The Leader News
BREAKING
Top Ad
Opinion

ජනපති තනතුර පීඩිතයන් වෙනුවෙනි - (දීප්ති කුමාර ගුණරත්න)

T

The Leader Desk

April 27, 2022 • 7:09 AM

ජනපති තනතුර පීඩිතයන් වෙනුවෙනි - (දීප්ති කුමාර ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ අද දවසේ ඇති වී ඇති දේශපාලන අර්බුදයේ මූලය ඇත්තේ, රට තුළ කාලයක් තිස්සේ දික්ගැස්සෙමින් එන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක්
  • ශ්‍රී ලංකාවේ ‘දේශපාලන-ආර්ථික’ ව්‍යුහය මහින්ද රාජපක්ෂගේ 2005-2015 යුගයේ දී ව්‍යුහාත්මක පෙරළියකට ලක් විය.
  • ඉතාමත් අවිධිමත් ලෙස, රජයේ ගුරුවරුන්ගේ සිට සංවර්ධන නිලධාරීන් දක්වා තොග ගණනින් රාජ්‍ය අංශයට බඳවා ගන්නා ලදී.
  • 2015 දී බලයට පැමිණි යහපාලනයට ද, මෙම ක්‍රමයම අනුගමනය කිරීමට සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙසිනි.

පසුගිය වසර 2 ක පමණ කාලය තුළ, චීනයේ සැපයුම් ජාලය කෝවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලාභ බඩුවල හිඟයක් ඇති විය. පකිස්ථානයේ ද සිදු වුයේ, මෙය යි. ලාභ බඩුවල හිඟය කිසියම් රටක ජාතික ආර්ථිකයක් කෙරෙහි මෙතරම් බලපාන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ‘දේශපාලන-ආර්ථික’ ව්‍යුහය මහින්ද රාජපක්ෂගේ 2005-2015 යුගයේ දී ව්‍යුහාත්මක පෙරළියකට ලක් විය. යුද්ධය ජයග්‍රහණය කොට විරැකියාවෙන් පෙළෙන විශාල තරුණ ජනගහනයකට රැකියා අවස්ථා සැපයීමේ දී, මහින්ද රාජපක්ෂ රාජ්‍ය අංශයට මුල් තැන දුන්නේය.

ඉතාමත් අවිධිමත් ලෙස, රජයේ ගුරුවරුන්ගේ සිට සංවර්ධන නිලධාරීන් දක්වා තොග ගණනින් රාජ්‍ය අංශයට බඳවා ගන්නා ලදී. මෙයින් සිදු වූයේ, රජයේ බදු ආදායම් සංයුතිය පුද්ගලික අංශයෙන් පොදු අංශයට විතැන් වීමයි. 2015 දී බලයට පැමිණි යහපාලනයට ද, මෙම ක්‍රමයම අනුගමනය කිරීමට සිදු විය.

අද දවසේ වෘත්තීය සමිති තක්කඩින් විසින් ඉහත කටුක යථාර්ථය ඊනියා මාධ්‍යවලින් සහ මහජනයාගෙන් වසන් කරනු ලැබේ. අතිවිශාල රජයේ සේවකයන් සංඛ්‍යාවකට රාජ්‍යයේ ආදායම් වලින් අසාමාන්‍ය ලෙස විශාල පංගුවක් වෙන් කිරීමට සිදු වී ඇත.

 

එම නිසා, අලුත් අභියෝගය වන්නේ, රාජ්‍ය අංශයේ රැකියා විතැන් කොට පුද්ගලික අංශයේ රැකියා සහ පුද්ගලික ව්‍යාපාර අංශය විස්තාරණය කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණය කිසිදු ආකාරයකට IMF උගුලක් නොවේ. ශක්‍ර දෙවියා ඊළඟට ජනාධිපති වූවත්, මෙය කළ යුතු ය. ජනාධිපති තනතුර අහෝසි කිරීමෙන් සිදු වන්නේ, පකිස්ථානයේ මෙන් අස්ථාවර ආණ්ඩු දිගින් දිගට පහළ වීම පමණි.

 

JR 3 696x458

J.R. ජයවර්ධන 78 දී ‘කේන්ද්‍රීය බලය’ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තනතුරට විස්ථාපනය කළේ, රටේ ව්‍යවස්ථාදායකයේ ‘ආත්මීය ගැටලුව’ [SUBJECTIVE PROBLEM OF SINHALESE MASCULINITY]නිසා සමාජීය වශයෙන් පීඩිතව ජීවත්වන මහජනයාට සේවය කිරීමට ය.

 උදාහරණයක් ලෙස, 1978 ට පෙර ලංකාවෙන් හුදු ශ්‍රමය සඳහා විගාමික වූයේ නැත. බොහෝ දෙනා එකල පිටරට ගියේ, විදෙස් අධ්‍යාපනය ලැබීමට ය. ඔවුන්ගෙන් ලංකාවට යළි ඩොලර් පැමිණීමක් සිදු වුයේ නැත. නමුත්, 78 ට පසුව, මැදපෙරදිගට ගිය විගාමික ශ්‍රමිකයන් විසින් ලංකාවට ඩොලර් එවන්නට පටන් ගත්තේ ය.  

දැන්, අපිට 80 වැඩ වර්ජනය සඳහා අලුත් අර්ථකථනයක් අවශ්‍ය වී තිබෙන්නේ, එම නිසා ය.

‘ආනයන-අපනයන’ ආර්ථිකයක හිර වී තිබුණු ලංකාවේ ග්‍රාමීය නිදන්ගත ඌණ සංවර්ධනය එම විෂම චක්‍රයෙන් පිටතට පැන්නේ, ආර්ථිකය විවෘත කිරීම නිසා ය. අනෙක් පැත්තෙන්, ලංකාවේ වම-දකුණ භේදයකින් තොරව ප්‍රභූ දේශපාලනයට තිත තැබීමක් විය. ජේ.ආර් මහාචාර්ය සරච්චන්ද්‍රට සංකේතාත්මකව පහර දුන්නේ ද මෙම තත්වය යටතේ ය. රටේ එවකට පැවති මධ්‍යම පන්තික දේශපාලනයට හැරවුම් ලක්ෂයක් ආවේ ද 78 ව්‍යවස්ථාව නිසා ය.

ew

අද දවසේ ආර්ථික අර්බුදය හමුවේ පැන නැගී ඇති ජනාධිපති තනතුර අහෝසි කරනු යන සටන් පාඨය යට ඇත්තේ, මධ්‍යම පන්තිකයන්ගේ පුහු ඝෝෂාවකි. ගම්වලින් කොළඹට පැන, එහි දී ධනය සහ බලය එක්රැස් කරගත් විජේදාස රාජපක්ෂ වැනි දේශපාලන අඥාතයන් ද මේ පුහු ඝෝෂාවට ඉන්ධන දමයි.

විජේදාසට තමන්ගේ දරුවන් පවා විනයගත කර ගැනීමට නොහැකිව තිබිය දී, රට විනයගත කරන්නට ඇති එකම තනතුර අහෝසි කරන්නට දරන ඔහුගේ වෑයම අප විසින් පරාජය කළ යුතු ය.

රට තුළ ‘සමබිමක්’ තැනීමට කැප වී සිටින අප පක්ෂය කියන්නේ, ජනාධිපති තනතුර සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව යොදා ගැනීම ප්‍රභූ කේන්ද්‍රීය, නෛතික මානයක් පමණක් බවයි.

 

රට තුළ කිසිදු ආකාරයක ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නැති විටෙක දී, ආර්ථික ආධිපත්‍යය යළි ප්‍රභූන් වෙතට මාරු කරන්නට කැස කවන මෙම ප්‍රයන්තය මධ්‍යම පන්තියේ දේශපාලනයකි. රටේ රාජ්‍ය ආදායමෙන් 70% ක් පමණ විනාශ කරන්නේ, මාසික වැටුප් ලබන මිනිසුන්ය.

 

ගාලුමුවදොර අරගලයට අවශ්‍ය සැපයුම් මාර්ගවල වියදමෙන් වැඩි කොටසක් දරන්නේ, ASSEMBLY OF GOD පල්ලිය නම් එය ද මධ්‍යම පන්තික වුවමනාවකි.

රට තුළ සිදු විය යුතු ප්‍රධාන ප්‍රතිසංස්කරණය වන්නේ, රාජ්‍ය සේවය හකුලා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මිස ජනාධිපති තනතුර අහෝසි කිරීම නොවේ.

සින්දු කියමින් හෝ නටමින් හෝ පිස්සෙක් කියා යටිගිරියෙන් කෑගසමින් හෝ කෙනෙකු කතා කරන්නේ ජනාධිපති තනතුර අහෝසි කිරීමට නම්, ඔහු/ ඇය ඉල්ලා සිටින්නේ මැදපාන්තික ඉල්ලීමකි. ලංකාවේ කිසි දවසක ජනාධිපති කෙනෙක් වීමට ජවිපටෙ ඉඩක් නැති නිසා, ඔවුන් ද ජනාධිපති තනතුර නැති කිරීම සඳහා උල්පන්දම් දෙති.

 

නමුත්, ජනාධිපතිගෙන් ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවට මාරු කිරීම යනු, රටේ පීඩිත ජනතාවගේ ව්‍යුහාත්මක බලය රටේ මධ්‍යම පන්තියට මාරු කිරීමයි. රටේ ඊළඟ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය වැටී ඇත්තේ ද, ජනාධිපති තනතුර හරහා මිස පාර්ලිමේන්තුව හරහා නොවේ.

 

ලංකාවේ ‘පන්ති ව්‍යුහය’ ආරක්ෂා කරන්නේ, පහළ මැද පන්තිය යි. පකිස්ථානයේ සහ ඊජිප්තුවේ වැඩවසම් සමාජ ලක්ෂණ සහිත පන්ති ව්‍යුහය ආරක්ෂා කරන්නේ, යුද හමුදාවයි. එම රටවල් වල එම පීඩිත ව්‍යූහයන් සංරක්ෂණය කරන විදේශ බලවේගය වන්නේ ද, ඇමරිකාවයි.

එම නිසා, කාදිනල්වරයා තම ගැටලුවට චෝදනා කිරීමේ දී දේශීය සතුරන් සේම විදේශීය සතුරන් පිළිබඳව ද මෙනෙහි කළ යුතු ය.

ලංකාවේ දැනට පවතින 60%-20% අනුපාතය සහිත පීඩිත ව්‍යුහය ආරක්ෂා කරන්නේ, A LEVEL විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය හරහා ය. මහත්වරුන් සහ මෙහෙකරුවන් නිර්මාණය කරන්නේ, ඉහත විභාග දෙකයි. එය, මහින්ද ජයසිංහ හෝ ජෝසෆ් ස්ටාලින් නොදන්නා බව අපි දන්නෙමු.

එම නිසා, අපි ඔවුන්ට කියන්නේ ආණ්ඩුවට හර්තාල් තර්ජන නොදා පාසලේ උගන්වන්නේ නැතිව ටියුෂන්වල දී උගන්වන ගුරුවරුන්ට හර්තාල් දමන ලෙසයි.

 

එම නිසා, අරගලයේ නියුතු පීඩිතයන්ට අපගේ පණිවිඩය මෙය යි. ජනාධිපති තනතුරට අත තැබීමට මධ්‍යම පන්තියට ඉඩ දෙන්න එපා! එසේ වුවහොත්, දශක ගණනාවක් ඉදිරියට ඇදෙන වහල්භාවයක් ඔබට උරුම වේවි!

 

වෘත්තීය සමිති චණ්ඩින්ට බයවෙන්න එපා!

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පන්තික දේශපාලනයට අභියෝග කරන්න!

ජනපති ඉවත් කර ජනපති තනතුර රැක ගමු!

සජිත් ජනපති තනතුර ඉවත් කරන්න කියන්නේ බොරුවට!

ඇමරිකන් තානාපතිනියගේ ව්‍යාජ මැදිහත්වීම් වලින් රට ආරක්ෂා කරමු!

 IMF මර උගුල යන කුමාර්ගේ සටන් පාඨයේ මර උගුලට අසු නො වෙමු!  



අර්බුදය දාර්ශනිකකරණය කිරීම - දීප්ති කුමාර ගුණරත්න(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(3mana.com)

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...