The Leader News
BREAKING
Top Ad
Opinion

මංගල හිටියා නම් ... - (කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ්)

T

The Leader Desk

April 11, 2022 • 2:49 PM

මංගල හිටියා නම් ... - (කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරා දශක තුනකට වැඩි කාලයක් මා මංගල සමරවීර ඇසුරු කොට ඇත්තෙමි.
  • ඒ වෙනුවට විවේචනය සවිස්තරව ලියා ක්‍රියාකාරි සැලස්මක් බවට පරිවර්ථනය කොට දෙන මෙන් මගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.
  • පක්ෂ දේශපාලනයෙන් පරාජය වු බව මංගල තේරුම් ගත්තේ ඔහුට ඒ නිශ්චිත මොහොතේ මාතර අසුන දිනා ගැනීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් අනතුරුව බව මාගේ විශ්වාසයයි.
  • පක්ෂ දේශපාලනය ප්‍රබල ලෙස පරාජය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



මගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතය තුළ මා ළඟින් ඇසුරු කළ එකම දේශපාලඥයා වුයේ මංගල සමරවීරයි. ඔහු හා එකඟ  වූ හා එකඟ නොවූ බොහෝ තැන්  විය.

ඒත් ඒ එකඟ නොවු තැන් වල වැඩ කිරීමට හා කල්පනා කිරීමට බාධවක් නොවුයේ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සවන් දෙන්නෙකු වූ නිසාය.

 ඔහු ජනමාධ්‍ය ඇමතිව සිටි කාලය තුලදී මා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කල අතර, ඔහුගේ මාධ්‍ය මෙහෙයුම් වල අසාර්ථකත්වය පිළිබඳව මාධ්‍ය ප්‍රධනීන්ගේ රැස්වීමේදි කරුණු දැක්වු විට ඔහු මා නෙරපා හැරීමට කටයුතු කලේ නැත. ඒ වෙනුවට විවේචනය සවිස්තරව ලියා ක්‍රියාකාරි සැලස්මක් බවට පරිවර්ථනය කොට දෙන මෙන් මගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.

අවාසනාවකට මෙන් මෛත්‍රිපාල සිරිසේනයන් මහින්ද රාජපක්ෂ කෙරෙහි ආශක්තවී අගමැති පුටුව ලබාදීම හේතුවෙන් මංගල මාධ්‍ය ඇමතිධූරයෙන් ඉවත්විය.

මේ මොහොතේ මංගල සමරවීර හිටියානම් යන සිතුවිල්ල පහල වන්නේ ඔහු හා පැවැති ලබැඳි ඇසුර නිසාම නොවේ. මංගල යනු හරි දේවල් ගොඩක් කර අතපසුවීම් (වැරැදි) තත්වයන්ට දායක වූ අයෙකි. රනිල්ගේ ආණ්ඩුවෙන් ඇමතිධූර කිහිපයක් උදුරා ගැනීමට චන්ද්‍රිකා පෙළඹවු ප්‍රධානීන් කිහිප දෙනෙක් අතරින් මංගලද විය.

පක්ෂ දේශපාලනයෙන් පරාජය වු බව මංගල තේරුම් ගත්තේ ඔහුට ඒ නිශ්චිත මොහොතේ මාතර අසුන දිනා ගැනීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් අනතුරුව බව මාගේ විශ්වාසයයි.

නමුත් මංගල විශිෂ්ඨයෙක් වන්නේ ඔහු වරද තේරුම්ගෙන එය නිවැරදි  කිරීමට පියවරක් ගැනීමට පෙරටු තැබු හෙයිනි. ඒ ඔස්සේ කල්පනා කලහොත් ඔහුගෙන් වර්තමානයට අදාලවන පරිදි  ඉගෙනගතහැකි දේ බොහෝය.



01. පක්ෂ දේශපාලනය ප්‍රබල ලෙස පරාජය වී තිබේ. මංගල කීවාක් සේ ටොයියන් සහ බයියන් අතර වූ බෙදීම තවදුරටත් අදාල නැත. විරෝධය ඇත්තේ ගෝඨාට පමණක් නොවේ. සජිත් සහ අනුර කෙරේ ඇති පිළිගැනීමට වඩා විරෝධය වැඩි වෙමින් පවතී. රනිල්ගේ බුද්ධියමය දායකත්වය ගැන යම් ප්‍රසාදයක් ඇතත්, ඔහුගේ නායකත්ව ගුණාංගය ගැන වැඩි පිළිගැනීමක් නැත. විමල් වාසු ගම්මම්පිල නාට්‍යක් පෙන්වනවාට වඩා වැඩි යමක් නොකරන බවට කතාබහ පැතිර යමින් පවති. එසේනම් මීළඟ නායකත්වයේ න්‍යෂ්ටිය ඇත්තේ කොහිද ?

02. පක්ෂ පුරවැසි හඩට සවන්දිය යුතු නමුත් එය සිදුවන බවක් දක්නට නැත. එසේ වෙතත් විපක්ෂය ජනතා හඩ ඉදිරියේ දණ ගැසීමට සිදුවන දවස ඉක්මනින් උදාවනු ඇත.

03. කටින් පුටිං වැඩ ටිං ටිං යැයි ජනතාව කියන්නේ ගෝඨාට පමණක් නොවේ. ටිං ටිං ගාන අනාගතයක් නැත. එහෙත් පක්ෂ දේශපාලනය මේතාක් ප්‍රදර්ශණය කොට ඇත්තේ ටිං ටිං ලකුණුය.

04. පුරවැසි හඬ  තුලින් සමාජ සාධාරණත්වය පිළිබඳව කතිකාව ඉස්මතුවෙනු ඇත. හොරුන් රකින ඩීල් දාසලාට ඉඩ ඇහිරෙනු ඇත.

05. මේ වන විට ජනතා පරිමණ්ඩලය (public schere) රත්වී ඇත. ඒ තුළ තමන්ට රිසි රොටී රත්කරගැනීමට පක්ෂ නායකත්වය දීගෙන ඇත.

එසේනම් මංගල කීවාක්සේ පක්ෂ දේශපාලනය පරාද බව පිළිගතයුතු අතර මංගලගේ හරය වූ සවන්දීම් සහ අනුගතවීම ශ්‍රී ලාංකික දේශපාලන ගමනේ ප්‍රධාන  ලක්ෂණය  බවට පත්විය යුතුව ඇත. ඒ අර්ථයෙන් මංගල තවමත් ජීවමානය. එහෙයින් ඔහු හිටියානම් යන සිතුවිල්ල අරුත්බර එකක් වේ.. මන්දයත්, මංගලගේ දැක්ම වර්තමාන පෙළගැසීම් වලට සිසිල් පොද වැස්සකි.

 

Devid(කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ්)
mjrdavid@gmail.com


The Leader TV අද වීඩියෝ 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...