The Leader News
BREAKING
Top Ad
Opinion

පාඨලී පාට කරමු පාට ලී - (චන්දිමා ජයසේන)

T

The Leader Desk

April 22, 2022 • 9:37 AM

පාඨලී පාට කරමු පාට ලී - (චන්දිමා ජයසේන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගලගේ උපන් දින සැමරුමේ මේ වාඩි වෙලා ඉන්නේ අපේ පාඨලී. කහ මලක් අරගෙන.
  • ආර්ථික අර්බුදයට අනුර ඇතුළු ජාජබ විසඳුම් වගේම ඔබගේ විසඳුම් මොනවාද කියලා අපි අවදානයෙන්.
  • රනිල්ගේ කතාවකටත් රාසමානිකම්ම කියන්නේ මොකද්ද ඔහුට ඇති දේශපාලන අවකාශය පිළිබඳව අවදියෙන් ඉන්නවා.
  • මංගල සැමරුම ඓතිහාසික මොහොතක් බවට පේනෙන්නේ මංගලගේ සැමරුමේ දේශපාලන භාවිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අපේ පාඨලී කිව්වේ අපි මංගලගෙන් වගේම පාඨලීගෙන් ඉගෙන ගන්නවා. ඒ සාරගර්භ කතා අහනවා. මෙතන චන්ද්‍රිකා ඉන්නවා. රාජපක්ෂ  උදාහසට ලක් චන්ද්‍රිකා වගේම පාඨලී ඉන්නවා. මංගල ද එසේමය.

මෙවැනි රාජපක්ෂ විරෝධී අරගල ඉදිරියට ඇවිත් තියනවේලාවක මංගල සමරුම  සුවිශේෂය.

ආර්ථික අර්බුදයට අනුර ඇතුළු ජාජබ විසඳුම් වගේම ඔබගේ විසඳුම් මොනවාද කියලා අපි අවදානයෙන්.  හැමදාම ඉගෙන ගන්නවා.

රනිල්ගේ කතාවකටත් රාසමානිකම්ම කියන්නේ මොකද්ද ඔහුට ඇති දේශපාලන අවකාශය පිළිබඳව අවදියෙන් ඉන්නවා.

මුජිබර් කියන්නේ මොකද්ද බාකිර් මාකර් ඉල්ලා සිටින්නේ මොකද්ද කියන දේ ගැන සැලකිලිමත්. සාවදානයෙන් අහගෙන ඉන්නවා.

ඒ අතර පුබුදුලා නවගමුවලා කියන්නේ මොකද්ද කියන එක ගැන සැලකිලිමත්.

ඒ ඉඩ හදලා දිය යුතුයි කියන තැන ඉන්නවා.  ප්‍රජාතන්ත්‍රවාදය ලස්සන වෙන්නේ ඒ නිසායි. සමහර දේවල් වලට එකඟ නොවී එකඟ වෙන්න වෙන්නේ ඒ නිසායි.

මංගලගේ භෞතික ශරීරය නැති මොහාතක මංගලගේ උපන් දින සැමරුම වැදගත් වෙන්නේ ඒ නිසායි.

 මංගල කියන දේශපාලනික සත්වයා අපිට ගොඩාක් දේවල් දීලා ගිය කෙනක්. ඹහුගේ තුන්කල් දැකීම වැදගත් වෙන්නේ ඔහු බලාපොරොත්තු වූ දේවල් වලට දැන් අපේ අවධානය යොමු වෙලා තියෙන නිසා.


sdfgf

මංගල සැමරුම ඓතිහාසික මොහොතක් බවට පේනෙන්නේ මංගලගේ සැමරුමේ දේශපාලන භාවිතය.  

සංවිධානය කරපු අය මෙතනට කහ මලක් ලස්සන යුවතියක් එක්ක දාපු එක. කහ මල් බෙදන යුවතිය ඇඳගෙන ඉන්න ඇඳුම ඒ හැම දේකින්ම ඉල්ලා සිටින්නේ හුදු සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසිලා මලක් දෙන එක නෙමෙයි.

එවැනි සංදර්භයක  ඔබ මෙතන කහ මලක් අරගෙන ඉන්න එක වැදගත් සංකේතාත්මක යටි පෙළක් නිරූපණය කරනවා.

ඔබ වවුලාගේ මඟුල් ගෙදර ගියා වගේ අනුවර්තනය වෙනවා.

ඔබ වගේම මේ බිමේ වාඩිවෙලා කහමල් අරගෙන ඉන්න බොහෝ දේශපාලඥයින්ගේ යටි සිත අවදි වෙන්න ඕන මෙහොතක් මේක. දහඩිය දාල අපිට මොකද වුණේ කියලා අහන්න ඕන වෙලාවක්. මංගල මැරිලාත් අපිට පාඩම් කියලා දෙනවා.
 
 
 
කහ යනු ලිබරල්වාදය සහ දක්ෂිණ-ලිබර්ල්වාදය සමඟ වඩාත් දැඩි ලෙස සම්බන්ධ වූ වර්ණයයි. තරුණ මංගලගේ දේශපාලන භාවිතය ගැන නොයෙක් දේ කිව්වත් පරිණත වූ මංගල ඔහු සියලු සත්වයේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිව්වේ ගැඹුරු දේශපාලන භාවිතයෙන්. ඔහු හැදින්වුයේ ලිබරල් වාමාංශිකයා කියලා. මංගල මතක ගැඹුරු වෙන්නේ ඒ නිසා.
 
 
 
අපේ අද කහ අවභාවිතා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව තුළ කුරහන් පාට සාටකය දේශපාලනය වගේම කහ සිවුරේ දේශපාලනයත් ශ්‍රී ලංකාවට බද්ධ වෙච්ච නිර්මල බුදු දහමේ දාර්ශණිකත්වය ලේ වැඟිරීම් මිලේව්වත්වය ප්‍රචණ්ඩත්වයට පත් කරලා තියෙන්නේ. සිවුරට තිබූ ගරුත්වය නැති කරලා තියෙන්නේ.

එයින් සැබවින්ම පීඩාවට පත්වෙන්නේ නාගරික හිමිවරුන් නෙමෙයි ඇත්තටම ගම්වල ඇත්තටම සහජීවනයෙන් ජීවත් වන හිමිවරුන්ට. සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය හමුවේ බුදුදහමේ ඉදිරිගාමීත්වය වෙනුවට පසුගාමීත්වය වපුරා ඇත. නිර්මලත්වය කෙලසා ඇත.

සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟ නව නාගරික බුදුදහමේ  නියෝජිතයින් මෙතරම් ආගම අවභවිතා කරන තැත් කිරීමේ සාටක පාපයේ හවුල්කාරීත්වයේ පව් ඔබටත් තියනවා. එයින් ඔබට ගැළවිය නොහැකියි.

ඒ නිසා ඔබේ දේශපාලන භාවිතය තුළ රට ගොඩනැඟීමේ ආර්ථික අර්බුදය ගැන කතා කරනවා වගේම චින්තනමය පරිවර්තනයකට යා හැකි විවිධත්වය අන්තර්කරණ දේශපාලන භාවිතය ගැන කතා කළ යුතුමයි.

කහපාට ඇඳගෙන 43 ප්‍රථම සම්මේලනයේ අදහස් ක්‍රියාත්මක කිරීමට නම් චින්තනමය විප්ලවයට ද දායක විය යුතුයි. නැත්නම් කහපාට ගැන දැනගෙන එය අවභාවිතා නොකරන මෙන් ද කියමි,
 
 
 
මේ වන විට ගාළුමුවදොර තරුණ ප්‍රජාව අරගල කරන්නේ රාජපක්ෂ රෙජිමය පන්නා දැමීමම වෙනුවෙන් පමණක් නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ  අන්තර්කරණ සමාජයක්. සෑම පුරවැසියෙකුටම ගෞරවණීය ජීවිතයක්. මෙතෙක් කල් අහිමි කර තිබුණු නිදහස. එයින් නිරූපණය වන්නේම  හුදු සිංහල බෞද්ධ බල ව්‍යාපෘතිය තුළ සඟවා යටපත් කර තිබුණු විවිධත්වයේ දේශපාලනය. විවිධත්වය පිළිගැනීම. නිදහස් ජීවිතයක්. අන්තර්කරණ සමාජයක්. 
 
 
 
අරගල භූමියේ 43 තරුණ තරුණියන් ද ජවිපෙ ද පෙරටු ද අන්තර්රේද සජබෙ ද ඉන්නවා. මේ අහස අපි හැමෙගේම. අපිට ඕන දේදුන්නේ පාට. ප්‍රජාතන්ත්‍රවාදය ලස්සන කරන්න.

අපිට අනාගතයේ අවශ්‍ය සියලු දේශපාලන පක්ෂ වලින් පොදු මිනිසාගේ අභිවෘද්ධිය සැලසෙන වැඩ පිළිවෙළක් මිසක් කණ්ඩායමකට පමණක් අභිවෘද්ධිය සැලසෙන වැඩපිළිවෙළක් නොව්.

අනාගත දේශපාලන භූමියේ අලුත් මතයක් එක්ක සිටිය යුතු අය අතර පාඨලී දැන් අපි පාට කරමු පාට ලී.....වර්ණවත් සමාජයක් ගොඩනඟමු. මුහුනේ සඟවාගෙන ඇති ජාතිකත්වයේ සිනහව එළියට ගමු.

අරගලයට ජය !



WhatsApp Image 2021 10 19 at 12.42.36 PM(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker
chandimaij@yahoo.com

2022.04.22

(චන්දිමා ජයසේන ෆේස්බුක් පිටුවෙන්...)




 




 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාඨලී පාට කරමු පාට ලී - (චන්දිමා ජයසේන) | The Leader