් අමාරු එකක් වුනත් මගේ වපසරිය ඇතුළේ සහ බුකියේ හුවමාරු වෙන තොරතුරු ඇතුලේ මට හැඟුණේ මේ වගේ දෙයක්.

 

අනික් අතට මේ ප්‍රශ්නය රටවල් දෙකක් අතර තාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා යන නිසාත්, අපේ අය දැන් මේ ගිළෙන රටෙන් යන එක දැන් අනිවාර්යයක් නිසාත්, අපි දෙගොල්ලම පශ්චාත් යටත් විජිත රටවල් දෙකක් වෙන නිසාත්, මේ වගේ දේවල් වලක්වා ගැනීම අතිශයින් වැදගත්. මේවා වලක්වා ගැනීම පිණිස ඉතාම ගැඹුරු ලෙස බලපාන්නේ නූතන අධ්‍යාපනයේම සංවර්ධනයන් මිසක් නොඉවසිලිමත් ගෝෂාකාරී ආගම නම් නොවෙයි.

ප්‍රියන්ත මහත්තයා පේරාදෙණිය අධ්‍යාපනය ලබපු කාලේ ඉගෙන ගත්තු දේවල් ගැන ගැන මට අදහසක් නැති උනත් දැන් වසර දහයක් විතර තිස්සේ ඉඳන් උසස් අධ්‍යාපනයේ නැත්නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යම් යම් වැදගත් වෙනස් කම් කිහිපයක් සිදු වෙමින් යනවා.

ඒ අතරින් ඉතාම සෙමින් සිදුවෙමින් වෙන දෙයක් තමයි විද්‍යා සහ කළමනාකරණ සිසුන් වෙනුවෙන් තෝරාගත් මානව විද්‍යා විෂය කොටස් හඳුන්වා දීම. එයිනුත් විශේෂ මෘදු කුසලතා විෂයක් (soft skill) තමයි අන්තර් වාර්ගික සන්නිවේදනය (intercultural communication) කියන්නේ. මේ විෂය තරමක් කළමනාකරණ සහ සංචාරක විද්‍යා සිසු සිසුවියන් අතර ජනප්‍රියයි.

දැනුම කියන එක මැදිරිගත කරලා (compartmentalized) උගන්වන එක ඉතාම අවාසනාවන්ත තත්වයක්. ඒකෙන් බිහිවෙන්නේ අංගවිකල උපාධිදාරීන්. කරුණුමය දැනුමට අමතර තව ගොඩක් දේවල් ගැන අවබෝධය දෙන්නත් ඕනි. දැන් යම් ප්‍රමාණයකට මේ වෙනස් කම් සිදු වෙමින් යනවා.



අන්තර් වාර්ගික සන්නිවේදනය :

අන්තර් වාර්ගික සන්නිවේදනය කියන්නේ යම් පශ්චාත් නූතන පසුබිමක් තියෙන විෂයක්. ඒ කියන්නේ නූතනත්වය තුළ මිනිසා (අනෙකා) 'රැඩිකල් ලෙස වෙනස් කිරීම' වෙනුවට මෙහිදී කරන්නේ අනෙකා ගේ වෙනසට ගරු කරන්න සහ ඒ වෙනස එක්ක ජීවත් වෙන්න (පවතින්න -survival) කියල දෙන එක සහ ඒ සඳහා උනන්දු කරන එක. ඒ කියන්නේ හාර්ඩ් කෝ ආගමික මතධාරියෙක් එක්ක ගැටිලා ඒ පරස්පරතාව එක්ක අනෙකා සහමුළින් වෙනස් කරන්න උත්සාහ කරන එක වෙනුවට පශ්චාත් නූතනවාදියෙක් කරන්නේ ඒ වෙනස උපේක්ෂාවෙන් අරගෙන වලාකුළක් සේ ඒ ප්‍රපංචය පසු කර යන එක. මේක හෙගලියානු -මාක්ස්සියානු ප්‍රවේශයෙන් වෙනස්.

යම් සමාජ වටපිටාවක් (social milieu) එක්ක හැදුන මිනිස්සු ටිකකගේ ජීවන ලෝකය (life world) එකපාරින් වෙනස් කරන්න බැහැ. ඒකට සමාජයක් පරිණත වීමේ සාමාන්‍ය කාලයක් ගත වෙනවා. මේක ඉම්රාන් ඛාන් කියනවා එක තැනකදී බී.බී.සී. එකට පකිස්ථානයේ ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කියද්දී.


ඉතිං ප්‍රියන්ත මහත්මයා යම් උල්ලංඝනීය දෙයක් කරානම් ඒකට උත්තරේ පාරේ පුච්චලා ගිණි තියන එක නම් නෙවෙයි (අපි කොච්චර පාරේ පුච්චලා තියනවද මේ මෑත ඉතිහාසය ඇතුලේ?).

හැබැයි විගාමික රටක විශේෂයෙන් ආගමික සංවේදීතාව අධිසංවේදී වෙච්ච පරිසරයක පරිස්සමෙන් (carefully) සහ අවබෝධයෙන් (awareness) ව්‍යාපාර හෝ කර්මාන්ත හෝ වෙනත් යමක් කරන්නේ කොහොමද කියන අපේ සියළු විද්‍යා සහ කළමනාකරණ උපාධිදාරීන්ට උගන්වනවා නම් හොඳයි. මොකද වැඩියෙන් රැකියා අවකාශ තියන නිසා අපේ අය දැන් මැද පෙරදිග පැත්තට යනවා.

අපි ආර්ථික වශයෙන් ගොඩක් පරායත්ත නිසා අපිට ලොකු කරනම් ගහන්න බැහැ මේ වෙද්දී. ඒක අවබෝධ කර ගන්න ඕනි.  

මේ සටහනින් මම කිසිසේත් කියන්නේ නැහැ අපි සියල්ල ඉවසන සුළු පශ්චාත් නූතන බවක් වෙත ගමන් කරන්න ඕනි කියල (tolerant postmodern multiculturalism). හැබැයි වෙනස් කරන්න කලින් දේවල් ගැඹුරින් අවබෝධ කර ගන්න එක නම් හොඳයි. විශේෂයෙන් මේ වගේ ක්ෂිතිමය ව්‍යසන වලක්වා ගන්න.

 
Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...

 

 


THE  LEADER  TV
 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...