The Leader News
BREAKING
Top Ad
Opinion

බයිසිකල් අරගලය - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

August 10, 2022 • 12:08 PM

බයිසිකල් අරගලය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බයිසිකල් පැදීම ගැන මං ගොඩක් උනන්දුයි. නගරවල වාහන කේන්ද්‍රීය සිතීම බයිසිකලය දක්වා මාරු කරන්න පුළුවන් වුනොත් අපි ජීවිතේ ගොඩක් ප්‍රශ්න
  • ඒක සම්පූර්න ඇත්තක් නෙමෙයි.
  • ඇත්තටම සයිකල් වෙනුවෙන් මාවත් ගැන එහෙම කාටවත් ඕනකමක් තිබුනෙ නෑ.
  • මේක එක පැත්තකින් සංවර්ධනයක් වුනත් ඒ සංවර්ධනය ආවෙ නරක ප්‍රතිපලත් එක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):

දිහා බලන විදිහ වෙනස් වෙනවා කියල මං විශ්වාස කරනවා.

ඒක දැවැන්ත මානසික පෙරලියක්.

අර්බුදයක් වෙලාවෙ දුප්පත්කමට හුරුවීම වෙනුවට පොහොසත් කලාවක් අලුතෙන් නිර්මාණය කිරීමක්. ඒක ධනාත්මක අරගලයක්.

මං ඒකට කියන්නෙ බයිසිකල් අරගලය කියල. ඒත් කොහොමද මේක කරන්නෙ?

මේ ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවන් නෙදර්ලන්තෙන්.

නෙදර්ලන්තෙ තමයි වැඩිම බයිසිකල් ප්‍රජාවක් ඉන්නෙ. බයිසිකල් පදින්න ලෝකෙ ආරක්ෂිතම රටත් නෙදර්ලන්තෙ. ඒකට හේතුව බයිසිකල් පැදීම වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන යටිතල පහසුකම් පද්ධතිය.

MG 6808

ශ්‍රී ලංකාවේ සිටින නෙදර්ලන්ත තානාපතිනිය ටොරින්ටන් නිල නිවසේ සිට ගමන් බිමන්..

 

ගොඩක් අය හිතනවා නෙදර්ලන්තෙ හැමදාම මෙහෙම බයිසිකල් මාවත් තිබුන කියල. ඒක සම්පූර්න ඇත්තක් නෙමෙයි. සමහර තැන්වල බයිසිකල් පාරවල් තිබුන. ඒත් ඒවා පටු, පදින්න අමාරු, එකිනෙකට සම්බන්ද නැති, අනතුරුදායක ඒවා.

ඇත්තටම සයිකල් වෙනුවෙන් මාවත් ගැන එහෙම කාටවත් ඕනකමක් තිබුනෙ නෑ.

දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ තත්වෙ වෙනස් වුනා.

ඕලන්දයට සල්ලි තිබුන. රට අලුතෙන් ගොඩනගන්න ඕන වුනා. මිනිස්සුන්ගෙ අතට වැඩිපුර සල්ලි ලැබුන. මේ හින්ද පාරෙ එලවන කාර් වැඩිවුනා. හැමෝම සු‍ඛෝපබෝගි භාන්ඩ පාවිච්චි කරන්න ගත්තා. පාරවල්වල ඉඩ මදිවුනා. ගොඩනැගිලි කඩලා ඉවත් කරලා කාර් යන්න පාරවල් හැදුවා. තිබුණු කුඩා බයිසිකල් පාරවල් පවා අයින් කළා. නගර චතුරශ්‍ර කාර් පාර්ක්වලට පෙරලුනා. කෙනෙක් දවසක ගමනාගමනයේ යෙදෙන දුර ප්‍රමාණය වැඩිවුනා.

මේක එක පැත්තකින් සංවර්ධනයක් වුනත් ඒ සංවර්ධනය ආවෙ නරක ප්‍රතිපලත් එක්ක.

බයිසිකල් පදින එක හැම අවුරුද්දකම 6%බැගින් අඩුවෙමින් ගියා. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගෙ මාර්ග අනතුරු වැඩිවුනා. මරණ වැඩිවුනා. පාරවල්වල වාහනවල ගැටීමෙන් ‍ගොඩක් මැරුනෙ පොඩි ළමයි.

මිනිස්සු පාරට බැස්සා මාර්ග ආරක්ෂාව වෙනුවෙන්. බයිසිකල් පදින අය සහ පදිකයො විදිහට එකතු වෙලා උද්ගෝෂණ කළා.


cyclelanes01

මේ අතර 1973 රටේ තෙල් අර්බුදයක් ආවා. අගමැතිවරයා කිව්වා මේ අර්බුදය ජීවිත වෙනස් කරන එකක් කියල. ජීවත් වෙන විදිහ වෙනස් කරන්නත් බලශක්තිය මත රඳාපැවතීම අඩු කරන්නත් අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා. ජීවිතයේ ගුණාත්මක තත්වය පිරිහෙන්නෙ නැතුව මේ වෙනස්කම කිරීම තමයි අභි‍යෝගය වුනේ. බයිසිකල් පැදීම ප්‍රවර්ධනය කිරීම මේ සඳහා හොඳම ව්‍යාපෘතියක් වුනා.



කාර් නැති ඉරිදාවන් හඳුන්වා දුන්නා. මේ නිසා මිනිස්සුන්ට කාර් නැති වුනාම පාරවල් කොහොමද කියල දකින්න පුළුවන් වුනා. කාර් ඇතුල්නොවෙන නගර ඇති වෙන්න පටන් ගත්තා.

වාහන තදබදයට සහ මහමග අනතුරුවලට විරුද්දව විරෝධතා දිගටම පැවැත්වුනා. බයිසිකල් පැදීම ප්‍රවර්ධනය කරන වැඩසටහන් සහ සයිකල් චාරිකා රටේ ආරම්භ වුනා.

මේ නිසා ප්‍රවාහන ප්‍රතිපත්ති ගැන හිතන ආකාරය පවා වෙනස් වුනා. බයිසිකල් මංතීරු නිර්මාණය කරන්න රජය පෙලඹුනා. සයිකල් පැදීම 30%- 60% දක්වා වැඩිවුනා. අවශ්‍ය තත්වයන් නිර්මාණය කළාම බයිසිකල් පැදීමේ පුරුද්ද වැඩි දියුණු වුනා.

නගරවල තදබදය වැඩිවිම. රිය අනතුරු. ආර්තික සහ ඉන්ධන අර්බුදය තමයි ඕලන්දයේ බයිසිකල් සංස්කෘතියේ පිබිදීම ඇති කරන්‍න හේතු. මේ නිසා මෙතෙක් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් වාහන ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති සැකසීම පවා වෙනස් වුනා.

ළමා මරණ අඩුවුනා. කුඩා සයිකල් ලේන් සයිකල් මාවත් වුනා.


අරගලය ජයග්‍රහණයකින් අවසන් වුනා. ආතල් වැඩක් කරමු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Cult Chintha ෆේස්බුක් පිටුවෙන්..)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බයිසිකල් අරගලය - (චින්තන ධර්මදාස) | The Leader