The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් වහල් හිමියෙක් ද ? - (අරවින්ද හෙට්ටිආරච්චි)

T

The Leader Desk

July 30, 2022 • 8:06 AM

 රනිල් වහල් හිමියෙක් ද ? - (අරවින්ද හෙට්ටිආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ඉහළ-මධ්‍යම-පන්තියෙනුත් ඉහළ පාන්තිකයෙක්ගේ සංස්කෘතිය සහ ජීවන විලාශ ගැන නොදන්නා කමින් රනිල් වහල් හිමියෙක් ලෙස සලකා ලියපු බොළඳ ලියමනකට උත්තරය මේක.;
  • කාර්මික විප්ලවයත් එක්ක එංගලන්තයේ තිබුන වැඩවසම් වැඩවසම් නිෂ්පාදන උපකරණ ඊට වඩා දියුණු ධනේශ්වර උපකරණ බවට පත් වුනා.
  • එංගලන්තයේ මේ වැඩවසම් ක්‍රමය ඇතිවුනේ වහල් ක්‍රමය කඩන වැටිලා.
  • ඒ නිසා මේ ලිපිය ලියන ලියුම්කරු රනිල් මිනිස්සු දිහා බලන්නේ වහල්ලු දිහා බලන විදිහට කියල හඟවන්න හදල තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එකක් ලංකාව තවම පුර්ණ ධනේශ්වර රටක් නෙවෙයි. ලෝකයේ ධනේශ්වරකම කියන එක බිහිවෙන්නේ මිනිස්සුන්ගේ ඔළුවල තියෙන අදහසක් හින්ද නෙවෙයි. ලෝකයේ ධනේශ්වරකම කියන අනන්‍යතාව මිනිස්සුන් සුළුතරයක් අතට ගියේ කාර්මික විප්ලවය හින්ද.

කාර්මික විප්ලවය සිද්ධ වුනේ එංගලන්තේ. කාර්මික විප්ලවයත් එක්ක එංගලන්තයේ තිබුන වැඩවසම් වැඩවසම් නිෂ්පාදන උපකරණ ඊට වඩා දියුණු ධනේශ්වර උපකරණ බවට පත් වුනා.

එංගලන්තයේ මේ වෙනස සිද්ධ වෙන  කාලයේ ලංකාවේ තිබුනේ එංගලන්තයේ වැඩවසම් ක්‍රමයටත් වඩා ගෝත්‍රිකතත්වයට වඩා ළඟ යැපුම්-ආර්ථිකයක්. ඒ හින්ද ඒ ආර්ථිකයේ තිබුනේ එංගලන්තයේ වැඩවසම් නිෂ්පාදන උපකරණවලටත් වලටත් වඩා නොදියුණු නිෂ්පාදන උපකරණ. සේවා උපකරණ ගත්තත් එහෙමයි.


sriwickrama2ශ්‍රී වික්‍රම රාජසිංහට පුෂ් බයිසිකලයක් තිබුන නම්, ඒ බයිසිකලයක් පැදගෙන යන පාරවල් රටපුරා බිහිකරන නිෂ්පාදන උපකරණ තිබුන නම්, ඒ පාරවල් හරහා පුෂ් බයිසිකල යෙන් පැනල ගිහින් බේරෙන්න තිබුන. එහෙම එකක්වත් එයාට තිබුනේ නැහැ.


ඒ නිසා එංගලන්ත්‍යයේ වැඩවසම් රජ පවුලයි, ලංකාවේ ගෝත්‍රයට ආසන්න රජ පවුලයි අතර ලොකු වෙනසක් තිබුනා. ඒ හින්ද එංගලන්තයේ "king" කියන එක භාෂාවෙන් ඉතා ලෙහෙසියෙන් "රජු" කියල පරිවර්තනය කරන්න පුළුවන් වුනාට, මේ දෙන්නාගේ භෞතික ජීවන තත්වයන් අතර තිබුනේ විශාල වෙනසක්.


එංගලන්තයේ වැඩවසම් රජ මැදුර, රජුන්ගේ ඇදුම්පැළදුම්, යාන වාහන ගත්තත් ලංකාවේ රජුන්ට ලගින් යන්නවත් බැරි තරමේ දියුණු ඒවා තිබුනේ.

එංගලන්තයේ මේ වැඩවසම් ක්‍රමය ඇතිවුනේ වහල් ක්‍රමය කඩන වැටිලා. ඒ කියන්නේ වහල් ක්‍රමය හුගයේ නිෂ්පාදන උපකරණ වලට වඩා දියුණු වැඩවසම් නිෂ්පාදන උපකරණ බිහිවෙලා.

ලංකා රජ කෙනෙක් යටතේ කවදාවත් සංයුක්ත වහල් ක්‍රමයක් තිබිල නැහැ. රජ්ජුරුවන්ට නොමිලේ ශ්‍රමය දෙන (ධානය කරන) ශ්‍රමධාන ඇටවිල්ලක් වීතරයි තිබිල තියෙන්නේ.


 සමාජ ක්‍රමයක් මැනගන්න තියෙන ප්‍රධාන දෙක තමයි, ඒ සමාජ ක්‍රමයහි..

1. නිෂ්පාදන උපකරණ

2. ශ්‍රමය දුන්න විදිහ.



 ඉතින් වහල් ක්‍රමයහි ශ්‍රමිකයෝ වහල්ලු (slaves) වැඩවසම් ක්‍රමයහි දාසයෝ (serfs), ධනේෂ්වරවර ක්‍රමයේ ශ්‍රමිකයෝ (labour workers) කියන විදිහට තමයි ශ්‍රමය දීල තියෙන්නේ.

ලංකාවේ මේ වගේ අනුපිලිවෙලට ශ්‍රමය දීමක් සිද්ධවෙලා නැහැ.

ලංකාවට ධනවාදයේ කෑල්ලක් විතරක් වෙරළබඩ තීරුවට එන්නේ අපි එංගලන්ත කාරයින්ගේ යටත් විජිතයක් වුනු නිසා.

රනිල් වික්‍රමසිංහ සහ විජයවර්ධනලා කියන්නේ මෙන්න මේ වෙරල තීරුවේ එංගලන්තකයෝ බිහිකරපු කෘතීම අර්ධ-ධනේෂ්වර වලව්කාර වෙළඳ පන්තියක අවසන් පුරුක.

ඒ නිසා එයාලගේ පවුල් යටතේ වැඩ කරපු අය ධනේෂ්වර ශ්‍රමිකයාත්, වැඩවසම් දාසයාත් අතර මෙහෙකරුවන්(servants)ලා.

ඒ නිසා මේ ලිපිය ලියන ලියුම්කරු රනිල් මිනිස්සු දිහා බලන්නේ වහල්ලු දිහා බලන විදිහට කියල හඟවන්න හදල තියෙනවා. එක විෂයානුබද්ධව වැරදි නම්කිරීමක්.

මොකද ,

1) රනිල්ගේ පවුල් ව්‍යුහය තුල වහල්ලු වැඩකරලා නැහැ.

2) ලංකාවේ වහල් ක්‍රමයක් තිබිලම නැහැ.


3) රනිල් මර්දනයක් දියත් කරනවා නම්, එක කරන්නේ වහල් සොල්දාදුවෝ දාගෙන නෙවෙයි. එංගලන්තකයෝ අපිට හදුන්වල දුන්නු ධනේශ්වර ත්‍රිවිධ හමුදා යාන්ත්‍රනය යොදාගෙන. ඒ කියන්නේ අර්ධ-ධනේෂ්වර සොල්දාදුවෝ යොදාගෙන.


ඒ නිසා රනිල්ගේ සමාජ පන්තියේ සාමාජිකයින් තුළ ඇති සාධනීය සහ නිශේධනීය ලක්ෂණ සමබරව තේරුම් ගැනීමට මේ ලියා තිබෙන ලිපියේ අදහස බාධාවක්.


ඒ හින්ද පට්ට බොරුවකට වඩා අර්ධ-සත්ය භයානකයි. එකෙන් වෙන්නේ රනිල් ගැන කියවීම වැරදි දිශානතියකට යන එක. තමන්ගේ සතුරා රනිල් නම්, එයාව, එයා නොවන චරිතයක් විදිහට විග්‍රහ කරගැනීමෙන් සටන් ඉලක්ක වරදිනවා. ඒක රනිල්ට වාසි සහගතයි. අරගලකරුවන් හෝ ප්‍රගතිශීලී පක්ෂ කෙඩර්වරු මෙවන් වැරදි ඈත්කර තැබිය යුතුය.


 ඔය ලිපිය ලියපු සහෝ  රනිල් ජීවත්වන ඉහල සමාජ පරිසරය ඇසුරු කරන ගමන්, ඒ පන්තියේ ඉතිහාසය විධිමත්ව හැදෑරීම කල යුතුයි. එහින්දා සමාජ පන්තියක් ගැන ඒ පන්තියට පිටතින් ඉඳන් හිතින් මවාගත් අදහස් සමාජයට මුක්ත කර හැරීම සමාජ අපරාධයක්.

සමාජ පන්තියක් ඇතුලේ ජීවත්වීම සහ ක්‍රියාකිරීම ඒ සමාජ පන්තිකයාගේ පුද්ගලික වරදක් නොවේ. එය ක්‍රමයේ වරදය.



එතකොට 1983 නාගරික ලුම්පන් පන්තියේ ජනයා යොදාගෙන අර්ධ-ප්‍රභූවරු විසින් දෙමල මිනිසුන් 3000 ක් මරා දැමීම ඒ පන්තියේ  සියලු මිනිසුන්ගේ පුද්ගලික වරදක් නොවේ. එවන් පන්තියක් පවත්වාගෙන යන සමස්ත ක්‍රමයේ වරදය.


අනික ලංකාවේ මේ ගෙවෙන මොහොතේ ප්‍රශ්නය වෙනින් එකකි. ඒ නම්, අර එකවර අර්ධ-ධනේෂ්වර ශ්‍රමිකයාත් සහ අර්ධ-වැඩවසම් දාසයාත් අතර තත්වයක  සිටින මෙහෙකරුවන් (servants)ලා, ගෝලිය ධනවාදයට ගැලපෙන ගෝලීය ශ්‍රමිකයන් බවට පත්කර ගැනීමය.

එක ඉබේ වෙන්නේ නැහැ. එකට ගෝලීය ධනවාදය ලංකාවට කැන්දා ගත යුතුය. එය කල හැක්කේ ගෝලීය නවනූතන නිෂ්පාදන උපකරණ ගෙන්වාගෙන, ඒ නිෂ්පාදන උපකරණ ක්‍රියාන්විත කරන්නට අර ශ්‍රමිකයින්ව පුහුණු කලයුතුය.

එක කරවගන්න රනිල් වික්‍රමසිංහගේ පන්තියේ ප්‍රභූන් ද එහි වැඩවසම් ලක්ෂණ අතහැර ගෝලීය ප්‍රභූන් බවට පරිවර්තනය විය යුතුය.    

Aeavinda Hettiarachchi 1

(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක

indikaaravinda@gmail.com
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...