The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝල්ෆේස් එකෙන් පස්සේ... - ( මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 12, 2022 • 3:41 PM

ගෝල්ෆේස් එකෙන් පස්සේ... - ( මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රභූන්ට එරෙහිව ග්‍රාමීය නිර්ප්‍රභූ තරුණයින් ගහපු ප්‍රථම නූතන කැරැල්ල 71 ව්‍යර්ථ කරනවා.
  • විශ්ව විද්‍යාල ඇතුලේ ස්මාර්ට් වෙන්නේ කොහොමද කියල උගන්වනවා.
  • ඇතැම් විට ඔය කියන විශ්ලේෂණ දැනුම නැති වුණාට ලෝක කට්ට වෙට්ට පිත්තල පිරිසක් වෙන ලාංකික ප්‍රභූ සෙට් එක මේ පශ්චාත් අරගල ශෝකී පසුබසින්නන් (melancholic former rebels) කියන දේ අහනවා වගේ ඉඳල පස්සේ එයාල එළවල දානවා.
  • ඒ දැනුම හරහා කියන දේ භෞතික ලෝකයේ ඇත්තක් නොකරන්න එයාල වගබලා ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):



පොලිසි, හමුදා සහ මාධ්‍ය ඇතුළු සියලු බුර්ෂුවා උපකරණ ඒ වෙලාවේ නිර්ප්‍රභූ තරුණයින්ට එරෙහිව පාවිච්චි වෙනවා.

අර කිව්ව ආයතනවල බලය ඉස්සරහා කැරළිකරුවන් පරදිනවා.

ඉන් සෑහෙන පිරිසක් 'පුනරුත්ථාපනය' කරලා ආයේ සමාජගත කරනවා.

සිරගත කාලයේත් ඉන් පස්සෙත් එයාල පොත් කියනවනවා. පොත් කියවල 'දැනුම' (knowledge) වැඩිකර ගන්නවා. ඒ එක්කම අනික් කුසලතාත් වැඩිකර ගන්නවා (skills). ලියන්න කියන්න, විශ්ලේෂණය කරන්න එයාලට පුළුවන් වෙනවා.

ඒ ප්‍රවර්ගයේ කුසලතා කොච්චර දියුණු වුනාද කියනවා නම් එයාල අර කුසීත ප්‍රභූ පාලකයින්ගේ විදෙස් විශ්ව විද්‍යාල දැනුමටත් වඩා විශ්ලේෂණ කුසලතා පැත්තෙන් ස්මාර්ට් වෙනවා. පර්යේෂණ පොත් ලියනවා. ඉතිහාසය නැවත විශ්ලේෂණය කරනවා. කවි ලියනවා. ඕෂෝ ගැන කතා කරනවා. ඔය වගේ වැඩ කෝටියයි.  

දැන් දැනුම පැත්තෙන් මෙයාල ස්මාර්ට් නිසා සමාජය මෙයාල කියන දත්ත, විශ්ලේෂණ, පුරෝකථන ගැන විශ්වාසය තබනවා. ඒ නිසාම සමාජ බලයකුත් ලැබෙනවා.



එයාල ආයේ මේ සම්මතේට කැරළි නම් ගහන්න එපා කියල දැන් ඉන්න පරම්පරාවට උපදෙස් දෙනවා. ඒ වෙනුවට රිසර්ච් (research) කරන්න කියල කියනවා. විශ්ව විද්‍යාල ඇතුලේ ස්මාර්ට් වෙන්නේ කොහොමද කියල උගන්වනවා. වෙනත් විදියකට කිව්වොත් 'මේ අපි වගේ වෙන්න' කියල කියනවා.



ඊටත් අමතරව එයාල හදනවා මේ වගේ දෙයක් කරන්න. අර ප්‍රභූ පාලකයින්ට 'දැනුම' (මොලේ) නැති නිසා එයාල හදනවා දැනුම (මොලේ) දෙන්න.

පාලන බලය ගන්න මේ නිර්ප්‍රභූ සෙට් එකට බැරි නිසා - සහ එහෙම ගන්න ගිහිල්ල පැරදිච්ච නිසා - එයාල වෙනත් විදියකට සමාජයේ බලය ගන්න හදනවා.

වෙනත් විදියකට කිව්වොත් ප්‍රභූ ස්වාමියාගේ ස්වාමිත්වය දැනුම හරහා ගන්න හදනවා.

ඇතැම් විට ඔය කියන විශ්ලේෂණ දැනුම නැති වුණාට ලෝක කට්ට වෙට්ට පිත්තල පිරිසක් වෙන ලාංකික ප්‍රභූ සෙට් එක මේ පශ්චාත් අරගල ශෝකී පසුබසින්නන් (melancholic former rebels) කියන දේ අහනවා වගේ ඉඳල පස්සේ එයාල එළවල දානවා.

ඒ දැනුම හරහා කියන දේ භෞතික ලෝකයේ ඇත්තක් නොකරන්න එයාල වගබලා ගන්නවා.



මෙයාල කියන දේට සමාජ වලංගු බවක් තියන නිසා ඒ කියන දේ අහනවා වගේ හිටියට ඇත්තටම අහන්නේ නැහැ. ඒ දැනුම අප‍රහණය කරනවා. මුලින් එයාල තමන්ගේ ඇඳට ගන්නවා වගේ හිටියට පස්සේ වෙන වෙන අය එක්ක යහන්ගත වෙනවා. හොරෙන් නෙවෙයි. එළිපිටම.



ඊටත් පස්සේ නහකුණු ගානවා නම් ඇඳ යටට දානවා. රමණය කරන සද්දේ අහන්න සලස්වනවා. තවත් කරදර කරනවා නම් කාමරෙන් එළියට දාල පස්සේ ගෙදරිනුත් එළියට දානවා. උන් අපිව ශාරීරික විදියට විතරක් නෙවෙයි මානසික විදියටත් අපහරණය කරනවා. විශේෂයෙන් අපේ ආශාවට සහ ආදරයට උන් උසුළු විසුළු කරනවා.

ගොඩක් අය මේ පාලනයටත් උපදෙස් දෙන්න අරගෙන. අරක කරානම් හොඳයි මේක කරානම් හොඳයි කියන්න පටන් අරගෙන තියනවා. ඒක නිසයි ලිව්වේ.

උන් උන්ගේ ස්වාමිත්වය නම් එහෙම ලේසියට දෙන්නේ නැහැ. මොකක් හරි උප්පරවැට්ටියක් දානවා. කවුරුහරි එකෙක් ඉම්පෝට් කරනවා. මොකක් හරි වංගුවක් ගහල බලය උන් අතේ තියා ගන්නවා. ඒක තමයි හෙගලියනු පාඩම. විශේෂයෙන් ගෝල්ෆේස් එකෙන් පස්සේ.  

පැරදිලා ඔය විදියට ඉඳල අපරහණය වෙලා වැඩක් නැහැ. තියෙන්නේ ගෞරවණීය මරණය විතරයි.

මරණය තුළින් විතරයි පුළුවන් ආශාව පාවා නොදී සිටින්න.

(පින්තූරේ ඉන්නේ වික්ටර් අයිවන් මහත්මය).

Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝල්ෆේස් එකෙන් පස්සේ... - ( මහේෂ් හපුගොඩ) | The Leader