The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රෙස්ලි : ගොංකන් දහයක් සහ එක හුරුබුහුටි දෙයක්- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 30, 2022 • 4:49 PM

ප්‍රෙස්ලි : ගොංකන් දහයක් සහ එක හුරුබුහුටි දෙයක්- (කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රෙස්ලි බැලුව. මම ප්‍රෙස්ලිගේ ලොකු ෆෑන් කෙනෙක් නොවන නිසා ඒ ගැන ලියන්න තරමක අපහසුවක් දැනෙන්න ගත්ත.
  • චක් බෙරී (Chuck Berry) වගේ කෙනෙක් රොක් ඇන්ඩ් රෝල් වල පියා (Father of Rock and Roll) වශයෙන් විරුදාවලි ලබන කොට ප්‍රෙස්ලි තමයි ඒ ශෛලියේ රජු (King of Rock and Roll) බවට පත්වුණේ.
  • ඉතිං එයා ඉගිලෙනවා විසි වෙනි සියවසේ වඩාත්ම බලවත් සංස්කෘතික පුද්ගලභාවය ලෙස ලෝක ඉතිහාසයේ සලකුණු වෙනකම්ම (the most influential cultural figure of the 20th century).
  •   ප්‍රෙස්ලි තමන්ගේ ඉතිහාසයෙන් ගැළවෙන්න හදනවා වෙනුවට ඒ ඉතිහාසය නූතන ලෝකය ඇතුලේ නැවත නිර්මාණය කලා.
අකුරු ප්‍රමාණය (Font Size):



හැබැයි ෆිල්ම් එකේ අන්තර්ගතය එක්ක සමකාලීන සමාජ දේශපාලන වර්ධනයන් එක්ක යමක් සටහන් කරන්න ඕනි කියල හිතුව.

එල්විස් ප්‍රෙස්ලි කියන්නේ එක්තරා යුගයක්. ශෛලියක්. නිර්මිතයක්. වගේම සුවිශේෂ පුද්ගල ආගමනයක්. තමන් කරන දේ මොකක් උනත් ඒ කරන දේ ඔස්සේ සමස්ත ලෝකයට යම් බලපෑමක් කරන්න පුළුවන් වෙච්ච කලා කරුවෙක්.

චක් බෙරී (Chuck Berry) වගේ කෙනෙක් රොක් ඇන්ඩ් රෝල් වල පියා (Father of Rock and Roll) වශයෙන් විරුදාවලි ලබන කොට ප්‍රෙස්ලි තමයි ඒ ශෛලියේ රජු (King of Rock and Roll) බවට පත්වුණේ.

කුමන තත්වයක් යටතේ උනත් රොක් ඉතිහාසයේ ඒක විශාල අත්පත් කරගැනීමක්.

 

 
ප්‍රෙස්ලිට අවශ්‍ය වෙනවා ඉහල ආකාසේ ඉගිලෙන්න. අනන්තය දක්වා ඉගිලෙන්න. ඒක තමයි පොඩිකාලේ හීනෙ.

ඉතිං එයා ඉගිලෙනවා විසි වෙනි සියවසේ වඩාත්ම බලවත් සංස්කෘතික පුද්ගලභාවය ලෙස ලෝක ඉතිහාසයේ සලකුණු වෙනකම්ම (the most influential cultural figure of the 20th century).  

'ගොංකන් දහයක් කළත් කමක් නැහැ එක හුරුබුහුටි දෙයක් ජීවිතේ කරන්න පුළුවන් උණොත්...' (You may do ten stupid things as long as you do one smart thing) කියන ආප්තය ප්‍රෙස්ලි ෆිල්ම් එකේ තියෙන්නේ එයාගේ සංගීත ජීවිතයේ තිබ්බ උස් මීටි තැන් ගැන හිතල වෙන්න ඇති.

ලෝක ගෝලයේ හිට් වෙච්ච සිංදු හත අටක් එක්ක ප්‍රෙස්ලි හුරුබුහුටි වැඩ කිහිපයක් කළා කියල කියන්න පුළුවන්. ගොංකන් වලිනුත් අඩුවක් නම් තිබුණේ නැහැ තමයි. හැබැයි ඒ ගොංකන් පවා අවසානයේ මාකට් වෙලා ගියා. ඒ තමයි එවැනි ප්‍රපංචයක හැටි.

ඒ ගොංකම් කියල හඳුන්වන දේවල් ගොඩක් දේශපාලනික ප්‍රවර්ගයට වැටෙන දේවල්. මතබේදාත්මක දේශපාලන දේවල් කරලා අමාරුවේ වැටෙන්න එපා කියන එක ඒ කාලේ ඉඳල හංවඩු ගැහිලා තිබ්බ දෙයක්. ඒවා කරලා මාකට් එක නැති කරගන්නවාට එයාගේ මැනේජර් කැමති උනේ නැහැ. හැබැයි ඒ මතබේදාත්මක දේවල් නිසාම තමයි එක වෙලාවක ප්‍රෙස්ලි නැගල ගියේ.  



ප්‍රෙස්ලි තමන්ගේ ඉතිහාසයෙන් ගැළවෙන්න හදනවා වෙනුවට ඒ ඉතිහාසය නූතන ලෝකය ඇතුලේ නැවත නිර්මාණය කලා. ඒක තමයි ඔහුගේ ශක්තිය උණේ. ඔහුගේ සංගීතයේ වශ්‍රීකාරක (hypnotic) බව රැඳිලා තිබ්බේ ඒ ඉතිහාසයෙන් ගත්තු මතකයන් එක්ක.

 


ප්‍රෙස්ලි ඉපදුණේ හැදුණේ වැදුනේ කල්ලෝ එක්ක. කළු ජාතික පරිසරයක. මිසිසිපි වල. ඒ නිසා කළු ජාතිකයින්ගේ වතාවත් විධික්‍රම, යාග හෝම හැම දෙයක්ම ප්‍රෙස්ලිට අලුත් දේවල් උනේ නැහැ. පල්ලියේ සුවපත් කිරීම, චිකිත්සක සංගීතය, භාව විමෝචනය, මෝහනය එක්ක ආපු සංගීත ආර තමයි ප්‍රෙස්ලිගේ සංගීතය වුණෙත්.

ඒ කියන්නේ කල්ලන්ගේ උරුමය තමයි ප්‍රෙස්ලිගේ උරුමය උනෙත්. බ්ලුස් සහ ක්‍රිස්තියානි ගොස්පල් සංගීතය එක්ක රොක් ඇන්ඩ් රෝල් ගෝලීය භාෂාවක් කරන්න ප්‍රෙස්ලි මුල් උණා. හැබැයි ප්‍රෙස්ලිගේ සංගීතය අර කල්ලන්ගේ ස්වදේශික උරුමයෙන් වෙනස් වෙලා ජනප්‍රිය සංගීතයක් බවට පත්වෙනවා. ඒකට ශෘංගාර කෑලි ගොඩක් එකතු වෙනවා.

එහෙම වෙද්දී කල්ලන්ගේ නොහික්මුණ සිතුවක්කාරී බවත් ප්‍රෙස්ලි තමන්ගේ ජීවිතේ ඇතුලේ අත්හදා බලනවා. සුදු වික්ටෝරියානු පොලිසිය තහංචි දාල තියෙද්දිත් එයාගේ පුංචි ඇඟිල්ල හොල්ලන එක (wiggle the little finger) නම් වෙනස් කළේ නැහැ. සංස්කෘතික පොලිසිය වගේම එයාගෙම කළමනාකරුත් එපා කිව්ව Hound Dog සිංදුව කියන එකත් නතර කලේ නැහැ.

 

 

සුදු සමාජයේ තිබ්බ සහ පවත්වා ගත්ත සංකේත පිළිවෙල ප්‍රෙස්ලි හිස්ටරික විදියට උල්ලංඝනය කරනවා. කළු සමාජයටත් ඒ හිස්ටරික බව උවමනා උණා.

'උත්කෘෂ්ට හිස්ටරික බවක්' (sublime hysteric) එක්ක තමයි ඔහු ලෝක රොක් සංගීතයේ නිමවළලු පුළුල් කරන්නේ.

උත්කෘෂ්ට හිස්ටරික බවේ ස්වභාවය තමයි එහෙම හිස්ටරිකයෙක් අහන ප්‍රශ්නේ ඇතුළෙම උත්තරය ගැබ්ව තිබීම. ඒ කියන්නේ ඇයි අපිට ඇමරිකානු සමාජය 'නිදහස්' කරන්න බැරි කියන ප්‍රශ්නේ ඇතුළෙම ඒ නිදහසට ඕනි කොන්දේසි ගැබ්ව පැවතීම.



කළු සංගීත පතාකයින් වෙච්ච සෑම් කුක්, බිග් මමා තොන්ටන්, ලිට්ල් රිචර්ඩ් එයාට කියනවා කළු වීම නිසාම එයාලට යන්න බැරි උන ඇමෙරිකානු ජනප්‍රිය සංගීතයේ රැඩිකල් සෘන්ගාර කලාපයේ අතිරේක හැතැප්ම (extra mile) උපතින් සුදු වෙච්ච් ප්‍රෙස්ලිට යන්න පුළුවන් කියල.



ඇමෙරිකානු සුදු පොලිසිය එයාලගේ සුදු සමාජය කළු සෘන්ගාර ව්‍යසනයෙන් (erotic catastrophe) බේරාගන්න හැම උත්සාහයක්ම දරමින් හිටියේ. ඒ නිසා කලු ජාතික සංගීත කරුවන්ව අල්ල අල්ල කූඩුවට දමමින් හිටියේ.

නමුත් කල්ලෝ එයාලගේ සටන්කාමී ආත්මය එල්විස් ඇතුලට එන්නත් කරලා තිබ්බේ. කොන්ඩේ කළු කරගත්ත එල්විස් ඒ කළු ජාතික උමතු, සෘන්ගාර, මෝහන සංගීතය හදිසි උල්කා තරුවක් වගේ කඩා වැද්දුව. සුදු මෙලන්කොලික තරුණ ජීවිත පිස්සු වැට්ටුව. ජීවිතය අන් තැනක කියල එල්විස් හරහා එයාල තේරුම් ගත්ත. විදුළියක් වගේ ඒ රොක් ඇන්ඩ් රෝල් සංගීතය සුදු ආත්මය ඇතුළට කිඳා බැස්ස.



කළු ජාතික සමාජයේ වීරයෙක් උන මාටින් ලුතර් ඝාතනය වෙනකොට එල්විස්ගේ ආත්මය හෙල්ලුණා. ඒ හැම තැනකම එයා එයාගේ විරෝධය සංගීතය හරහා අරන් ආව. සුදු සමාජය එපා කියපු තැන්වල උණත් ඒ තහනම් උල්ලංඝණය කරන්න ප්‍රෙස්ලි ඇතුලේ තිබ්බ හිතුවක්කාරී කළු ආත්මය බලපෑවා. ඒක තමයි එල්විස් ඇතුලේ තිබ්බ මකන්න බැරි කළු උරුමය.  



ගමනේ සම්පුර්ණ දුර අපිට යන්න බැරි වෙයි. හැබැයි අපෙත් උරුමය අරන් අපිටත් වඩා වේගෙන් ගමනේ අවසානය දක්වා යන්න පුළුවන් කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් වෙයි. එතකොට නිර්ලෝභීව අපේ උරුමය සහ ආශීර්වාදය එයාට දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනි.

ජීවිතේ ගොංකම් නම් අනන්ත වෙන්න පුළුවන්. ඒවත් මැකිලා යන්න එක හුරුබුහුටි දෙයක් කරගන්න පුළුවන් උණොත් ඒ ඇති. රටක් ජාතියක් අරගලයක් හැටියට උණත් මං කියන්නේ එක ස්මාට් දෙයක් ඇති ලෝකය හොල්ලන්න...

ඒ බැල්ම...@Elvis (2022) Austin Butler


cfghdfh


Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...