The Leader News
BREAKING
Top Ad
Opinion

අරගලයේ යුජෙනික විලාපය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 21, 2022 • 7:00 AM

අරගලයේ යුජෙනික විලාපය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ට ඇති පමණ මුදල් ඇත්නම් කිසියම් දූවක් මිලට ගෙන එරන්ද ගිනිගේ වන මා ඇතුළු පිරිසක් එයට පිටුවහල් කරන බවට වහසි බසක් ප්‍රකාශ කර
  • මන්ද මේ ප්‍රකාශකයාට අවස්ථාව ලැබුණා නම් දෙවරක් නොසිතා එරන්ද ගිනිගේ වන මා හට වධ දී ඝාතනය කරනු ඇති බවට සැකයක් නැති නිසාය.
  • මේ ප්‍රකාශයෙන් එළියට එන්නේ (තවම) එසේ කරන්නට බැරිවීමේ දෝමනස්සයයි.
  • එරන්ද ගිනිගේ නම් නාමරූපය මෙතරම් ප්‍රබල උපාදානයක් වීම පසෙකින් තබා අප සාකච්ඡා කළ යුත්තේ මේ ප්‍රකාශයෙන් කියවෙන අරගලයේ යුජෙනික අරමුණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙන්නේ ඊනියා අරගලයේ නායකයෙකු වන චමීර දෙද්දූවගේය.

අරගලය අවසාන වූ පසුත් එරන්ද ගිනිගේ වැන්නවුන් දේශපාලනිකව පෙරටත් වඩා රෙලවන්ට් වී තිබීම සිත් ගන්නා සුලු වුවත් එයින් මා උද්දාමයට පත් වන්නේ නැත. මන්ද මේ ප්‍රකාශකයාට අවස්ථාව ලැබුණා නම් දෙවරක් නොසිතා එරන්ද ගිනිගේ වන මා හට වධ දී ඝාතනය කරනු ඇති බවට සැකයක් නැති නිසාය.

image

මේ ප්‍රකාශයෙන් එළියට එන්නේ (තවම) එසේ කරන්නට බැරිවීමේ දෝමනස්සයයි. එරන්ද ගිනිගේ නම් නාමරූපය මෙතරම් ප්‍රබල උපාදානයක් වීම පසෙකින් තබා අප සාකච්ඡා කළ යුත්තේ මේ ප්‍රකාශයෙන් කියවෙන අරගලයේ යුජෙනික අරමුණයි.

උපාධියට ජාන විද්‍යාව උගන්නා කාලයේ මා අධ්‍යයනය කළ මාතෘකාවක් වූයේ යුජෙනික්ස්ය (Eugenics). Eu- යන්නෙන් “උසස්” වැනි අදහසක් හැඟවේ. Gen- යනු ජාන යන්නයි.

 

ඒ අනුව යුජෙනික්ස් යනු “උසස් ජාන ඇති” ලෙස සරලව කිව හැකිය. එහි පාරිභාෂික වචනය “සුජනක” යන්නයි. මේ අදහස පැරණි ග්‍රීක සමාජයේ මෙන්ම සමකාලීන භාරතයේද ඉන් මෙහාද තැන තැන දිගටම තිබුණු බව පෙනේ. මිනිස් සමාජයේ ඊනියා “උසස්” ලෙස සළකන ලක්ෂණ සහිත මිනිසුන් එකිනෙකා අතර පමණක් අභිජනනය කළ යුතු බවත්, ඊනියා උසස් නොවන ලක්ෂණ සහිත මිනිසුන් අභිජනනය නොකර ඉවත් කළ යුතු බවත්, එමගින් පරම්පරා කිහිපයක ඇවෑමෙන් ඊනියා “උසස්” මිනිසුන්ගෙන් පමණක් සමන්විත නිර්මල සමාජයක් නිර්මාණය කළ හැකි බවත් එහි මූලික අදහසයි.

 

19 වන සියවසේ නැවත කරළියට එන මෙම සංකල්පය ඇමරිකාවේ සහ නාසි ජර්මනියේ අත්හදා බැලිනි. යුදෙව්වන් ඝාතනය කිරීම සහ ජර්මනියෙන් පිටුවහල් කිරීම සිදුවන්නේ මෙම යුජෙනික සංකල්පය මතය. අනෙක් “ජාතීන්ට” වඩා උසස් ලෙස ඔවුන්ම සළකා ගත් ජර්මානුවන් පමණක් ඉතිරි විය යුතු බවත් ඔවුන් අතරින්ද වඩාත් කයින් මනසින් උසස් ජර්මානුවන් විශේෂයෙන් කසාද බැඳ දරුවන් හැදිය යුතු බවත් ඇඩොල්ෆ් හිට්ලර්ගේ අදහස විය.

සිංගප්පුරුවේ ලී ක්වාන් යූ ද මෙම අදහස අනුව යමින් එරට උගත් කාන්තාවන් වැඩිපුර දරුවන් බිහිකළ යුතු බව කීවේය. ඊනියා අරගලය පුරාවට තිබුණේ මෙකී යුජෙනික සංකල්පයයි.

ger 23

ඊනියා අරගලකරුවන් තමන්ව හඳුන්වා ගන්නේ ලක් සමාජයේ “උසස්ම” මිනිස් කුලකය ලෙසය. උගත්ම බුද්ධිමත්ම දාර්ශනිකම සුචරිතවත්ම නිර්මාණශීලීම දක්ෂතම දේශප්‍රේමීම මිනිසුන් කණ්ඩායම ලෙසය. නිර්මාල් දේවසිරිගේ සිට විදර්ශන කන්නන්ගර දක්වා සිරිමතුන්ගේ කුඩා පොදු ගුණාකාරය එයයි. කොළඹ ඉංග්‍රීසි කතාකරන වංශවත් “උසස්” කාන්තාවන් සහ පිරිමින් ඊනියා අරගලකරුවන් සමග හිටගන්නේ එම අදහසිනි.

 

ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ උපාධිදාරීන් ඔවුන් ගැන කොහොමත් හිතන්නේ සමාජයේ අනෙකාට වඩා “උසස්” වර්ගයක් ලෙසය. අනුර කුමාර වැන්නවුන් දැඩිව විශ්වාස කරන්නේ ඔහුට වඩා නායකයන් මෙරට නොමැත කියාය.


අරගලකරුවන් සටන් කරන්නේ ඔවුන්ගේ සුවිශේෂී සුජනක දරුවන් යෙහෙන් වැජඹෙන අනාගත යුජෙනික රාජ්‍යයක් හදන්නටය. අරගලය යනු යුජෙනික දෘෂ්ටිවාදයේ කැටි ගැසීමයි.

ඉහත ප්‍රකාශය අතිශය වැදගත් වෙන්නේ මේ සන්දර්භය තුළය.

අරගලය ඉල්ලන “උසස්” සමාජය තුළ එරන්ද ගිනිගේ වැන්නවුන්ට කිසිසේත්ම ඉඩක් නැත.

පොහොට්ටුවේ නියෝජිතයන් යනු අරගලකරුවන්ට සාපේක්ෂව හීන බාල පහත් ජානමය ප්‍රජාවකි. එබැවින් අරගලකරුවන්ට අනුව එරන්ද ගිනිගේ වැන්නවුන්ගේ කට වැසිය යුතුය. ඇඟිලි කැපිය යුතුය. ගෙවල් ගිනි තබා පවුල් පිටින් ඝාතනය කර ජානයක් තබා ජීවත් වූ බවට ලකුණක් හෝ ඉතිරි නොකළ යුතුය.

ෆේස්බුක් තුළ මා හට බොහෝ විට එල්ලවන්නේ එවැනි තර්ජනය.

නොඑසේ නම් දෙද්දූවගේ වැනි අරගල නායකයන්ට අනුව අප වැනි බාල ජාන සහිත ප්‍රජාව මෙරටින් නැව්වලට පටවා නැවත නොඑන්න මුහුද මැද දූවකට පිටුවහල් කළ යුතුය.


එවිට “උසස්” ජාන සහිත නිර්මල අරගලකරුවන් පමණක් මේ දූවේ ඉතිරිවේ.

ඔවුන් එකිනෙකා සමග ආදරයේ අරගලය කර ඔවුන් වැනිම “උසස්” දරුවන් බිහි කර පට්ට සුසමාදර්ශී ගෝටාගෝගම වැනි නවීන සමාජයක් නිර්මාණය කළ හැකිය. ඊනියා අරගලයේ ආන්තික අතාර්කික ජාතිවාදී පදනම මෙයයි. මේ දිනවල ඇහෙන්නේ එහි ශෝකී විලාපයයි.



ධර්මය අපට මග වේවා!

මොළයේ වර්ධනය සහ තරුණ අරගලකරුවන් -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
2022 අගෝස්තු 21

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...