The Leader News
BREAKING
Top Ad
Opinion

ලොව බලන්නට දෑස් දුන් පියාගේ දෑස් අන්ධ කිරීම - (චන්දිමා ජයසේන)

T

The Leader Desk

April 30, 2022 • 4:35 PM

ලොව බලන්නට දෑස් දුන් පියාගේ දෑස් අන්ධ කිරීම - (චන්දිමා ජයසේන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණයින්ගේ අරගලය ගැන චන්ද්‍රිකා කිව්වේ, මේ අරගලයට මට කොච්චර යන්න ඕන වුණත් මට එතැනට යන්න බෑ මටත් හූ කියයි කියලා.
  • 74 වසරක ඉතිහාසයේ පාපකාරී තීන්දු ගැන දන්න නිසා.
  • ඇය ඉතාම සාධනීය දේවල් ලෙස තරුණයින්ගේ අරගලය සහ ඔවුන් ඉල්ලා සිටින දේ ගැන ප්‍රශංසනීය ලෙස කතා කරනවා.
  • ඊයේ පෙරේදා මේ සාකච්ජාව සිදුවන්නේ සිරසේ වසන්තත් එක්ක ප්‍රශ්න 10ක් සම්බන්ධව කරපු වැඩසටහනකදී.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ ඇය මේ රටේ දේශපාලන ඉතිහාසය දන්න නිසා.

74 වසරක ඉතිහාසයේ පාපකාරී තීන්දු ගැන දන්න නිසා.

ඇය ඉතාම සාධනීය දේවල් ලෙස තරුණයින්ගේ අරගලය සහ ඔවුන් ඉල්ලා සිටින දේ ගැන ප්‍රශංසනීය ලෙස කතා කරනවා.

ඒ වෙනස්කම් සිදුකීරීමට තිබෙන සීමා වගේම ව්‍යවස්ථාවෙන් ඉඩක් තිබේද කියන එකත් අවධාරණය කරනවා. ඊයේ පෙරේදා මේ සාකච්ජාව සිදුවන්නේ සිරසේ වසන්තත් එක්ක ප්‍රශ්න 10ක් සම්බන්ධව කරපු වැඩසටහනකදී.

 

 
මේ තියෙන්නේ අරගලකරුවන් බණ්ඩාරනායක ආක්‍රමණය කිරීම. ඒ වගේම ඔහුගේ මතවාදය ආක්‍රමණය කිරීමයි. සිංහල භාෂා පනත හදුන්වාදුන් බණ්ඩාරනායකට ඊළඟට ඇති වූ දේශපාලන ප්‍රශ්න රාශියක් වටේ බණ්ඩාරනායක දෘෂ්ටිවාදයේ සෙවැනැල්ල වසා සිටීම පිළිබඳ ප්‍රශ්න කිරීම.

අපිට සිංහල ඉගැන්වූ බණ්ඩාරනායක ඔහුගේ ඉංග්‍රිසි ප්‍රංශ කතා කරන දුව චන්ද්‍රිකා මේ දේශපාලන ක්‍රියාදාමය තුළ ඉන්නේ ඊට වඩා වෙනස් ස්ථාවරයක.

ඒ ඇය මේ ප්‍රශ්නයේ ගැඹුර දන්න නිසා. ඇය සෑම විටම සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටියා. තාත්තා විසින් මුළු රටටම දැමු අඳුර පලවා හරින්නට හැකි පමණ උත්සාහ කලා.

අරගලකරුවන් ආක්‍රමණය කරන බණ්ඩාරනායකින් මතුවන්නේත් එදා රාජ්‍ය භාෂා පනතට විරුද්ධ වූ තරුණ වාමාංශිකයින් විසින් ප්‍රතිකේෂ කිරීමට සමාන ප්‍රතිචාරයක්.

විවිධත්වය පිළිබඳ නොසලකා ජාතික රාජ්‍ය නැමැති බාල දරුවා ඉපද්දවීම. ඒ අඳුර කවදාවත් මේ රටින් මැකෙන්නේ නෑ. මේකට ප්‍රතිචාර දක්වා තිබුණු බොහෝ අයගේ මතය දිහා බැලුවාම පේන්නේ ඒකයි.

 

දේශපාලනික තරුණ අරගලකරුවන්ගේ මේ රට වසාගෙන තිබෙන අඳුර පලවා හැරීමේ දී නැවත නැවත අපි උගත් පාඩම් දිහා නිර්මාණශීලිව බලනවා. මට හිතෙන්නේ එහෙමයි. මුන්ව විවේචනය කරද්දි හෙට වෙනකොට තවත් නිර්මාණයක් මුන් එළියට දානවා.

අපි හිතිය යුත්තේ අපිට ඇස් පනාපිටම පේන විවිධ දක්ෂතා තිබෙන තරුණයින්ගෙන් වැඩක් ගැනීම නොවේද? ඔවුන්ගේ අදහස් කුඩූ පට්ටම් කරන්නේ නැතුව.

ඔවුන් විසින් සිදු කරන්නේ රාජපක්ෂවරු පන්නා දැමීම හා ඔවුන්ව මේ රටේ මෙච්චර නඩත්තුව වීමට ඇති කළ අවාකාශය ප්‍රශ්න කිරීමයි. ඒවායේ විසදුම් මොනවාද යන්න  අපගේ අවධානය යොමු කිරීමයි.

 
මේ අරගලයේ තිබෙන සුවිශේෂිත්වයම තමයි අපි බදාගෙන ඉන්න මනෝරාජ්‍ය සංකල්පය බිඳ දැමීම. බණ්ඩාරනායක ඇතුළු සමස්ත පවුල් දේශපාලනය ප්‍රතිකේෂප කිරීම. 
 


නැත්නම් චන්ද්‍රිකාලාට ඉංග්‍රිසි උගන්වලා අපිට සිංහල උගන්වන්නේ නෑ. බණ්ඩාත් ප්‍රභූ දේශපාලනයම මේන්ටෙන් කරපු එක කලේ ඇත්තතටම දේශපාලන කුට්ටිය කඩා ගැනීම සඳහා.

දැනටමත් ඉතුරු වෙලා ඉන්න පවුල් දේශපාලනය තුළ විමුක්ති කුමාරතුංගගේ ආගමනයත් එපා කියන සංඥාව තමයි මේකෙන් දෙන්නේ. පවුල් දේශපලානයෙන් මේ කරලා තියන විනාශය හොදට ඇති.

 

 
 අපිට රටක් විදිහට ලෝකය දකින්න දෑස් දුන්න පියා බණ්ඩාරනායක තමයි. ඒ නිසා තමයි අපි ඉගෙන ගන්නේ සිංහල භාෂාවෙන්. ඒ නිසා තමයි 1971 සහ 88/89 වගේම අවුරුදු 30ක් යුධ ගිණි ඇවිලුනේ.

හැබැයි ඒ දෑස් දුන්නේ විවෘතව පුළුල්ව ලෝකයක් දකින්න බැරි සංවෘත හිතන්නෝ ටිකක් හදන එක්ක. දේශපාලන වහලුන් බිහි කිරීම. ඒ නිසා තමයි රාජපක්ෂලා මෙච්චර හොකම් කරද්දි ඇස් කන් පියාගෙන හිටියේ.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නෙත් මා දකින්නේ එයාම හදපු මතය විසින්ම එයාම ගිල ගැනීමක් විදිහට.
අපිට ලොවක් දකින්න දෑස් දුන්න පියාගේ දෑස් අන්ධ කිරීමේ ආක්‍රමණත්වය මම දකින්නේ මේ විදිහේ ප්‍රතිවිරෝධ එක්ක.  
 

අපේ හිතේ තියන විශාලා පිළිම කැඩිලා යන්නේ නිකම්ම නෙමෙයි කියන එක තමා මේකෙන් නොකියා කියන්නේ. මතුවෙන්නේ. ඒවාට විවිධ හේතු තියනවා. අපි ඒවා අධ්‍යයනය කළ යුතුයි. වැරදිච්ච තැන් ගැන නැවත සිතා බැලිය යුතුයි. සාධානීය විවේචන ගෙන ආ යුතුයි.



බණ්ඩාරනායකගේ මතවාදයයි නිදහස් අධ්‍යාපනයේ අන්තර්කරණ සංකල්පයයි එකිනෙකට ගැටෙන්නේ මේ නිසායි. රටේ දේශපාලන දෘෂ්ටිවාදයයි අධ්‍යාපනයෙයි නොගැළපීම තමා මේකෙන් පෙන්වන්නේ.

බණ්ඩාරනායකට වඩා කන්නංගර ඉදිරිගාමීව ලෝකයක් දැක අපිට ඉදිරිගාමී ලෝකයක් තිළිණ කළා. ඒක විපුල ළුල නෙළන්න බැරි තැනට අපිව පසුගාමී කරන්නේත් බණ්ඩාරනායක තමා. අපි ඒ කටුක සත්‍යය තේරුම් ගත යුතුයි. අපි ඉතිහාසය ඉගෙන ගත යුතුයි. දරුවන්ට ඉතිහාසය උගන්වන්න.  නිකම් කට පාඩමින් ඉතිහාසය ඉගෙන ගැනීම නොව  ප්‍රශ්න කරමින් ඉගෙන ගන්න ආකරයයි අවශ්‍ය වන්නේ.

ඒ නිසා තමයි අපි තවමත් වඳ කොත්තු වඳ බ්‍රේසියර් ඇහෙන්නේ. මුස්ලිම් කඩ වර්ජනය කරන්නේ දමිළ කඩ කුඩුපට්ටම් වෙන්නේ ඒ නිසා. රටක පසුගාමීත්වය ඇඳ දැමීමේ පාපයෙන් බණ්ඩාරනායකට ගැළවීමක් නෑ.

 
එදා තරුණ වාමාංශිකයෝ විරුද්ධ වුණා වගේම අලුත් පරපුර අලුතින් හිතනවා. අලුත් ජීවිතයක් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටීම ඇතුලේ නැවුම් ඉල්ලීම තියනවා. එක එක නම් දාගෙන ආවා සංහිඳියා ව්‍යාපෘති වෙනුවට මොවුන් ප්‍රායෝගික පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉල්ලා සිටිනවා. ඒ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ වරද කිම. ලොව දකින්නට දෑස් දුන් පියාගේ දෑස් අන්ධ වෙන්නේ මෙන්න මේ හේතු එක්ක කියලා මට හිතෙන්නේ.
 

රටක තිරසාර හෙටක් සඳහා වගකිව යුතු පාර්ශවයන් වන පුරවැසියනුත්, අපිට ප්‍රතිපත්ති හදන පාර්ශවයනුත්, දේශපාලන පක්ෂත් මේ සංකේතාර්ථය ගැඹුරින් වටහා ගැනීම අප කාගේත් වගකීමක්.

අරගලකරුවනි, හෙටත් නැවුම් නිර්මාණයක් අරන් එන්න අපිට රිදුණාට කමක් නෑ. ඔබ කතා කරන්නේ වෙන්න ඕන දේ .

අරගලයට ජය !


Chandima Jayasena(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker
 
chandimaij@yahoo.com

2022.04.30
(චන්දිමා ජයසේන ෆේස්බුක් පිටුවෙන්...)

 
 
 


නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 
 
  

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...