The Leader News
BREAKING
Top Ad
Opinion

ඔබ තුළ සිටින ගැමියා මුලින් මරා දමන්න...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 4, 2022 • 5:26 PM

ඔබ තුළ සිටින ගැමියා මුලින් මරා දමන්න...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක අතකට අපි මේ ලැබුවාවූ අළුත් අවුරුද්දේ සතුටු වෙන්න ඕනි.
  • ඒ ෆැන්ටසි එක භාෂාව ඇතුළේ හැදුණේ මේ විදියට...
  • පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ...
  • ඒ කියන්නේ නූතන ව්‍යාපෘතියේ නාගරික බව, සංකීර්ණ බව, කලබලකාරී බව, තරඟය, මුදල් මුල් කරගත් ජීවන රටාව, ගමේ කම අමතක වීම, පරිසර විනාශය වගේ දේවල් නිසා ආපසු ගමේ වටිනාකම්වල වැදගත්කම දැකල ආපසු ගමේ කම වෙත පසුබහිමු කියල කවි ගීත ලියවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ තමයි අපි එක යුගයක පැතුව එක්තරා සමාජ සංස්කෘතික සිහිනයක් ඒ කියන්නේ ෆැන්ටසි එකක් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සාක්ෂාත් වෙමින් යන එක ගැන. ඒ ෆැන්ටසි එක භාෂාව ඇතුළේ හැදුණේ මේ විදියට...

පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ...

අනේ අපිට ගමට යන්න පාර සොයා දෙන්නේ...

කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම...

කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ...

ඒ එක්කම අනූවේ මුල වගේ 'දියත' සඟරාවේ කවුදෝ ලිව්වා ට්‍රැක්ටරයට වඩා උදැල්ල කාර්යක්ෂමයි කියල.

ඒ කියන්නේ නූතන ව්‍යාපෘතියේ නාගරික බව, සංකීර්ණ බව, කලබලකාරී බව, තරඟය, මුදල් මුල් කරගත් ජීවන රටාව, ගමේ කම අමතක වීම, පරිසර විනාශය වගේ දේවල් නිසා ආපසු ගමේ වටිනාකම්වල වැදගත්කම දැකල ආපසු ගමේ කම වෙත පසුබහිමු කියල කවි ගීත ලියවුණා. ඒවා පාසල් විශ්ව විද්‍යාල සිලබස් වල ඉගැන්වුණා. හොඳ ළමයි වගේ ඒවා අපි ඉගෙන ගත්තා.



මින් සමහර විවේචන නූතන ව්‍යාපෘතියට එරෙහිව ආපු සාධාරණ විවේචන...හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයට විකල්පව යෝජනා කරපු උත්තර වල. ඒ උත්තර සමහරක් දැන් ටෙස්ට් කරන්න නොමිළේ අවස්ථාවක් ලැබිල තියනවා.



දැන් ගෑස් නැති නිසා ආපසු දර කිලෝ වශයෙන් සුපර් මාකට් එකට ඇවිල්ලා. දර ලිප් ඇවිල්ලා. දැන් ගෑස් වලින් උයන කොට 'නැතිවෙන රසය' අපිට නැවත ඇතිකර ගන්න පුළුවන්. ඒ ඉහත ආශාවේ එක පුනර්ජීවනයක්...

සිමෙන්ති ගොඩක් ගණන් නිසා අපිට බිම ගොම සහ මැටි මිශ්‍ර කරලා හදාගත් පරණ පේස්ට් එකට යන්න පුළුවන්. පිදුරු සෙවිල්ලන්තත් පුළුවන්. රස්නෙත් අඩුයි. ටයිල් ඕනිත් නැහැ. ජෙෆ්රි බාවාට සාධාරණයක් කරන්නත් පුළුවන්.

කිරිපිටි වල තියෙන වස විස නිසා දැන් දැන් කට්ටිය කෙලින්ම කොළ කැඳ වලට හුරුවෙමින් යනවා. එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

කාබනික පොහොර එක්ක වස විස නැති ආහාර වේලක් දැන් කෙලින්ම කුඹුරෙන් ලැබෙනවා. කේ. එෆ්. සී., පීසා, මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං යන්න ඕනි නැහැ. අල බතල මංඥෝක්කා ටිකක් ගණන් තමයි. ඒ වුණාට ඒ මුදල මේ රට ඇතුලෙම කැරකෙනවා නේ....

ඉන්ධන ගොඩක්ම ගණන් ගියොත් පයින් නැත්නම් බක්කි කරත්තෙන් යන්නත් පුළුවන්. බයිසිකල් වුණත් පාවිච්චි කරන්න බැරුවා නෙවෙයි. ඒකත් එක ජයග්‍රණයක්...ව්‍යායාමත් ලැබෙනවා. එක කාලෙක මන්ත්‍රී ගොල්ලත් ගියානේ.

ඩෙනිම් ගණන් යන තත්වයක් තියනවා නම් ඊට අඩුවෙන් චිත්ත රෙදි උනත් ගන්න පුළුවන් වෙයි.

මම මේ කිව්වේ ටිකයි...ඔයාල තව මේ ලිස්ට් එකට ඇඩ් කරගන්න...



මෙච්චර ලස්සනට එක්තරා යුගයක අපේ ෆැන්ටසි එකක් ඇස් ඉදිරිපිට ඇත්තක් වෙන්න යනකොට ඒක රුස්සන්නේ නැතුව බණින උඹලා නම් මිනිස්සු වෙන්න බැහැ...



ෆැන්ටසි එකක් කරන්නේ අපි මෙතෙක් අත් නොවින්ද ප්‍රමෝදයක් කරා අපි අරන් යන එක. ඉතිං මේ V8 වලින් දර මිටි අරන් යන ආතල් එක අපි කලින් අරන් තිබ්බේ නැහැනේ....

වෙනස් ලෝකයක් ඕනිනම් ඔබ තුළ සිටින ගැමියා මුලින් මරා දමන්න....


Mahesh Hapugoda 1 1

(මහේෂ් හපුගොඩ )

සමාජ හා දේශපාලන විශ්ලේෂක
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

Leader Whats app



හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන

 

සජිත්ගේ ආණ්ඩු පෙරළියත් රිවස්! | Gossip

 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...