The Leader News
BREAKING
Top Ad
Opinion

ලෙනින් උත්ථාන වන්නේ විප්ලවයක් සිදුනොවන තැනය - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

April 25, 2022 • 8:02 PM

ලෙනින් උත්ථාන වන්නේ විප්ලවයක් සිදුනොවන තැනය - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීට්ෂ කිව්වා නූතන මිනිසා විසින් දෙවියන් මරා දැම්ම කියල. හැබැයි මියගිය දෙවියෝ ජීවමාන දෙවියන්ටත් වඩා ප්‍රභලයි කියල නූතන මනෝවිශ්ලේෂණය කියනවා.
  • එතැන තමයි දෙවියන්ගේ බැල්මෙන් අපි නිශ්චිත ලෙස නිදහස් වෙන තැන.
  • දෙවියන්ගේ පුත්‍රයා යේසුස් විසින්ම ශක්තිමත් ලෙස ඔප්පු කළ දෙයක් එහෙනම් ජෙහාන් නැවත ඔප්පු කරන්න හදන්නේ ඇයි?
  • මනෝවිශ්ලේෂණය ඇතුලේ මේකට ගෙනෙන පැහැදිලි කිරීම තමයි 'දෙවියන්ගෙන් නිදහස් වුන වස්තුව' (නූතන මිනිසා) නිදහස් වුණාට ඒ වස්තුව ඇතුලේ දෙවියන්ගේ බැල්ම තවදුරටත් පැවතීම නිසා එයාට සම්පුර්ණ වශයෙන් නිදහස් වෙන්න බැරිවීම කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):



කුරුසියේ වේදනාවන් ඉන්න දෙවියන්ගේ පුත්‍රයා අවසානයේ සිහි විකල්ලෙන් වගේ අහනවා 'පියාණෙනි ඇයි මාව අමතක කළේ' කියල.

එතකොට තමයි යේසුස් දිහා බලන් ඉන්න මිනිස්සු හිනා වෙන්න ගන්නේ. ඒ හිනා වෙන්නේ අවසන් වතාවට හැමෝටම තේරෙන නිසා දෙවියන් අපිව වේදනාවන් නිදහස් කරගන්න එන්නේ නැහැ කියල. අවම වශයෙන් දෙවියන්ගේ පුත්‍රයාවත් නිදහස් කරගන්න දෙවියන් එන්නේ නැහැ.  


ලෝකය වෙනස් කරන්නත් මිනිසා වේදනාවෙන් නිදහස් කරන්නත් එහෙනම් සිද්ද වෙන්නේ අපිටම තමයි. ඒක ලොකු නිදහසක්. සමහර විට අපිටත් දරා ගන්න බැරි දිව්‍යමය නිදහසක්.

 

යේසුස් විසින් එහෙනම් ඔප්පු කළා දෙවියන් තව දුරටත් අපි දෙස බලා නොසිටී කියල. එතැන තමයි දෙවියන්ගේ බැල්මෙන් අපි නිශ්චිත ලෙස නිදහස් වෙන තැන.

දෙවියන්ගේ පුත්‍රයා යේසුස් විසින්ම ශක්තිමත් ලෙස ඔප්පු කළ දෙයක් එහෙනම් ජෙහාන් නැවත ඔප්පු කරන්න හදන්නේ ඇයි?

මනෝවිශ්ලේෂණය ඇතුලේ මේකට ගෙනෙන පැහැදිලි කිරීම තමයි 'දෙවියන්ගෙන් නිදහස් වුන වස්තුව' (නූතන මිනිසා) නිදහස් වුණාට ඒ වස්තුව ඇතුලේ දෙවියන්ගේ බැල්ම තවදුරටත් පැවතීම නිසා එයාට සම්පුර්ණ වශයෙන් නිදහස් වෙන්න බැරිවීම කියන එක.

ඒ නිදහස් නැති බව නිසා මිනිස් සමාජයේ පතුලක් නැති දුෂ්ටබව ගැන අපි තවදුරටත් දෙවියන්ගෙන් ප්‍රශ්න අහනවා.

කටුවාපිටියේ පල්ලියේ සහ අනෙක් තැන්වල පාස්කු ඉරිදා ආත්මයන් වෙනුවෙන් මිනිස් සමාජයේ සුවපත් නොවූ වේදනාවක් පවතිනවා. ඒ නිසා තවදුරටත් අපි දෙවියන්ගෙන් අහනවා ඒ වගේ විශාල වේදනාවක් මිනිස්සුන්ට දුන්නේ කොහොමද කියල. සාධාරණයක් නොදුන්නේ ඇයි කියල අප තුළ ඉන්න දෙවියන්ගේ බැල්ම මිනිස් සමාජයෙන් ම ප්‍රශ්න නඟනවා.

වතුර පොදක් ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ කොහොමද? දවස් තුනක් මඟ බලාගෙන ඉඳල පැට්‍රල් ටික ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ මොන හිතකින්ද?

මේ නො-සුවපත් නො-විසඳුනු මිනිස් ගැටළුවේ 'දිව්‍යමය බර' තමයි ජෙහාන් අප්පුහාමි කටුවාපිටියේ ඉඳල ගෝල්ෆේස් වෙනකල් උස්සගෙන ආවේ.

කලාව කන්නද නැත්නම් උසස් ප්‍රසාංගික බවේ ඇති වැඩක් තියනවද වගේ ප්‍රශ්නයක් කවුරුහරි ඇහුවොත් ජෙහාන් අප්පුහාමි කුරුසේ කරගහගෙන ආපු ෆොටෝ එක පෙන්නපන්...

 

ලෙනින් කරපු දේ නැවත නැවතත් කරමු කතාව (repeating Lenin) එන්නෙත් මේ පුනරුක්ති න්‍යායික පදනමෙන්ම තමයි. දෙවියන්ගෙන් නිදහස් උණාට ඇත්තටම තවමත් වේදනාව මිනිස් සමාජයේ පවතිනවා නම් එතැන නැවතත් අපිට දිව්‍යමය ක්‍රියාවක් ඉතුරුවෙලා තියනවා. පොදු සමාජයේ බඩගින්න, වේදනාව, අසාධාරණය තව දුරටත් පවතින හැම වෙලාවකම විප්ලවය පිළිබද අදහස ආයේ ආයෙත් පණ ගහන්න ගන්නවා.

 


ඒ නිසා 'ලෙනින් ප්‍රාදූර්භූත වන්නේ විප්ලවයක් සිදුවෙන තැන නොවෙයි නොසිදුවන තැන' කියල ජිජැක් කියනවා.


Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



 

 
 
 
නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 
 
 

 

 

 


Leader Whats app

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෙනින් උත්ථාන වන්නේ විප්ලවයක් සිදුනොවන තැනය - (මහේෂ් හපුගොඩ) | The Leader