The Leader News
BREAKING
Top Ad
Opinion

තරුණ අරගලයෙහි ගාන්ධීයානු ශ්‍රී ලාංකික ඓතිහාසික මොහොත - චන්දිමා ජයසේන

T

The Leader Desk

April 25, 2022 • 8:59 AM

තරුණ අරගලයෙහි ගාන්ධීයානු ශ්‍රී ලාංකික ඓතිහාසික මොහොත - චන්දිමා ජයසේන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු නිදහස් සටන තුළ ගාන්ධි ඇතුළු පිරිස රැගෙන ගිය අවිහිංසාවාදී ව්‍යාපාරය ඉන්දියාවෙන් නතර නොවිණි. එයින් පසු ඉන්දියානු ආදර්ශය ගත්
  •  දැන් දැන් ලෝකයට අවිහිංසාවාදී  ආදර්ශ ආකෘතිය පිළිබඳ පිබිදීම ඇති කරන්නේ  ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරු සම්බන්ධයෙන් පවත්වාගෙන යන ගාලුමුවදොර පැවත්වෙන තරුණ විරෝධතා තුළින්ය.
  • එය විරෝධතාවය ප්‍රකාශ කරන තවත් ප්‍රබල මාදිලියක් විය.
  • කාන්තාවක් වශයෙන් ඇයට විඳින්නට සිදුවන අනේකවිඳ දුක්කදොම්නස් ඇඟේ ප්‍රකාශයෙන් ද අපිට අසන්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමරිකාවේ මාටින් ලුතර් කිං ජුනියර් විසින් නායකත්වය ලබා දුන්  කළු ජාතික ව්‍යාපාරය තුළත් ප්‍රබලව දක්නට ලැබුණි. සාමකාමී පාද යාත්‍රා , උද්ඝෝෂණ වැඩවර්ජන, හර්තාල් තුළින් කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් ඉල්ලා සිටීමයි.

 

ab1

 

ඉන් අනතුරුව නෙල්සන් මැන්ඩෙලා විසින් නායකත්වය ලබා දුන් දකුණු අප්‍රිකාවේ නිදහස් සටන තුළ ද මෙම සංකල්පය ප්‍රායෝගිකව යෙදවීම දක්නට ලැබුණි.  දැන් දැන් ලෝකයට අවිහිංසාවාදී  ආදර්ශ ආකෘතිය පිළිබඳ පිබිදීම ඇති කරන්නේ  ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරු සම්බන්ධයෙන් පවත්වාගෙන යන ගාලුමුවදොර පැවත්වෙන තරුණ විරෝධතා තුළින්ය.

 


එය යටත්විජිත වලින් නිදහස ලබා ගැනීම සඳහා ලොව පුරා සිදුකල පැරණි සමාජ ව්‍යාපාර වලට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නා ආකාරය පහුගිය දිනවල අරගලය නිරීක්ෂණය කිරීමේ දී අරගල භූමියේ සැරීසැරීමේ දී  දක්නට ලැබිණි. හුුදු විරෝධතා වෙනුවට විවිධ සංස්කෘතික අංග එකතුවීමත් දක්නට ලැබුණි. පාද යාත්‍ර , සත්‍යග්‍රහ , උද්ඝෝෂණ ද විවිධ කලා ශිල්ප ක්‍රම භාවිතා කරමින් සිදුකරන විරෝධතා ද දක්නට ලැබිණි. ජනතාව ආකර්ශණය සඳහා විරෝධතාවයන් සඳහා ද නව මෙවලම් යොදාගැනීම් දක්නට ලැබුණි.


FPMbi5mXoAQRx7S

ඒ අතර රාජපක්ෂවරුන්ට ගෙදර යන්නට කියන සටන් පාඨයට ඉතාමත් බර හදකම්පන කරවන අවි යොදාගැනීමත් වරින් වර දක්නට ලැබුණි. එය රාජපක්ෂවරුන් ගෙදර යන තැනට ඉල්ලා මිරිහානෙන් ඇරඹි උද්ඝෝෂණයේ  බිළිදෙකු වඩාගත් තරුණ මවකගේ ආගමනය  අරගල තුළ ප්‍රබල රූපකයක් එක්කරන්නට විය. තවත් බහින්නට තැනක් නැතුව පතුලටම වැටුණු අපිට සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාවගේ වෝලය සකස් වුයේ මෙම තරුණ  මවගේ පිංතූරයෙනි. එය විරෝධතාවය ප්‍රකාශ කරන තවත් ප්‍රබල මාදිලියක් විය. කාන්තාවක් වශයෙන් ඇයට විඳින්නට සිදුවන අනේකවිඳ දුක්කදොම්නස් ඇඟේ ප්‍රකාශයෙන් ද අපිට අසන්නට ලැබිණි. ඇයගේ නිරූපණය සමස්ත අම්මාවරුන්ගේ පීඩාවම සංකේතාත්මකව නිරූපණය විය.


ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් සංවිධානය කළ පාර්ලිමේන්තුව අසල තිබු විරෝධතාවයක ගැහැණු ළමයෙක් පොලිස් නිළධාරියෙකුට රෝස මලක් දෙන පිංතූරයක් ද සැරිසරන්නට විය. වියට්නාමය යුද්ධය වැනි ලෝක යුද්ධ වලදී සිදුකළ ආදරය සහ උණ්ඩය පිළිබඳ උපායිමාර්ගික සිතා බැලීමක්  තරුණ අරගලය තුළට එක්කර තිබිණි.  ඊට වඩා එය ප්‍රබල රූපකයක් වන්නේ මෙම නූතන විලාසිතාවෙන් සැරසී සිටින තරුණිය සමස්ත තරුණ ප්‍රජාව සහ පීඩාව නිරූපණය කරමින් රාජපක්ෂවරුන්ගේ නපුරට එරෙහිව අවිහිංසාවාදය පැතිරවීමත්  අරගලයේ වාමවාදී මානය තවදුරටත් තීවුර කළේය.

FP06f9UaQAsiSOa

 

අරගලයේ දවසින් දවස වෙනස්වන උපායමාර්ගික අතර නැවතත් ගාන්ධීයානු අවිහිංසාවාදී උපක්‍රම මෙහෙයවීම් දක්නට ලැබුණි. ඒ නිසා මෙම අරගලයේ හැඩය විටෙක නව සමාජ ව්‍යාපාරවල ලක්ෂණ නිරූපණය ද තවත් විටෙක යටත්විජිත නපුරට එරෙහිව සිදුකළ අරගල වල ලක්ෂණ නිරූපණය ද වරින් වර දක්නට ලැබිණි.

 

kjs 2022.4.25


එය කන්‍ය සොයුරියන් විසින් අන්තරේ පෙළපාලී ආ තරුණයින් ඉදිරියට ඇවිත් ඔවුන්ව ආරක්ෂා වැටක් සේ සිට ගැනීමයි. යක්ෂයාට ඝණ ආදර තාප්පය බැඳීම බලා සිටින්නන්ට නෙත් කුදුළුන් තෙත් විය. මෙය මා දකින්නේ ශ්‍රී ලාංකේය  ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන අරගලකරුවන්ගේ ඓතිහාසික ගාන්ධීයානු මොහොත බවයි. එය නැවතත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ එකිනෙක සිදුවීම් අල්ලා සකස් වූ චිත්‍රපටියක් අප හමුවේ දිස්වෙන ආකාරයෙන් කම්පනයටත් අරගලය කෙරෙහි අනුරාගය තීවුර කිරීමටත් හේතුවක් විය. අරගලයට ආදරය කිරීමටත් නොකඩවා පෙළඹීමට හේතු වේ.


මෙමඟින් පෙන්නුම් කරන්නේ ගේඨාගෝගමේ පුරා  සිටින  සියලු ප්‍රජාවන් ඇතුළු සමාජ වෙනසක් අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා ප්‍රබල ආධ්‍යාත්මික සංකේතයක් බවට මෙම කන්‍ය සොයුරියන් පත් වී ඇති බවයි. අනෙක් අතට උණ්ඩය වෙනුවට දයාව වැපිරීම ද බලා සිටින අප තුළත් ඇහැට කදුළු කැට උනන්නට වීම මඟින් ද අරගලය තුළ සිටින තරුණයින් හා සියලු වැඩිහිටියන් සමෝධානික වීම ද මෙමඟින් පෙන්වන යටි අරුත වේ.


සාමාන්‍යයෙන් අන්තරේ අරගල කෙරෙහි වපර ඇසින් බලන බොහෝ දෙනෙකුගේ මුවින් ද යක්ෂයාගෙන් ආරක්ෂා කර දෙන මෙන් දේව කන්නලව් ද මේ ක්‍රියාව තුළ ඇතුළත් වේ.  ඒ නිසා දෙවියන් ඉදිරියේ යක්ෂයා දණ නවන මොහොත ලෙසත් මෙය දැක්විය හැකිය.


අනෙක් අතට කාඩිනල් ඇතුළු පිරිසත්  මෙම මොහොතේ පාස්කු ප්‍රහාරයේ  වින්දිතයින්ට යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරය දැනුවත් කරමින් කිතුණුවන්ගේ ගෞරවාදරයට පත් වූ වතිකානුවේ ශුද්ධ වූ පාප් වහන්සේ ලඟ දණ නමා සිටින මොහාතක කන්‍ය සොයුරියන්ගේ නැඟී සිටීම  භූ දේශපාලනික වැදගත් මොහොතක් ද නිරූපණය කෙරේ.


samuelhuntingtonසැමුවෙල් හන්ටින්ටිංසැමුවෙල් හන්ටින්ටිං සඳහන් කරන බටහිර යටත්විජිතවාදයේ ඉලක්ක බවට පත්වන අපේ  ඉතිහාසය බටහිර හා එක්ව හැඩ සකස් කරමින් සිටියි. ලංකාව වැනි රටක් උදාහරණයට ගත් විට බෙදුම්රේඛා  විශාල වශයෙන් අලුතින් නිර්මාණය විමට බල දේශපාලනය ක්‍රියාත්මක වුවත්  නව අන්තර් ආගමික ජනවාර්ගික සමාජ පර්යයායක් ද ගොඩනැඟීමට මෙම අරගලය අනෙක් අතට දායකත්වය සපයනු  ලැබෙන බව අපිට අවබෝධ කරගත හැකියි.


මෙමඟින් ස්ත්‍රීමය ශරීරයේ සංස්කෘතික නිර්මිතය ද නිරූපණය ද අන්තර්ගත වේ. ගැටුම් නිර්මාණය කරන්නේ පුරුෂයින් මූලීක කරගත් පුරුෂාධිපත්‍ය සමාජය වන අතර ස්ත්‍රිය ඒවා නිවීමට දායක වීම වැනි ස්ත්‍රීපුරුෂ සමාජභාවීය නිර්මිත වලට වඩා ඇයගේ නිර්භීත ඉදිරිපත් වීමක් ද මෙහි අන්තර්ගත කරුණු අතර වේ. රට වෙනුවෙන් යුක්තිය වෙනුවෙන්   සමාජය සමතුලිත කිරීමේ භූමිකාව ද සමස්ත ස්ත්‍රී නිරූපණයෙන් දිස් වේ.

54243 LKAfuneralsEasterSundayattacks190423Reuters 1556006982633


පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරනවා යැයි ජනතාව මුලා වේ දමා  බලයට ආ පාලක පංතියට සුදු ලෝගුවේ බලය පෙන්වීමේ රැඩිකල් අවිහිංසාවාදී ප්‍රතිරෝධය ද මෙහි අවධාරණය වේ. මෙය හුදු අවිහිංසාවදී ක්‍රියාවකට වඩා රැඩිකල් ලෙස මට හැඟෙන්නේ රාජපක්ෂ නපුර වෙනුවට යුක්තිය සහ සමානාත්මතාවය සඳහා සාමකාමී වෙඩි මුරය මෙම කන්‍ය සොයුරියන් විසින් තැබීමයි. එය තෙවැනි පාර්ශවයන්ගේ අවධානයට යොමු කිරීමට ද  ඔවුන් කෙරෙහි යුක්තිය ඉටුවීමට ද රට වර්තමානයේ ඇද තබා තිබෙන අර්බුදය තවදුරටත් ජාත්‍යන්තරයේ අවධානනයටත් හේතු වේ.


දිනෙන් දින අලුත් වන අන්තර් ආගමික සහජීවනය දිස්වන පොදු ජන අරගලයට ජය !!

 



WhatsApp Image 2021 10 19 at 12.42.36 PM(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker

chandimaij@yahoo.com
2022.04.24

(චන්දිමා ජයසේන ෆේස්බුක් පිටුවෙන්...)


නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15


 

Leader Whats app

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරුණ අරගලයෙහි ගාන්ධීයානු ශ්‍රී ලාංකික ඓතිහාසික මොහොත - චන්දිමා ජයසේන | The Leader