The Leader News
BREAKING
Top Ad
Opinion

දියවන්නාවේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා පාර්ලිමේන්තුවක් !

T

The Leader Desk

April 9, 2022 • 4:53 AM

දියවන්නාවේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා පාර්ලිමේන්තුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියවන්නාවේ පාර්ලිමේන්තුව ගැන ජනතා කළකිරීම සහ කෝපය උග්‍ර අතට හැරී ඇත. එය ඉතාම සහේතුකය.
  • පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ ක්‍රියා කරන්නේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණ පිළිබඳ ඉලක්කයන් මුලට දමාගෙන බව තවදුරටත් රහසක් නොවේ.
  • ජනතාවගේ ස්වේච්ජාමය නැගී සිටීම තම මැතිවරණ ඉලක්ක සඳහා හසුරුවා ගන්නේ කෙසේදැයි උත්සුක වන පක්ෂ දේශපාලනයකින් දැන් ඇති පලක් නැත.
  • මැතිවරණ මගින් හැඩ ගස්වන ලද දේශපාලන කාල-සටහනද දැන් වෙනසකට ලක් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය දින කිහිපය තුළ රැස්වූ පාර්ලිමේන්තුව මහ පාරේ ජනතා අරගලයට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් දක්වන්නට සමත් වී නොමැත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ ක්‍රියා කරන්නේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණ පිළිබඳ ඉලක්කයන් මුලට දමාගෙන බව තවදුරටත් රහසක් නොවේ.

ජනතාවගේ ස්වේච්ජාමය නැගී සිටීම තම මැතිවරණ ඉලක්ක සඳහා හසුරුවා ගන්නේ කෙසේදැයි උත්සුක වන පක්ෂ දේශපාලනයකින් දැන් ඇති පලක් නැත.

මැතිවරණ මගින් හැඩ ගස්වන ලද දේශපාලන කාල-සටහනද දැන් වෙනසකට ලක් වී ඇත. 2024 සහ 2029 (පරිකල්පිත) මැතිවරණවලදී බලයට පත්වන්නේ ගෝඨාද, සජිත්ද, නාමල්ද, අනුරද, විමල්ද, චම්පිකද යන ප්‍රශ්නය වටා කැරකෙමින් තිබූ පටු සංවාදයද අවසන්ය. මෙතැන් පටන් ඓතිහාසික සිද්ධිදාමය නිශ්චය කෙරෙන්නේ ජන අරගලය විසිනි.

කෙසේ උවත්, නෛතික තලයේ කටයුතු සඳහාත්, රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය හැසිරවීම සඳහාත්, ජාත්‍යන්තර සබඳතා සඳහාත් බලය සහ හැකියාව ඇත්තේ දියවන්නාවේ පාර්ලිමේන්තුවටය. එම පාර්ලිමේන්තුවේ සුජාතභාවය අභියෝගයට ලක්ව තිබුණද, ජනතාව පෙළන ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සොයා ගැනීමේදී එහි කාර්යභාරය නොතකා හැරිය නොහැකිය.



මේ තත්ත්වය තුළ ජන අරගලය තුළින්ම දියවන්නාවේ පාර්ලිමේන්තුවට ශක්තිමත් ලෙස බලපෑම් කළ හැකි අන්දමේ ජනතා පාර්ලිමේන්තුවක් වහ වහාම කැඳවීමේ ඇරයුම ඉදිරියට ගත යුතුව තිබේ. රාජපක්ෂලා ගෙදර යැවීමේ සහ සොරා කෑ මහජන දේපළ ජනසතු කිරීමේ සීමිත සටන් පාඨවලින් ඔබ්බට ගොස් පුළුල් හා ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් කරා අරගලය දිශානත කිරීම සඳහා එවන් ජනතා පාර්ලිමේන්තුවක් වුවමනා වී තිබේ.




සෑම ප්‍රදේශයකම උද්ඝෝෂණවල නිරත ජනතාවගෙන් අප ඉල්ලා සිටිය යුත්තේ ජනතා පාර්ලිමේන්තුවක් සඳහා වන යෝජනා සම්මතයක් ඇති කර ගන්නා ලෙසයි.

දියවන්නාවේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා සභාවක සාකච්ජාවට ලක් කළ යුතු යෝජනා සහ වැඩ පිළිවෙලවල් ගැන පුළුල් ජනතා සංවාදයක් සහ එකඟතා ඇති කර ගන්නා ලෙසයි.

 ජනතා පාර්ලිමේන්තුවක් ගොඩ නැගීමේ සමාජ මාධ්‍ය වේදිකාවක් (social media platform) නිර්මාණය කිරීමෙන් මේ කාර්යය ආරම්භ කළ හැකිය.  

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ජනතා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් දියවන්නාවට යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමු.

 
sUMITH cHAMINDAc
(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com
 
 
 
 
 
The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...