The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

April 19, 2022 • 4:34 PM

ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද? - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම
  • රසායනික පොහොර නැවත දෙන බව ඔහු කියයි.
  • රජය විසින් කළ යුතුව තිබෙන්නේ රටට අවශ්‍ය ආනයන කරගත හැකි පරිදි අපනයන කරන නිෂ්පාදන හා සේවා ආර්ථිකයක් නිර්මාණය කරගැනීම සඳහා ප්‍රතිපත්ති හා නියාමනය මගින් උපකාර කිරීමයි.
  • ඔවුන්ට අවශ්‍ය මේ ක්‍රමය තුළ තිබෙන දූෂණ කෑල්ල අයින් කර ක්‍රමය එලෙසම පවත්වාගැනීමටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.


තවමත් ඔහු තම වැරදි සැබැවින් තේරුම්ගෙන නැත. තවමත් ඔහු කියන්නේ බොරුය. කරන්නේ වැරදිය.

රසායනික පොහොර නැවත දෙන බව ඔහු කියයි. රසායනික පොහොර ආනයනය කරන්නට ආණ්ඩුවට මුදල් නැත. පොහොර සහනාධාරය නමින් දැනට කරන විකාරය ද දැවැන්ත දූෂණයකි; නාස්තියකි.

මහජන මුදලින් ගොවීන්ට ආනයනික පොහොර නිකම් දුන්නාය කියා කෘෂි නිෂ්පාදනවල මිල අඩුවුණේවත්, ගුණාත්මකභාවය වැඩිවුණේවත් නැත. පොහොර සහනාධාරයෙන් වුණේ අරලිය, නිපුණ, නිව් රත්න වැනි මහා පරිමාණ හාල් වෙළඳුන්ගේ මඩිය තරවීම පමණි. මෙය නැවතිය යුතුය. ගොවිතැන වෙළඳපොළට අනුව හැඩගැසෙමින් තිබේ. එය එසේ විය යුතුය. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජය අලුත් ප්‍රතිපත්තියකට යා යුතුය.



කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජයට කළ හැකි ප්‍රධානම දෙය වන්නේ, ඒ වෙනුවෙන් යයි කියමින් හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක අරන් දුන් බස්වලින් කොළඹ එන යන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන දක්වා ස්ථානවල අයිස් ගසමින් පිංපඩි ගන්නා රජයේ නිලධාරීන් ඉවත් කර මහජනයා බදුබරින් හා ණය බරින් නිදහස් කිරීමයි.



මෙවැනි යන එන මං නොදන්නා ජනාධිපතිවරයකු යටතේ ලංකාවට මේ අර්බුදයෙන් ගොඩඒමට නොහැකිය. රටේ ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් ඔහු හා ඔහුගේ කැබිනට් මණ්ඩලයත්, නිලධාරීනුත් දඬුවම් ලැබිය යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වරද පිළිගැනීම ද වැරදිය. අර්බුදයෙන් ගොඩඒමට මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම නොවේ. 

 

ඒ සඳහා රටේ නිවැරදි ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුය. ආණ්ඩුව පැත්තෙන් රාජ්‍ය මූල්‍ය විනය නිර්මාණය කරගත යුතුය. රජයේ වියදම රාජ්‍ය ආදායමට අනුව සිදුකළ යුතුය. ඒ සඳහා රාජ්‍ය වියදම් අඩු කළ යුතු අතර ආදායම් වැඩි කළ යුතුය. 
 
 

රාජ්‍ය වියදම් අඩුකිරීමට නම් පළමුව රජය යනු දේශපාලකයන්ට හා නිලධාරීන්ට වරප්‍රසාද හා වැඩ බැරි නිකමුන්ට පිනට රස්සා දෙන ආයතනයක් නොවිය යුතුය. නාස්තිය, දූෂණය අවම කළ යුතුය. රජයේ සේවකයන්ට පඩි ගෙවන්නට දේශීයව හා විදේශීයව ණයගැනීම නතර කළ යුතුය.

රජය විවිධ පාඩු ලබන ව්‍යාපාර කරමින්, ඒවායේ පාඩුව මහජනයා පිට පැටවීම නතර කළ යුතුය. රජ්‍ය ව්‍යවසායන්ගේ ඉහළ තනතුරුවලින් හා කොන්ත්‍රාත්වලින් හෙංචයියන් ලවා ගසාකෑම නැවැත්විය යුතුය.

රජය විසින් කළ යුතුව තිබෙන්නේ රටට අවශ්‍ය ආනයන කරගත හැකි පරිදි අපනයන කරන නිෂ්පාදන හා සේවා ආර්ථිකයක් නිර්මාණය කරගැනීම සඳහා ප්‍රතිපත්ති හා නියාමනය මගින් උපකාර කිරීමයි. වසල වෙළඳ කුලයට මහජනයා සූරාකෑමට ඉඩ නොදීමයි. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමයි.

රට සංවර්ධනය කළ යුත්තේ රටේ නිෂ්පාදනය වැඩිකිරීම හා සමගාමීවය. මහා සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ කොමිස් ගැසීමට ප්‍රමුඛ තැන ලබාදෙමින් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම යනු මේ අකාර්යක්ෂම ක්‍රමයෙන් ගැලවීම සඳහා මාර්ගෝපදේශයක් ලබාගැනීම හා අර්බුදයෙන් ගොඩඒම සඳහා ආධාර ලබාගැනීම පමණි. වඩා වැදගත් වන්නේ රටේ ප්‍රතිපත්ති සංවර්ධනය කරගැනීමයි. වැරදි ප්‍රතිපත්ති මත පදනම් වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියාට වැඩක් නැත. මේ ක්‍රමය පවත්වාගැනීමට නම් සොයාගත යුතු වන්නේ එය පවත්වාගැනීමට ඩොලර් පොම්ප කළ හැකි සුරංගනාවකි.


මෙතෙක් මේ රටේ ක්‍රියාත්මක වූ නාස්තිකවාදී, අකාර්යක්ෂම සමාජ දේශපාලනික ක්‍රමය මුළුමනින්ම වෙනස් කළ යුතුය. රාජපක්ෂ ක්‍රමය යනු ඒ අකාර්යක්ෂම ක්‍රමය සංකේතවත් කරන නාමයයි. වෙනස් කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂ ක්‍රමයයි.


රාජපක්ෂ ක්‍රමයේ ආරක්ෂකයන් වන්නේ රාජපක්ෂලා පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂය/ සමගි ජන බලවේගය ද මූලික වශයෙන් අනුගමනය කළේ එම ප්‍රතිපත්තිමය. ජනතා විමුක්ති පෙරමුණ/ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරන්නේ ඒ සඳහා දෘෂ්ටිවාදී පදනම සැකසීමයි. ඔවුන්ට අවශ්‍ය මේ ක්‍රමය තුළ තිබෙන දූෂණ කෑල්ල අයින් කර ක්‍රමය එලෙසම පවත්වාගැනීමටයි.

මාතෘකාවට නැවත එනවා නම්, ජනාධිපති තවමත් වැරදිය. ඔහු වැරදි කෙසේදැයි කියාවත් ඔහු තවමත් දන්නේ නැත. ඔහුගේ වරද පිළිගැනීම ද හිස්ය.


Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...