The Leader News
BREAKING
Top Ad
Opinion

දර්ශනයේ සීමාව මිනිස් අවුලේ සීමාවයි - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 7, 2022 • 11:37 AM

දර්ශනයේ සීමාව මිනිස් අවුලේ සීමාවයි - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වහල්ලු විලංගු පාට කළා කියල බුකියේ හැමතැනම කියනවා තමයි.
  •  ඇත්තටම යම් දුරකට හරි සාර්ථක ක්‍රමයක් හැටියට මේ කේත ක්‍රමය ගැන කවුරුත් කතා කරනවා.
  • ඇතිවෙලා තියන මේ අවුල ඇතුලේ තෙල් ටිකක් ගහගන්න හීනෙකින්වත් බැරි කෙනෙකුට යම් අවස්ථාවක් ලැබිල තියනවා.
  •   මේ තත්වයට අපි වැටුණේ අපේ රට අසීමාන්තික ලෙස කොල්ල කාපු නිසා බව ඇත්තක් සහ ඒ වෙනුවෙන් කරන්න ඕනි හැම දෙයක්ම කරන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ මොනවා උනත් ඉන්ධන කේතයට (QR Code) අදාල තෙල් ලීටර් 20 ඔන්න අද ගහගත්ත.

ඒ සඳහා තෙල් තියන ෂෙඩ් එකක් හොයාගෙන කිලෝමීටර් විස්සක් විතර යන්නත් උණා.

 ඇත්තටම යම් දුරකට හරි සාර්ථක ක්‍රමයක් හැටියට මේ කේත ක්‍රමය ගැන කවුරුත් කතා කරනවා.

ඇතිවෙලා තියන මේ අවුල ඇතුලේ තෙල් ටිකක් ගහගන්න හීනෙකින්වත් බැරි කෙනෙකුට යම් අවස්ථාවක් ලැබිල තියනවා.

 

මේ ටික හරි ගහගන්න අන්තිමට මිනිස් බුද්ධිය වෙනුවට පරිගණක යාන්ත්‍රික බුද්ධිය බලපෑවා (artificial intelligence). යුවල් නෝහා හරාරිත් නැවත මතක් උණා.

 

මිනිස් මනසට බැරිවුණාට කවුරු කොච්චර වාරයක් මර්සියෙන් තෙල් ගහනවද කියල හොයාගන්න යන්ත්‍ර බුද්ධියට පුළුවන්. කෘතීම බුද්ධියට පුළුවන් ඒ සියලු දේ නියාමනය කරලා යම් පිළිවෙලක් හදන්න මිනිසාට උදව් කරන්න.

එකම දේ අපේ පුද්ගලික තොරතුරු ප්‍රමාණයක් යන්ත්‍රගත වෙනවා. ඒ දත්ත අපිව නියාමනය කරන්න රජයකට භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඉතිං හැම ජීව දත්තයක්ම අපි මේ වෙනකොට ගූගල් සහ ෆේස්බුක් සමාගම් වලට ස්වකැමැත්තෙන්ම දීලත් ඉවරයි.

ෂෙඩ් එකේ එකා කිව් ආර් කේතය ස්කෑන් කරනකොටම මට හිතුණේ අපි දැන් ඉන්නේ විවෘත වෙළඳ ඔය කියන නිදහස් ආර්ථිකයක නෙවෙයි කියල.

 

තෙල් දෙන්නේ මේ විදියට නම් මේ තියෙන්නේ ඔය කියන විවෘත ආර්ථිකය නම් වෙන්න බැහැ. නිදහස් වෙළඳපළ වෙන්නත් බැහැ. මේ තියෙන්නේ සංවෘත මධ්‍යගත සැලසුම් ආර්ථිකයක ලක්ෂණ. හාල් පොත, භූමිතෙල් කූපන් එක ඒ කාලේ තිබ්බ වගේ වගේ ඩිජිටල් කාඩ් එකකට සීමාසහිත පෙට්‍රල් ටිකක් ලැබීමක් මේක.

 

මේ තත්වයට අපි වැටුණේ අපේ රට අසීමාන්තික ලෙස කොල්ල කාපු නිසා බව ඇත්තක් සහ ඒ වෙනුවෙන් කරන්න ඕනි හැම දෙයක්ම කරන්න ඕනි. හැබැයි ඉතාම ගැඹුරින් මේ ප්‍රශ්නේ එක්ක අපි අනාගතය දකින්නත් ඕනි.

මට හිතෙන්නේ මේ අපි ඉන්නේ ස්වභාවික කියල පාවිච්චි කරන ඛණිජ සම්පත් සීමාසහිත වෙමින් යන වෙලාවක.

ගෝලීය වශයෙන් තෙල් බැරලයක මිල අඩුවුණා කිව්වට අපේ විනෝදය උත්කර්ෂ කරන්න තරම් මේ මහ පොළවේ සම්පත් නැති වෙලාවක. ඉතාම ඉක්මනට තියන සම්පත් ටිකත් මේ කාලකන්ණි ක්‍රමය විසින් ඉවර කරලා දාන්න හදන වෙලාවක.

මම හිතන්නේ ඒ වගේ වෙලාවක අපි බලන්න ඕනි රට දිහා විතරක් නෙවෙයි. ලෝකය දිහා. ඒකෙ පැවැත්ම දිහා.

විලංගු වගේ පෙනුණට මේ සීමාකිරීම සහ සැලසුම් ආර්ථිකයක් (planned economy) දෙසට ගමන් කිරීම වෙනුවෙන් රටක් සුදානම් වෙන එක ලෝක ගෝලය පැත්තෙන් හොඳයි. මිනිස් අනාගතය පැත්තෙන් හොඳයි.

 

මේ සීමා කිරීම ඇවිල්ල එහෙම හිතල ගත්ත මානුෂවාදී විසඳුමක් නෙවෙයි. එච්චර හිතන්න පුළුවන් කමක් තිබ්බනම් මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ හැමදේම විසින් හිතන්න යමක් එකතුකරලා තියනවා.

 

ඒ කියන්නේ අපිට හිතන්න නම් තියන පිළිවෙල අවුල් වෙලා අපි මෙතෙක් හරි කියල හිතුව ඒවා කැඩිලා බිඳිලා යන්න ඕනි.

ඒ කියන්නේ හිතන්න ඕනි වෙන්නත් දේවල් සුන්නද්දුලි වෙන්න ඕනි.

ඒ නිසා තමයි දර්ශනයේ සීමාව අපේ මිනිස් අවුලේ සීමාව වෙන්නේ.

එකම දේ තමයි මේ හැම දෙයක්ම සමතුලිතයි කියල අපිට පෙනුණට සියල්ල අසමතුලිත වෙන්න ගතවෙන්නේ බොහොම ටික වෙලාවයි.

ඇත්තටම ගත්තොත් නිමේෂයයි. ඒක තමයි ලෝකය අපිට උගන්නල තියන පාඩම.

ඒකයි ක්‍රම වෙනසක් ගැඹුරින් ඕනි කියන්නේ. තිරසාර ක්‍රමයක් ඕනි කියන්නේ.





මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...