The Leader News
BREAKING
Top Ad
Opinion

සදාචාර සමාජය මරා දැමූ අනූෂා - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 28, 2022 • 10:41 AM

සදාචාර සමාජය මරා දැමූ අනූෂා - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනූෂා සොනාලි මියගිය ප්‍රවෘත්තිය උදෙන්ම මට ලොකු දුකක් ඇති කළා.
  • නිරුවත තමයි සිනමා තිරය උඩ පවතින අභියෝගාත්මකම ප්‍රකාශනය වෙන්නෙ.
  • එතනින් එහාට ඇතිවෙන කැත ගඳගහන සංස්කෘතික ප්‍රතිරෝධය කෙනෙකුට දරාගන්න අමාරුයි.
  • ඇගේ නිරුවත විසින් ඇයව අපචාරී ලෝකයක හුදකලා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



අනූෂා සොනාලි කියන්නෙ මං කැමති නිළියක් නෙමෙයි. ඒත් දක්ෂතාවය තිබුනු නිළියක්.

විසිදැල චිත්‍රපටයෙ අනූෂා කරපු චරිතයට මං ඉතාම කැමතියි.  

ඒ වගේම එයා ලංකාවෙ සිනමා තිරය උඩට අනුරාගය අරගෙන ආවා.

අපේ රටේ නිළියො කියන්නෙ කීප දෙනෙක් ඇරුනම ඉතාම බයගුළු පිරිසක්. ඒ අය තමන්ගෙ නිරුවතට බයයි.

නිරුවත තමයි සිනමා තිරය උඩ පවතින අභියෝගාත්මකම ප්‍රකාශනය වෙන්නෙ.

එතනින් එහාට ඇතිවෙන කැත ගඳගහන සංස්කෘතික ප්‍රතිරෝධය කෙනෙකුට දරාගන්න අමාරුයි.

කවුරු හරි නිළියක් තිරය උඩ නිරුවත් වුනොත් බීගත්ත පිරිමි කෝල් කරන්න ගන්නවා. දේශපාලකයො කොහොම හරි ඒ ගෑනි එක්ක නිදියන්න හදනවා.

එහෙම බැරි නං නිදියන්න සිද්ද වෙන ගානට ඇයව පත් කරනවා. මේකට කියන්නෙ 'baduwa කරලා ගහනවා' කියල.

අනූෂා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීපු ගැහැණියක්.

ඇගේ නිරුවත විසින් ඇයව අපචාරී ලෝකයක හුදකලා කරනවා.

ඊට පස්සෙ කාලෙක ඇයගෙ පෝර්න් එකක් රිලීස් වෙනවා.

ඒක මට කිසි දවසක රස විඳින්න බැරි ලිංගිකත්වය පාදඩකරණය කළ වීඩියෝවක්.

අනූෂාට සිද්ද වෙන දේ ගැන ඒ දවස්වලමත් මට ඇති වුනේ දුකක්.

ඒ හැමදෙයක්ම තිරය උඩ ඇය බය නැතුව ප්‍රදර්ශනය කළ අනුරාගය නිසා කියලයි මං විශ්වාස කරන්නෙ.

මේ විදිහට බය නැතුව තිරය මත නිරුවත් වෙලා, ඊට පස්සෙ තමන්ගෙ ජීවිතය කෙළවා නොගෙන බේරෙන්න පුළුවන් වුනේ සුමනා ගෝමස්ට විතරයි. ඒ එයා ලංකාව අතෑරලා ඇමරිකාවට ගිය හින්ද.

කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්න බය නැති හැම ගැහැණියක්ම මට ගෞරවනීයයි.

ඒ මගේ පූජනීය ගැහැණුන් අපේ සදාචාරය විසින් කෙලෙසා මරා දමන හැටි ශෝචනීයයි.

අනූෂා, ඔබට ජීවත් වෙද්දි ලබන්න බැරි වුනු ඒ සුවදායක නින්ද මරණයෙන් පසුව හෝ ලැ‍බේවා..

සුර දූතිකාවෝ ඔබ සනසන්නට නැළවිලි ගී ගයත්වා!


චින්තන ධර්මදාස (Author of Faculty Of Sex)(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
vyadhadeva@gmail.com



සබැඳි පුවත් :


රංගන ශිල්පිනි අනුෂා දිවිය හැර යයි


 

Leader Whats app

 

 

 

 

ඇත්තටම The Leader
https://www.youtube.com/watch?v=B5GqMkBhLS0
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...