The Leader News
BREAKING
Top Ad
Opinion

පළමු නිදහස් අරගලය - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

April 27, 2022 • 6:32 AM

පළමු නිදහස් අරගලය - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඡායා : Thilina Kaluthotage Photography
  • ඇත්තෙන්ම උන් වහන්සේ නම් බුදුන් වහන්සේගේ ගෝල පරම්පරාවේ කෙනෙක් කියලා වන්දනා කරන්න පුළුවන් හිමිනමක්.
  •     ධම්මානන්ද හිමියන් කියනවා 1948 දී නිදහස ලැබෙන කාලේ  තිබුණේ රටේ ඉංග්‍රීසි උගත් කුඩා කණ්ඩායම් කිහිපයක් අතර බලය බෙදා හදාගැනීමේ අරගලයක් මිස, සෑම ජන කොටසකගේම අවශ්‍යතා සළකා බලා සිදු වූවක් නොවන බව.
  • උන්වහන්සේ කියනවා "හොඳින් කළමනාකරණය කරගත හැකිනම්, මේ පැමිණ ඇත්තේ පළමු නිදහස් අරගලය කිරීමට අවශ්‍ය වටපිටාවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වැදි බණ වෙනුවට බුදු බණ දේශණා කරන ස්වාමීන් වහන්සේ නමක් වන, වල්පොල රාහුල ආයතනයේ පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ "මේ පැමිණ ඇත්තේ පළමු නිදහස් අරගලය කිරීමට අවශ්‍ය වටපිටාවයි" යන වැඩසටහන අසන්නට ලැබුණා.

ඇත්තෙන්ම උන් වහන්සේ නම් බුදුන් වහන්සේගේ ගෝල පරම්පරාවේ කෙනෙක් කියලා වන්දනා කරන්න පුළුවන් හිමිනමක්.  

 

278861216 5052819721466906 109134366771356406 n


ධම්මානන්ද හිමියන් කියනවා 1948 දී නිදහස ලැබෙන කාලේ  තිබුණේ රටේ ඉංග්‍රීසි උගත් කුඩා කණ්ඩායම් කිහිපයක් අතර බලය බෙදා හදාගැනීමේ අරගලයක් මිස, සෑම ජන කොටසකගේම අවශ්‍යතා සළකා බලා සිදු වූවක් නොවන බව. ඒ නිසාම එදා සිට මේ දක්වාම ඒ ඒ කුඩා කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා වරින් වර අරගල කළා මිස තනි ශ්‍රී ලාංකික ජාතියක අනන්‍යතාවය වෙනුවෙන් අරගල සිදු නොවුන බවත්, නමුත් අද සැවොම මුහුණදී තිබෙන්නේ එකම පොදු ප්‍රශ්ණයකට නිසා පක්ෂ, පාට, ජාති, කුලමල, ආගම්, ගෑණු පිරිමි වැනි සියළු බෙදීම් පැත්තකට දාලා එකතු වෙලා ඉන්න බවත් එතුමා කියනවා.


උන්වහන්සේ කියනවා "හොඳින් කළමනාකරණය කරගත හැකිනම්, මේ පැමිණ ඇත්තේ පළමු නිදහස් අරගලය කිරීමට අවශ්‍ය වටපිටාවයි. එය මග හැරෙන්නට ඉඩ නොදෙමු" කියලා.

 
ඒ වාගේම උන් වහන්සේ "ජන අරගලය සහ ශාසනය" කියලා භික්ෂූන් අමතලා දේශනයක් කළා. ඒකෙ උන් වහන්සේ කිවුවා  "අපි ඔක්කොම අපේ ලොකු පුටු වලින් බිමට බැහැලා ඉතාම නිහතමානීව මේ ස්වයං විවේචනය කලයුතුයි කියලා මම යෝජනා කරනවා" කියලාත්. ඒක රටේ ඉන්න සෑම සියළු සංඝයාම අහන්න වටින දේශනයක්.  

 

image 3b4add7726


ධම්මානන්ද හිමියන් කිවුවා වගේ මේ තමයි පුරවැසියන් හැමෝටම ඇවිත් තියෙන හොඳම චාන්ස් එක. හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නයක්, විඳින්නේ එකම වේදනාවක්, සිටින්නේ පොදු සතුරෙක්.

 

1956 දී දේශපාලන විතරක් නෙවෙයි සාමාජීය සංස්කෘතික වෙනසක් කළා කිවුවාට, එදා එකතු වුනේ බහුතරවම සඟ, වෙද, ගොවි, ගුරු සහ කම්කරු යන සිංහල බෞද්ධ පිරිස. මේ පස්ගෝරසයට සිංහල ඔන්ලි කියලා ලේබලයකුත් දාලා මාරකැට්ටුවට දැම්මා. එදා ඒතරම් ආර්ථික අහේනියක් නොතිබුනත් පන්ති පරතරය උළුප්පා ගත් නිසා භාණ්ඩය අති සාර්ථකව අලෙවි වුනා.  


ඉන් පස්සේ පස්පංගුව වෙනුවට ඡන්ද ව්‍යාපාරවලදී බොහෝ දේවල්, ඒ කියන්නේ බෞද්ධ, සිංහල, දෙමළ, මුස්ලිම්, වතුකර,  කුලගෝත්‍ර වගේම නොයෙක් මතවාදයනුත් මදි නොකියන්න අලෙවි වුනා.  පස්පංගුවේ සමහර සංඝටක බෙලහීන වුනා. ඒත් සඟ වෙද සංඝටක අළුත් ස්වරූපයන්ට රූපාන්තරණය වුනා.

එදා ජාතික ඇඳුම ඇඳගෙන පස්ගෝරස අරගලයට ජවය දුන් වෙද සංඝටකය වෙනුවට මෙදා නාථ දෙවියන් සහ කාලි අම්මා එක්ක ගනුදෙනු කරන, හිපොක්‍රටික් දිවුරුම පැත්තට දාලා ඒ වෙනුවට කෘෂි රසායනික පෝර, පස් ගැන විශේෂඥ උපදෙස් දෙන පන්නයේ අරුමෝසම් දොස්තර
මාෆියාවක් ඒ තැන ගත්තා. සඟ සංඝටකයේ ඇතැමුන් අතිශයින් බිහිසුණු ලෙස ප්‍රචණ්ඩකාරී වෙලා මැර කල්ලි තත්වයටම පත්වුනා.

 

සඟ වෙද සංයෝජනය මගින් මෑත අතීතයේ කුරුණෑගල දියත් කළ "වඳ බලවේගයෙන්" මොනතරම් විනාසයක් වුනාද? ජාතිවාදය, ජාතිකවාදය මොනතරම් පොදු ජනතාවගේ ඔළුගෙඩි වලට  කාන්දු කළාද කියනවා නම් චීවර ධාරීන් මාධ්‍ය නාලිකා වලට ඇවිත් කිවූ පැලෝපීය නාල මිරිකීම, වඳ කොත්තු, වඳ යට ඇඳුම් වැනි අමන කතා කිසිම විචාර බුද්ධියකින්, තාර්කික චින්තනයකින් තොරව ඔවුන් විශ්වාස කළා. ඒ සිද්ධි වල, බොරු ප්‍රචාර වල අග්‍ර ඵලය විදියට ලැබුණ පාලන තන්ත්‍රය නිසා තමයි රට අද ඉන්න තත්වයට පත්වෙලා තියෙන්නේ.

 
මේ අර්බුධයෙන් ගැලවීම ගැන ධම්මානන්ද හිමියන් කාලෝචිත, තර්කානුකූල පැහැදිලි කිරීමක් කරනවා. උන් වහන්සේ භික්ෂූන් අමතලා කළ දේශනය නම් හරිම විශිෂ්ටයි. දැනට නම් බොහොමයක් පුරවැසියන් ගෝත්‍රික රාජාණ්ඩු මානසිකත්වයෙන් ගැළවිලා ඉන්නේ.

 

මේ වතාවෙත් රට හරි මගට ගන්න බැරි වුණොත් නම්, කිසිම විද්‍යාත්මක පදනමක් නැති වුණත් උපකල්පනය කරන්න වෙන්නේ ජනප්‍රවාදයේ කියන විදියට, "බුද්ධිය හීනවී වල්මත් වැසියන් බිහිවේවා"; යනුවෙන් එදා කුවේණි රටට කළ සාපයද මේ කියලාම තමයි.

image

(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com


ලේඛිකාවගේ වෙනත් ලිපි :


අපේ කලා කරුවන්ට ස්තුතියි (කාන්ති කාරියවසම්)

ඔබ තවම අප සමගයි - (කාන්ති කාරියවසම්)

මීලඟට ඉරණම කුමක් වියහැකිද? - (කාන්ති කාරියවසම්)

සමාවෙන්න, දරුවනේ -(කාන්ති කාරියවසම්)

අප්‍රියෙල් පළමු වැනිදා - අප නොරැවටෙන දිනය (කාන්ති කාරියවසම්)

අපේ මීමුත්තා, හිටපු අගමැතිතුමා සහ සර්ව පාක්ෂික සමුළුව - (කාන්ති කාරියවසම්)

දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)

අණනසුඛ සූත්‍රය වන වැදුනාද? -කාන්ති කාරියවසම්

හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත - (කේ. කාරියවසම්)

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්


Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...