The Leader News
BREAKING
Top Ad
Opinion

රොකට් චිමිනි සහ ජෙට්යානා - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

April 15, 2022 • 5:35 PM

රොකට් චිමිනි සහ ජෙට්යානා - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'රොකට් එක කෝ #ත්තෝ' කියල අහන තැන ඉඳල 'පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලයක් හදමු' කියන තැනට එනකම් ගෝඨාගෝගමේ සටන් පාඨ කොපමණ විවිධාංගිකකරණය වෙලා තියනවද බලන්න.
  • හැබැයි එයා අරගලයට සම්බන්ද වෙන අතිශය පුද්ගලික හැඟීම් කලාපය තමයි අර ලොවෙත් නැති රොකට් එකත් එක්ක තියන ඇත්ත අවුල.
  • හැබැයි මේක පොදුවේ අන්තරේ හරි, පෙරටුගාමී හරි, එන්පීපී හරි පොදු සටන් පාඨ ඇතුලට ගන්න බැහැ.
  • හැබැයි අර එන පුද්ගලයාගේ 'දේශපාලනික දෙය' ඇත්තට තියෙන්නේ රොකට් එක ඇතුලේ.
අකුරු ප්‍රමාණය (Font Size):



එක අතකට මිනිස්සු එයාලගේ පුද්ගලික විශ්වය ඇතුලේ ප්‍රශ්න අහනවා. අමාරුවෙන් ඒ ලෙවල් විභාගේ කරලා විශ්ව විද්‍යාලේ ගිහින් කට්ට කාල උපාධි කරගත්තු උන් සමහරුන්ට ආචාර්ය උපාධි දුන්නේ කොහොමද කියල අහන එක විදියක් තමයි රොකට් සටන් පාඨය.

හැබැයි ඒ රොකට් අවුල අමුවෙන් ම පොදු අවකාශයට ගේන්න මෙච්චර කල් මාධ්‍යයක් තිබ්බේ නැහැ. ෆේස්බුක් එක ඇරුනම.  

රොකට් කතාව නිදහස් අධ්‍යාපන සටන් පාඨයෙන් වෙනස්. හැබැයි එයා අරගලයට සම්බන්ද වෙන අතිශය පුද්ගලික හැඟීම් කලාපය තමයි අර ලොවෙත් නැති රොකට් එකත් එක්ක තියන ඇත්ත අවුල.

එතකොට ඒ පුද්ගලික කේන්තිය දේශපාලනික වෙනවා. පුද්ගලික දේ දේශපාලනිකයි. හැබැයි මේක පොදුවේ අන්තරේ හරි, පෙරටුගාමී හරි, එන්පීපී හරි පොදු සටන් පාඨ ඇතුලට ගන්න බැහැ. පුද්ගලික වැඩියි. ශිෂ්ට මදි.

එතකොට වෙන්නේ රොකට් එකක් ගැන විතරක් අහල වැඩක් නැහැ. අපි 'නිදහස් අධ්‍යාපනය සුරකිමු' වගේ කාටත් පිළිගන්න පුළුවන් එකකට යමු කියල පොදු (විශ්විය) දෙයකට සංවිධායකයෝ මාරු වෙන එක.

හැබැයි අර එන පුද්ගලයාගේ 'දේශපාලනික දෙය' ඇත්තට තියෙන්නේ රොකට් එක ඇතුලේ.  

එයින් අර පොදු සටන් පාඨය අවලංගු වෙනවා කියල නෙවෙයි මේ කියන්නේ.

හැබැයි විශ්වීය බව (universality) සහ කේවල බව (particular) අතර ආතතිය ඇතුලේ අර කේවල (සුවිශේෂී) සටන් පාඨය හැමදාම යටගියා. මර්ධනය උණා.

දැන් මේ තියන අළුත් ආකෘතිය ඇතුලේ මේ සියළු පුද්ගලික දේ (සුවිශේෂී) ඒවාට අවශ්‍ය විදියට විකසිත වෙනවා. ඒක තමයි ගොඩක් දෙනෙක්ට අවුලක් වගේ පේන්නේ. කේන්ද්‍රීය නැහැ වගේ පේන්නේ. අරගලයට ඔලුවක් දෙන්න ඕනි වගේ පේන්නේ.

 

මේ අසීමිත විකසිත වීමේ ආකෘතිය නිසා ලිමිණි -චිමිනි ල, ටට්යාන -ජෙට්යාන ල කෙළින්ම අමුවෙන් ම පෝස්ටර් වලට ඇවිල්ලා තියනවා. දැන් මේක අර පොදු සටන් කාරයෝ අතට ගිය ගමන් වැඩේ 'ශිෂ්ටකරණය' කරනවා. කරලා එයාල ඒවා 'පොදු සටන් පාඨ ඇතුළට ගන්නවා'. නිදහස් අධ්‍යාපනය සුරකිමු, දුෂණය පරදවමු, විධායක ජනාධිපති ධූරය නැති කරමු, රාජපක්ෂ ගෙදර යවමු වගේ හැමදාම දැකල පුරුදු නීරස ඒවා නැවත එන්න ගන්නවා (ඒවා එකක් වත් ඉෂ්ට වෙලත් නැහැ).




එතකොට අර බෙන්ස් එකෙන් ඇවිල්ල රොකට් ප්‍රශ්නේ අහපු කෙනා ආයේ එන්නේ නැහැ. ආපහු අර හැමදාම වන්දනාවේ යනවා වගේ කොළඹ එහාට මෙහාට සටන් කරපු සෙට් එක විතරක් සටනේ නිරත වෙනවා. පරිවාරයේ ගොඩක් අය හැලෙනවා.  

මම කියන්නේ හැමදාම සටනේ හිටපු සෙට් එක ඕනි නැහැ කියල නෙවෙයි. විශ්වීය දේ සහ කේවල දේ එකතු කර ගත්තොත් හයිය වැඩියි කියල.

රොකට් ප්‍රශ්නේ කේවල ප්‍රශ්නයක්. ඒක ඇතුලේ දේශපාලන ආතතිය වැඩියි. ප්‍රතිරෝධය වැඩියි. මාස්ටර්ගෙන් අහන ප්‍රශ්නේ පරස්පරය වැඩියි. මේ දෙක සමහන් කරන්න ඕනි මැදිහත් ගතිකයක් තිබ්බනම් හොඳයි.

භාජනෙත් ඕනි. දාල තියන දේත් ඕනි. We need both the container and the content.

Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 


The Leader TV අද වීඩියෝ 

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...