The Leader News
BREAKING
Top Ad
Opinion

කෙළවා ගැනීම සහ පියවා ගැනීම - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 3, 2022 • 6:35 AM

 කෙළවා ගැනීම සහ පියවා ගැනීම - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක.
  • කැමති විදියට සාක්කු වලට දා ගන්නවා.
  • මේක තමයි දේශීය බව, ස්වදේශික නිදහස හැටියට පට්ට ගැහුවේ.
  • දෙවැනි චීන ක්‍රමය එක්ක ගමන් කරලා පොහොට්ටුවේ අය සල්ලං උන බව ඇත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ එක්කම බටහිර අධිරාජ්‍ය විරෝධී ස්වදේශීය ප්‍රතිපත්තිය එක්ක බටහිරට පක්ෂ මුල්‍ය ඒජන්සි ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක් තිබ්බ. ඒ නිසා තමයි එයාල මුල්‍ය සහ ණය කටයුතු බටහිර නොවන චීනය එක්ක කළේ.  

එක වෙලාවක එයාල බටහිර එන්නත් වෙනුවට දේශීය පැණියක් විශ්වාස කරන දුරට ගියා. අන්තිමට එන්නත් ගැහුවා. මිනිස්සු කතා නොකලට, මැරෙන නිසා ඔහේ ගැහුවට, ඒකත් ප්‍රධාන ව්‍යුහාත්මක වෙනසක්.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ වෙනස් ප්‍රතිපත්ති රාමුවක් යටතේ ණය සහ මුල්‍ය ගණුදෙනු කරන ආයතන දෙකක්. මුල්‍ය අරමුදලේ 'ජනතාවාදී' නොවන පැතිකඩ ගැන හැමෝම කතාකරන නිසා මෙතන මතක් කරන්න ඕනි අවම වශයෙන් එයාල ණය දෙන්නේ යම් අධික්ෂණ ක්‍රමවේදයක් එක්ක කියන එක.


ණය දුන්නට පස්සේ ඒක හසුරුවන විදිය ගැන එයාල බලන් ඉන්නවා. ඒ මුදල් අදාල පාර්ශව වෙත යනවද, ඒවා හරියට වියදම් කරනවද, සහ විගණනය වෙනවද කියන එක ගැන එයාල යම් පමණකින් සවිඥාණිකයි. අවම වශයෙන් එහෙම පෙන්නනවා. ඒ නිසා යම් මුල්‍ය පාලනයක් තියෙන්න පුළුවන්. මෙයින් අදහස් කරන්නේ නැහැ පුර්ණ වශයෙන් විනිවිද පෙනෙනවා කියල. හැබැයි චීන ක්‍රමයට වඩා යම් පාලනයක් තියනවා.  


චීනය කවදාවත් එහෙම අධීක්ෂණ ක්‍රමයකට (monitoring method) යන්නේ නැහැ. ගන්න සල්ලි මොනවට වියදම් කරත් කමක් නැහැ පොළියත් එක්ක බඩු ආපහු දෙනවා නම්.

ඒ නිසා තුන්වන ලෝකේ ආසියා අප්‍රිකානු ගොඩක් රටවල් මේ ක්‍රමයට කැමති උණා. මොකද පාලකයින්ට කරදරයක් නැහැ. ඇඟිලි ගහන්නේ නැහැ. මුල්‍ය පාලනයක් නැහැ. කැමති කැමති ව්‍යාපෘති පටන් ගන්නවා. කැමති කැමති විදියට අවසන් කරනවා. කැමති විදියට සාක්කු වලට දා ගන්නවා.


 89294152 mahinda china afp

මේක තමයි දේශීය බව, ස්වදේශික නිදහස හැටියට පට්ට ගැහුවේ. මුදල් එක්ක පිස්සු කෙළින්න මේ චීන ක්‍රමය පිටුවහල් වුණා. සල්ලි එක්ක පිස්සු කෙළින රටවල් පසුව මුල්‍ය වශයෙන් විජිත කොලනි කරගන්න හැටි චීනය දැනගෙන හිටිය.

කොහොම උණත් මේ ක්‍රම දෙක කියන්නේ ව්‍යුහ දෙකක්. එකකින් අනිකට යනවා කියන්නේ ව්‍යුහාමක වෙනස්කමක් වෙත ගමන් කරනවා කියන එක (major structural change). ප්‍රතිපත්ති රාමු දෙකක්. වියදම් ක්‍රම දෙකක්. මුල්‍ය ගලායාමේ ක්‍රම දෙකක්. ආපසු ගෙවීමේ ක්‍රම දෙකක්.

දෙවැනි චීන ක්‍රමය එක්ක ගමන් කරලා පොහොට්ටුවේ අය සල්ලං උන බව ඇත්ත. රටත් සල්ලං. ඒක වෙනම කතාවක්.  


දැන් ඒ දෙවැනි ක්‍රමය වෙනුවෙන් ජනතා කැමැත්ත අරන් බලයට ආපු පොහොට්ටුව ඒ ක්‍රමයෙන් කෙළවා ගත්තට පස්සේ බටහිර ක්‍රමයේ පැත්තට යනවා කියන්නේ ව්‍යුහයන් විතැන් කරනවා කියන එක. ඒක සරල දෙයක් නෙවෙයි.


මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක දීග කාල සල්ලං වෙච්චි රටවලුත් තියනවා. සල්ලං වෙන ක්‍රමය විතරයි වෙනස් වෙන්නේ. ඒ නිසා කරන කුමන අත්හදා බැලීමක් වෙනුවෙන් උණත් ජනතා වරමක් අවශ්‍ය වෙනවා. ලොකු කතාබහක් උවමනා කරනවා.  

මුල්‍ය අරමුදලේ භාෂාව කතාකරන අලුත් ස්වාමියෙක් (මාස්ටර්) ණයට ගත්තට වැඩක් නැහැ (hired consultant). ජනතාවගේ කැමැත්ත මේ ව්‍යුහාත්මක වෙනස වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙනවා. 

 
මේක අපේ දෛවය සහ අනාගතය ගැන ප්‍රශ්නයක්. කෙළවා ගැනීම සහ පියවා ගැනීම ගැන විතරක් ප්‍රශ්නයක් නෙවෙයි.

මාස්ටර්ල හයර් කිරීම පුද්ගලික ව්‍යාපාර වෙනුවෙන් ගැළපෙන්න පුළුවන්.

හැබැයි මේක රටක්....

Mahesh Hapugoda 1 1


(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...