The Leader News
BREAKING
Top Ad
Opinion

මේ අර්බුදය උමතු නර්තනයක ප්‍රථිපල වෙන්න බැරි ද? - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

March 19, 2022 • 3:25 PM

මේ අර්බුදය උමතු නර්තනයක ප්‍රථිපල වෙන්න බැරි ද? - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'බුද්ධාගමේ නිර්වාණයට ඔබට ළඟා වෙන්න පුළුවන් උණොත් දැනෙයි ඔබට කියල මමත්වයක් නැහැ කියල.
  • ඉතිං ඔබ අතින් අහම්බෙන් මිනිසෙක් මැරුණා උනත් ඒක ඇත්තටම මිණී මැරුමක් වෙන්නේ නැහැ.
  • සුසුකි ට එරෙහිව නැඟෙන ප්‍රධාන විවේචනය වෙන්නේ වස්තුව සමඟ නරුම දුරස්ථ බවක් නඩත්තු කිරීම.
  • තමන් අනෙකා ගැන සවිඥාණික නොවන බව විශ්ව නර්තනයක අවිඥාණික බව ඔස්සේ මඟ හැරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔබ නිදහසේ මේ ලෝකේ සැරිසරනවා කියල. බැඳීමක් නැහැ කියල. ගුරුත්වයෙන් නිදහස් කියල. ඔබ ඉන්නේ ප්‍රහර්ෂයේ නර්තනයක කියල. ඉතිං ඔබ අතින් අහම්බෙන් මිනිසෙක් මැරුණා උනත් ඒක ඇත්තටම මිණී මැරුමක් වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ විශ්වාන්තර නර්තනයේ යෙදී ඉන්න කොට ඔබ නොදැනුවත්වම අනෙකා ඔබේ කඩුවේ මුණට සමීප වුණා වෙන්න පුළුවන්. එහෙම සමීප වීම නිසා කඩු මුණත අනෙකාගේ ඇසේ වැදුණා වෙන්නටත් පුළුවන්. ඉතින් ඔබ නර්තනයේ යෙදී ඉන්නකොට අනෙකාගේ ඇස ඔබේ කඩුවේ මුණට සමාන්තර වීම නිසා සහ ඇස කඩු මුණේ වැදී ඔහුගේ හෝ ඇයගේ ඇස අන්ධ වීම ඔබේ වරදක් නොවේ'.

මෙහෙම කියන්නේ සෙන් බුදුදහමේ ඇමෙරිකානු ප්‍රචාරකයා වන ඩී. ටී. සුසුකි.

මේ තමයි යුරෝපීය දර්ශන පාසැල විසින් බටහිර බුදුදහම පට්ටා ගසන කියමන.

සුසුකි ට එරෙහිව නැඟෙන ප්‍රධාන විවේචනය වෙන්නේ වස්තුව සමඟ නරුම දුරස්ථ බවක් නඩත්තු කිරීම. ඒ කියන්නේ අනෙකාට තමන් නිසා හානියක් සිදු වුණත් එය නොපිළිගැනීම. තමන් අනෙකා ගැන සවිඥාණික නොවන බව විශ්ව නර්තනයක අවිඥාණික බව ඔස්සේ මඟ හැරීම.

නාසිවාදීන් පවා සිය ඝාතන සාධාරණීකරණය කලේ මේ වගේ තර්ක ඔස්සේ කියන එක පෙරදිග බුද්ධාගමේ මේ කියමනට එරෙහිව නැගෙන ප්‍රධාන විවේචනයක්.

මනෝ විශ්ලේෂණය කියන්නේ මෙවන් 'නො -පිළිගැනීමේ තත්වයක්' මනෝව්‍යාධි අවස්ථාවක් කියල (psychopathic disavowal).



මේක කියන්න හිතුවේ වෙන දෙයක් නිසා නෙවෙයි. 'මේ අර්බුදය මාගේ නිර්මාණයක් නොවේ' කියන එකට ප්‍රතිචාර හැටියට දැන් හැමෝම දැන් 'මේ අර්බුදය මගේ නිර්මාණයක්' කියල තම තමන්ගේ ප්‍රොෆයිල් වල ලියන එක දැකල.



මම හිතන්නේ මේ අවුරුදු හැත්තෑව ඇතුලේ අපි ඔක්කොම හිටියේ විශ්ව නර්තනයක කියල (cosmic dance). කිසිම විදියකට දේශපාලනය කුමක් සඳහා පාවිච්චි කරන්න ඕනිද කියල බැරෑරුම් විදියට ගන්නවා වෙනුවට අපේ කළේ එහා ගෙදර එකා යූ. ඇන්. පී. නිසා අපි ශ්‍රී ලංකා වෙච්ච එක. මෙහා ගෙදර ශ්‍රී ලංකා නිසා එහා ගෙදර යූ. ඇන්. පී. වෙච්ච එක. ගෙවල් දෙකම කොළ නිල් හින්ද අනික් ගෙදර රතු වෙච්ච එක.

ජොබ් එකක් දුන්න නිසා අහවලාට දුන්න එක. පාර හදා ගන්න අරයට දුන්න එක. ලස්සන නිසා අරකිට දුන්න එක. රැවුල නිසා මූට දුන්න එක. ජාතික ඇඳුම නිසා අරයට දුන්න එක. ටයි කෝට් නිසා අරූ පරද්දපු එක. තව ගොඩක් මේ ලැයිස්තුව දිගයි.

මේ උමතු නර්තනය තව ඉස්සරහටත් මෙහෙමම තමයි. ඉතිං ඒ වගේ උමතු නර්තනයක ප්‍රථිපල මේක වෙන්න බැරිද?

විශේෂයෙන් අපි ඉන්නේ එහෙම උමතුවක කියල පිළිගන්නත් කැමති නැති වෙලාවක (disavowal) අපි ඉන්නේ යම් ව්‍යාධියක කියල මට හිතෙනවා.

Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 


The Leader TV අද වීඩියෝ 
 

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...