The Leader News
BREAKING
Top Ad
Opinion

'අරගලය' ඉතාම නරක විදිහට බලපෑවෙ ජවිපෙට - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

August 21, 2022 • 11:14 AM

'අරගලය' ඉතාම නරක විදිහට බලපෑවෙ ජවිපෙට - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අරගලය ඉතාම නරක විදිහට බලපෑවෙ ජවිපෙට. අරගලය එන්න කලින් අනුර කුමාර තමයි පිටියෙ වීරයා වෙලා හිටියෙ. හැමෝගෙම දේශපාලන පැතුම
  • එතකොට තමයි අරගල‍ේ ඇතුලෙ ටෙන්ට් ටිකක් ගහගෙන තරුණ සංගම් අනං මනං දාගෙන, ගෝල්ෆේස් බලය අල්ලන්න පටන් ගත්තෙ.
  • ඒ අයගෙ විරෝධය ඇතුලෙ වුනත් සමහර වෙලාවට තියෙනවා සහයෝගයක්.
  • නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පාරෙ රංචු බලය නීතිය කියල හිතන තත්වයක් ඇතිවෙද්දි දේශපාලන පක්ෂයක් විදිහට බලන්න ඕන විදිහ ඒක කියලයි මං හිතන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුර වගේ වෙලා තිබුනෙ.

ෆේස්බුක් එකේ එහෙම වුනාට පොලොව ෂුවර් නැති හින්ද අනුරලා හැමදාම වගේ ගමට ගියා. ගමෙන් පටන් ගන්න.

ජවිපෙ ගමේ ගිහින් තියෙන අතරෙදි ටවුමෙ එකපාරට අරගලය මතුවුනා. කවුරුවත් හිතුවෙ නෑ මේක මේ තරම් සාර්තක වෙයි කියල.

කොල්ලො කුරුට්ටො ටිකක් ගෑස් ලයිට් නැති ප්‍රශ්නෙකට පාරට බැස්සම කවුද ඕක ‍දේශපාලනික විදිහට ගනං ගන්නෙ.

ජවිපෙට කොහොමත් ඔය මධ්‍යම පාංතික ප්‍රශ්න තේරෙන්නෙ නෑ. ඉතිං ජවිපෙ මුලින් මේකට නක්ක‍ලේ දාමින් හිටියා.


ඊට පස්සෙ අරගලය හැමෝගෙම ඇටෙන්ෂන් එක ගත්තා. අරගලෙන් පිට දේශපාලනයක් නැති වුනා. අනුරලාට ගම අතෑරලා ආපහු කොළඹ එන්න වුනා. එතකොට තමයි අරගල‍ේ ඇතුලෙ ටෙන්ට් ටිකක් ගහගෙන තරුණ සංගම් අනං මනං දාගෙන, ගෝල්ෆේස් බලය අල්ලන්න පටන් ගත්තෙ. මේ දේවල් කොහෙත්ම වැරදි කියල මං කියන්නෙ නෑ. දේශපාලනය කියන්නෙ ඒකට. තමන්ගේ බලය වැඩි කර ගැනීමේ දිශාව ගැන තීන්දු ගන්න එකට.


හැබැයි ජවිපෙට ග්‍රවුන්ඩ් එකේ කැපෑසිටි එක මදි. පෙරෙට්ටො තරම් වීදි සටන් දැන් ජවිපෙට අමාරුයි. අනික ජවිපෙ තරමක් පරිණත වුනු පක්ෂයක්. ඒ අයගෙ විරෝධය ඇතුලෙ වුනත් සමහර වෙලාවට තියෙනවා සහයෝගයක්. පාලන බලය අල්ලනවා වෙනුවට ජවිපෙ උත්සාහය විපක්ෂයේ බලය අල්ලන එක.

කුමාර් ගුනරත්නම් කියන්නෙ තාම කැලේ ඉන්න ජීවියෙක්. එයාගෙ සොමිය පාරවල්වල බැරියර් පෙරලමින්, ගුටිකමින් ගන්න එකක්. සම්මුතිය ගැන එයාට නෑ අදහසක්. අන්තරේ කියන හිස නැති මහා කඳ අයිති ගුනරත්නම් පාර්ශ්වයට.

ඉතිං ජවිපෙට පාරේ ගේම අමාරු වෙනවා. මේ වෙද්දි ජවිපෙට ඉන්නෙත් ඔය ආචාර්යවරු කීපනමක් සහ නළුනිළි, කලාකරු පිරිසක්. ඒ අය සටන්කාමියො නෙමෙයි. පොඩ්ඩක් පැත්තකට වෙලා විකල්පය කරගෙන ඉන්න කැමති අය.


ඉතිං ජවිපෙ බලන් ඉන්නෙම අරගලය අසාර්ථක වෙනකල්. ඒක ඉතා නිවැරදි දේශපාලන තීන්දුවක්. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පාරෙ රංචු බලය නීතිය කියල හිතන තත්වයක් ඇතිවෙද්දි දේශපාලන පක්ෂයක් විදිහට බලන්න ඕන විදිහ ඒක කියලයි මං හිතන්නෙ. මුලදි අරගලයේ බලය අල්ලන ව්‍යාපෘතියක් තිබුනත් අවසාන අවධියෙදි ජවිපෙ උත්සාහය වුනේ අරගලය ඇතුලෙ කැන්සල් නොවී පවතින්න.


NPP q

ජවිපෙ ආන්ඩු බලය බාරගන්න ලෑස්ති නෑ. ඒක ඇත්තටම ජවිපෙ බුද්ධිමත්කමක්. ඒ පරිචය ජවිපෙට තාම නෑ. ඒ අයගෙ ඉලක්කය වෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙ තමන්ගේ ආසන ප්‍රමාණය වැඩි කරගනිමින් තීරණාත්මක බලයක් ගොඩනැගීම. ඇත්තටම මේ කාරණයට මාත් ජවිපෙට මට පුළුවන් සහයෝගය දෙනවා. පාර්ලිමේන්තුව ඇතුලෙ ජවිපෙට දැනෙනසුලු බලයක් හිමිවෙන්න ඕන.

 

මේ නිසාම ජවිපෙ පුළුවන් තරම් පාරිශුද්ධ ප්‍රතිපත්ති මත පෙනී ඉන්නවා. ඒක තමයි කල්ට් පක්ෂයක විදිහ. ඒ අයට පුළුවන් නිෂ් එකක් වෙනුවෙන් පෙනී ඉන්න. 

 
පක්ෂයක් විශාල වෙද්දි ඒක මුහුදක් වගේ වෙනවා. හැම කුණු ගොඩත් එක්කම පවතින ලුණු රසක් සහිත අනන්‍යතාවයක් වෙනවා. ඒත් ජවිපෙට තමන්ගේ දේශපාලන ස්ට්‍රැටජියක් විදිහට මේ පියුරිටන්ට් ගතිය වැඩ කරන්න ඉඩ තියෙනවා.


''බෙ‍ාහෝ විට චම්පික විසින් රනිල්ගෙන් පස්සෙ යූඇන්පියෙ බලය අත්පත් කරගනීවි''


ජවිපෙට තාම ලොකුම තරගය තියෙන්නෙ පෙරෙට්ටො එක්ක. මේ වගේම කල්ට් පක්ෂයක් වුනු සිහල උරුමය මේ වෙද්දි 43 දක්වා විශාල වෙලා තියෙනවා. ඒ අය තමන්ගේ කල්ට්මය අනන්‍යතාව සමස්තයක් ඇතුලෙ දිය කරමින් ඉන්නවා.
 
 ලංකාවෙ දේශපාලන ප්‍රවණතාවලින් සුවිශේෂම එක තමයි චම්පික ‍නියෝජනය කරන ඒ ධාරාව. නිතරම මහා පක්ෂයක් ඇතුලෙන් වැඩෙමින් තමයි තමන්ගේ දේශපාලන බලය ව්‍යාප්ත කරන්නෙ. ඒක දියුණු ක්‍රමයක්. බෙ‍ාහෝ විට චම්පික විසින් රනිල්ගෙන් පස්සෙ යූඇන්පියෙ බලය අත්පත් කරගනීවි.

ජවිපෙ යන පාර වෙනස්. ඒ වගේම තමන්ට හිමි කොටස බේරගන්න නිරන්ත‍රයෙන් පෙරට්ටො එක්ක පැටලෙන්නත් වෙනවා.
 
 
299879385 627606268735606 9052850050546293766 n
 
අගෝස්තු 20 නුගේගොඩ ජවිපෙ රැලිය
 
 
මං හිතන්නෙ ඊයෙ නුගේගොඩ රැලිය පැවැත්වීමේ අරමුණත් ඒක.

තමන්ගේ බලය නැවත සංකේන්ද්‍රණය කරගන්න. අරගලේ තමන්ගෙ කොටස එක්ක ස්ථාවරත්වයක් හදාගන්න.

ඊළග මැතිවරණයකට ඒක අවශ්‍යයි.

ඉතිං අනුර අරගලේ ගැන කියන කතන්දර දිශාගත වෙන්නෙ අරගලයට අහිමි වූ නායකත්වය තමන්ය කියන පැත්තට.

නායකත්වයක් සහිත නියම අරගලය මේකයි කියන කතාවට.

ඔය රැස්වීම ආන්ඩුවට විරුද්ධව පවත්වපු එකක් නෙමෙයි. ඒක තමන්ගේ ‍පිලේ උන් අතර තරගයක්.


අරගලය ජයග්‍රහණයකින් අවසන් වුනා. ආතල් වැඩක් කරමු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...