The Leader News
BREAKING
Top Ad
Opinion

අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

April 26, 2022 • 5:45 AM

අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද රාජපක්ෂගේ මරුකියවන කයිවාරු කුමක් වුවත්, ලබන සතිය වන විට අන්තර්වාර පාලනයක් පත්වනු ඇත.
  •   මූල්‍ය පාලන බලයක්, නීති සම්පාදන හැකියාවක්, ආරක්ෂක හමුදාවලට අණදීමේ හැකියාවක් නොමැති මහජන ආණ්ඩුවකට වර්තමාන මොහොත සම්බන්ධයෙන් ලොකු බලපෑමක් කළ නොහැක.
  • අලුත් බලාපොරොත්තු ඇතිකරන ජනතා ආණ්ඩුව යථාර්ථයක් කරගැනීමට අප උත්සාහ කළ යුතු යයි සිතමි.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තු ප්‍රභූවරුන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයට උපකාර කළ යුතු මුත් පොහොට්ටු ඩලස්ලා, සජිත්ලා, රනිල්ලා, මෛත්‍රීලා, විමල්ලා, අනුරලා කිසිවෙකු ඔය වතුර හැළිය කැඳ කරන්නට හාල් දමනු ඇතැයි සිතිය නොහැකි තරම් කට්ටිවාදී, වංක ඉතිහාසයක් ඔවුන්ට තිබේ.

වැදගත් වන්නේ නායකත්වයයි. රනිල් උද්දච්ඡ වැඩිය. ඩලස් පොහොට්ටු වැඩිය. ෆොන්සේකාගේ කට හොඳ නැත. හරිනි ජේවීපී වැඩිය. චම්පික මං පොරය.

පිටතින් නායකයකු ගෙනෙනවා නම්, කරු ජයසූරිය හෝ සාලිය පීරිස් වැනි අයෙකු හොඳය . දෙන්නාම ⁣අන්තර්වාර ආණ්ඩුවක සිටිනවා නම් වඩා හොඳය. ප්‍රභූ උපදේශක සභාවක් පිහිටුවීම ද ඉතා හොඳය.

opkj

 

කෙසේ වෙතත්, අරගලය නතර නොවිය යුතුය. මා සිතන පරිදි නම්, නිර්ප්‍රභූ පුරවැසියන්ට වඩාත් හොඳ පියවර යෝජනා කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරයයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුවකි.

 

මූල්‍ය පාලන බලයක්, නීති සම්පාදන හැකියාවක්, ආරක්ෂක හමුදාවලට අණදීමේ හැකියාවක් නොමැති මහජන ආණ්ඩුවකට වර්තමාන මොහොත සම්බන්ධයෙන් ලොකු බලපෑමක් කළ නොහැක. එහෙත්, පිටත සිට කරන උද්දේශනයන් අන්තර්වාර පාලනය පවත්වාගැනීමට සහ නිසි දිශානතියක් වෙත යොමුකිරීමට ප්‍රයෝජනවත්ය.

ජනතා ආණ්ඩුව වැනි ක්‍රියාමාර්ග වැදගත් වන්නේ අන්තර්වාර පාලනයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමේදීය.

විශේෂයෙන් සමගි ජන බලවේගය වටා එකතු වී සිටින ලුම්පන් ධනපතියන් අතට බලය හුවමාරු වීම වළක්වාගැනීමටත්, නාමයෝජනා දීමේදී දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමටත්, ඒ සියල්ලටම වඩා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මහජන භාවිතාවක් සඳහාත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුවක් වැදගත් වනු ඇත.

දේශපාලනය උරුම විය යුතු සැබෑ පරපුර වෙත දේශපාලනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් විවර කරදෙන්නට එවැනි පියවරක් ඉවහල් කරගත හැකිය.

එවැනි ක්‍රියාමාර්ගයකට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන්නේ නම්, පළමුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ ගතානුගතික භාවිතාවන්ගෙන් නිදහස් විය යුතුය.

අලුත් බලාපොරොත්තු ඇතිකරන ජනතා ආණ්ඩුව යථාර්ථයක් කරගැනීමට අප උත්සාහ කළ යුතු යයි සිතමි.



ඩියුටි ෆ්‍රී' වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය -අජිත්  පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...