The Leader News
BREAKING
Top Ad
Opinion

එකතු වෙන්න බැරි අය ගෙදර යන්න - චින්තන ධර්මදාස

T

The Leader Desk

March 22, 2022 • 12:54 PM

එකතු වෙන්න බැරි අය ගෙදර යන්න - චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (සංවාදයට විවෘතයි ..)
  • ඇත්තටම ඒක දූෂිත ආණ්ඩුවක් පැවතීමට වඩා අවාසනාවක්.
  • මේ තරම් දරුණු අර්බුදයක් ඉස්සරහ ආණ්ඩු පෙරළියකට ලෑස්ති වෙන එක කොයිතරම් බුද්ධිමත්ද කියල වගකීමක් ඇති දේශපාලනයක් කරන අය  හිතන්න වෙනවා.
  • රටේ සාමාන්‍ය තත්වයකදි මේක නිරෝගී තරගයක් ඇති කරන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ වෙලාවෙ ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා තමන්ගෙ අතට බලය ඩැහැගැනීමේ උවමනාව මිස වගකිව යුතු විපක්ෂයක මැදිහත්වීම දකින්න නැති එක රටේ අවාසනාවක්.

ඇත්තටම ඒක දූෂිත ආණ්ඩුවක් පැවතීමට වඩා අවාසනාවක්.

මේ වෙලාවෙ රට මුහුණදෙන අර්බුදය ඕනම කෙනෙකුට පැහැදිලි කාරණයක්. ඒක ගැන අන්තිමට දැනගත්තෙ රටේ ජනාධිපතිවරයා.

මේ තරම් දරුණු අර්බුදයක් ඉස්සරහ ආණ්ඩු පෙරළියකට ලෑස්ති වෙන එක කොයිතරම් බුද්ධිමත්ද කියල වගකීමක් ඇති දේශපාලනයක් කරන අය  හිතන්න වෙනවා.

ලංකාවෙ ජීවත් වෙන ‍ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි එක පක්ෂයක් බලය ලබාගන්න තැන ඉඳන් අනිත් පක්ෂ ඔක්කොම ඒකට කෙලවෙනකල් බලන් ඉන්න වග. රටේ සාමාන්‍ය තත්වයකදි මේක නිරෝගී තරගයක් ඇති කරන්න පුළුවන්. ඒත් අර්බුදයකට තද විසඳුම් හොයන්න වෙලා තියෙද්දි කකුලෙන් අදින්න බලන් ඉන්න විපක්ෂයක් කියන්නෙ රටට හානියක්.



මේ වෙලාවෙ අපේ සටන් පාඨය වෙන්න ඕන ගෝටා ගෙදර ප#ල කියන එක නෙමෙයි. එකතු වෙයල්ලා කියන එක. අවුරුදු තුනකවත් අතරමැදි පාලනයක් වෙනුවෙන් සියලු පක්ෂවලට එකතු වෙන්න බැරි නම් ඒ පක්ෂ දේශපාලනයෙන් ඇති වැඩක් නෑ. මෙවන් තීරණාත්මක වෙලාවකවත් එවන් තීරණයක් ගන්න බැරි බලලෝභීන් සැබෑ ද්‍රෝහීන් කියල තේරුම් ගන්න ජනතාවට සිද්ද වෙනවා.

 

ප්‍රශ්න විශ්ලේෂණය කරන්න ගොඩක් අයට පුළුවන්. වැරදිකාරයො ගැන වාද විවාද කරන්න පුළුවන්.  කාට හෝ සම්පූර්ණ දෝෂය පවරා එලවා දාන්නත් පුළුවන්. ඒත් අපි මුහුණ දෙන අර්බුදයෙන් ගොඩයන්න ඒක උදව්වක් නෙමෙයි.

මේ වෙද්දි අපිට ඉන්නෙ බෙදුනු විපක්ෂයක්. ඒ අය අතර තරගයක්. එකිනෙකාව විවේචනය කරන, මඩ ගහන දේශපාලනයක්. රාජපක්ෂලා එලවලා අපි ගේන්නෙ මේ අයද?


''සර්ව පාක්ෂික අ‍ාණ්ඩුවක් අවශ්‍යම වෙනවා''

ඵලදායී තීරණ ගන්න, ඒ තීරණ ක්‍රියාත්මක කරන්න, ඒ වෙනුවෙන් ජනතාව පෙලගස්වන්න සම්මුතිකාමී සර්ව පාක්ෂික අ‍ාණ්ඩුවක් අවශ්‍යම වෙනවා. ඒ හැර කිසිම විදිහක විකල්පයක් අපිට නෑ. එවන් ආණ්ඩුවක් යටතේ අපිට පුළුවන් යම් ශික්ෂණයක් නැවත පුරවැසියන්ටත් ලබාදෙන්න.

බලය වෙනුවට රටක් ගැන හිතන දේශපාලකයො තාම ඉන්නවා කියල යන්තමින් හරි පණිවුඩයක් දෙන්න ඔය කොයි පක්සෙ කෙනෙකුට වුනත් පුළුවන් වෙන්නෙ එවන් එකඟතාවයකදි විතරයි.

ඉස්සෙල්ලා ගෝටා ආවා ‘මට තමයි පුළුවන්’ කියල. දැන් විපක්ෂයෙ එක එක අය කරන්නෙත් ‘මට තමයි පුළුවන්’ කියල වැඩිය හයියෙන් කෑගහන එක. දැන් කා ළඟද හරියටම රට ගොඩදාන සැලසුම තියෙන්නෙ? සජිත් ළඟද, පාඨලී ළගද, අනුර ළඟද නැත්තං විමල්, බැසිල් ළඟද? හැම පාක්ෂිකයෙක්ම හිතන් ඉන්නවා තමන්ගේ නායකයා තමයි දියසෙන් කියල.

 

අපිට විවිධ විෂමතා තියෙන්න පුළුවන්. අදහස් විවිධ වෙන්න පුළුවන්. ඒත් මේ එවන් වෙනස්කම් ගැන හොයන වෙලාව නෙමෙයි. මේ අපේ පොදුකම ගැන හිතන්න වෙන වෙලාව.

 

තව ඉතාම සුලු කාලයකින් ජනතාවගේ උමතු ප්‍රචන්ඩත්වය මුදාහැරෙනවා. සමහර පක්ෂ බලාගෙන ඉන්නෙම ඒ විනාසය ලිහා දැමෙන කල්. අපි රටක් ගැන කල්පනා කරනවා නම් මේ ක්‍රියාත්මක විය යුතුම වෙලාව. හැබැයි ඒ කියන්නෙ ආණ්ඩුව ගෙදර යවන්න වෙලාව කියන එක  නෙමෙයි.

සිවිල් පුරවැසියන්ගෙ පැත්තෙන් දේශපාලන නායකයන්ට දැඩි පීඩනයක් එල්ල විය යුතුයි. එකතු වෙන්නෙ නැත්තං ගෙදර ප#ල කියල සියලු පක්ෂවල බලලෝභී තීරණ විවේචනය කළ යුතුයි. පක්ෂ සියල්ල එකතු වෙන අතරමැදි  සම්මුති ආණ්ඩුවකට යන තෙක් ජනතාව සියලු පක්ෂවලට එරෙහිව කැරලි ගැසිය යුතුයි.



මේක පුරවැසි බලය නිර්මාණය ‍විය යුතු මොහොතක්. නැත්නම් අපි ආයිමත් රාජපක්ෂලා එක්ක තරහට තවත් ඒ හා සමානම හෝ ඊට වඩා දුර්දාන්ත පාලනයක් බලයට ගේන එක අනිවාර්යයි. ඒ මොකද මෙවන් අවාසනාවන්ත මොහොතක පවා එක්ව තීරණ ගැනීමට පසුබට වෙන බලලෝභී දේශපාලන නායකත්වයකින් රටට හොඳක් වෙන්න නම් නියමිත නැති නිසා.



Chinthana D(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
vyadhadeva@gmail.com





The Leader TV අද වීඩියෝ

 ගෝඨාභය රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක්! | අද ගොසිප් එක | The Leader TV

 
 

Leader Whats app


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...