The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභය දුර්වල නායකයෙක්ද? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 22, 2022 • 5:12 AM

ගෝඨාභය දුර්වල නායකයෙක්ද? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නායකත්වය ගැන මම අහලා තියෙන හොඳම කියමන තමයි “You're not really a leader until you've lost.” “ඔබ පරදින තුරු ඔබ සැබෑ නායකයෙකු නොවේ.”
  •   ගෝඨාභයටත් දිනන්න ඕනෑකම තියෙනවා.
  • නමුත් වර්ෂ 2015 න් පසුව මා නිරීක්ෂණය කළ දෙයක් තමයි ඔහුගේ ඒ කෙසේ හෝ තමන් දිනන තරගකාරී ගතිය ක්‍රමයෙන් අඩුවෙලා පරිණත මිනිසෙකු බවට පත්වෙන ආකාරය.
  • ජීවිත කාලයක් ලද මහා අත්දැකීම් සහ පතපොත කියවීමෙන් ලද දැනුම වගේම ඒ සියල්ල දෙස නිවී හැනහිල්ලේ අවලෝකනය කිරීම එයට හේතු වන්නට ඇතැයි මා සිතනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේක මම ඇහුවේ The Core නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ දෙබසක.

මේ කියන්නේ කුමක්ද? මේ වැකියෙන් කියවෙන ගැඹුරු අර්ථය කුමක්ද?

අපි සාමාන්‍යයෙන් හිතන්නේ හැම වෙලාවෙම දිනන කෙනා තමයි නායකයා කියලයි. එහෙම තමයි අපව කුඩා කල ඉඳලා හදන්නේ. පන්තියේ පළමු වැනියා තමයි නායකයා. ක්‍රීඩා පිටියේ දුවලා දිනන කෙනා තමයි නායකයා. කථික තරගවලින් දිනන කෙනා තමයි නායකයා. ඒ නිසා සමාජයේ බොහෝ අය හදන්නේ කොහොම හරි දිනන්න. ආයතනයේ ලොක්කා වෙලා දිනන්න. ජනප්‍රියම නළුවා වෙලා දිනන්න. නමුත් ඒ දිනනවා කියන්නේ පුද්ගලික දෙයක්.

මේක තේරුම් ගන්න පුළුවන් සරත් ෆොන්සේකා කියන චරිතය දෙස බැලීමෙන්. ඔහුම නිතරම කියන හැටියට ඔහුට ඕනා හැම වෙලාවෙම දිනන්න. ඔහු කිසිසේත්ම පරදින්න කැමති කෙනෙකු නොවෙයි. අද වනවිට සම වැහැරුණු මහල්ලෙකු වුවත් ඔහු ඉතාම තරගකාරියි. ඔහුට වැදගත් වෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඔහුගේ පුද්ගලික දිනුම. ඔහු කතා කරන්නේ “මම”, “මම” සහ “මම” ගැනම විතරයි.

 

තරු පටි ගැලෙව්වොත් කරනදේ ෆොන්සේකා කියයි

සරත් ෆොන්සේකා වැරදිලා හරි ජනාධිපතිව සිටි අවස්ථාවක ඊනියා අරගලය වගේ දෙයක් වුනා නම් මේ රටට කුමක් වෙලා තියෙයිද කියා අපට හිතා ගන්න පුළුවන්.

 

මට මතකයි ෆොන්සේකා කිසියම් අවස්ථාවක කියනවා යාපනයේ හිරවී සිටි හමුදා කණ්ඩායමක් මුදවා ගැනීමට ගෝඨාභය සහ ඔහු කළ මෙහෙයුම ගැන.

ඔහු එහිදී කියනවා, ගෝඨාභය සහ ඔහු එකල සමාන නිලයේ හමුදා නිලධාරීන් හැටියට එකිනෙකා අතර තරගයක් තිබුණාය කියා. ගෝඨාභය ඉදිරියට යනකොට ඊට නොදෙවෙනිව ෆොන්සේකාත් ඉදිරියට ගිය හැටි ඔහු කියනවා. ඒ තමයි අර දිනන්න තියෙන දැඩි උවමනාව. තරගකාරී ස්වභාවය. ඒකත් අවශ්‍යයි.

නමුත් අර හිරවෙලා ඉන්න මිනිස්සු බේරා ගන්නවාට වඩා ඒ බේරාගැනීම තමන් විසින් කිරීමෙන් ලබන දිනුම තමයි එතැනදී ඉස්මතු වෙන්නේ.

 

අර චිත්‍රපටයේ සංවාදය පටන් ගන්නේ “Being a leader isn't about ability. It's about responsibility.” “නායකයෙක් වීම යනු හැකියාව පිලිබඳ දෙයක් නොවෙයි. එය වගවීම පිලිබඳ දෙයක්.” යුද්ධයේ අවසාන සටනට ඒ දෙන්නාම නැවත සම්බන්ධ වීම අහම්බයක් නොවන කර්ම විපාකයක්. ෆොන්සේකා යුද්ධය දිනනවා. ගෝඨාභය යුද්ධය අවසාන කරනවා.

 

ගෝඨාභයටත් දිනන්න ඕනෑකම තියෙනවා. ඔහුත් පරදින්න කැමති කෙනෙකු නොවෙයි. නමුත් වර්ෂ 2015 න් පසුව මා නිරීක්ෂණය කළ දෙයක් තමයි ඔහුගේ ඒ කෙසේ හෝ තමන් දිනන තරගකාරී ගතිය ක්‍රමයෙන් අඩුවෙලා පරිණත මිනිසෙකු බවට පත්වෙන ආකාරය. ජීවිත කාලයක් ලද මහා අත්දැකීම් සහ පතපොත කියවීමෙන් ලද දැනුම වගේම ඒ සියල්ල දෙස නිවී හැනහිල්ලේ අවලෝකනය කිරීම එයට හේතු වන්නට ඇතැයි මා සිතනවා.

මිනිහෙක් වයසට යනකොට තමයි ඒ රිෆ්ලෙක්ෂන් එක කරන්න නිදහස ලැබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනරජයේ ජනපති වීමට වඩාත්ම සුදුස්සා කියා මා එදා කීවේත් අද කියන්නෙත් ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය මතයි.

 

මොකද කෙසේ හෝ දිනන ස්වභාවය තියෙන කෙනෙකු රාජ්‍යයක නායකයා වීම ඉතාම භයානක දෙයක්. අවස්ථාව පැමිණි විට තමා පරදින තීරණය ගන්න බැරි නම් ඔහු සැබෑ නායකයෙකු නොවෙයි. මොකක්ද ඒ තීරණාත්මක අවස්ථාව?

Screenshot 20220722 020821 Facebook

 

ඊනියා අරගලය මුලදී හෝ මැදදී හෝ අගදී හෝ හමුදා බලය යොදා පාලනය කළා නම් එය නොනවතින භීෂණ රැල්ලක් බවට පත් වෙනවා. එහෙනම් මේ රට දැන් අමු සොහොනක්. ඒකම තමයි ජවිපෙ/පෙසප, කාඩිනල් සහ කොටි ඩයස්පෝරාව ඇතුළු වෛරයෙන් පිරුණු සතුරාටත් ඕන වුණේ.

 

ඒ අවබෝධය තියෙන්නේ එවැනි ව්‍යසනයක් සැබැවින්ම අත්විඳපු අයට පමණයි.

 87/89 අවිචාර සමය විකසනය වූ ආකාරය ගැන ගෝඨාභය මහතා මා සමග පැය ගණන් කතා කරලා තිබෙනවා.

පොහොට්ටුවේ ආවේගශීලී අපරිණත ඇතැමුන් හරි ලේසියට කියනවා “ගහන්න තිබුණා” කියා. නමුත් පරිණත මනුස්සයාට පේනවා එහි විපාකය. සැබෑ නායකයාට එතැනදී ගන්න වෙනවා ඉතාම අපහසු තීරණයක්. අර චිත්‍රපටයේ අභ්‍යවකාශ යානාව පදවන කැප්ටන් කියන්නේ “You've got to be ready to make the shitty call.” කියලයි. “ඉතාම අපහසු තීරණය ගැනීමට ඔබ සූදානම්ව සිටිය යුතුයි.” කියලා ඔහු කියන්නේ ඔහුගේ තරගකාරී දෙවැනියට.

 

ධූරයෙන් නික්ම යෑම ඉතාම shitty call එකක්. අතිශය බරපතල තීරණයක්. ඒක ඔහුගේ හැකියාව ගැන ප්‍රශ්නයක් ඇති කරනවා කියා ඔහු දන්නවා. නමුත් නායකත්වය කියන්නේ හැකියාව නොව වගවීම පිලිබඳ දෙයක් කියාත් ඔහු දන්නවා. ඒක ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික පැරදුමක්. නමුත් ගෝඨාභය දන්නවා ඒකෙන් ඔහු ආදරය කරන ඔහුගේ රටට වෙන්න යන මහා විනාශයක් ඔහු වළක්වනවා කියා. ඒක තමයි ඔහුගේ අර තීරණාත්මක “අවස්ථාව”. ආත්මාර්ථය වෙනුවට පරාර්ථය අවශ්‍යම කරන අවස්ථාව.

 

තමන්ගේ තීරණය විසින් ජීවිත බේරා දෙන මිනිසුන් ඒ බව නොදැන තමාට “දුර්වලයා” කියා බනින බව දැන දැනත් ඔවුන් වෙනුවෙන්ම අපහසුම තීරණය ගන්න වෙන අවස්ථාව.

ඒක තමයි ගෝඨාභය “සැබෑ නායකයා” වුණ අවස්ථාව.

ධර්මය අපට මග වේවා!



මොළයේ වර්ධනය සහ තරුණ අරගලකරුවන් -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com
 
2022 අගෝස්තු 22


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...