The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 6, 2022 • 10:49 AM

අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කුමාර සහෝදරයා මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැ දැකීම ගැන එයාට හිතවත් අය එයාගේ පලු අරිනවා මම බලාගෙන. නැවිල වඳින එක ගැනත්
  • ටිකක් දැන් ජාතික තලෙයේ නායකයෙක් වෙන්න යන නිසා පක්ෂේ කට්ටිය කියන්න ඇති පොඩ්ඩක් එහෙම රවුමක් ගහල එන්න කියල.
  • ඒ වසඟය නැතුව බැහැ වැඩේ ලොකුවට ගොඩ දාන්න ඕනි නම්...
  •   අපේ ජීවිත කාලේ ඇතුලේ අපි හිතුවේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ මැතිවරණයක් දිනල ඒ දුර යයි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

අප්‍රසාදය පළ කරලා තියනවා.

විශේෂයෙන් අනුරට උපදෙස් දෙන අයගේ ප්‍රමාණය දැන් වැඩි නිසා මම නම් උපදෙස් දෙන්න වගේ හදන්නේ නැහැ. මේ මම කියන්නේ මට හිතෙන දේ. හැබැයි ඒක විවේචනය කරන අයට එහෙම කරන්න අයිතිය තියෙන්න ඕනි.

මට නම් ඔය මල්වතු අස්ගිරි හාමුදුරුවරු බැහැදක්ක එක ගැන ලොකු ආරෝවක් නැහැ. ටිකක් දැන් ජාතික තලෙයේ නායකයෙක් වෙන්න යන නිසා පක්ෂේ කට්ටිය කියන්න ඇති පොඩ්ඩක් එහෙම රවුමක් ගහල එන්න කියල.

මේ කරන්නේ ඌරගේ මාළු ඌ උඩම තියල කපන එක. උඹල අපිව පාච්චල් කරන්නේ විප්ලවවාදීන් කියල නේ...හරි දැන් අපි මල්වතු අස්ගිරි යනවා....දැන් මොකද කියන්නේ? මම කියන්නේ මේක ලාංකික සමාජයෙන් කරන බරපතල පළිගැනීමක් කියල...ඒක ඒ විදියටම වෙන්න ඕනි.  

එහෙම නැමෙන්නත් ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි. ඒක පරාජයක් නෙවෙයි.  

271526796 10159413816289818 6993227989577371265 n

 

මේක පංති අරගලයවත්, ලෙනින්ගේ විප්ලවයවත් නෙවෙයි. එයා කරන්නේ විසි එක් වන සියවසේ මැතිවරණ මුල් කරගත්ත පෝස්ට් මොඩන් වැඩක්...ඒක අපි දන්නා විප්ලව දේශපාලනය විකෘති කිරීමක්. නමුත් විකෘතිය විසින් නව අවකාශයක් නිර්මාණය කරනවා. ඒක තේරුම් ගන්න ලොකු තියරි ඕනි නැහැ.

 

මෙතන පොඩි දෙයයි තියෙන්නේ. විශ්ව විද්‍යාල වල, ගොවි අරගල වල, වීදි සටන් වගේ ක්ෂුද්‍ර අවකාශ වල පවත්වා ගෙන යන 'රැඩිකල් ප්‍රවේශය' මහා සමාජය එක්ක ගමන් කරන ලොකු වැඩකදී පවත්වා ගෙන යන්න බැහැ. එතකොට පොඩ්ඩක් අර මහා සමාජයේ දැක්ම (gaze) එක්ක වැඩ කරන්න වෙනවා.

මම කියන්නේ අනුර කරන්නෙත් මහින්ද මහත්තයා සහ මෛත්‍රී ලොක්ක කරපු දේ ම කියල නෙවෙයි. හැබැයි මෙතන පොඩි වසඟයක් තියනවා (seduction). ඒ වසඟය නැතුව බැහැ වැඩේ ලොකුවට ගොඩ දාන්න ඕනි නම්...

මෙතෙක් වැඩ කරපු අර පොඩි තැන් වලින් ලොකු අවකාශයක් වෙත විතැන් වෙනකොට ගොඩක් දේවල් විපරිණාමය වෙන්න ඕනි. රූපාන්තරණය වෙන්න ඕනි.

හැබැයි දැන් අනුරට ගේන විවේචනය ජේ.වී.පී. එක හවුල් වෙච්ච වෙනත් පොදු අපේක්ෂකයෙක් (මෛත්‍රී, චම්පික, විමුක්ති, සංගක්කාර, ධම්මික පෙරේරා...සහ වෙන ඕනෑ එකෙක්) ඔය විදියටම කලා නම් ඔය විවේචන එකක්වත් එන්නේ නැහැ.

ඒ නිසා අනුර මහේෂ්ක තලය වෙත විකසිත වෙද්දී සහ ඒ සඳහා උත්සාහ කරද්දී ඒ සඳහා අපේ ආසාවල් එයා වෙත ප්‍රක්ෂේපනය නොකර ඉම්මු. අවම වශයෙන් මම එහෙම කරන්නේ නැහැ.

 

පහුගිය මැතිවරණේ පොදු අපේක්ෂකයා හැටියට ජන බලවේගේ අනුර නම් කරද්දී හැමෝම මැලවුනා. හැබැයි දැන් එහෙම කවුරුත් හිතන්නේ නැහැ. දැන් හැමෝම උපදෙස් දෙනවා හරි පාරේ යන්නේ කොහොමද කියල. මේ තරම් ගමනක් ආවේ එයාලගේ විදියට කියන එක ඇයි අපි අමතක කරන්නේ? එකම දේ මේ අද දවසේ අර්බුදය විසින් ඔවුන්ට ලොකු ඉඩක් හදල දීල තියනවා. ඒක අමතර වාසියක්.

 

අපේ ජීවිත කාලේ ඇතුලේ අපි හිතුවේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ මැතිවරණයක් දිනල ඒ දුර යයි කියල. දැන් අඩු තරමේ එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් තැනට එයාල ඇවිල්ල තියනවා. ඒක දුෂ්කර ගමනක්. අති දුෂ්කර දේශපාලන ගමනක්. ලේ කඳුළු එක්ක කරපු මාරක ගණුදෙනුවක්.

ඒ ගමන ආවේ එයාලගේ විදියට. වැරදුණත් කමක් නැහැ. ඉතුරු ටිකත් ඔහොමම යන්න...

මෙතෙක් දිනපු හැමෝම දිනුවෙත් ලොකු ලොකු ගණන් වලින් නේ. ඉතිං අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි. 


මම ජේ. වී. පී. කාරයෙක් නෙවෙයි....


Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 

Leader Whats app

 
 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 

දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...