The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ අහන රොක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 27, 2022 • 6:57 PM

 ජවිපෙ අහන රොක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජවිපෙ කේන්ද්‍ර කරගත්ත ජාතික ජන බලවේගයේ වේදිකාවේ සමනලී ගන්ස් ඇන්ඩ් රෝසස් (Guns and Roses) ටි ෂර්ට් එකක් ඇඳලා හිටිය.
  • එයාල කවදාවත් රොක් මියුසික් ලංකාව ඇතුලේ ප්‍රචලිත කරන්න වැඩ කරලා නැහැ.
  • බ්‍රුස් ස්ප්‍රින්ස්ටීන් සින්දු කියනකොට මාර ත්‍රිල් එකක් ගත්ත.   ඇරිතා ෆ්‍රැන්ක්ලින් You make me feel like a natural woman කියනකොට ඔබාමා ඇත්තටම ඇඬුව.    ඇරීතා රොක් කළේ නැහැ.
  • අප්‍රිකා ඇමෙරිකා ඉතිහාසයක් ඇතුලේ ඇරීතා කියන්නේ ඔබාමට අයිකොන් එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

එයා ඒක වෝල් බැනර් එකේ දාල තිබ්බත් මම දැක්ක. එච්චර හිතුවේ නැහැ ඒ වෙලාවේ.

උදන් ඒක මගේ වෝල් එකේ අලවල. පොඩි කතාබහක් යනවා. ඉන්ටරෙස්ටින්.

මේ දවස් වල නිදහස සහ ප්‍රගතිය ගැන සම්මන්ත්‍රණ කරන හැමෝම වෙස්ට් එකේ සින්දු එක්ක තමයි වැඩේ ලයින් කරන්නේ. එක්කෝ ලෙනන් නැත්නම් ගන්ස්. නැත්නම් වෙනත් කවුරුහරි. ඒක නරක නැහැ. හැබැයි පොඩි මිස් අලයින්මන්ට් එකක් නම් තියනවා.


මම හිතන්නේ නැහැ මම දන්නා ජවිපෙ රොක් අහනවා කියල. රොක් සංස්කෘතිය ගැන අධ්‍යනය කරනව කියල. ඒ ගැන කියවනවා කියල. ලියල තියනවා කියල. හෝ පැලවත්තේ තියනවා කියන කාර්යාලේ රොක් ඇල්බම් තියනවා කියල. එයාල කවදාවත් රොක් මියුසික් ලංකාව ඇතුලේ ප්‍රචලිත කරන්න වැඩ කරලා නැහැ. මම කියන්නේ දැන් ඉන්න අලුත් පරම්පරාව නෙවෙයි. පරණ සෙට් එක. අලුත් එවුන් වුණත් මම නම් සැක සහිතයි.


අවම වශයෙන් අර අන්තිම කොටියා මරන්න ඕනි කියල වේදිකා දෙවනත් කරලා බෑගිරි ගහපු ටිල්වින් රොක් අහනවා කියල මම හිතන්නේ නැහැ.

හැබැයි ලෝකේ අද්විතීය රොක් බෑන්ඩ් එකක් වෙච්ච ඊගල්ස්ට කෙනෙඩි ශාලාවේ සම්මාන (Kennedy Center Honors) දෙනකොට බැරක් ඔබාමා එයාලගේ සිංදු මිමිණුවා. බ්‍රුස් ස්ප්‍රින්ස්ටීන් සින්දු කියනකොට මාර ත්‍රිල් එකක් ගත්ත.  

ඇරිතා ෆ්‍රැන්ක්ලින් You make me feel like a natural woman කියනකොට ඔබාමා ඇත්තටම ඇඬුව. 
 
ඇරීතා රොක් කළේ නැහැ. එයා සෝල් මියුසික්. ඒ වුණාට මම මේ කියන දේට ඒක එතරම් අදාල නැහැ.

300779075 10225321412236827 1930780766853317210 n


අප්‍රිකා ඇමෙරිකා ඉතිහාසයක් ඇතුලේ ඇරීතා කියන්නේ ඔබාමට අයිකොන් එකක්. සුවිශේෂ ගායිකාවක් හැටියට එයා ආපු ගමන, ඒ ඉතිහාසය, ඒ පුද්ගල බව ඔබාමට දැනෙන්න ඇති. ඒක ගායනය විතරක් පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි. ආත්මය සම්බන්ද වෙන විදිය ගැන ප්‍රශ්නයක්. ප්‍රකාශනය ගැන ප්‍රශ්නයක්. ඉතිහාසය ගැන ප්‍රශ්නයක්. විගලිත බවේ ගැඹුර ගැන ප්‍රශ්නයක්.

මින් කියවෙන්නේ නැහැ ජවිපෙට රොක් අහන්න අයිතියක් නැහැ කියල. හැබැයි ඔයාලට හිතෙන්නේ නැද්ද ගන්ස් ඇන්ඩ් රෝසස් එයාලට ගොඩක් දුරයි කියල.
එයාල ඒ වේදිකාවේ දිගහැරෙන්න දෙන්නේ එයාලගේ ඇත්තම ජීවිතේ දෙයක් නෙවෙයි. ආගන්තුක දෙයක්.




තමන් නොදන්නා දෙයක් උණත් තමන්ගේ වේදිකාවේ කරන්න ඉඩ දීපු එක ගැන යම් රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනි. නමුත් ඇරීතා ෆ්‍රැන්ක්ලින් එක්ක ඔබාමා ගත්ත ත්‍රිල් එකනම් මෙතන නැහැ.


ඇත්තටම බොක්කට වදින්නේ නැති දෙයක් යම් තැනක පවතී කියල මට හිතන්න බැහැ. මේක නිකම් ආගන්තුක සයින්ස් (signs) ටිකක් එල්ලා ගැනීමක් විතරයි.
මට ඇහුණේ එයාල රනිල්ට පොඩි චන්ඩි පාට් එකක් දැම්ම වගේ එකක්.

අඩෝ අපි අහන්නේ රොක් හරිද ඩෝ වගේ එකක් එක්ක ඔබාමා ඇරීතා ෆ්‍රැන්ක්ලින්ගේ සිංදුව විඳින අවස්ථාව බලන්න.




ඊගල්ස් අවස්ථාව



මම ආස රොක් එකක් මෙතන අලවන්න ඉඩ දෙන්න...මේ Free ලගේ All Right Now (1970).


 
 
Mahesh Hapugoda 1 1
(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජවිපෙ අහන රොක්...- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader