The Leader News
BREAKING
Top Ad
Opinion

යටි පතුළෙන් හිතමු....- (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 7, 2022 • 10:20 AM

යටි පතුළෙන් හිතමු....- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔය කපුගේ කියන 'සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන' සිංදුව ඒ කාලේ කිව්වේ වමේ අය. ශිෂ්‍ය දේශපාලනය කරපු අය. අපි ඔක්කොම එක
  • හැබැයි ඒ සංගීතය එයාලගේ වැඩේ ඇතුලේ පාවිච්චි කළා.
  • හැබැයි වැඩේ ඇතුලේ පාවිච්චි කරනවා.
  • හැබැයි වැඩේ ඇතුලේ ඒ සංඥා ටික එල්ලගෙන ඉන්නවා මේ ලෝකේ සංසාරයක් නැතුව.
අකුරු ප්‍රමාණය (Font Size):

සමානයෝ හැට්යට ඉම්මු, වෙනස්කම් අවම කරගම්මු යන අදහසේ හිටපු අය. මොන පංති, ජාති, ප්‍රදේශ, දේශපාලන පදනම් වලින් ආවත් අපි එකට එකතුවෙලා වැඩ කරමු කියන වමේ අදහස් දරපු අය.

මම නම් කිසිම තැනක ඔය සිංදුව කිව්වේ නැහැ. කපුගේගේ සින්දු කිව්වෙත් නැහැ. හැබැයි ඒ සමානත්වයේ පොදු අදහසට (common good) ගරුත්වයක් එදත් තිබ්බ. අදටත් තියනවා. ඒ වගේම නීට්ෂයානු පුද්ගල විමුක්තිය කියන එකත් විශ්වාස කරනවා.

මම දන්නා යු. එන්. පි. ය නම් ඔය කඳු කපල සියල්ල සමාන කරන කතා කිය කිය හිටියේ නැහැ (කඳු කපලම දැම්ම මිසක් ?). එයාල ප්ලේ කලේ ජිප්සීස්, ජෝති, ඇන්ජලින්, ෆෝ චූන්, සහ පස්සේ රූකාන්ත ල.  යූ. එන්. පිය ජනප්‍රිය සංගීතය එයාලගේ දේශපාලන අන්තයක් වෙනුවෙන් පාවිච්චි කළා.

කපුගේ සහ නන්දා මාලනී ප්‍රවර්ගය එයාලගේ පොතේ තිබ්බේ නැහැ. ඒ කාලේ නන්දන වින්දන සහ ස්වාධීන රූපවාහිනය ප්ලේ කරපු සිංදු ඇහුවනම් මේ ජනප්‍රිය දේශපාලනය තේරුම් ගන්න තිබ්බ.

mS

ඇත්ත ජීවිතේ ඇතුලේ ජේ. ආර්. ජෝතිගේ සින්දු ඇහුව කියල මම හිතන්නේ නැහැ. හැබැයි ඒ සංගීතය එයාලගේ වැඩේ ඇතුලේ පාවිච්චි කළා. ඇත්ත ජීවිතේ ඇතුලේ ජේ. වී. පී. එක රොක් අහන්නේ නැහැ. හැබැයි වැඩේ ඇතුලේ පාවිච්චි කරනවා. වැරදි බස් එකට නැග්ග එවුන් සේනක බටගොඩ අහන්නේ නැහැ. හැබැයි වැඩේ ඇතුලේ ඒ සංඥා ටික එල්ලගෙන ඉන්නවා මේ ලෝකේ සංසාරයක් නැතුව.

 

ඇත්ත පෙනී සිටීමක් ඒ ඒ සංස්කෘතික දේවල් වලට ලංකාවේ දේශපාලනය දෙන්නේ නැති නිසා ඒවා නිකම් ආගන්තුක අර්චන වස්තු වෙනවා විතරයි (alien fetish objects). දියණු වෙන්නේ නැහැ. මුල් අදින්නේ නැහැ.

සංගීතය ගැන යම් කතාවක් පටන් අරන් තියන හින්ද මේ අලුත් යූ. ඇන්. පි. ය ජෝතිපාල ප්‍රවර්ගයෙන් කපුගේ ප්‍රවර්ගයට පල්ලම් බැහැල තිබීම අලුත්ම තත්වයක් නොවුනත් ඒක අනන්‍යතා මාරු කිරීමක් හැටියට ගන්න පුළුවන්.

කොටින්ම කිව්වොත් ලංකාවේ ජනප්‍රිය සංගීතය කියන්නේ දේශපාලනිකව පාවිච්චි කරපු දෙයක්. නමුත් යූ. එන්. පී. දේශපාලනයට එරෙහිව තිබ්බ විරෝධාකල්පික ගීත ආරක් (resistance music) දැන් එයාලගේ වේදිකාවක ගායනා කිරීම අධ්‍යනය කරන්න වටිනා දෙයක්. පිස්සු නැත්නම්.

වමේ අය රොක් අහන නිසා යූ. එන්. පී. කාරයෝ කපුගේ අහන්න පෙළඹුණා වෙන්න බැරිද කියල මට හිතෙනවා.

දැන් ඔක්කොම අනන්‍යතා ටැපලිලා.

අන්තිම කොටියා මරල ජේ. වී. පී. එක කැලෙන් එළියට එනකොට කොල්ලෝ කෙල්ලෝ ගන්ස් ඇන්ඩ් රෝසස් ටී ෂර්ට් ඇඳලා මොනවදෝ සින්දු වගයක් කියනවා. එයාල බලන් ඉන්නවා. තරුණ නැගිටීම් පොඩි පට්ටම් කරලා, දැන් අරගලයත් පාවල දීල, පොහොට්ටුවෙත් ස්වාමියා වෙච්ච් යූ. එන්. පී. කාරයෝ කොළඹට බස් එකේ ඇවිල්ල කපුගේ අහනවා. බස් එකෙන් වැටුන උන් සේනක බටගොඩ ගේ සොෆ්ට් රොක් අහනවා. අහනවට වැඩිය බලන් ඉන්නවා. අනේ අනිච්චං වෙලා අපි ඒ දිහා බලන් ඉන්නවා.

 chomski lacan

චොම්ස්කි ලකාන්

 

පෝස්ට් මොඩන් යුගයේ තියන මේ ප්‍රහසනයමය අනන්‍යතා ප්‍රශ්නේ ගැන චොම්ස්කි ප්‍රශ්නයක් අහනවා ලකාන්ගෙන්. 'ඇයි මිනිස්සු හිතන්න මොළේ පාවිච්චි කරන්නේ නැත්තේ?' ලකාන් මෙහෙම කියනවා. 'මිනිස්සු මොළෙන් හිතනවා කියල ඔබ හිතුවට මම නම් හිතන්නේ යටි පතුළෙන්'. 

 

තමන්ගේ කියල ආශාවක් නැති උන් අනෙකාගේ ආශාව තමන්ගේ වගේ රඟ දැක්වීමට එරෙහිව තමයි ලකාන් එහෙම කිව්වේ.

අද අමුණන්නේ බෘස් ස්ප්‍රින්ස්ටීන් ගේ Brilliant Disguise සිංදුව. ඒ කියන්නේ 'දක්ෂ වෙස්වලා ගැනීම' කියන කියන එක. ඒ ඔක්කොම තමන්ගේ ඇත්ත මූණු හංගගෙන වෙස්වලාගෙන නිසා.



මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...