The Leader News
BREAKING
Top Ad
Opinion

කුමාර දේශපාලනය කළ යුතුද ? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 11, 2022 • 7:49 AM

කුමාර දේශපාලනය කළ යුතුද ? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට එනවාද නැද්ද පිළිබඳව සමාජයේ විශාල කතාබහක් තිබෙනවා.
  •  Cratos කියන්නේ “කරන ශක්තිය” වැනි අර්ථයක්.
  • සෑම වැසියන් 80,000ටම පමණ එක නියෝජිතයෙක් බැගින් එතන ඉන්නවා.
  •    උදාහරණයක් හැටියට ජනරජයේ 3% ක් පමණ වැසියන් සංඛ්‍යාවක් තමයි ජවිපෙ මන්ත්‍රීලා තුන්දෙනා නියෝජනය කරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):



නව ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය විවෘත කරන වෙලාවේත් තමන්ගේ පක්ෂය ගැන කතා කරනවා වෙනුවට එහි නායක වෙල්ගම කුමාර කතා කරන්නෙත් රාජපක්ෂලා දේශපාලනයට එන නොඑන එක ගැනයි.

අනුර කුමාරගේ පටන් වෙල්ගම කුමාර දක්වා හැම කුමාරයෙක්ම හැම වෙලාවෙම කතා කරන්නේ රාජපක්ෂලා ගැනම වීම තමයි රාජපක්ෂවාදයේ ලක්ෂණය.

ප්‍රජාතාන්ත්‍රික ජනරජයක ඉන්න අපි හැමෝම කැමති වුණත් අකමැති වුණත් හැම මොහොතකම දේශපාලනය තමයි කරන්නේ.

දේශපාලනය කියන්නේ ඡන්ද ඉල්ලන එක විතරක් නොවෙයි. Politics කියන වචනය හැදිලා තියෙන්නේ Polis හෙවත් “පුරය” යන ග්‍රීක වචනයෙන්. Megapolis කියන්නේ මහා පුරවරය, Necropolis කියන්නේ මළවුන්ගේ නගරය, Metropolis කියන්නේ මව් නගරය. Metro කියන්නේ මාතෘ. මේවා ඔක්කොම ඉන්දු-යුරෝපියානු භාෂා පවුලේ වචන. අපි එන්නේ එක ප්‍රාග් ගෝත්‍රයකින්.

 

එතකොට Politics කියන්නේ “පුරයේ කටයුතු”. පෞර රාජ්‍යය (city states) වෙනුවට අද තිබෙන්නේ විශාල දේශසීමා සහිත ඊනියා ජාතික රාජ්‍යයන්, ජන රාජ්‍යයන්, සන්ධීය රාජ්‍යයන්, ඒකීය රාජ්‍යයන්, හමුදා රාජ්‍යයන් ආදී නූතන රාජ්‍ය ව්‍යුහයන්. ප්‍රමාණය විශාල වුණත් දේශපාලනය කියන්නේ “දේශයේ කටයුතු කිරීම”. හරිම වචනය නම් “රාජ්‍යතන්ත්‍රය” හෙවත් “රාජ්‍යයේ කටයුතු කිරීම”.

 

ශ්‍රී ලංකාව “ජනරජයක්” හෙවත් ජන රාජ්‍යයක් හෙවත් ජනතාවගේ රාජ්‍යයක්. එහි සියලුම නීත්‍යානුකූල වැසියන්ට “සමාන” අයිතියක් තිබෙනවා මේ රාජ්‍යයට.

වෙල්ගම කුමාරට මේ රාජ්‍යයට තියෙන අයිතියම තමයි ගෝඨාභය රාජපක්ෂට තියෙන්නේත්. ඒ අයිතිය නිසා මේ රාජ්‍යයේ කටයුතු කරන්න හෙවත් රාජ්‍යතන්ත්‍රය කරන්න හෙවත් දේශපාලනය කරන්න “සමාන” අයිතියක් සෑම වැසියෙකුටම තියෙනවා.

රාජ්‍යයට තියෙන පරම අයිතිය සහ එය පාලනය කරන්න එයින් ලැබෙන පරම හැකියාවට තමයි “පරම ආධිපත්‍ය” කියන්නේ. එක්සත් රාජධානියේ පරම ආධිපත්‍යය තිබෙන්නේ එහි රජුට හෝ රැජිණියට. රැජිණ මළා. දැන් එහෙ අලුත් රජෙක්.

නව “නිදහස්” නමින් පක්ෂයක් හදාගෙන තවත් වැසියෙකුගේ සම අයිතිය වළක්වන්න කතා කරන වෙල්ගම කුමාර කරන්නේ ජනරජයට තර්ජනයක්. ජනරජයේ වැසියෙකුගේ “නිදහස” මර්දනය කිරීමක්.

sirimavo bandaranaike 1

රැජිණට තිබුණු පරම ආධිපත්‍යය ජනතාවට පවරලා “ජනරජය” හැදුවේ සිරිමාවෝ මැතිණියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එකල දේශපාලනය කළ මිනිසුන්ගේ ඒ ගැඹුරු සංකල්පනා ගැන මෙකල කුමාරලාට හරි අවබෝධයක් නැහැ. ඔවුන් නිකම් ජනප්‍රිය බලය අරමුණු කරගත් කඳන් පමණයි.


ලංකා ජන රාජ්‍යය (තන්ත්‍රනය) කරගන්න අපි යොදාගන්න ක්‍රමය තමයි “ප්‍රජාතන්ත්‍රය”. Democracy වචනය හැදෙන්නෙත් ග්‍රීක Demos සහ Cratos වචන එකතු වීමෙන්. Demos කියන්නේ මිනිසුන්.

කොරෝනා හැඳින්වුයේ Pandemic කියලයි. එහි මුල් වචනය Pandemos. Pan කියන්නේ “සියලු” හෝ බොහෝ. ලෝකය පුරා මිනිසුන්ට බෝ වුණු නිසා Pandemic කිව්වා.

 Cratos කියන්නේ “කරන ශක්තිය” වැනි අර්ථයක්. Democracy කියන්නේ “මිනිසුන්ගේ ශක්තියෙන් කරන” යන්නයි. ජනතාවගේ රාජ්‍යයේ කටයුතු කරගන්නේ, ජනතාවගේ ශක්තියෙන්.

ප්‍රජාතන්ත්‍රයත් විවිධ ක්‍රමවලට කරන්න පුළුවන්. සෘජු ප්‍රජාතන්ත්‍රය (Direct Democracy) කියන්නේ සියලු වැසියන් එකවර එකතුවෙලා රාජ්‍යයේ කටයුතු කිරීම. ජනගහනය වැඩි වෙන්න වෙන්න ඒක කරන්න අපහසු නිසා “නියෝජක ප්‍රජාතන්ත්‍රය” (Representative Democracy) හදාගෙන තිබෙනවා. එනම් ජනතාව විසින් කලින් කලට “නියෝජකයන්” තෝරාගෙන ඔවුන් ලවා රාජ්‍යයේ කටයුතු කරවා ගන්නවා. ඒ සේවය සඳහා ඔවුන්ට වැටුපක් ගෙවනවා.

 

පාර්ලිමේන්තුව කියන්නේ ඒ නියෝජක ප්‍රජාතන්ත්‍රය කරන තැනක්. සෑම වැසියන් 80,000ටම පමණ එක නියෝජිතයෙක් බැගින් එතන ඉන්නවා. සීමා නිර්ණය කරනවා කියන්නේ එයයි. 225 හැදෙන්නේ එහෙමයි. අවසායන ප්‍රජාතන්ත්‍රය (Liquid Democracy) කියන්නේ කැටදාම (Blockchain) තාක්ෂණය මත හැදෙමින් පවතින තව ක්‍රමයක්. ඒවා අනාගතයට.

 

විවිධ අදහස් සහ මතවාද දරන ජනතාව ඒ තමන්ගේ අදහස් නියෝජනය කරන්න මන්ත්‍රීවරුන් තෝරාගන්නවා.

 
 උදාහරණයක් හැටියට ජනරජයේ 3% ක් පමණ වැසියන් සංඛ්‍යාවක් තමයි ජවිපෙ මන්ත්‍රීලා තුන්දෙනා නියෝජනය කරන්නේ. හැබැයි ඒ 3% හිතන්නේ මේ රාජ්‍යයේ සියලු මිනිසුන්ගේ නියෝජිතයන් ඔවුන් කියලයි… (හිනා) අනෙක් නියෝජිතයන්ව තෝරාගෙන තියෙන්නේ ජනතාව නෙවෙයි වගේ තමයි ඔවුන්ගේ කතාව. අධිමාන්නයේ හොඳම එක!

ඔවුන්ට වෙනස් මත දරන නියෝජිතයන් සහ ඒ නියෝජිතයන් නියෝජනය කරන ප්‍රජාව මර්දනය කරන එක තමයි ඊනියා අරගලකරුවන් විසින් කළේ. ඒ ප්‍රජාතන්ත්‍රය නොවෙයි. ඒ ත්‍රස්තවාදයයි. එනම් ජන රාජ්‍යයේ සමාන පරම ආධිපත්‍යය හිමි ප්‍රජාවකගේ රාජ්‍ය තාන්ත්‍රික අයිතිය නැති කිරීම තමයි ඔවුන් කළේ.
 
 
 
වෙල්ගම කුමාර එයාගේ පක්ෂ සමුළුවේ කරන්නෙත් ඒකයි. ඔහු කළේ ගෝඨාභය රාජපක්ෂට ජනරජයේ ප්‍රජාතන්ත්‍රය කරන්න එපා කීම සහ එහෙම කළොත් බලාගමු මොකද “අපේ කටවල් හොඳ නැහැ” කියා තර්ජනය කිරීමයි. මේ තමයි මේ නව “නිදහස්” පක්ෂයේ නායකයාගේ දේශපාලන දැක්මේ සීමාව.
 
 
 
නියෝජක ප්‍රජාතන්ත්‍රයේ අනිවාර්ය පදනමක් තමයි ජනතාවගේ නියෝජිතයන් වීමට ඕනෑම වැසියෙකුට තිබෙන සමාන නිදහස සහ අයිතිය. තමන්ගේ ප්‍රතිවාදීන් ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රය නොවෙයි. 2019 ජනපතිවරණයට පෙරත් වෙල්ගම කුමාර වගේම ප්‍රේමදාස ඇතුළු විරුද්ධවාදීන් උත්සාහ කළේ ගෝඨාභය මහතාගේ අපේක්ෂකත්වය පවා අහෝසි කිරීමටයි. නියෝජක “ප්‍රජාතන්ත්‍රය” කරන්න තරම් ශක්තියක් ඔවුන්ට නැහැ.

වෙල්ගම කුමාර ඔය කටමැත දොඩවන තරම් කොන්දක් එයාට තියෙනවා නම් ඔහුගේ ප්‍රතිවාදීන් දේශපාලනය කරන එක වළක්වන්නේ නැහැ. අරගලකරුවන් නින්දිත ලෙස ඔහුට පහර දීමත් ඔහුගේ මේ තර්ජනාත්මක කතාවත් අතර වෙනසක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ තමයි ජනරජයේ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ටතම ප්‍රජාතාන්ත්‍රික ජනපතිවරයා!

වෙල්ගම ගෝඨාභයගෙන් ප්‍රජාතන්ත්‍රය ඉගෙන ගන්න.


ධර්මය ඔබට මග වේවා!


ගෝඨාභය දුර්වල නායකයෙක්ද? - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com
 
2022 සැප්තැම්බර් 11

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
Screenshot 2022 06 23 at 11.50.54 AM
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...