The Leader News
BREAKING
Top Ad
Opinion

'ලංකාවේ පැලවෙන්නෙ නිදහස් අධ්‍යාපනය නෙමෙයි, නොමිලේ අධ්‍යාපනය' - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 25, 2022 • 12:03 PM

'ලංකාවේ පැලවෙන්නෙ නිදහස් අධ්‍යාපනය නෙමෙයි, නොමිලේ අධ්‍යාපනය' - (චින්තන ධර්මදාස) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆේස්බුක් එකේ දේශපාලනය ගැන ලියන එක මානසික ඇබ්බැහියක්. එහෙම ලියල දන්න කියන කීපදෙනෙක් එක්ක පැටලිලා ගන්න වින්දනයට එහා කිසිම
  • මොන අදහසකින් මේ කතාව කිව්වත් මේක පරම ඇත්තක්.
  • සිංහල කියන ජාතිවාදය වුනත් පිටින් පොරවගත්ත එකක් මිස ඒකෙ ඇතුලක් නෑ.
  • උගත් බුද්ධිමත් කියන ප්‍රජාව එක්ක වැඩ කරන දේශපාලනයක් මහින්ද විශ්වාස කළේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලන වෙනසක් ඒකෙන් සිද්ද වෙන්නෙ නෑ.

ලංකාවෙ දේශපාලනය තියෙන්නෙ ෆේස්බුක් එකෙන් එලියෙ. ෆේස්බුක් එකෙන් විතරක් නෙමෙයි මේ ජාතිකවාදී, මාක්ස්වාදී, ලිබරල්වාදී සංවාද කරන ප්‍රජාවෙන්ම එලියෙ.

ඒක ගැන මාව හිතන්න පෙළඹුවෙ නිර්මාල් ඊයෙ දාලා තිබුන කෙටි පොස්ටුවක්. ඒකෙ තිබුනෙ සිංහල ජාතිකත්වයට ලංකාව තේරෙන්නෙම නෑ කියල.

NDf

මොන අදහසකින් මේ කතාව කිව්වත් මේක පරම ඇත්තක්. සිංහල ජාතිකත්වය කියන්නෙ අනගාරික ධර්මපාලගෙන් ආරම්භ වුනු නොන්ඩි ගහන වුනත් ලංකාවෙ නූතනවාදී ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතියෙ පුරෝගාමී වුනු ධර්මපාල අන්තිමට මැරෙන්නෙ තමන්ගෙ මිනියවත් ලංකාවට ගෙනියන්න එපා කියල.

ඒකෙ තවත් පුරෝගාමී චරිතයක් වුනු ලංකාවෙ නිදහස් අධ්‍යාපනයේ පියා කියන කන්නංගර පරාද වෙලා ගෙදර යනවා. ලංකාවෙ පැලවෙන්නෙ නිදහස් අධ්‍යාපනය නෙමෙයි, නොමිලේ අධ්‍යාපනය කියන එක.

මට හිතෙන විදිහට ලංකාවෙ නූතනවාදී ව්‍යාපෘතියට තිබුනු ලොකුම බාධාව තමයි ඒකට ගැලපෙන ආධ්‍යාත්මික දර්ශනයක් නැතිකම.

 

බුද්ධාගම කියන්නෙ වැවයි දාගැබයි ගමයි පන්සලයි ව්‍යාපෘතියෙ වැඩකරපු දර්ශනය. ඒක බුදුන් වදාල විමුක්ති දර්ශනය එක්ක පටලගැනීම වරදක්. ලංකාවෙ බුද්ධාගම කියන්නෙ අශෝකගෙ යටත්විජිත දේශපාලන ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතියට යටත් වුනු හැම රටකම නූතනවාදයට පිවිසෙන්න බැරි අර්බුදය දකින්න තියෙනවා.

 

යුරෝපයේ ධනවාදය නියාමනය කරපු ආධ්‍යාත්මික දර්ශනය වුනේ රෙපර‍මාදු ක්‍රිස්තියානිය. ඒක ධනේශ්වරයට අවශ්‍ය සදාචාර මානසික රාමුව සකස් කරනවා. ධර්මපාල විසින් මේ රෙපරමාදු ලක්ෂණ බුද්ධාගමට අරගෙන ඒක නූතනකරණය කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් සාර්ථක වෙන්නෙ නෑ.

අපි අශෝකගෙ යටත්විජිත ලංකාවෙන් එලියට එන්නෙ නෑ. අපිට රාජ්‍යයක් පිළිබඳ සංකල්පය නැත්තං නැරටිව් එක නිර්මාණය වෙන්නෙ නෑ.

 ඉංග්‍රීසින් විසින් අපිට හඳුන්වාදෙන සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියා ආදී සියල්ල සිංහල සයිකි එකට වැටෙන්නෙ නොමිලේ කියන අදහසින් විතරයි. ඒවා නොමිලේ ලැබෙන්න අපේ නිෂ්පාදන දායකත්වය ගැන අදහසක් නිර්මාණය කරගන්න සිංහල මනසට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

 

රජය යනු අපට නොමිලේ කන්න බොන්න අඳින්න සහ ලෙඩට දුකට බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය සහ ඊට පස්සෙ නිකං ඉන්න පුළුවන් රස්සා ලබා දෙන ආයතනයක්. ඕකට තමයි සිංහල බෞද්ධ රජයක් කියන්නෙ. විශ්ව විද්‍යාල උපාදියක් ගත්තත් අපිට ඕන නිකං ඉන්න පුළුවන්, පැන්සන් එකක් ලැබෙන ආන්ඩුවෙ රස්සාවක්.

 

''මේක හරියටම සාංඝික දේ ගැන සංකල්පය වගේමයි''


මේක හරියටම සාංඝික දේ ගැන සංකල්පය වගේමයි. නිකං දෙන දේ කකා බිබී, වතුපිටි ඉඩකඩම් අත්පත් කරගෙන, බණක් දෙසමින්, තමන්ගේ පැරණි කුල වංසය රකිමින් ඉන්න භික්ෂුවගෙම ගිහි සමරූපය. ලංකාවෙ මිනිස්සුන්ට බුද්ධාගම කියන්නෙත් ඊළඟ ආත්මෙට පිං රැස් කරලා දිව්‍යලෝකෙ යන්න තියෙන මගක් මිස සසරින් මිදෙන මගක් නෙමෙයි.

අපේ ජාතිය කියන නැරටිව් එක කුලයෙන් පිටතට නිර්මාණය වෙලා නෑ. සිංහල කියන ජාතිවාදය වුනත් පිටින් පොරවගත්ත එකක් මිස ඒකෙ ඇතුලක් නෑ.

ජාතිවාදය හැමතිස්සෙම පාවිච්චි වෙන්නෙත් තමන්ගෙ පවුල මූලික කරගෙන යම් කිසි දෙයක් අත්පත් කරගැනීමේ ව්‍යාජයක් විදිහට. ජාතිය පාවිච්චි කරන්න හදපු හැම නායකයෙකුටම සිද්ද වුනු දේ ගැන ඉතිහාසයේ උදාහරණ තියෙනවා.

 

ජාතියෙන් කරන්න පුළුවන් දේ හරියටම දැනගත්ත ලංකාවෙ එකම නායකයා මහින්ද රාජපක්ෂ. එයා ජාතිය විකිනුවා. ඒක විකුනලා ලාබගන්න පුළුවන් දෙයක් කියල මිනිස්සුන්ට පෙන්නුවා. එයා අප්පච්චි හෝ රජා හෝ වෙනවා මිස වෙන කිසිම නූතනවාදී නායකයෙකුගෙ හැඩයක් ගන්න ගියෙ නෑ.

 

මහින්ද කියන්නෙ මේ රටේ බිහිවුනු ශ්‍රේෂ්ටම නායකයා වෙන්නෙ ඒකයි. එයා වැඩ කළේ කේන්දරකාරයො එක්ක. හොරු එක්ක. බොරුකාරයො එක්ක. ජාවාරම්කාරයො සහ හාමුදුරුවරු එක්ක. උගත් බුද්ධිමත් කියන ප්‍රජාව එක්ක වැඩ කරන දේශපාලනයක් මහින්ද විශ්වාස කළේ නෑ. මහින්ද සාර්ථක වෙන්නෙ ඒකයි.

මේ සිංහල ජාතිය ගැන ගැඹුරු දැනීම මීට කලින් යම් තරමකට හරි තිබුනෙ ප්‍රේමදාසට විතරයි.

ලංකාව කවදාවත් ධනවාදයට අඩිය තිබ්බෙ නෑ. අපි ණයට දුවන රාජ්‍යයක් වුනේ ඒකයි. මහින්ද රට ණය කළා කියන එක බොරුවක්. ලංකාවට ණය වෙනවට වඩා ඉරණමක් කොහොමත් තිබුනෙ නෑ. සිංහල මිනිස්සු ලංකාව ණය කළා කියන එකයි නිවැරදි. හැබැයි ඔය ණය වුනත් ලංකාවෙ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්නයක් නෙමෙයි.

 

ලංකාවෙ දේශපාලකයො ඇත්තටම පව්. අවුරුදු හැත්තෑගානක් දේශපාලකයො මොනවද කළේ කියන ප්‍රශ්නයම විකාරසහගතයි. මිනිස්සු කන්න නැති වුනාම ආන්ඩුව මාරු කරනවා, එච්චරයි රටේ දේශපාලනය.

ගෝටාබය කියන්නෙ අපේ රටේ අසරණම වුනු ජනාධිපති

 

ගෝටාබය කියන්නෙ අපේ රටේ අසරණම වුනු ජනාදිපති. එයාව පත් කලෙත් වැඩකරන විරුවා කියල. ඒ කියන්නෙ මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා නිකං කන්න අඳින්න දීපං කියන යෝජනාවට. ඒක කරන්න බැරි වෙන කොට එයාව එලවලා තව කෙනෙක් දාගන්නවා. ඊට පස්සෙ එන්නෙ හිඟාකන විරුවා.

රටේ මිනිස්සුන්ට නිකං දෙන්න ලෝකෙ වටේ දක්ෂම විදිහට හිඟමනේ යන්න පුළුවන් කෙනෙක්.

 

ඇත්තටම ලංකාවට මාක්ස්වාදය වඩා ගැලපෙන්න ඉඩ තියෙනවා. හැමදේම නිකං දෙන්න ඕන කියන අදහසට වඩාත් සමීප මාක්ස්වාදය. ධනේශ්වරය හොඳටම වැඩකරන තැනකට මිස ඒක පයගහපුවත් නැති තැනකට මාක්ස්වාදය ආවම ඒක විකෘතියක්. ඒත් මේ වෙද්දි ලංකාවෙ නිකං අධ්‍යාපනය, නිකං සෞඛ්‍ය, නිකං රස්සා වෙනුවෙන් වඩාත් කැපවෙන දර්ශනය වෙලා තියෙන්නෙ මාක්ස්වාදය. ඒක බුද්දාගමටත් හරි සමීපයි කියල කියනවා.

 

ලංකාවෙ දේශපාලනය කරන කෙනෙක් විශ්ලේෂණය කරන්න ඕන නූතන දේශපාලන දර්ශන නෙමෙයි. වැඩියෙන්ම ජ්‍යොතිෂය. ඒ කේන්දරකාරයො කතා කරන බාසාවෙ තියෙනවා අපේ රටේ මිනිස්සු හිතන විදිහ. ධනලාබ, රාජයෝග, විදෙස්ගමන්, කිසි දෙයක් මහන්සියෙන් උපයගන්න දේවල් නෙමෙයි.

ලංකාවෙ දේශපාලනය වෙනස් කරනවා නම් කෙනෙක් කල්පනා කරන්න ඕන ජනතාව මාරු කරන විදිහක්. මේකෙ දේශපාලකයො මාරු කරලා කරන්න පුළුවන් කිසි දෙයක් නෑ.

මහා ජාතිකවාදී කතා කිව්වත් ලංකාවෙ සීයට අනූනවයක්ම බලන් ඉන්නෙ බටහිර රටකට ගිහින් ජීවත් වෙන්න. ඕක තමයි අමු ඇත්ත. ඉතින් කරන්න ඕන දේත් ඒකයි. පුලුවන් තරම් රටේ පිරිස් වෙන රටවලට යැවීම සහ වෙන රටවල පිරිස් ලංකාවෙ පුරවැසියන් කරගැනීම.

 

නූතන රාජ්‍යය ගැන අදහසක් තියෙන පුරවැසියො නැතුව රජකාලෙ යටත්වැසියො ටිකක් එක්ක නූතනවාදී දේශපාලන සංකල්ප ගනුදෙනු කරන්න යන එක විකාරයක්. ණය අර්බුද, අයිතිවාසිකම්, නිදහස, ආර්ථිකය ඕවා නිකං වචන විතරයි.

 

Chintha(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශේලේෂක

(Cult Chintha ෆේස්බුක් පිටුවෙන්...)




Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...