The Leader News
BREAKING
Top Ad
Opinion

දෙරණ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් ද? -කුසල් පෙරේරා

T

The Leader Desk

January 18, 2022 • 7:12 AM

දෙරණ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් ද? -කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ විඩියෝ පටයේ දෙරණ හවුල් හිමිකාරිත්වයේ එක් පාර්ශවයක් ඇත්තටම කියන්නෙ මාධ්‍යකරණය යනු ජාවාරම්කාරයින්ගේ තීන්දු අනුව කෙරෙන
  • මොන ආයතනයක හිටියත් මොන පාටින් කතා කළත් මාධ්‍යවේදීන් කියන්නෙ එක්කො අන්තයට පිරිහුණු දේශපාලකයින්ට කඩේ යන, නැත්තං අන්ත දූෂිත ජාවාරම්කාරයින්ට කඩේ යන, තමන් සතු විශේෂ බලයක් ඇතැයි සිතාගෙන කටයුතු කරන පිරිසක්.
  • සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය, සාමුහිකව කේවල් කීරීම් අයිතිය, මහ ඉහළින් වැජඹෙන්නට යන මාධ්‍යවේදීන්ට නැති බව.
  •     ඒ නිසා මාධ්‍යවේදීන් කියන්නෙ මේ රටේ කම්කරුවන් තරම්වත් නිදහසක් ඇති පිරිසක් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විකාශනයක් කියන කතාවයි.



මේ මාධ්‍යකරණය ගැන කෙරෙන පැහැදිලි කිරීම අතිශය විකෘති, ජාතිවාදී මතයක්. ඒක වැරදියි කියන්න පුළුවන් මාධ්‍යවේදීන් නැහැ.

කොතැන හිටියත් අද මාධ්‍යවේදීන් කියන්නේ ඒ කොන්තරාත් එක කරගහ ගෙන වීරයෝ වෙන්න හදන බාල පිරිසක්.

මොන ආයතනයක හිටියත් මොන පාටින් කතා කළත් මාධ්‍යවේදීන් කියන්නෙ එක්කො අන්තයට පිරිහුණු දේශපාලකයින්ට කඩේ යන, නැත්තං අන්ත දූෂිත ජාවාරම්කාරයින්ට කඩේ යන, තමන් සතු විශේෂ බලයක් ඇතැයි සිතාගෙන කටයුතු කරන පිරිසක්.

මේ අතර ඒවාට අකමැති නමුත් රැකියාව නිසා හැකි තරම් පරිස්සමින් තමන්ගෙ වැඩ කරන අයත් ඉන්නවා. පොලිසියෙත් රජයේ කන්තෝරු වලත් එහෙම වැදගත් නිලධාරීන් ඉන්නවා.

නමුත් මාධ්‍ය භාවිතය හැදිලා තියෙන්නෙ ඒ ඉතා සුළු පිරිසගෙන් නෙවෙයි. මාධ්‍ය භාවිතය හැදිලා තියෙන්නෙත් ඒ භාවිතය තව තවත් පිරිහෙන්නෙත් ලැජ්ජා නැතිව කාට හරි කඩේ යන බහුතරයගෙන්.

මේ අය නොදන්නා සහ දැන ගැනීමට උනන්දුවක් නැති ඉතාම වැදගත් කාරණාව තමයි,


01. මාධ්‍යවේදීන් කියන්නෙ මේ රටේ කම්කරුවන් තරම්වත් නිදහසක් ඇති පිරිසක් නෙවෙයි 

පෞද්ගලික මාධ්‍ය ආයතන සියල්ලෙහිම ඉන්නා මාධ්‍යවේදීන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති 14(1) යටතේ ඇති සහ ශ්‍රී ලංකාණ්ඩුව බැඳී ඉන්නා ILO සම්මුතීන් 87 හා 98 මගින් සහතික කෙරුණු මේ රටේ සියලු සේවක සේවිකාවන්ට හිමි මූලික අයිතිවාසිකම් කිසිවකට මාධ්‍යවේදීන් හිමිකම් නොලබන බව.

වරායේ, රේල්ලුවේ, නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන් සතු වෘත්තිය සමිතියක් හැදීමේ අයිතිය, වෘ.ස. සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය, සාමුහිකව කේවල් කීරීම් අයිතිය, මහ ඉහළින් වැජඹෙන්නට යන මාධ්‍යවේදීන්ට නැති බව.
 
 
ඒ නිසා මාධ්‍යවේදීන් කියන්නෙ මේ රටේ කම්කරුවන් තරම්වත් නිදහසක් ඇති පිරිසක් නෙවෙයි. ඔවුන් කරන්නේ සත්‍ය වාර්තා කිරීම නොවේ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ අයිතිකාරයා කියන දේ පමණයි. ඒ නිසා මාධ්‍යවේදීන් නිවටයි. කිසිම මාධ්‍ය ආයතනයක නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් මෙන් මාධ්‍යවේදීන් තමන්ගේ මූලික අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ කරනවා දකින්න නැත්තේ, අහන්න නැත්තෙ ඒකයි.
 
 
02. මාධ්‍යවේදීන් සතු සම්මුති ගැසිය නොහැකි වගකීම 
 
 
විද්‍යුත් මාධ්‍ය යනු ජනතාව සතු සංඛ්‍යාත (frequencies) භාවිතයෙන් තොරව ලොව කොහේවත් පැවතිය නොහැකි මාධ්‍යයක්. ඒ නිසා විද්‍යුත් මාධ්‍ය අනිවාර්යෙන් පළමුව සමාජයට වගකිව යුතු, සමාජයට නිවැරදි කරුණු වාර්තා කළ යුතු මාධ්‍යයක්. මාධ්‍යවේදීන් සතු සම්මුති ගැසිය නොහැකි වගකීම එයයි. 
 
ඒ වෙනුවට අයිතිකාරයාගේ න්‍යාය පත්‍රයට මාධ්‍යකරණයේ යෙදෙන්නන් දේශප්‍රේමීන් නොව, දේශද්‍රෝහීන් ය.

දෙරණ අයිතිකාරිය මේ විඩියෝවේ නොකියා කියන්නේ කිසිදු මූලික අයිතියක් ගැන නොදන්නා ඔවුන්ගේ ආයතනයේ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් යැයි කියලා.

ඒ නිසා තමන් කොන්දක් ඇති ස්වාධින මාධ්‍යවේදීන් යැයි දැන් මාධ්‍යවේදීන්ට කිව හැක්කේ ඇයගේ මාධ්‍යකරණය ගැන කතාවට එරෙහිව සමාජ කතිකාවක් පටන් ගැනීමෙන් පමණයි.


මේ, ඒ වෙනුවෙන් කෙරෙන අභියෝගයක්.

 


Kusal 28කුසල් පෙරේරා
දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
kusal.perera@gmail.com
 

 

Leader Whats app


 


සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?



මළපොතේ අකුරු බැරි මොළහතේ අගමැති !| මොණරවිලගේ ලියමන



පවුල රකින්න බැසිල්ගෙන් පොදු අපේක්ෂකයෙක්! Gossip



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...