The Leader News
BREAKING
Top Ad
Opinion

ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

August 6, 2022 • 3:40 PM

ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදේ නැගිට්ට ගමන් දැක්කෙ හිතට ලොකු දුකක් දෙන වීඩියෝවක්.
  • තමන්ගේ බෞද්ධ භික්ෂුව කියන මොකක්දෝ ශුද්ධ වූ දේ කෙලෙසුවා වගේ අර දෙන්නා වැරදිකරුවන් කරලා තියෙනවා.
  • එමෙන්ම ගිහියන්ගේ කතා කිරීමේ, ප්‍රකාශනයේ නිදහසට පවා හාමුදුරුවරුන් අතපොවන්න පටන්ගත්තා.
  • එය දකින කෙනෙක් තුල ඇති කරන්නේ සතුටක්.
අකුරු ප්‍රමාණය (Font Size):



රේල්පාරක් ළග තරුණ භික්ෂුවක් සහ කෙල්ලක් ආදරය කරමින් ඉඳලා බෞද්ධ ගිහි පිරිසක් විසින් අත්අඩංගුවට අරගෙන. මේ අය ඒ කෙල්ලවත් තරුණ භික්ෂුවත් වටකරගෙන නින්දා අපහාස කරනවා.

තමන්ගේ බෞද්ධ භික්ෂුව කියන මොකක්දෝ ශුද්ධ වූ දේ කෙලෙසුවා වගේ අර දෙන්නා වැරදිකරුවන් කරලා තියෙනවා. ලැජ්ජාවෙන් බියෙන් පීඩාවට පත්ව සිටින අර දෙන්නාව වීඩියෝ කරනවා. මේක මේ වටවුනු පිරිසට යම් චූන් එකක් වගත් දැනෙනවා. සදාචාරය ආරක්ෂා කිරීමේ ලයිසන් එක මත මේ ගිහි පිරිමින් විසින් පාදඩ විදිහට අර තරුණ යුවළ අපචාරයට ලක්කරනවා.

බෞද්ධ භික්ෂූන් විසින් ගිහියන්ගේ ලිංගික ජීවිතවලට බලපෑම් කරමින් තමන් සතු කරගෙන සිටින ආගමික බලයෙන් ලංකාවෙ සිදුකරන බලහත්කාරයට මං දැඩිවම විරුද්ධයි. එමෙන්ම ගිහියන්ගේ කතා කිරීමේ, ප්‍රකාශනයේ නිදහසට පවා හාමුදුරුවරුන් අතපොවන්න පටන්ගත්තා. නමුත් බෞද්ධයන් වෙන අපි ඒ හාමුදුරුවරු ගානට වැටිය යුතු නෑ. හාමුදුරුවන්ට වගේම බෞද්ධ ගිහියන්ටත් තියෙනවා රැකිය යුතු ශිෂ්ටකම්.


මේ තරුණ හාමුදුරුවන්ගේ ප්‍රේමය මට ආකර්ශනීය වගේම හදවතට දැනෙන එකක්. බොහෝ විට කුඩා කාලයේ මහණ කරවන මේ හාමුදුරුවරු තමන්ගේ තරුණ වයසත් එක්කම දැනෙන ආදර හැගීම්වල පැටලෙනවා. සිවුර කියන්නෙ ආදරය ආශාව මඩින බලයක් නෙමෙයි. හාමුදුරු කෙනෙක් තමන්ගේ ආශාවන්ට ඉඩදීමෙන් සහ අත්හැරීමෙන් තමයි ගැඹුරු අවබෝධයකට පත්වෙන්නෙ.


සමහර කෙනෙකුට තමන්ගේ නිදහසට සිවුර බාධාවක් විදිහට හැගෙනවා. ඒ අය සිවුරු හැර යනවා. තවත් කෙනෙක් කාලයත් එක්ක අත්හැරීමේ සහ අල්ලාගැනීමේ ගැටුම අතර පරිණත වෙනවා. ඒ අය මේ දේවල් ඉක්මවා ගිහින් ප්‍රඥාවට පත්වෙනවා. නමුත් මේ කිසි දෙයක් පිටත පොලිසියක් බඳු බලහත්කාරයකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. බෞද්ධ දායකයා කියන්නෙ පන්සලේ පොලිසිය නෙමෙයි.

ඒ ප්‍රේමය ගැන නරක ඇහැකින් බැලිය හැක්කේ නොමිනිස් සිතැත්තෙකුටම පමණයි. ඒ තරම් අහිංසක බැඳීමක්. එය දකින කෙනෙක් තුල ඇති කරන්නේ සතුටක්. නිදහසක් ගැන හැගීමක්. සිවුර පවා ඒ ආදරය තවත් ගැඹුරු කරනවා. වාරණය වුනු හැගීම් දැනීම් එක පසෙක, ආදරය දුන්නු ඒ සියුමැලිය තව පසෙක. හරියට රේල් පාරක් ‍වගේමයි.



භික්ෂුවකගේ ආදරය කියන්නෙත් අපේ බෞද්ධ සංස්කෘතියෙ උරුමයක්. අපි වික්ටෝරියානුවන් නෙමෙයි. අපිට ඉන්නවා බේබදු හාමුදුරුවරු, ආදරය කරන රමණය කරන හාමුදුරුවරු. ඒ අය ප්‍රඥාවට පත් නොවේ යැයි කියන්න අපි කවුද?



මේ ගිහියන් විසින් අතට ගන්නෙ තමන් දෙන දානමාන වල බලය වග පැහැදිලියි. අපි කන්න බොන්න දෙනවා නම්, අපි වඳිනවා නම්, අපි කියන විදිහට හිටු කියලයි මේ කියන්නෙ.

ගිහියන් විසින් මේ සත්කාර කරන්නෙ හාමුදුරුවන්ට ආදරේට නෙමෙයි. ඉන් පින් ලබාගෙන ඊළග ආත්මය සැපවත් කරගන්න. දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න. ඒ මේ ආත්මයෙන් ඔබ්බට අපේක්ෂා කරන ප්‍රතිලාභ ‍වගේම මේ ආත්මයේ පන්සලේ ප්‍රධාන දායක තැන වීමෙන් ලබන ලෞකික ප්‍රතිලාභත් තියෙනවා.


තමන්ගේ මේ අපේක්ෂාවන් සඳහා යම් හාමුදුරු කෙනෙක් සුදුසු නෑ කියල හිතනවා නම් ගිහියන්ට පුළුවන් ඒ අයට සත්කාර කිරීම නතර කරන්න. වෙන ගැලපෙන හාමුදුරු කෙනෙක් හොයාගන්න. තර්ජනය කරමින්, මැරකම පාවිච්චි කරමින් තවත් මනුස්සයෙක් පීඩාවට ලක් කිරීමෙන් මේ බෞද්ධයන් අපේක්ෂා කරන විමුක්තිය මොකක්ද? මොකක් වුනත් ඒක අශිෂ්ට එකක්.

හාමුදුරුවරු කියන්නෙ එක්තරා සමාජ චාරිත්‍ර වාරිත්‍ර ටිකක් ඉටු කරන පිරිසක්. අපි මරණයේදී ගොඩයාමක් අපේක්ෂා කරන්නෙ පිරිතක් කියල, මළාට පස්සෙ නම් පාංශුකූලයක් දීලා, බණක් දානයක් දීලා ආදී වශයෙන්. මේ දේවල් අපි කරන්නෙ සිවුරු දරාගෙන, ඒ ගාථා චාරිත්‍ර දැනුම සහිතව ඉන්න හාමුදුරුවරුන් පාවිච්චි කරලා. අපිට පන්සල සහ චීවරය කියන්නෙ අපේ ආධ්‍යාත්මික අවශ්‍යතාවයක්. ඒක සංකල්පයක්.

හාමුදුරු කෙනෙකුටත් තියෙනවා මේ දේවල් කරනවට අමතරව ගත කරන්න මනුස්ස ජීවිතයක්. ඒ අය තමන්ගේ ආශාවන් අවබෝධ කරගන්න ඕන. ඒවායේ ස්වභාවය තේරුම් ගන්න ඕන. සමාජ අපවාදය නිසා නෙමෙයි තමන්ගේ ජීවිතය ඇතුලෙන් ඒ ආශා තෘෂ්නාවන් ඉක්මවා යන්න ඕන. ඒක තමයි යම් කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ශ්‍රමණයෙක් වෙනවා නම් එයාගෙ සොයායාම වෙන්නෙ.

අපේ පෙරකී උවමනා වෙනුවෙන් භික්ෂුවකගේ පැවැත්මේ සක්මන බාධා කරන්න බෞද්ධයෙකුට බෑ. භික්ෂුන් කියන්නෙ අපේ වහලුන් නොවන වග අපි තේරුම් ගන්න ඕන. ඇත්තටම හාමුදුරුවරු හරි බණ කිව්වා නම් බෞද්ධයො මෙහෙම වෙන්නෙ නෑ.



ඒ වගේම හාමුදුරුවන්ටම ඇතිවන ගැහැණු ප්‍රේමයත් ඉතාම සුන්දර එකක්. ඒක එක්තරා විදිහක ෆෙටිෂ් එකක් (අර්චනකාමයක්). තමන්ගේ ජීවිතයේ ඉතාම හුදකලා වුනු, තමන්ගේ ආශාවන් පවා වරදක් වුනු, පීඩිත පිරිමියෙකුට ආදරය කිරීමෙන් විශාල ආත්ම තෘප්තියක් ලබන ගැහැණුන් මට මුනගැහිලා තියෙනවා. ඒ පාපය සහ ශුද්ධවන්තභාවය අතර සැරිසරන ගැහැණු කලාපය ඉතාම ගැඹුරු එකක්. ඇත්තටම කිව්වොත් ඒ ආදරය බෙහෙවින් පිරිසිදු ආදරයක්. හරියට මරියා මග්දලේනා හෝ අම්බපාලියගේ වගේ.

මෙසේ හාමුදුරුවරුන්ට පීඩා කරන ගිහියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හාමුදුරු කෙනෙක්ද නැද්ද කියන එක වෙනුවට මනුස්ස අයිතිය පැත්තෙන් පෙනී සිටිය යුතුයි.

කොටට ඇඳුම් ඇන්දා කියා ස්ත්‍රියක් දූෂණය කිරීමේ අයිතිය පවරා ගන්නෙත් මෙවන් මැරයන්ම වග අපි මතක තියාගත යුතුයි. සමාජයක සදාචාරය ආරක්ෂා කරන්නට අනෙකාට එරෙහිව බලය පාවිච්චි කරන්නා අතිශය භයානක වගට උදාහරණ ඕනෑතරම්ය.

ආදරයට විරුද්ධ වෙන මේ ගිහියන් ජාතිවාදය, ආගම්වාදය දෙසන විට සාදුකාර දෙන අයයි.

Chinthana D(චින්තන ධර්මදාස)
ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂයේ නායක හා
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Cult Chintha ෆේස්බුක් පිටුවෙන්..)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක් - (චින්තන ධර්මදාස) | The Leader