The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝටා ඇවිත් ඇඳ උඩටම - චින්තන ධර්මදාස

T

The Leader Desk

April 30, 2022 • 9:07 AM

 ගෝටා ඇවිත් ඇඳ උඩටම - චින්තන ධර්මදාස 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයේ වගේ හිතෙන්න ටෙන්ට් එකක් ඇතුලෙ සෙක්ස් කරන වීඩියෝවක් බලන්න ලැබුනා.
  • අර පහන්තුඩාවෙ යුවළ අල්ලන්න වගේ පැය 48ක විශේෂ මෙහෙයුමක් එහෙම පාවිච්චි කරන්න උවමනාවකුත් ආණ්ඩුවට නෑ.
  • ඒත් අපි කැමතියි මේක ප්‍රොටෙස්ට් වීඩියෝවක් විදිහටම දකින්න.
  • අනිත් අතට ගෝටා ගෙදර යවනකල් හරි හැටි ලිංගික ක්‍රියාවේ යෙදෙන්නවත් බැරිවගයි ප්‍රකාශමාන වෙන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒකෙ කෙල්ලගේ පිටේ ගහලා තියෙනවා, ඩෝන්ට් ෆක් මයි කන්ට්‍රි කියල. තට්ටම් දෙකේ ගෝටා ගෝ හෝම් කියල. පසුබිමෙන් කපුටු කාක් බැසිල් බැසිල් හෝන් ඇහෙනවා.

මේක බැලුබැල්මටම අරගලය වල් කරන්න ආණ්ඩුව පැත්තෙන් කරපු වැඩක්. ඒ කියන්නෙ ආණ්ඩුව විසින් පෝර්න් පවා නිෂ්පාදනය කරනවා. අර පහන්තුඩාවෙ යුවළ අල්ලන්න වගේ පැය 48ක විශේෂ මෙහෙයුමක් එහෙම පාවිච්චි කරන්න උවමනාවකුත් ආණ්ඩුවට නෑ.

ලිංගිකත්වයට ඉතාම විරුද්ධ, සදාචාරය හිසින් තියාගත්, සිංහල බෞද්ධ රාජපක්ෂවාදීන් තමයි පෝර්න් හදන්නෙ කියන එකත් මෙතනදි පැහැදිලි වෙනවා.

කොටින්ම අනුන්ට මඩක් ගැසීම වෙනුවෙන් කාන්තාවක් නිරුවත් කරමින් පෝර්න් එකක් හදන්න වුනත් මේ අය පැකිලෙන්නෙ නෑ. අනිත් අය පෝර්න් හදන්නෙ ආස්වාදයට, අනුරාගයට. මේ අය පෝර්න් හදන්නෙ වෛරයට, පලිගැනීමට.



රාජපක්ෂලාට සෙක්ස් කියන්නෙ සුන්දර දෙයක් නෙමෙයි. රාජපක්ෂලා සෙක්ස් පාවිච්චි කරන්නෙම වෛරයට, තව Go Home Gota Sexජාතියක් ආගමක් හෝ ලිංගිකත්වයක් පාගා දැමීමට. ඉරාජ් විසින් දිගටම ප්‍රකට කලේ මේ රාජපක්ෂවාදී ලිංගික උරුමය. ඒක තමයි වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම් විදිහටත් එලියට පැන්නෙ.



ඒත් අපි කැමතියි මේක ප්‍රොටෙස්ට් වීඩියෝවක් විදිහටම දකින්න. රාජපක්ෂලා සෙක්ස් පලිගැනීම වෙනුවෙන් පාවිච්චි කරද්දි සෙක්ස් විරෝධයක් විදිහට පාවිච්චි කළ හැකි ඉඩක් ගැන හිතන්න.

මේ පිරිමියා සහ ගැහැණිය සංසර්ගය කරන්නෙ ශරීර එක්ක නෙමෙයි කියන එක පැහැදිලියි. මේ සංසර්ගය සිද්ද වෙන්නෙ දේශපාලනික සටන්පාඨයක් එක්ක. කොටින්ම මේ සංසර්ගය සිද්ද වෙන්නෙ ගෝටා එක්ක.

රට එක්ක සංසර්ගයේ නොයෙදී මාත් එක්ක සංසර්ගයේ යෙදෙන්න කියලයි ඇය නිරුවත්ව, මුනින් අතට නැවීගෙන කියන්නෙ. ගෝටා ගෙදර යැවීමේ අනුරාගය කොයිතරම්ද කියන එකයි අපි විඳින්නෙ. අනිත් අතට ගෝටා ගෙදර යවනකල් හරි හැටි ලිංගික ක්‍රියාවේ යෙදෙන්නවත් බැරිවගයි ප්‍රකාශමාන වෙන්නෙ.

රාජපක්ෂවාදී ලිංගික කුහකත්වයේ සිරවුනු කෙනෙක් නොවන කෙනෙකුට මේක දැනෙන්නෙ ගෝටාට විරුද්ධ දරුණු විරෝධතාවයක් හැටියට.

අජිත් කුමාරසිරිගෙ වචනවලින් කියනවා නම් මේ වීඩියෝවෙ අර්ථය ඇඳ උඩටම ගෝටා ඇවිත් කියන එකයි.

ඒ තරම් පුද්ගලික තැන් පවා ගෝටා ආන්ඩුව විසින් අහිමි කරලා තියෙනවා. මිනිස්සුන්ට ආදරය වෙනුවට ගෝටා එළවීම ඇඳ උඩටම ගේන්න වෙන තත්වයක් උදා කරලා තියෙනවා.

මේ වීඩියෝව කියන්නෙ අරගලයේ අවශ්‍යතාවය. කන්න බොන්න බෙහෙත් ටික විතරක් නෙමෙයි සෙක්ස් වත් නැති වෙන්නයි යන්නෙ කියන සටන් පාඨය.

 

Chinthana D

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

 

සබැඳි ලිපි :

ඥානා වෙනුවට මාව ගන්න

ජනාධිපති කාර්යාලයේ ස්වයං වින්දනය

වි‍රෝධයට Sex අවුල්ද? - (චින්තන ධර්මදාස)


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...