The Leader News
BREAKING
Top Ad
Opinion

ඥානා වෙනුවට මාව ගන්න

T

The Leader Desk

April 24, 2022 • 10:33 AM

ඥානා වෙනුවට මාව ගන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අරගලයේ මට අමතක නොවෙනම පිංතූරයක්. මම වරින් වර මේ වි‍රෝධය නරඹනවා. එහි අනුරාගය විඳිනවා. ඒක එක විටම පුද්ගල අනුරාගයත්, රට
  • ඒ වගේම සරාගී බවෙන් උපරිම ඒ තරමටම ප්‍රචන්ඩ කතාවක්.
  • ‘ඔය නාකි ගෑනිට වසඟ වෙලා මොකද්ද බං කරන්නෙ?’ නොලියා ඇති ප්‍රකාශය ඒක.
  • ජනාධිපති මේ සියලු මුග්ධකම් කරන්නේ ගැහැණියකගේ වසඟයක් නිසා බවත් ඇය කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැන අනුරාගයත් දරාගත්ත පිංතූරයක්.

මේ සටන්පාඨයේ හැගීම දැනෙන්නෙ එය ඔසවාගෙන සිටින ඇයත් එක්ක. ඇය තමයි සටන්පාඨයේ ප්‍රධානතම කොටස.

අතිශය සුන්දර තරුණියක් ඇගේ අතින් ලියූ විරෝධතා පුවරුවක් ඔසවාගෙන ඉන්නවා.

‘ගෝටා, ඔයා ඕක අතෑරියොත් ඔයාට මාව ගන්න පුළුවන්. (නැත්තං මං ඔයා එක්ක එනවා). මං ඥානක්කට වඩා හොඳයි’

මේක අතිශය නිර්භීත කතාවක්. ඒ වගේම සරාගී බවෙන් උපරිම ඒ තරමටම ප්‍රචන්ඩ කතාවක්. ඈ මුව වසා සිටින්නේත් ‘ගෝටා ගෝ හෝම්’ කියා ලියූ මාස්ක් එකකින්.

එක පැත්තකින් රට වෙනුවෙන් තමන්ව පූජා කරන්න වුනත් සූදානම් කියල ඇය කියනවා. හරියට විහාර මහා දේවි වගේ, ඊට වඩා රමණීය පරිත්‍යාගයක්. අනිත් පැත්තෙන් ඒක දරුණුතම උපහාසයක්.

‘ඔය නාකි ගෑනිට වසඟ වෙලා මොකද්ද බං කරන්නෙ?’ නොලියා ඇති ප්‍රකාශය ඒක.

ජනාධිපති මේ සියලු මුග්ධකම් කරන්නේ ගැහැණියකගේ වසඟයක් නිසා බවත් ඇය කියනවා. ඊට වඩා වසඟයක බලයක් තමන් සතු බවත් කියනවා.

 

මේ සටන්පාඨය ගෝටා ඉක්මවා ගිහින් ලංකාවෙ පිරිමි සමස්තයට වදිනවා. ගැහැණියක් මේ කරන අභියෝගාත්මක ප්‍රකාශය ලංකාවෙ රාජපක්ෂ වර්ගයේ පිරිමින්ට දිරවගන්න අමාරු ‍එකක්. උන්ව සලිත කරන එකක්.

 

ඇය ඒ පුවරුව ඔසවාගෙන ඉන්නේත් ස්ත්‍රී ලාලිත්‍ය මනාව පේන්න ඉරියව්වකුත් සකසාගෙනයි. සුන්දර ස්ත්‍රියකගෙන් තමන් අපේක්ෂා කරන ලැජ්ජාශීලීකම විශේෂයෙන් සෙක්ස්වලට බයකම වෙනුවට ඇය ලිංගිකත්වය, අනුරාගය වැළඳගනිමින් විරෝධය ඉස්සරහට ගේනවා.

මීට කාලෙකට කලින් අපි දැක්කා දුටුගැමුණු දියණියෝ වගේ පිරිසක් ෆේස්බුක් එකේ මතුවෙනවා. ඒ අය කියමින් හිටියෙ සිංහල දරුවන් සියයක් වදන්න තමන් සූදානම් වගේ කතන්දර. ඒ පෝස්ට් හැම එකක්ම වගේ ගැහැණිය දරුවන් වදන මැෂිමක් බවට පත් කරන විදිහෙ ඒවා. ජාතිය වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය දරුවන් හදන එකයි කියන ග්‍රාම්‍ය චින්තනය ලැජ්ජ නැතුව ප්‍රදර්ශනය කිරීමක් ඒක. ඒ අය තමන්ගේ ප්‍රොෆයිල් පිංතූර පවා හංගගෙනයි සිංහල දරුවො හදන්න කතා කරමින් හිටියෙ.

ඒත් මේ තරුණිය තනියම සටන් පුවරුවක් අරගෙන හිටගන්නවා. අනුර‍ාගී උපහාසයකින් ගෝටාටත් ගෝටා පන්නයේ වඳ සැත්කම් පිරිමින්ටත් දමා ගහනවා. සියලු පොලිටිකලි කරෙක්ට් සීමාවන් ඉක්මවා යන ඒක ලිංගිකත්වයේ සහ වසඟයේ දරුණු ප්‍රහාරයක්.


චින්තන ධර්මදාස (Author of Faculty Of Sex)(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
vyadhadeva@gmail.com


Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඥානා වෙනුවට මාව ගන්න | The Leader