The Leader News
BREAKING
Top Ad
Opinion

මායාවට ඔබ්බෙන් කිසිවක් පවතින්නේ නැත...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

December 7, 2021 • 10:27 AM

මායාවට ඔබ්බෙන් කිසිවක් පවතින්නේ නැත...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර හාමුදුරු දෙන්නෙක් අතර සිදු උණා කියන හඬ පට ඇහුවම මට වැඩිය පුදුම හිතුණේ අර ප්‍රචණ්ඩ හාමුදුරුවෝ ගැන නෙවෙයි.
  • තැන් දෙකකදීම එයාගෙන් ගැළවෙන්න අපිට බැහැ.
  • වැඩියෙන් ලස්සන අර ප්‍රචණ්ඩ හාමුදුරුවෝ දමනය කරන්න ඕනි වෙන්නේ අර කැලේ අස්සේ රිංගගෙන එයාලගෙම වචනයෙන් කියනවා නම් කැලේ හැමිල්ටන් වෙන (බවුන් වැඩීම පිණිස යොදන අද දවසේ පශ්චාත් නූතන වචනය) අය නෙවෙයි.
  • සද්දේ අඩුවෙන්න හේතුව තමයි අර සාමකාමී බවට යටින් ඉතාම තීව්‍ර ලෙස ඇහෙන හරිම නිශ්චිත ප්‍රචණ්ඩත්වය.
අකුරු ප්‍රමාණය (Font Size):



අර පට්ට සාමකාමී විදියට කතා කරන හැබැයි අර ජාතික යුද්ධ ව්‍යාපෘතියේ නියමෙටම හිටියා කියන 'හාඩ් කෝ' හාමුදුරුවෝ ගැන. එයා ගැන දැන් ගොඩක් තොරතුරු හමුදාවේ අයම ලියනවා.

වැඩිය සද්ද බද්ද නැති, යුද්දේ වෙලාවේ හොඳටම හිටිය, මියුසික් හොඳටම දන්න, පරිගණක දැනුම තියන, වූෂූ දන්න, 'කොළඹ කොල්ලෙක්' වෙලා හිටිය ඒ හාමුදුරුවෝ තමයි නියම දෘෂ්ටිවාදයේ යාඥ චක්‍රය (prayer wheel).

එයා අද කාලෙට ගැළපෙන මොඩ් කෙනෙක්. හැමදේම දන්නා versatile කෙනෙක්. එහෙම අය තමයි අද ඕනි.

ෆොරස්ට් ගම්ප් (Forrest Gump) එකෙත් එහෙමයි. ගම්ප් යුද්දේ වෙලාවේ යුද්දේ ඉන්නවා, මාළු අල්ලනකොට මාළු අල්ලනවා, ලව් කරනකොට ලව් කරනවා, ටේබල් ටෙනිස් ගහනකොට ඒක ගහනවා, නටනකොට නටනවා....යනාදී වශයෙන්. ගතික චරිතයක් (dynamic). එක තැනකවත් නැහැ හැබැයි හැම තැනම ඉන්නවා.

swsa

යුද්දේ වෙලාවේ අර 'මොඩ් හාමුදුරුවෝ' යුද්දේ ඉන්නවා. යුද්දේ ඉවර වෙලා දැන් බණ කියනකොට එතැනත් එයා ඉන්නවා. තැන් දෙකකදීම එයාගෙන් ගැළවෙන්න අපිට බැහැ.

වැඩියෙන් ලස්සන අර ප්‍රචණ්ඩ හාමුදුරුවෝ දමනය කරන්න ඕනි වෙන්නේ අර කැලේ අස්සේ රිංගගෙන එයාලගෙම වචනයෙන් කියනවා නම් කැලේ හැමිල්ටන් වෙන (බවුන් වැඩීම පිණිස යොදන අද දවසේ පශ්චාත් නූතන වචනය) අය නෙවෙයි. IT දන්න, රොක් මියුසික් දන්න, වූෂූ දන්න, කොළඹ ඉන්න මේ වගේ අය...
කොළඹ එයා අරයගෙන් අහනවා ..'ඇයි මොකද සද්දේ අඩුවුණේ ඔබ වහන්සේගේ' කියල....

සද්දේ අඩුවෙන්න හේතුව තමයි අර සාමකාමී බවට යටින් ඉතාම තීව්‍ර ලෙස ඇහෙන හරිම නිශ්චිත ප්‍රචණ්ඩත්වය. මරණීය බව. කියන දේ ඇතුලේ නොකියන දෙය.

...ඔව් වරෙන්...හැප්පිලා බලමු...

වැඩේ ගැන දෙගිඩියාවක් නැහැ. සද්දේ ස්ථාවර ඒකයි.  

නිවුන නිශ්චල කාරුණික මෘදු වචන වලට යටින් තියන අඳුර....මම හිතන්නේ ඒක තමයි ලාංකික බුද්ධාගම. සමහර විට ගෝලිය බුද්ධාගම. අපි ආස කරන්නේ අඳුරට...

 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 


සමාජ මධ්‍යයේ සංසරණය වන පොස්ටු කිහිපයක්


263752908 4874067192658407 4771323631871400544 n


සබැඳි ලිපි :


අන්තර් වාර්ගික සන්නිවේදන මොඩලයක අවශ්‍යතාව - (මහේෂ් හපුගොඩ)

 


THE  LEADER  TV
 
 
 
ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන
 
 



මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මායාවට ඔබ්බෙන් කිසිවක් පවතින්නේ නැත...- මහේෂ් හපුගොඩ | The Leader