The Leader News
BREAKING
Top Ad
Opinion

අපේ මානව හිමිකම් හා අපේ සතුරන්ගේ මානව හිමිකම් -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

August 23, 2022 • 5:39 AM

අපේ මානව හිමිකම් හා අපේ සතුරන්ගේ මානව හිමිකම් -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ.
  •   ඒත්, පසුගිය මාස කීපය තුළ රජයට අමතරව ඇතැම් මානව හිමිකම් ආරක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ද මානව හිමිකම් උල්ලංඝනය කරන්නට පටන්ගත්තා.
  • මානව හිමිකම් පිළිබඳ අවබෝධයක් ඇති අය මානව හිමිකම් උල්ලංඝනයට සම්බන්ධ වුණේ ඉතා අඩුවෙන්.
  • ඒත්, ඔවුන් ක්‍රම කීපයකින් ඇතැම් මානව හිමිකම් උල්ලංඝනයන් ආරක්ෂා කළා; දිරිගැන්වූවා.
අකුරු ප්‍රමාණය (Font Size):



පසුගිය මාස කීපය තුළ ලංකාව මානව හිමිකම් පැත්තෙන් දරුණු අගාධයකට වැටුණා.

ඊට කලිනුත් මානව හිමිකම් සම්බන්ධ බරපතල ගැටලු තිබුණා. රාජ්‍ය ත්‍රස්තවාදය, පොලිස් කෘරත්වය, සැමට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක නොවීම වගේ බරපතළ ගැටලු තිබුණා.

මානව හිමිකම් උල්ලංඝනය ප්‍රධාන වශයෙන්ම සිදුකළේ බලධාරීන්.

ඒ අතරෙ ස්ත්‍රී පුරුෂ සමාජ අසමානතාව, කාන්තාවන්ට එරෙහි හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ කාරණා සමාජයේ පුළුල්ව පැතිරී තිබුණා. මානව හිමිකම් ආරක්ෂකයන් ඒ පිළිබඳ පුළුල් හඬක් නැගුවා.

මේ සියල්ල අතරෙ මානව හිමිකම් ආරක්ෂකයන් අතර මානව හිමිකම් ගැන උසස් දැක්මක් තිබුණා. මානව හිමිකම් උල්ලංඝනය ප්‍රධාන වශයෙන් සිදුවුණේ බලධාරීන් අතින් නිසා ඒවාට එරෙහි වීමේදී පොදු එකඟතාවක් තිබුණා.

 

ඒත්, පසුගිය මාස කීපය තුළ රජයට අමතරව ඇතැම් මානව හිමිකම් ආරක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ද මානව හිමිකම් උල්ලංඝනය කරන්නට පටන්ගත්තා. මානව හිමිකම් පිළිබඳ අවබෝධයක් ඇති අය මානව හිමිකම් උල්ලංඝනයට සම්බන්ධ වුණේ ඉතා අඩුවෙන්. ඒත්, ඔවුන් ක්‍රම කීපයකින් ඇතැම් මානව හිමිකම් උල්ලංඝනයන් ආරක්ෂා කළා; දිරිගැන්වූවා. ඒ කොහොමද?



1. මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන අවස්ථා ප්‍රචාරය කළා.

2. මානව හිමිකම් උල්ලංඝනයන් ගැන නිහඬව සිටියා.

3, යම් මානව හිමිකම් උල්ලංඝනයක් ගැන කතාකරනකොට එම සිදුවීමට ඍජුව අදාළ නැති වෙනත් මානව හිමිකම් උල්ලංඝනයන් ඉස්මතු කරමින් මූලික ප්‍රශ්නය යටපත් කරමින් එම මානව හිමිකම් උල්ලංඝනය සාධාරණීකරණය කළා.




මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වන විට ලංකාවටත් වඩා අර්බුදයට ගිහින් තියෙන්නේ මානව හිමිකම් ආරක්ෂකයන්.

“ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් අපේ පිළිතුර දර්ශනිකත්වයෙන් හා වීරත්වයෙන් පිරුණ එකක්” බව ප්‍රසිද්ධ කියමනක් තියෙනවා.

 මානව හිමිකම් ආරක්ෂකයන්ට මෙහිදී සිදුවුණේ තමන් කැමති පාර්ශ්වය විසින් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනයන් ද සමාන දැක්මකින් ග්‍රහණය කරගන්නට හැකියාවක් නොමැති වීමයි.

 

මානව හිමිකම් කියන්නේ පොදු සංකල්පයක්. අපේ මානව හිමිකම් හා අපේ සතුරන්ගේ මානව හිමිකම් කියා ප්‍රභේද දෙකක් නැහැ. සරලව කිව්වොත්, මානව හිමිකම් කියන්නෙ මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම්.

 

රැස්වීමේ, සංවිධානය වීමේ, අදහස් ප්‍රකාශනයේ නිදහස සැමට තිබෙනවා. එහෙත්, ඔබේ අතේ ඇති සැරයටිය වන වනා යාමේ නිදහස අනෙකාගෙ නැහැයේ තුඩට මෙහායින් අවසන් වෙනවා. වහසි බස් දෙඩීමේ වුණත් සීමාවක් තියෙනවා. එහෙම නොකරනවා නම්, ඒ පිළිබඳ විමර්ශනය කර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා සාධාරණ නඩු විභාගයන් පැවැත්වීම ද අවශ්‍යයි.

එහෙත්, ඒ සඳහා හැකි තරම් දුරට සාමාන්‍ය නීති භාවිතා කළ යුතුයි. විශේෂයෙන්ම, මෑතදී දැඩි කතාබහට ලක්වුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදිය භාවිතා කිරීම නැවැත්විය යුතුයි. ඒ නීති වෙනස් කළ යුතුයි.


බුද්ධි ගෙන් මහින්දට ඇස් ඇරවෙන ලිපියක්! - 'ජන හඬට සාවධාන වන්න'

සමාජයක් ලෙස අප විසින් දීර්ඝ අරගල ඔස්සේ ගොඩනගාගත් මානව හිමිකම් ප්‍රමිති තිබෙනවා. අප ඒවා අත නොහළ යුතුයි. උදාහරණයක් විදියට වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමිති හා මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමිති සමග නාකි මයිනා, ගෝටා පිස්සෙක් වැනි යෙදුම් ගැලපේද යන ප්‍රශ්නය අපි මතු කළා.


වධහිංසනය, වෛරී ප්‍රකාශ, සාධාරණ නඩු විභාගයන් සඳහා ඇති අයිතිය, ජීවත් වීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය පිළිබඳ පොදු ප්‍රමිතීන් පවා පසුගිය සමයේ මතභේදයට ලක්වුණා.

ජනප්‍රිය නොවන අදහස් වුණත් දරන්නට මට තිබෙන අයිතිය ගැන ද මට කියන්නට තිබෙන්නේ එයයි. සමහරුන් ප්‍රතිචාර දක්වන්නේ මා සිතනවා යයි ඔවුන් සිතන දෙයටයි. එය මගේ සිතීමේ නිදහසට පවා ප්‍රශ්නයක්.



මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...