ජනපතිවරණයක් කැඳවා පීඩනය මුදා නොහරින්න තවත් 88/89 ගිනි අවි සහ ගිනි කෙළි සහිත අවිචාර යුගයක් ඇතිවීමට නියමිතව තිබුණේ එදාය.
එදා එම රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය අසාර්ථක කළේ එලෙසය. නමුත් එය කල් ගැනීමක් පමණක් විය.
මහමග ටයර් සෑයවල් දැක නැති, කලපුවල පාවෙන මළමිනී දැක නැති, කොළඹ බෝම්බ පුපුරනවා දැක නැති, මායිම් ගම්මාන දැක නැති ටික්ටෝක් මල්ලිලා සහ ඉන්ස්ටාග්‍රෑම් නංගිලා පාරට බැස්සේ පෙට්‍රල් ගහගන්න පෝලිමේ ඉන්නට වුණු නිසාය.
මාගේ ජීවිතයේ පළමු වසර තිහම ගෙවුණේ ත්‍රස්තවාදීන්ට එරෙහි මාරක යුද්ධයක් නිසා “සිහින බොඳවුණු” රටකය. 88/89 භීෂණයෙන් මා බේරුණේ තුන-හතර වසරවල පාසල් දරුවෙකුව සිටි නිසාය.
එම සාපලත් යථාර්ථයන් මතකයේ තිබෙන නිර්මාල් දේවසිරි වැනි සැඩිස්ටික් නරුමයන් හැරෙන්නට වෙනත් කිසිදු සංවේදී හදවතක් ඇති මනුෂ්‍යයෙකු නැවත එවැනි ව්‍යසනයක් මේ පොළොවේ තුන්හිතකින් හෝ පතන්නේ නැත.


ප්‍රජාතාන්ත්‍රික නිදහස අහිමි කර තිබූ රටක ජීවත් වූ අපට ගෝල්ෆේස් එකේ මහජන සරසවියක් අටවාගෙන පොඩි කොල්ලන් සහ කෙල්ලන් විසින් ප්‍රජාතන්ත්‍රයේ වටිනාකම උගන්වන්නට ඒම ඔවුන්ගේ වරදක් නොවේ.
ලොව බලවත්ම ත්‍රස්ත හමුදාව සමග සටන් කළ හමුදා සෙබළුන් ඉදිරිපිට “කපා කපා… කෑලි කපා…” කියමින් චින්තන බ්‍රෑන්ඩ් එකේ ජංගි වනමින් අභියෝග කිරීම ඔවුන්ගේ වරදක් නොවේ. ඔවුන් වනාහී අප නොලද නිදහසේ ස්පොයිල්ඩ් බ්‍රැට්ස්ලාය. ටෙම්පර් ටැන්ට්‍රම් බේබිලාය. දේශපාලන ස්නොව්ෆ්ලේක්ස්ලාය.
එය අසාර්ථක වෙන තැන්වල “නායකත්වයක් නැති අරගලවලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ” කියා කියන්නේ සිදුවීමට නියමිතව තිබූ ඊළඟ 88/89 ඛේදවාචකයේ ඓතිහාසික වගකීම තමන්ගේ කරපිටට වැටේ යැයි බිය වූ නිසාය.
මේ ආකාරයට වරෙක ඒ පැත්තටත් වරෙක මේ පැත්තටත් වැනෙමින් අනුර කළේ අරගලය සංවරණය හා තුලනය කිරීමයි. බැරි මරගාතේ කළත් ඔහු එය නොකරන්නට කැරැල්ල මෙයට වඩා සියදහස් වාරයක් බිහිසුණු විය හැකිව තිබිණි. අරගලය අසාර්ථක කරවීමට අනුර කුමාර කළ මෙහෙයුම අතිශය වැදගත්ය.
2013-14 ව්‍යාපෘතියේ මෙන් ඒ පිටපතටම නැවතත් “රාජපක්ෂ හොරු” කතාව එන්නේ ඒ අනුවය.
ගෝඨාභය කළේ මහින්ද, බැසිල් සහ නාමල් පමණක් නොව සෙසු දේශපාලන නායකයන් සියලු දෙනා එම ඉලක්කයෙන් ඉවත් කර තනිවම කන්දට නැග සියලු සතුරන් තමන් වෙත නාභිගත කරගැනීමයි.
මැයි නවවැනිදා ගැටුමක් ඇතිවීමට ඉඩ නොදෙනු කියා පැහැදිළිව අණ දී තිබියදීත් එය වෙන්නට ඉඩහැරිය ආරක්ෂක අංශ නිලධාරීන් අතර කුමන්ත්‍රණයක් තිබුණාදැයි ඇතැමුන් තුළ සැකයක් ඇතිවීම සාධාරණය.
කුමන තත්ත්වයක් යටතේ හෝ ආර්. ප්‍රේමදාස සහ ආර්. විජේවීර විසින් හැටදාහක් තරුණයන් ඝාතනය කළ 88/89 කැරැල්ල වැනි මහා මිනිස් සංහාරයක් නැවත ඇතිවීම වැළැක්වීම ජනපති ගෝඨාභයගේ ප්‍රමුඛතාවය විය. මහා සෑය ඉදිරිපිට රට ජාතිය සම්බුද්ධ ශාසනය දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට දණ ගසා සපථ කළ ගෝඨාභය කිසිවිටෙක එම පොරොන්දුව කඩ කළේ නැත.
අරගලයට පහර දීම යනු කළ හැකි මෝඩම දෙය බව ඔහු දැන සිටියේ ජීවිත කාලයක් ලද දේශීය සහ විදේශීය යුධගැටුම් පිලිබඳ පුළුල් දැනුම සහ ප්‍රායෝගික අත්දැකීමෙනි. එසේ කළා නම් අද රට ලේ විලකි. එක්කෝ තරුණයන්ගේ පීඩනය ගෝඨාභයට හාහා දමා ගෝල්ෆේස් එකේ නටා ගයා රඟා කෑ ගසා පිටකරන්නට දී සමනය කළ යුතුය.
එය හරි ගියේ නැත්නම් සියලු පීඩනය තමාට නාභිගත කරගෙන නික්ම යා යුතුය. දෙකටම ගෝඨාභය ලැහැස්ති වී සිටියේය.
ලෝක ඉතිහාසයේ රෙජීම් චේන්ජ් එකක් ලද වඩාත් හාස්‍යජනක පරාජය මෙය විය යුතුය.
නමුත් මෙයත් කල් ගැනීමක් විය හැකිය. පරම්පරා කිහිපයකට මතක තිබෙන පාඩම් ඉගෙනගන්නේ මහා මිනිස් සංහාරයක් කරගත් පසුව පමණී.
ධර්මය අපට මග වේවා!
(එරන්ද ගිනිගේ)සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
2022 සැප්තැම්බර් 15
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.




